Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

අනුරපුර ආදායම් පරිපාලකගේ වැඩ තහනම්
2013 මැයි 19  02:35 p m

saspeරජයේ ආයතනයක් වන අනුරාධපුර මහ නගර සභාව හා එහි උසස් නිලධාරීන් අපකිර්තියට පත් කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පරිපාලකවරයාගේ සේවය නැවත දන්වන තුරු අත්හිටුවීමට අනුරාධපුර මහ නගරසභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා තීරණය කර ඇත. read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

මත ගැටුම් කඹ ඇදීම් හමුවේ උතුරේ මැතිවරණයට කුමක් වෙයිද?

electionඋතුරේ පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව මේ වන විට නිල read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මයට සමාන පවක් කියලයි මම හිතන්නේ

ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණී

Seminiඉද්දමල්ගොඩ ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටයේ නම “සිනහව අතරින්”.“සිනහව අතරින්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය හැටියට කටයුතු කරන්නේ සේමිණී ඉද්දමල්ගොඩයි. “සේමිණී මේ චිත්‍රපටයේ අපූරුවට රඟපානවා.” read-more
Read more...

2013-05-15   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.9700 , විකුණුම් මිල රු.128.0200| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.7000 , විකුණුම් මිල රු.195.2300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.7000, විකුණුම් මිල රු. 166.0700 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.128.3800 , විකුණුම් මිල රු.133.3000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.8400, විකුණුම් මිල රු.126.2700| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.122.7400 , විකුණුම් මිල රු.127.4600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.0300 , විකුණුම් මිල රු.103.4900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2164, විකුණුම් මිල රු.1.2591 |

- සමුදුර -  

- ක්‍රීඩා පුවත් -  

නදීකා ලක්මාලිට අනුග්‍රාහකයෙකුත් නෑ

  • ග්‍රෝන්ප්‍රී උළෙල වර්ණවත් කළ හෙල්ල විසිකිරීමේ ජාතික ශූරිය
  • අමාත්‍යංශයෙන් කිසිම දීමනාවකුත් නෑ

gonpree

පසුගිය දා පැවැත් වූ 2013 ආසියානු ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය නිමාවට පත්වීමත් සමගම ශ්‍රී ලංකාවේ ජාතික තලයේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්  කීපදෙනෙක්  ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විශේෂ අවධානයකට ලක් විය. නදීකා ලක්මාලී, ඩබ්ලිව්.කේ.එල්. නිමාලි, චන්ද්‍රිකා සුභාෂිණී, කසුන් කල්හාර සෙනෙවිරත්න, ලයනල් සමරජීව සහ මංජුල කුමාර වීරසේකර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කිහිප දෙනෙකි.

ශ්‍රී ලංකා පිල අපරාජිතව තෙවැනි ජයත් වාර්තා කරයි

උපුල් තරංගගෙන් ශතකයක්
upul-taranga

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (16) පල්‍ලේකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කඩුලු 3ක ජයක් ලබමින් තම අපරාජිත බව රැක ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

ලෝක චෙස් ශූරතාවයේ තඹ පදක්කම දිනා ගනී

cupppr
පසුගියදා ග්‍රිසියේ ලෝක චෙස් ශූරතාව සඳහා පැවැති තරගයෙන් දිනිති පංචලි ශිෂ්‍යාව තඹ පදක්කම දිනා ගත්තාය.

අපරාජිත ත්‍රිත්ව හෙට කොළඹදී ශා. ජෝසප් හමුවෙයි

  • සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය

footballty

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී අපරාජිතව පෙරමුණ ගෙන සිටින මහනුවර ත්‍රිත්ව විදුහල හෙට (18දා) මරදාන ශා. ජෝසප් විදුහල සමග කොළඹ සී.ආර්. පිටියේදී තරග වදියි ලකුණු 30ක් ලබා අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට ත්‍රිත්ව සමත් වී ඇති අතර,

රණවීර සහ කාවරී නව තරග වාර්තා පිහිටුවති

  • ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

ritipenini

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 2013 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (16දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, පළමු දිනය නිමාවට පත්වන විට නව තරග වාර්තා 2ක් බිහි විය. මිටිය විසිකිරීම අවු. 20න් පහළ බාලක ඉසව්වේදී මාතර රාහුල මහා විද්‍යාලයේ ඩී.එම්. රණවීර (මී. 31.23) සහ අවු. 23න් පහළ රිටි පැනීම බාලිකා ඉසව්වේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආර්. කාවරී (මී. 3.10) නව තරග වාර්තා පිහිටුවීමට සමත් වූහ.

