lakbima.lk

ලෝකයේ පැහැදිලිම විල

‘ෆ්ලැට්හෙඞ් විල’ වනාහි ලෝකයේ විශාලතම මිරිදිය ජලාශයන්ගෙන් එකකි. එය පිහිටා ඇත්තේ වයඹ දිග ඇමෙරිකාවේ මොන්ටානාහි ය. මෙය මිසිසිපි ග‍ඟේ බටහිර දිග පිහිටා ඇත. මෙම විල වසර 13000 ක් ඉපැරණි මිසූලා නම් ගොඩබිම් මුහුදෙන් ඉතුරු වූ විලක් ලෙස  ප‍්‍රසිද්ධ වී ඇත.

මෙය සාපේක්ෂව උපරිමයෙන් අඩි 370 ක් ගැඹුරු ය. එමෙන් මෙම විල කහ මුහුදට හා පර්සියන් බොක්කටත් වඩා ගැඹුරු වේ. මෙය ලෝකයේ මෙම විල බොහෝ ප‍්‍රචලිත වූයේ එහි පවතින සුපැහැදිලිභාවය හේතුවෙනි. මෙම  විල  ලෝකයේ පිරිසිදුම විල් වලින් එකකි.

මිසිසිපි ගංඟාවේ ඉවුරේ එවක ජීවත් වූ ෆ්ලැට්හෙඩ් ඉන්දියානුවන් හේතුවෙන් මෙම විලට මෙම නාමය ලැබුණි.

කෙසේවෙතත් බොහෝ ඇ‍මෙරිකානුවන් විශ්වාස කරනුයේ මොන්ටානා විල තුල මිථ්‍යා  සතෙකු සිටින බවයි. සුන්දර රොකී කඳුවැටිය ආසන්නයේ පිහිටා ඇති බැවින් මෙම විලට පිරිසිදු ජලය ලැබෙන බවට වැඩිදුරටත් සඳහන් ය.

උත්පලා ප්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.