lakbima.lk

ත්‍රි රෝද රියකින් විසිකළ කොළ කැබැල්ලක් නිසා ගැබිණියක් වූ සිසුවියක්

ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයකින් විසිකළ  කොල කැබැල්ලක තිබූ   දුරකථන අංකයකට අමතා තරුණයෙක් සමග පෙම් සබදතාවක් ඇති කර ගත් පාසැල් ශිෂ්‍යාවක් එම තරුණයා වෙතින් කෙලෙසී අවසානයේ  ගැබිණියක වී බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇතැයි හාලිඇල පොලිසිය  පවසයි .

දැරිය 15 වන වියේ පසුවන අතර   මෙම  තරුණයා කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවත් ඔහු සොයා විමර්ණ සිදුකරන බවද පොලිසිය පවසයි.

වින්දිත දැරිය 2018 පෙබරවාරි මස දිනකදි පාසැල් ගොස් නිවසට යන අතුරතුර ත්‍රීරොද රථයකින්  දුරකථන අංකයක් ලියූ කොල කැබැල්ලක ඇය දෙසට විසි කොට ඇති අතර එම දුරකථන අංකයට කතා කර ඇය තරුණයකු දැන හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනාගේ පළමු හමුවීම සිදුව ඇත්තේ, සිසුවිය පන්ති යන බව පවසා ගොසින්ය. නිවසින් පිටත්ව ගිය තමා තරුණයා  දැනුම් දුන් පරිදි   ත්‍රීරෝද රථයකට නැගි බවත්, තමා එහි නංවාගෙන ගොස් පාලු ස්ථානයකදී  අඹුසැමියන් සේ හැසිරිණු බවත් ඇය පොලිසියට පවසා තිබේ.

ඇය ටික දිනකට පසු  අසනීප වු තමා මව සමග බදුල්ල මහ රෝහල පැමිණි පසු බිනියක් වි ඇතැයි පරික්ෂණ වලදි ආවරණය වූ බවයි පොලිසියට පවසා තිබෙන්නේ.

කෙසේ නමුත් තමා  ගැබිණියක කළ සැකකාර තරුණයා පිළිබදව දව  කිසිම විස්තර යක් නොදන්නා බවද ඇය සඳහන් කර ඇති අතර සැකකරු සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර හා බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍ර‍සේකර  මහතාගේ මෙහෙයවිම යටතේ හාලිඇල පොලිසිය විමර්ශන සිදුකරයි.

සුලක්ෂණ පියතිස්ස

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.