lakbima.lk
මේ දිනවල සී.එෆ්.එල්. බල්බ ගැන පරෙස්සමෙන්
2013 මැයි 18 09:10 a m
ප්‍රමිතියෙන් බාල සී.එෆ්.එල්. (CFL)බල්බ මේ දිනවල විශාල වශයෙන් වෙළෙඳපලේ අලෙවිවන බැවින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්නැයි විෂ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි. ප්‍රමිතියෙන් බාල මෙම බල්බවල රසදිය අධික ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන බැවින්සිසුවාගේ හිසේ යකඩ කූරක් ඇනේ
2013 මැයි 17 04:55 p m
දඹුල්ල, දිගම් පතන කණිෂ්ඨ විදුහලේ 9 වන වසරේ ඉගෙනුම ලබන ඉෂාර මධුසංඛ ශිෂ්‍යාගේ හිස මත යකඩ කූරක් ඇනීමෙන් බරපතල තුවාල ලබා අද (17) පස්වරු 2 ට පමණ දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ජනතාවට ‘කොකා’ පෙන්නූ ග්‍රාම නිලධාරි 9 ට චෝදනා
2013 මැයි 17 01:30 p m
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් නම දෙනෙකුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා යටතේ විනය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා සඳහන් කරයි. නුවරඑළියේ කොටගල ප්‍රදේශයේ එක් ග්‍රාම නිලධාරියෙකු තම රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉකුත් 15 දා සිට ස්ථාන මාරුකර හැරීමට පියවර ගත්බව කියන ඒ මහතා ඉතිරි අට දෙනෙකු පිළිබඳ තමන්ට ලැබී ඇති තොරතුරු හා පැමිණිලි අනුව විනය ක්‍රියා මාර්ග ගන්නා බවද කියයි.
තිරිසන් පියා අවුරුදු 15 ක් සිරගෙට
2013 මැයි 17 02:35 p m
අවුරුදු 14 ක් වයසැති තම දියණිය දූෂණය කළ බවට අධි චෝදනා ලත් පියෙකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසිලි වික්‍රමසිංහ මතුරට මහත්මිය බරපතල වැඩ ඇතිව වසර 15 ක සිර දඬුවමක් නියම කර රුපියල් 7500/- ක දඩයක් පැනවිය. දඩ නොගෙවන්නේ නම් තවත් මාස 6 ක් සිර දඬුවමකට යටත් කෙරිණ. වැලිවේරිය, හීන්පත්වල දී අවුරුදු 14 ක් වයසැති දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ පියාට ගම්පහ මහාධිකරණයේ අධි චෝදනාවක් එල්ල කර තිබුණි. චෝදනාවට විත්තිකරු වරද පිළිගත් අතර මහාධිකරණ විනිසුරුවරිය පැවසුවේ මෙය තිරිසන් සමාජයක සිදුවන සිදුවීමක් බවත්,
රෙදි තොටිල්ලට ගිනි ඇවිලි බිළිඳා මියයයි
2013 මැයි 17 01:45 p m
හලාවත, මාදම්පේ පොල්වත්තක් මැද තිබූ පොල් අතු පැළක් ගිනි ගැනීම නිසා එහි තොටිල්ලක නිදා සිටි වයස අවුරුදු 01 යි මාස 03 ක් වයසැති දරුවා පිළිස්සී මියගොස් තිබේ. ඊයේ (16) සවස 5 ට පමණ මව සිය දරුවා නිදි කරවා රෙදි තොටිල්ලේ තබා පළා ටිකක් කඩා ගෙන එන්නට පිටතට ගොස් තිබේ. පිටතට යාමට පෙර ඇය ලිප තැබූ බත් මුට්ටිය පිසෙන්නට දැල්වූ දර කැබිලිවලින් විසි වූ ගින්දරවලින් පොල් අතු පැළ ගිනි ගෙන තිබෙන බව මූලික පොලිස් විමර්ෂණවලදී අනාවරණය වී තිබේ.
පුද්ගලික බස් රියක් තලංගමදී මගීන් යටකරයි දෙදෙනෙක් මියයති
2013 මැයි 17 01:30 p m
මාර්ග අංක 171 ට අයත් පුද්ගලික බස් රියක් අද (17) පස්වරු 12.10ට පමණ තලංගම,කොස්වත්ත රෝහල ඉදිරිපිට පිහිටි බස් නැවතුමේදී මගීන් යටකර ගෙන ඇදීයාම හේතුවෙන් එම බස් රියට යට වී දෙදෙනෙක් එතැනම මරුමුවට පත් වී තිබේ. මෙම බස් රථය කොටුවේ සිට තලංගම, කොස්වත්ත දක්වා ධාවනය වෙමින් තිබිණ. එහි ගමනාන්තය වන්නේ කොස්වත්ත රෝහල ඉදිරිපිටයි. මෙම බස් නැවතුමේ කඩුවෙල හා ගොඩගම දෙසට යන මගීන් ද සිටිති. අදාළ බස් රිය මෙම ස්ථානයට ළඟා වන විට එහි වැඩි මගීන් සිට ඇත්තේ දෙතුන් දෙදෙනෙකි. ඔවුන් එම නැවතුමෙන් බසින්නට සූදානමින් සිට ඇත.එක්වරම බස් රිය වමට බර වී වම් පැත්තට ඇදී ගොස් ඇත.
පින්නවල අලියෙක්ට බොන්න වතුර දෙන කොට පිටකොන්ද හපා කාලා
2013 මැයි 17 01:10 p m
පින්වල අලි අනාථාගාරයේ සේවකයෙකුට අලියෙකු විසින් පහර දී හපා කෑමෙන් පසු බරපතල තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය. ඊයේ (16) මෙම අලියා නහවා ගෙනැවිත් බැඳ සවස 4 ට පමණ රාත්‍රී කෑම වේල දී ජලය ලබා දීමට යාමේදී අලියා විසින් පහර දී, හපා කා ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා අලියාට ජලය දෙන්නට පහත් වී තිබේ. එම අවස්ථාවේ දී පහර දී පිටකොන්ද හපා කා ඇත. අලියාගේ දත් පහර බරපතල ලෙස පිටකොන්දට වැදී ඇතැයි දැන ගන්නට තිබේ.
සිරගෙදර ලොක්කා මොබයිල් ෆෝන් 22ක් සොයා ගනී
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊයේ (16) රාත්‍රියේ කළ සෝදිසි කිරීමකින් දුරකථන 22 ක් සොයා ගැනුන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය. බන්ධනාගාර පොලිසිය යොදවා රැඳවියන් 20 ක් රඳවා සිටින කුටියක් පරික්ෂා කිරීමේදී මෙම දුරකථන සොයා ගැනීමට හැකි වූ බව ද ඒ මහතා කීය. මෙම සෝදිසි කිරීමේ දී රුපියල් 3000 කට ආසන්න මුදලක්, දුරකථන චාජර්, ගංජා හා හෙරොයින් සුළු ප්‍රමාණයක් ද සොයා ගත් බවත් ඒ මහතා පැවසීය.
මානසික ආබාධිත මව දරුවන් ළිඳට දමයි , තිදෙනාම මියයති
2013 මැයි 17 11:30 a m