විද්‍යා විදුහල රග්බි විනිසුරු සංගමයෙන් සමාව අයදියි

විද්‍යා විදුහල් රග්බි පුහුණුකරු-කළමනාකරු සහ ක්‍රීඩකයකුට දඬුවම්
මෙම දඬුවම ක්‍රීඩා සමාජවලටත් ආදර්ශයක් - ඩිල්රෝයි
16-2ගල්කිස්ස විද්‍යා විදුහල හා බම්බලපිටිය ශා. පීතර විදුහල අතර අන්තර් පාසල් රග්බි තරගයේදී තරග විනිසුරු ලබාදුන් තීරණයකට එරෙහි වූ විද්‍යා ක්‍රීඩකයින් තරග විනිසුරුට පහරදීමට පෙළඹීම හා තැත්කිරීම සම්බන්ධව එම විදුහල් බලධාරීන් එම කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු හා ක්‍රීඩකයකුට දඬුවම් පමුණුවා තිබේ.

දිමුත්ගේ ශතකයෙන් ඒකාබද්ධ පිලට ජය

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය
16-1ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා “ඒ” පිල සහ ඒකාබද්ධ පිල අතර පැවැති තරගයෙන් දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඒකාබද්ධ පිලට කඩුලු 7ක ජයක් හිමි විය.

මේ ඉන්නේ පුංචි කා‍ලේ හිටපු විසේකාර කොල්ලාමද කියලා දැන් මට හිතෙනවා

දක්ෂ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ මව මොනිකා මැතිව්ස්
r22-1ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල වත්මන් නායකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂ යොවුන් ක්‍රීඩකයකු වන ඇන්ජලෝ ක්‍රිකට් විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තරග දිනවන්නකු ලෙසය. බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිකරගත් නිරහංකාර ක්‍රීඩකයකු ලෙස ද ප්‍රකට ඇන්ජලෝ මැතිව්ස්ගේ

ශ්‍රී ලංකා පිලට ලකුණු 58ක ජයක්

cricket-ballශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පල්‍ලේකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 58ක ජයක් ලැබිමට ශ්‍රී ලංකා පිල සමත්විය.

newsalertsmall


ඔබට සුභ වෙසක්
On-line-Anura-horesasඔලු බක්කන්ට වේවැල් කසායves1වෙසක් උත්සවය ළඟ ළඟම එයි. පෙර වසරවල තරම් වෙසක් ප්‍රබෝධයක් මෙවර ජනතාව තුළ නැති තරම්ය. එක බකට් එකක් වෙනුවෙන් අමතර විදුලි බල්බයක් දල්වන්නට සිදුවීම ගැන ජනතාව මෙවර දෙවරක් කල්පනා කර බලන බවක් පෙනේ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

2013 පළමු කාර්තුවේදී සෙලාන් බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය 26කින් ඉහළට

13-2පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර

ලස්සන ෆ්ලෝරා ශ්‍රී ලංකාවේ ප්‍රථම මල් සහ ත්‍යාග විස්තර නාමාවලිය එළිදක්වයි

sangeetha2

මල් සහ ත්‍යාග විස්තර නාමාවලිය (Catalogue) 2013 එළිදක්වමින් සහ කොළඹ මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට නොමිලයේ ගෙනැවිත් බාරදීමේ සේවාවක් ආරම්භ කරමින් ලස්සන ෆ්ලෝරා ආයතනය ශ්‍රී ලංකාවේ මල්කම් ක්‍ෂේත්‍රයේ නැවුම් වෙනසකට මුලපුරා තිබේ.

ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය සමග අපගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමට හැකි වීම සැබවින්ම ආඩම්බරයක්

Ajala- ඇන්ජලා රිචඞ් ජයතිස්ස මෙහෙයුම් අධ්‍යක්ෂිකා
ඇතුගල් පුරවරයෙන් සමාරම්භ වී ශ‍්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජනප‍්‍රිය නාමයක් බවට පත්වෙමින් ජාත්‍යන්තරය දක්වාම ව්‍යාප්ත වූ රිචඞ් ටේ‍්‍රඩිං ව්‍යාපාරය ආරම්භ වනුයේ 1960 වසරේදීය.

