lakbima.lk
රෝද තුනක් හත්ගුණ ඇල්ලට බිළි ගනී:රියදුරා අතුරුදන්
2013 මැයි 14 04:00 p m
අංකුඹුර පල්ලේගම ප‍්‍රදේශයේ පිහිටි හත්ගුණ ඇල්ලෙන් ගලා යන ඡල පහරක් හරහා පදවාගෙන ගිය ත‍්‍රිරෝද රථයක් සැඩ පහරට ගසාගෙන යාම නිසා එම ත‍්‍රිරෝදරියේ රියදුරු අතුරුදන් වී ඇතැයි අංකුඹුර පොලිසිය කියයි. මහනුවර අවට ප‍්‍රදේශයට ඊයේ (13) ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව අවස්ථාවේදී මෙම අනතුරු සිදුව තිබේ. රියදුරු සමඟ සැඩපහරට ගසාගෙන ගිය ත‍්‍රිරෝද රථය එම ස්ථානයට සැතපුම් දෙකක් පමණ දුරට ගසාගෙන ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. අද සවස් වන විටත් මෙලෙස අතුරුදන් වී ඇති අයගේ සිරුර හමු නොවූ බව පොලිසිය කියයි.මෙසේ අතුරුදන්ව ඇත්තේ අංකුඹුර ප‍්‍රදේශයේම පදිංචි අනුර ඡයසිංහ නැමැති දෙදරු පියෙක් බව පොලිසිය සඳහන් කරයි.එජාප වැඩකට මර්වින් අනුරාධපුරේ යයි
2013 මැයි 14 01:50 p m
එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ආධාර පිණිස 1999 වසරේදී එප්පාවල පැවති එජාප ඡන්ද රැළියකට බෝම්බ ගැසීමේ සිද්ධියක සාක්කිකරුවකු වශයෙන් ඇමැති මර්වින් සිල්වා මහතා අද(14) අනුරාධපුර මහාධිකරණයේ සාක්කි දීමට පැමිණියේය.
නුවරගම් පළාත ප්‍රා:ස මන්ත්‍රීගේ පියාට වෙඩි තබා මරලා
නුවරගම් පළාත ප්‍රා:ස මන්ත්‍රීගේ පියාට වෙඩි තබා මරලා
2013 මැයි 14 01:30 p m
අනුරාධපුර, මොරගහවෙල ප්‍රදේශයේ දී මධ්‍යම නුවරගම් පළාත ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ජේ.ඒ.මුසාදික් මහතාගේ පියාට ඊයේ (13) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඇලපාත බසය ප්‍රපාතයේ
2013 මැයි 14 12:15 p m
අද (14) උදෑසන ඇලපාත සිට රත්නපුර බලා ධාවනය වු බස් රථයක් ගැටමාන්න ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා තිබේ.
මුදල් ගත් බව ඔප්පු කරනු, නැත්නම් අමුඩය ගසාගෙන යනු
- බොදුබල සේනා
- සඟරුවනට අභියෝග කරන සිරිතක් මට නෑ
- විමල් වීරවංශ
2013 මැයි 14 01:00 p m
අභියෝගයට ප්‍රති අභියෝග කිරීමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.නෝර්වේ, අමෙරිකාව සහ යුරෝපා රටවලින් ආධාර ලබාගත් බව ඔප්පු කරන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ අභියෝගයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
කිරිවල ආසනික් කියලා ආණ්ඩුව රට අන්ඳවනවා:
- විමල් කියන්නේ නලුවෙක්: අධ්‍යක්ෂ තව කෙනෙක්
2013 මැයි 14 12:30 p m
කිරිපිටි මිල රුපියල් 100කින් වැඩි කිරීමට නියමිත බවත් කිරිපිටිවල ආසනික් ඇති බව කියමින් ජනතාව මුලාකරන කතාවක් ආණ්ඩුව පතුරුවන බවත් අද (14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. උතුරේ ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු නිවැරදිව සිදුනොකර මැතිවරණය පැවැත්වීමට විරුද්ධ බව ජාතික හෙළ උරුමයත් ඇමති විමල් වීරවංශත් ප්‍රකාශ කර ඇති බවත් ඔවුන් ඊට එරෙහිව අධිකරණයට යන බව පවසා ඇති බවත් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව ප්‍රකාශ කළේ විපක්ෂය නොවන බවත් අත්තනායක මහතා කීවේය.
ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පති ගෙදර යවයි
2013 මැයි 14 10:20 a m
විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමේදී සිදු කර ඇති බව කියන අක්‍රමිකතා රැසක් පිළිබඳ අමාත්‍යාංශ විමර්ශන අංශය මඟින් සිදු කළ විශේෂ පරීක්ෂණවලින් අනතුරුව ,ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමේදී විදුහල්පතිවරයාගේ අනු දැනුම මත සිදු වී ඇති බව කියන අක්‍රමිකතා රැසක් පිළිබඳ අදාළ පරීක්ෂණවලදී විශේෂ අවධානය යොමු වී ඇත.
කොමඩු කන්න ආ අලියාට විදුලිය කවයි
2013 මැයි 14 11:15 a m

අනුරපුර නාගරික කොමසාරිස් අත්අඩංගුවට ගනු
2013 මැයි 14 10:30 a m
අනුරාධපුර පැරැණි බස් නැවැතුම්පොළෙහි වෙළෙඳුන් පිරිසක් අනුරාධපුර මහ නගර සභාවට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ (13දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර එම අවස්ථාවේ පෙත්සම්කරුවන් හා නීතිඥයන් අධිකරණය හමුවේ පෙනී සිටියද,
යාපනයේ සුළි සුළඟ නිවාස 214ක් සුන් කරයි:රට පුරා 5ක් මරුට
2013 මැයි 14 10:10 a m
යාපනය ප්‍රදේශයට ඊයේ (13දා) අලුයම සිට අඛණ්ඩව වර්ෂාව ඇද හැලෙන අතර මහසෙන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් යාපනය ප්‍රදේශයේ නිවාස 214කට හානි සිදුවී ඇතැයි වාර්තා වේ. ප්‍රදේශයට බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් මල්ලාකම්,
එජාප 5ක් ගෙදර යවන්න සිරිකොතදී තීන්දු කරයි
2013 මැයි 14 08:55 a m
එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් 05 දෙනෙකු එම ධූරවලින් ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ඊයේ(14) පස්වරුවේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.ඒ පක්ෂය විසින් ලබාදෙන ලද ඉලක්ක සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බව පැවසේ.
කිතුල්ගල නඟරය යටවෙයි:යාපනයට සුළි සුළං:බදුලු දුම්රිය නවතී
හැටන් කොළඹ මාරගයේ කිතුල්ගල ප්‍රදේශය මහා වැස්සෙන් යටවී තිබේ. පැය ගණනාවක් තිස්සේ දැඩි වර්ෂාවක් පැවති අතර කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මේ නගරය යටවීම සිදුව තිබේ. ප්‍රධාන මාරගය දෙපස නිවාස හා කඩ සප්පු බොහොමයක් ජලයෙන් යටවී ඇතැයි පැවසේ.
අපේ උපාසිකාවන්ට තායි පුහුණුවක්
2013 මැයි 13 04:20 p m
සියම් මහා නිකාය පිහිටුවා වසර 260ක් සපිරීම නිමිත්තෙන් ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලය ඒකාබද්ධව දඹදෙණිය, නාරම්මල දම්පැලැස්ස විද්‍යාර්ථාලංකාර පිරිවෙනෙහි උපාසිකා පුහුණු වැඩසටහනක් පවත් වන ලදී. තායිලන්තයේ ධම්මකාය
විෂ කිරිපිටි ගෙන්වීම සපුරා තහනම්
2013 මැයි 13 03:45 p m
විෂ ද්‍රව්‍ය අඩංගු කිරිපිටි ගෙන්වීම, අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සොඛ්‍ය අමාත්‍යංශයේ ආහාර කමිටුව තීරණය කරයි. නවසීලන්තයෙන් මෙරටට ගෙන්වන ලඳ කිරිපිටිවල ඩයිසයිනමයිට් විෂ රසායනිකය අඩංගු බවට හෙලිවීමත් සමඟ ආහාර කමිටුව මෙම තීරණය ගෙන ඇත. මිනිස් සිරුරට අහිතකර කිසිදු විෂ ද්‍රව්‍ය කිරිපිටිවල අඩංගු නොවිය යුතු බව ආහාර කමිටුව ඒකමතිකව තීරණය කළ බව අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. කිරිපිටිවල ඩයිසයිනමයිඩ් අඩංගු වන්නේ නම් කොතරම් ප්‍රමාණයක්ද එහි ප්‍රමිතියක් තිබේද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසු කළ ඔහුන් දන්වා ඇත්තේ මෙම රසායනිකය කිරිපිටි වලට එක්කරන රසායනිකයක් නොවන බවකි.