සුරාසල් 24, 25 වැසේ
2013 මැයි 17 11:40 a m
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් මැයි 24 සහ 25 යන දෙදින තුළ වසා තැබෙන බව සුරාබදු අධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවැසීය. සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් කර ඇති මෙම නියෝගය දිවයිනේ සියලුම සුරාසල් වෙත දන්වා යවා ඇති බවත් කිසියම් සුරාසලක් ඉහත දිනවල සුරාබදු නීති කඩකළහොත් ඔවුන්ට එරෙහිව උපරිම නීති ක්‍රියාත්මක කරන බවද ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවැසීය.
පානුක රාජපක්ෂ
21ට පෙර විදුලියට සහන
2013 මැයි 17 09:45 a m
වැඩි කළ විදුලි ගාස්තු සම්බන්ධයෙන් මෙම 21 දාට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතාවට නැවත සහනයක් දෙනු ඇතැයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක සිරිපාල අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. විදුලි ගාස්තු වැඩි කිරීම දඩමීමා කර ගනිමින් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට යම්කිසි කණ්ඩායමක් පාරට බහින්නේ නම්, රට ආරක්ෂා කිරීම සඳහා එවැනි දසගුණයක් ජනතාව පාරට බස්සන බව කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ ය.
වෙසක් සමයේ ඔළුබක්කෝ නැටුවොත් වේවැල් පාර
- පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
වෙසක් උත්සව සමයේ ඔළුබක්කන් නැටීම වැනි නුසුදුසු ක්‍රියාවල යෙදුණොත් බොදුබල සේනා සංවිධානයේ හිමිවරු වේවැල ගෙන පාරට බසිනා බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.
ඩීසල්-පෙට්‍රල් වෙනස් වෙයි
- ඇමැති අනුර කියයි
2013 මැයි 17 12:30 a m
දැනට වෙළෙඳපොළේ පවතින ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 98 වර්ගයේ පෙට්‍රල්ද හඳුන්වා දෙන බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙල මේ දිනවල
2013 මැයි 16 04:45 p m
මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා උළෙලක් 25 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග මැයි මස 11 වැනි දා සිට ජුලි මස 07 වැනි දා දක්වා මහරගම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගණයේ සහ දිවයිනේ ක්‍රීඩාපිටි කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත් වේ.
රජරට රැජිනගේ ඇන්ජිම ගම්පහදී ගිනි ගනී
2013 මැයි 16 04:00 p m
රජරට රැජින දුම්රියේ ගින්නක් හටගත් බව වාර්තා වේ. මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පොළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ දෝෂයක් නිසා ගින්න ඇති වූ බවත්
මත් ජාවාරමුන්ගේ නෑයෝ දෙන්නා හෙරොයින් කිලෝ එකක් සමග කොටු
2013 මැයි 16 07:20 p m
මීගමුවට හෙරොයින් බෙදා හරින ලද ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් මත්කුඩු ජාවාරම්කරුවකු හෙරොයින් කිලෝ එකක් සමග පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්‍යාලය ඊයේ (15) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ ඥතීන් බව පොලිසිය හඳුනා ගෙන ඇත.
මස් නැති කෑමටත් ප්‍රමිතියක් ගේන සැලසුමක්
2013 මැයි 16 03;16 p m
පිළිගත් ප්‍රමිතියකට අනුව නිර්මාංශ ආහාර පිළියෙල කිරීම, වෙළඳපළට නිකුත් කිරීම, ආහාර සැකසීම හා පිළිගැන්වීම යන කරුණු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිර්මාංශ ආහාර ගන්නා ජනතාවගේ සැබෑ අරමුණ ඉටු නොවන හෙයින් නිර්මාංශ ආහාරපාන සඳහා ප්‍රමිති හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සැරසෙයි.
More Articles...
Page 5 of 26
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
ගංජා කිලෝ 05 යි ග්‍රෑම්



වැඩි කරන ලද විදුලි බිල වහාම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල 

ඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.




ශ්රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,



පසුගිය 




අපේ රටේ ඕනෑම 
අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.





මෙරට ජනතාවගේ පාරිභෝජනයට අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණයෙන් වැඩි කොටසක් තවමත් විදෙස් රටවලින් නේද ආනයනය කරන්නේ?