- විශේෂ පුවත් -  

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

idiappඑළැඹෙන වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.

අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?

anjanam2

අංජනම් එළි බැලීම දැනට අභාවයට යමින් පවතින පැරණි ගැමි ගුප්ත විද්‍යාත්මක කාරියකැයි සමහරෙක් සිතති. එහෙත් එය වැරදිය. අද ද කොළඹ නගරය සහ ඒ තදාසන්න ප්‍රදේශවල අංජනම් එළි බලන ස්ථාන සියයට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

බන්ධනාගාරයේ තිත්ත ඇත්ත

Prisanසිරකරුවන් 600ක් හිටියත් කෑම උයන්න කුස්සියක් නැති අපේ රටේ සිරගෙයක්
ළමා කාලයේ සම වයසේ මිතුරන් සමග එකතුවී වෙසක් උත්සවය වෙනුවෙන් තරුවක් සාදා සිදු වූ අකරතැබ්බ මට අද මෙන් මතකය. තරු තුනකින් යුක්ත මෙම අපූරු වෙසක් කූඩුව සාදා පැටවුන්ද එල්ලා අවසානයේ එය නිවසේ ඉදිරි දොරේ උළුවස්සෙන් පිටතට ගන්නට බැරි විය.

යුද ජයග්‍රහණයේ මතක සටහන්

Uda-samarumaතිස් වසරක් පුරා මේ ‍පොළොව මත ‍ලේ ගංගා නිර්මාණය කළ වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මරණයට පත්වූයේ අද (19) වැනි දිනකය. ඒ දිනය හරියටම කියනවා නම් දෙදහස් නවයේ මැයි දහනව වැනිදාය.

ලයන් එයාර් සුන්බුන් අතරින් හමු වූ හැඳුනුම්පතේ සිටින ගුණමනී ජීවතුන් අතර සිට හමුවෙයි

Lione-airවසර 15ක් මුහුදේ ගිලී තිබි මතු වූ හැඳුනුම්පතේ අබිරහ‍ස
කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ දේ‍පොළවලට සහ සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට එල්ල කළ බිහිසුණු ප්‍රහාර දැන් කෙමෙන් කෙමෙන් මතකයෙන් ඈත් වෙමින් පවතී.

ප්‍රභා පාස‍ලේදී වැඩ බැරි නිසා නිතරම බැණුම් ඇසූ කෙනෙක්

prabha-1ප්‍රභාකරන් සමග එක පන්තියේ සිටි පාසල් මිතුරා හෙළි කළ කතාව
කොටි නායක වේලුපිල්‍ලේ ප්‍රභාරකරන් දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා ලෙස පෙනී සිටියත් ඔහු පාසල් කාලයේ පන්තියේ වැඩවලට ඉතා අදක්ෂ ශිෂ්‍යයකු බව පැවසේ.

Who's Online  

We have 1131 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

කතා මැද කතා - සතියේ දේශපාලන සිදුවීම් සමාලෝචනය

පවිත්‍රා හිරේ වැටෙන්න ආසයිලු

උගන්ඩාවට දුරකථන ඇමතුමක්

mahinda rajapaksaජනපතිවරයා ඉකුත් සතියේදී උගන්ඩාවේ නිල සංචාරයක යෙදුණේය. මීට  මාස ගණනාවකට පෙර උගන්ඩාවේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ  සංචාරයක නියැළුණු අතර එහිදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතා අනුව ශ්‍රී ලංකා නායකයා මෙම සංචාරයේ නියැළුණේය. ඉකුත් බදාදා ජනපතිවරයා උගන්ඩාවේ කම්පාලා අගනුවර ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා ගියේය. ප්‍රදර්ශනය නරඹන අතරතුර තේ පැන් පානය කරමින් සිටින අතරේදී ජනපතිවරයා සමග මෙම සංචාරයට එක්වූ සජින් වාස් ගුණවර්ධනගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේය. read-more

lakbima.lk

එජාප 5ක් ගෙදර යවන්න සිරිකොතදී තීන්දු කරයි

2013 මැයි 14  08:55  a m

ali56එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් 05 දෙනෙකු එම ධූරවලින් ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ඊයේ(14) පස්වරුවේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.ඒ පක්ෂය විසින් ලබාදෙන ලද ඉලක්ක සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බව පැවසේ.