මීගමුවේ නගරසෝබනියන්ට ඇසිඩ් ගසන බවට පෝස්ටර්
මීගමුව නගරයේ සමහර ස්ථානවල පිහිටි තාප්පවල නගර සෝබනියන්ට එරෙහිව පොස්ටරයක් අලවා තිබේ. එම පෝස්ටරයේ සඳහන් වන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට ඇසිඩ් ගසන බවයි. මීගමුවේ සමහර වීදිවල රෙස්ටොරන්ට් මුවාවෙන් පවත්වාගෙන යන අවන්හල් හී කාමර ගණිකාවන් සඳහා
කොළඹ දන්සැල් ලියාපදිංචි කළ යුතුමයි
කොළඹ නගරයේ දන්සැල් පැවැත්වීමට ප්‍රතම අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු බව කොළඹ මහ නගර සභාව දන්වා සිටී. දන්සල පවත්වන පුද්ගලයන් විසින් ලියාපදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් දන්සැල පවත්වන ස්ථානය පරික්ෂා කරනු ලැබේ.
21වර්ජනයට වතුවල හයිය අවිනිෂ්චිතයි
2013 මැයි 13 03:05 p m
වැඩි කළ විදුලිය ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස බලකරමින් ලබන 21 දින පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත ශ්‍රමිකසංවිධාන වැඩ වර්ජණයට, වතු කම්කරු ශ්‍රමිකයින්ගේ සහභාගිත්වය, අවිනිශ්චිත තත්ත්වයක පවතී.
බිත්තියත් කඩා වැටී එක් දරු පියෙක් නසී
2013 මැයි 13 03:15 p m
තිහගොඩ පහල විටියන පදිංචි අවුරුදු තිස්හයක එක් දරු පියෙක් අද (13) උදෑසන නිවසේ බිත්තියත් කඩා වැටීම නිසා මරණයට පත්ව ඇත.
මන්ත්‍රී ප්‍රේමදාස හදිසියේ රෝහල්ගත කරලා
නිවසේ පඩි පෙලකින් ඇද වැටීමෙන් තුවාල ලබා ඇති එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ප්‍රේමදාස මහතා ගේ හිසට ඇතිවූ තුවාල හේතුවෙන් ඊයේ (12) මහනුවර රෝහලකට ඇතුලත්කර ඇත. ඔහුගේ හිසෙහි අභ්‍යන්තර රුධිර වාහනයක් සිදුවී ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ අතර එජාප මිගමුව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ද හදිසියේ ඇතිවූ හදවත් ආබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇතැයි පැවසේ.
පොල්ගෙඩි 4ක් සොරා ගත්තායි සිසුවාට කම්මුල් පහර දීලා
හිඟුරක්ගොඩ, සමූපකාර මාවතේ පිහිටි වත්තකින් පොල්ගෙඩි හතරක් සොරකම් කළැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවෙක් පහර කා හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. කාලයක පටන් මෙම සිසුවා සහ සමවයසේ තවත් සිසුන් කීප දෙනෙක් වත්තෙන් පොල් සොරකම් කරන බව එහි හිමිකරු හිඟුරක්ගොඩ පොලිසියට පවසා ඇත. ඊයේ දහවල් තමන් පොල් වත්තට පැමිණෙන විට සිසුන් කීප දෙනෙක් පැන දිවූ බවත් මෙම සිසුවා අල්ලා ගන්නට හැකි වූ බවත් හිමිකරු පැමිණිලි කර තිබේ.එම අවස්ථාවේදී පොල් වත්තේ හිමිකරුගේ පුත්‍රයා පැමිණ සිසුවාට කම්මුල් පහර කීපයක් ගසා පොල්ලකින් සිසුවා පැමිණි යතුරු පැදියට පහර දී අලාබහානි කර තිබේ.
