lakbima.lk

අධ්‍යක්ෂවරයෙක් නැතිව ජාතික රෝහල ලෙඩවෙයි

වසරක පමණ කාලයක සිට කොළඹ ජාතික රෝහලට අධ්‍යක්ෂවරයෙක් නොමැති වීමෙන් රෝහලේ පරිපාලන කටයුතු අඩාල වී ඇතැයි සමස්ත  ලංකා හෙද සංගමය පවසයි.

ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස උසස් වීමක් ලැබීමෙන් පසුව වසරක පමණ කාලයක් පුරා ජාතික රෝහලේ වැඩකටයුතු මෙහෙයවා ඇත්තේ වැඩබලන අධ්‍යක්ෂවරයා විසිනි. එහෙත් ඔහුට නිසි බලතල ලබා නොදීම හේතුවෙන් රෝහලේ පරිපාලන කටයුතු නිසි පරිදි සිදු නොවන බව එම සංගමය සඳහන් කරයි.

මේ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් කළ විමසීමේදී හෙතෙම කියා සිටියේ  දැනට වැඩ බලන අධ්‍යක්ෂවරයෙක් සිටින අතර ඔහු සියලූ කටයුතු කරන බවත් තවත් දින කිහිපයකින් අධ්‍යක්ෂවරයෙක් පත් කරන බවත්ය.

තනූජා නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.