 

කිතුල්ගල නඟරය යටවෙයි:යාපනයට සුළි සුළං:බදුලු දුම්රිය නවතී

2013 මැයි 13  04:15  p m

Wassa-nහැටන් කොළඹ මාරගයේ කිතුල්ගල ප්‍රදේශය මහා වැස්සෙන් යටවී තිබේ. පැය ගණනාවක් තිස්සේ දැඩි වර්ෂාවක් පැවති අතර කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මේ නගරය යටවීම සිදුව තිබේ. ප්‍රධාන මාරගය දෙපස නිවාස හා කඩ සප්පු බොහොමයක් ජලයෙන් යටවී ඇතැයි පැවසේ.

   

අපේ උපාසිකාවන්ට තායි පුහුණුවක්

2013 මැයි 13  04:20  p m

Thai-1සියම් මහා නිකාය පිහිටුවා වසර 260ක් සපිරීම නිමිත්තෙන් ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලය ඒකාබද්ධව දඹදෙණිය, නාරම්මල දම්පැලැස්ස විද්‍යාර්ථාලංකාර පිරිවෙනෙහි උපාසිකා පුහුණු වැඩසටහනක් පවත් වන ලදී. තායිලන්තයේ ධම්මකාය

   

විෂ කිරිපිටි ගෙන්වීම සපුරා තහනම්

2013 මැයි 13  03:45  p m                              
         
Milkවිෂ ද්‍රව්‍ය අඩංගු කිරිපිටි ගෙන්වීම, අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සොඛ්‍ය අමාත්‍යංශයේ ආහාර කමිටුව තීරණය කරයි. නවසීලන්තයෙන් මෙරටට ගෙන්වන ලඳ කිරිපිටිවල ඩයිසයිනමයිට් විෂ රසායනිකය අඩංගු බවට හෙලිවීමත් සමඟ ආහාර කමිටුව මෙම තීරණය ගෙන ඇත. මිනිස් සිරුරට අහිතකර කිසිදු විෂ ද්‍රව්‍ය කිරිපිටිවල අඩංගු නොවිය යුතු බව ආහාර කමිටුව ඒකමතිකව තීරණය කළ බව අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. කිරිපිටිවල ඩයිසයිනමයිඩ් අඩංගු වන්නේ නම් කොතරම් ප්‍රමාණයක්ද එහි ප්‍රමිතියක් තිබේද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසු කළ ඔහුන් දන්වා ඇත්තේ මෙම රසායනිකය කිරිපිටි වලට එක්කරන රසායනිකයක් නොවන බවකි.

   

මීගමුවේ නගරසෝබනියන්ට ඇසිඩ් ගසන බවට පෝස්ටර්

2013 මැයි 13  04:15  p m 

Ganikaමීගමුව නගරයේ සමහර ස්ථානවල පිහිටි තාප්පවල නගර සෝබනියන්ට එරෙහිව පොස්ටරයක් අලවා තිබේ. එම පෝස්ටරයේ සඳහන් වන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට ඇසිඩ් ගසන බවයි. මීගමුවේ සමහර වීදිවල රෙස්ටොරන්ට් මුවාවෙන් පවත්වාගෙන යන අවන්හල් හී කාමර ගණිකාවන් සඳහා

   

කොළඹ දන්සැල් ලියාපදිංචි කළ යුතුමයි

2013 මැයි 13  03:05  p m                  

Dansalකොළඹ නගරයේ දන්සැල් පැවැත්වීමට ප්‍රතම අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු බව කොළඹ මහ නගර සභාව දන්වා සිටී. දන්සල පවත්වන පුද්ගලයන් විසින් ලියාපදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් දන්සැල පවත්වන ස්ථානය පරික්ෂා කරනු ලැබේ.

   

21වර්ජනයට වතුවල හයිය අවිනිෂ්චිතයි

2013 මැයි 13  03:05  p m

hghවැඩි කළ විදුලිය ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස බලකරමින් ලබන 21 දින පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත ශ්‍රමිකසංවිධාන වැඩ වර්ජණයට, වතු කම්කරු ශ්‍රමිකයින්ගේ සහභාගිත්වය, අවිනිශ්චිත තත්ත්වයක පවතී.