විශාල සුළඟක් සමග දුමකින් ගම්මාන තුනක් වැසී යයි
අද (13) උදෑසන 06.45ට පමණ හමා ගිය දැඩි සුළඟක් නිසා මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල, වඩිගවැව යන ගම්මාවල පිහිටි නිවාස 22ට පමණ අර්ධ හානි සිදු වී තිබේ. මෙම ප්‍රමාණය තවත් ඉහළ නගින්නට ඉඩ තිබෙන බව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය පවසයි. මේ වනවිටත් එම පළාත් හරහා දැඩි සුළඟක් හමා යමින් තිබෙන අතර අධික වර්ෂාවද ඇද හැලෙමින් පවතී. සමහර වහලවල ෂීට් සුළඟේ වේගයට ගසා ගෙන ගොස් තිබේ. වඩගවැව පදිංචිකරුවකු වන සිවිල් ආරක්ෂක සෙබළ රුවන් සුරංග මෙසේ සිය අත්දැකීම් විස්තර කළේය. “අද උදේ 06.45ට පමණ සුළඟ ආවේ විශාල දුමක් වගේ. මීදුමකට වඩා ඒක ඝනකමයි. මුළු පළාතම ඒ දුමෙන් වැසී ගියා.
More Articles...
Page 5 of 19
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
“ත්‍රස්තවාදය පැවැති සමයේ එල්. ටී. ටී. ඊ. යේ තමිල් සෙල්වම් දෙමළ ජාතික සන්ධානයේ



සිවු වැනි ඊළාම් සටන පරාජය වී සිවු වසරකි. නමුත් කොටි ඩයස්‍පෝරාවට තවමත් ඊළම නැතිව බැරිය. 

අප අසා ඇති ආකාරයට රන්ජන් රාමනායක යනු සිනමා නළුවෙක් වීම සඳහා අතිශය දුෂ්කර ගමන් මගක පැමිණි පුද්ග්ලයෙක්. මේ දුෂ්කර ක්‍රියාවට ඔබට කොතරම් කාලයක් ගත වුණාද....?





අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියේදී කඩුලු 100 සීමාව පසු කළ පළමු පන්දු යවන්නා බවට පත් විය.
සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට තවත් අමිහිරි අත්දැකීමක් එක්කරමින් පසුගිය සති අන්තයේ පැවැති රාජකීය-ඉසිපතන තරගයේදී විනිසුරු තීරණවලට විරෝධය පළ කර රාජකීය විදුහල තරගයේ අතරමගදී ඉවත්ව යාම නිසා ජයග්‍රහණය ඉසිපතන විදුහලට හිමි විය. 









පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර











ජනපතිවරයා ඉකුත් සතියේදී උගන්ඩාවේ නිල සංචාරයක යෙදුණේය. මීට මාස ගණනාවකට පෙර උගන්ඩාවේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළුණු අතර එහිදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතා අනුව ශ්‍රී ලංකා නායකයා මෙම සංචාරයේ නියැළුණේය. ඉකුත් බදාදා ජනපතිවරයා උගන්ඩාවේ කම්පාලා අගනුවර ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා ගියේය. ප්‍රදර්ශනය නරඹන අතරතුර තේ පැන් පානය කරමින් සිටින අතරේදී ජනපතිවරයා සමග මෙම සංචාරයට එක්වූ සජින් වාස් ගුණවර්ධනගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේය. 