   

බිත්තියත් කඩා වැටී එක් දරු පියෙක් නසී

2013 මැයි 13  03:15  p m 

Muder SLRතිහගොඩ පහල විටියන පදිංචි අවුරුදු තිස්හයක එක් දරු පියෙක් අද (13) උදෑසන නිවසේ බිත්තියත් කඩා වැටීම නිසා මරණයට පත්ව ඇත.

   

මන්ත්‍රී ප්‍රේමදාස හදිසියේ රෝහල්ගත කරලා

2013 මැයි 13  01:15  p m

C-Premadasaනිවසේ පඩි පෙලකින් ඇද වැටීමෙන් තුවාල ලබා ඇති එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ප්‍රේමදාස මහතා ගේ හිසට ඇතිවූ තුවාල හේතුවෙන් ඊයේ (12) මහනුවර රෝහලකට ඇතුලත්කර ඇත. ඔහුගේ හිසෙහි අභ්‍යන්තර රුධිර වාහනයක් සිදුවී ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ අතර එජාප මිගමුව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ද හදිසියේ ඇතිවූ හදවත් ආබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇතැයි පැවසේ.

   

පොල්ගෙඩි 4ක් සොරා ගත්තායි සිසුවාට කම්මුල් පහර දීලා

2013 මැයි 13  11:35  a m

childහිඟුරක්ගොඩ, සමූපකාර මාවතේ පිහිටි වත්තකින් පොල්ගෙඩි හතරක් සොරකම් කළැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවෙක් පහර කා හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. කාලයක පටන් මෙම සිසුවා සහ සමවයසේ තවත් සිසුන් කීප දෙනෙක් වත්තෙන් පොල් සොරකම් කරන බව එහි හිමිකරු හිඟුරක්ගොඩ පොලිසියට පවසා ඇත. ඊයේ දහවල් තමන් පොල් වත්තට පැමිණෙන විට සිසුන් කීප දෙනෙක් පැන දිවූ බවත් මෙම සිසුවා අල්ලා ගන්නට හැකි වූ බවත් හිමිකරු පැමිණිලි කර තිබේ.
එම අවස්ථාවේදී පොල් වත්තේ හිමිකරුගේ පුත්‍රයා පැමිණ සිසුවාට කම්මුල් පහර කීපයක් ගසා පොල්ලකින් සිසුවා පැමිණි යතුරු පැදියට පහර දී අලාබහානි කර තිබේ.

   

විශාල සුළඟක් සමග දුමකින් ගම්මාන තුනක් වැසී යයි

2013 මැයි 13  11:35  a m

Wassaඅද (13) උදෑසන 06.45ට පමණ හමා ගිය දැඩි සුළඟක් නිසා මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල, වඩිගවැව යන ගම්මාවල පිහිටි නිවාස 22ට පමණ අර්ධ හානි සිදු වී තිබේ. මෙම ප්‍රමාණය තවත් ඉහළ නගින්නට ඉඩ තිබෙන බව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය පවසයි. මේ වනවිටත් එම පළාත් හරහා දැඩි සුළඟක් හමා යමින් තිබෙන අතර අධික වර්ෂාවද ඇද හැලෙමින් පවතී. සමහර වහලවල ෂීට් සුළ‍‍ඟේ වේගයට ගසා ගෙන ගොස් තිබේ. වඩගවැව පදිංචිකරුවකු වන සිවිල් ආරක්ෂක සෙබළ රුවන් සුරංග මෙසේ සිය අත්දැකීම් විස්තර කළේය. “අද උදේ 06.45ට පමණ සුළඟ ආවේ විශාල දුමක් වගේ. මීදුමකට වඩා ඒක ඝනකමයි. මුළු පළාතම ඒ දුමෙන් වැසී ගියා.

   

අයාලේ ගිය බල්ලා කතකට පිහිට වෙයි

2013 මැයි 13  11:12  a m

Dogවිදේශ සංචාරකයන් සෆාරි ජිප් රියකින් යාල ගොස් එමින් සිටියදී කතරගම කඳසුරිඳුගමදී එම ජිප් රියට අයාලේ යමින් සිටි බල්ලකු හැපී මිය ගොස් තිබේ. එතැන මාර්ගයේ සිටි කතක් ඉන් කම්පාවී ඇති අතර ඇගේ  දුක්වීම දුටු සුදු ජාතික කතක් “බල්ලාගේ මලගම” වෙනුවෙන් රුපියල් විසි පන්දහසක් එම කාන්තාවට දී තිබේ. කම්පා වූ කත බල්ලාගේ අයිතිකරුයැයි සුදු කත සිතා ඇත.ඒ නිසා අදාල මුදල දී තිබේ.

   

වන උයන් නරඹන්න ඇතුළත් වීම නොමිලේ

2013 මැයි 13  11:05  a m

Aliමැයි මස 22 වැනි දිනට යෙදී අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව තුළ පිහිටි සියලු ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා මෙදින පාසල් ළමුන්ගෙන් ඇතුළත් වීමේ ගාස්තු අය නොකිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. හෝර්ටන්තැන්න,යාල හා විල්පත්තු යන ජාතික වනෝද්‍යානවලට එදින දවස පුරා පාසල් ළමුන්ට නොමිලයේ ඇතුළත් වීමට අවසර ලබා දේ.

   

ගලී බවුසර්වලින් මළ බැහැර කිරීමෙන් ගම්පහ පළාත් ගඳ ගසන්නට පටන් ගනී

2013 මැයි 13  10:40  a m

sinotrukගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික ආයතන විසින් පවත්වා ගෙන යනු ලබන ගලි බවුසර් සේවාව රාත්‍රියේ දී විවිධ ප්‍රදේශවලට මළ මුදා හැරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සෞඛ්‍ය හා පාරිසරික ගැටළු රැසකට මුහුණපා සිටිති. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනය ඉහළ යාමත් සමග නිවාසවල මළ මුදා හැරීමට සිදු වී තිබෙන්නේ ගලි බවුසර් සේවාව හරහා ය. මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ ගලි බවුසර් සේවාව පවත්වා ගෙන ලද්දේ පළාත් පාලන ආයතන තුළින් වුවත් ‍ජනගහනය වැඩි වීමත් සමග මෙය හොද ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. ඒ අනුව ගම්පහ ව්‍යාපාරිකයන් තිදෙනකු විසින් ගලි බවුසර් සේවා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන අතර එකතු කර ගන්නා මළ මොවුන් විසින් රාත්‍රියේ දී විවිධ ප්‍රදේශවලට ගෙන ගොස් මුදා හරින බව දැන ගන්නට ලැබේ.

   

දැරිය කෙළෙසලා රුපියල් විස්සක් දීලා

2013 මැයි 13  09:40  a m

women repedබදුල්ල තෙල්බැද්ද මලංගමුව ව්ත්තේ පිදංචි 11 හැවිරිදි දැරියකට රුපියල් 20/- ක්දී ඇය රවටාගෙන නිවස පිටුපස කැලැවට ගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. මෙම දැරියගෙ පියා මියගෝස ඇති අතර අමිමා තේ වත්තේ අම්මා වත්තේවැඩට ගිය අවස්ථාවේ මෙහි අපරාධය සිදුකර තිබෙ. සැකකරු සොයා බදුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි. දැරිය වෛද්‍ය පරික්ෂණය සඳහා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇත. 

පාලිත ආරියවංශ බදුල්ල

   

යක්දෙහිකන්ද දොළේ පාලම කැඩේ

2013 මැයි 13  09:20  a m

vbcහිනිදුම බටහිර ඉහළ කොටසේදී පාලමක් අළුත්වැඩියා කරමින් සිටි 04 දෙනෙකු එම පාලම කඩා වැටීමෙන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එම පාලම යක්දෙහිකන්ද දොළ හරහා යොදා තිබූවක් බවත් අනතුරින් තුවාල ලත්  4දෙනෙක් හිනිදුම රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

   

කතක් කිඹුලෙක් ඇදගෙන ගිහින්

2013 මැයි 13  09:15  a m

crocodilඊයේ(12) සවස සිය දරු දෙදෙන සමඟ මහියංගණය උල්හිටිය ඔයේ දිය නාමින් සිටි කාන්තාවක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇතිබව වාර්තා වේ. නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ද සහය කරගනිමින් කාන්තාව සෙවීම සඳහා මෙහෙයුම් අරඹා ඇතැයි ද දරු දෙදෙනාට අනතුරක් නැතැයිද වාර්තා වේ. 

   

වතු එකොළහක හාම්පුතුන්ට නොතීසි

2013 මැයි 13  09:10  a m

wwවතු කම්කරුවන් දස දහසක පමණ පිරිසකට හා නිලධාරීන් සිය ගණනකට ගෙවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවීම් පැහැර හැර තිබෙන ආගරපතනේ වතු එකොළහක, වතු අධිකාරීන් පිරිසකට, ලබන 23 දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නුවරඑළිය දිසා අධිකරණය මගින් නොතීසි නිකුත්කොට තිබේ. සී/ස ආගරපතන වැවිලි කළමනාකරණ සමාගම යටතේ පාලනය වන, ආගරපතනේ, ඩයගම නැගෙනහිර, ඩයගම බටහිර, සන්දිරිගම, වේවර්ලි, ග්ලාසිගෝ, හුට්විල් හෝම්වුඩ්, නිව් ‍පෝට්මෝර්, ටොරින්ටන්, ඇල්බියන් හා බැල්වොරල් යන වතු එකොළහේ වතු අධිකාරීවරුන්ට මෙලෙස අධිකරණ නොතීසි නිකුත් කර තිබේ.

   

අපි ඇමෙරිකා ගියේ දේශප්‍රේමීන් හමුවීමටයි

බොදුබල සේනාව

2013 මැයි 13  09:00  a m

BBSඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් දේශප්‍රේමීන් හමු වී බොදුබල සේනා සංවිධානයේ පරමාර්ථ හා අරමුණු මොනවාදැයි දැනුවත් කිරීමට ගිය අතරතුර බොදුබල සේනා සංවිධානය දෙකඩ වූ බවට අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසීය. ඤාණසාර හිමියන් මෙලෙස පැවසුවේ පසුගිය 11 වැනිදා කෑගල්ල නගරයේ පැවැති බොදු බල සේනා සමුළුවේදීය. බොදු බල සේනා සංවිධානයට වර්ෂයක් පිරීම නිමිත්තෙන් මෙම සමුළුව පැවැත්විණි.

   

උතුරෙන් හමුදාව ඉවත් කළ යුතු යැයි කේ.පී ‘ද හින්දු’ පුවත්පතට කියයි

2013 මැයි 13  08:50  a m

KPඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් ද හින්දු” පුවත්පත සම සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, උතුරු පළාතින් හමුදාව ඉවත් කිරීම එම ප‍්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වීමට හේතුවක් වන බව පවසා තිබේ. ඒ බව පවසමින් විවිධ පාර්ශව යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියයි. හමුදාව රැදී සිටීම නිසා දෙමළ ජනතාවට යම්, යම් බාධා එල්ල වන බවත් කුමරන් පද්මනාදන් පවසයි. උතුරේ දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමට තමන් කැපවන බව පවසන කේ.පී., උතුරේ පාසල් සිසුන්ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විවිධ තාඩන පීඩනවලට ලක්වු බව පිළිගනී.

   

විෂබිජ නාශක නැති නිසා රෝහල් අවදානමේ

2013 මැයි 13  12:340  a m

Hospitalග්ලූටැල්ඩිහයිඩ් නමැති විෂබිජ නාශකය නොමැති වීම හේතුවෙන් රෝහල්වල පිරිසිදු කිරීමේ කටයුතුවලට බරපතළ ගැටලුවක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක නිරන්තරයෙන්ම මෙම විෂබිජ නාශක යොදා පිරිසිදු කළ යුතු වුවද දැනට මාස පහක පමණ කාලයක සිට ‘සර්ජිකල් ස්ප්‍රීතු’ යොදා ගනිමින් මේවා පිරිසිදු කිරීමට වී ඇතැයි කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රකාශකයෙක් කීය. සර්ජිකල් ස්ප්‍රීතු භාවිතා කළද විෂබිජ විනාශ වීම එතරම් ප්‍රබල ලෙස නොවන බවත් යම් වසංගත තත්ත්වයක් මතු වුවහොත් එය පාලනය කිරීම බරපතළ ගැටලුවක් වන බවත් හෙතෙම කීය.

   

Page 5 of 18

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.