Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 31 ක් පිටුවහල්

2013 මැයි 24  09:25 pm
australiaaaතවත් අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 31 දෙනෙකු 23දා ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඇති බව එරට ආගමන හා පුරවැසිභාවය පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.  ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස පිටුවහල් කර ඇති බවද වාර්තා වේ. read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

sadu11බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන වෙසක් ‍පොහොය දින අප වැඩියෙන් නැඹුරුවිය read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

කලාවෙන් ඈත්වුණේ හොඳ නිර්මාණ නැති නිසයි

- කමල් අද්දරආරච්චි

kamalඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ. read-more
Read more...

2013-05-21   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200, විකුණුම් මිල රු. 165.2500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200, විකුණුම් මිල රු.125.1900| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102, විකුණුම් මිල රු.1.2526 |

- සමුදුර -  

ආඩින්ගේ වර්ජනේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද?
මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.read-more

- ක්‍රීඩා පුවත් -  

ආසියාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතයි ඉන්දියාවේ නිහඬ බව ආසියාවටම ප්‍රශ්නයක්

ආසියානු මලල ක්‍රීඩා ‍ලේකම් මොරිස් නිකලස් කියයි
Maurice-Rආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය චෙන්නායි 5 වැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලබයි

හසී සහ බ්‍රාවෝගෙන් සුපිරි දස්කම්
Hussey-and-Raina-copyඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.

ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර

Mesa-panduපොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.

13 න් පහළ දරුවන්ට හොඳ නැති ක්‍රීඩා සොයයි

Kids-footballවයස අවුරුදු 13 න් පහළ දරුවන් නොයෙදවිය යුතු අන්තරාදායි ක්‍රීඩා ඉසව් මොනවාදැයි යන්න හඳුනා ගැනීම සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා යන අමාත්‍යංශ දෙකට අයත් ඉහළ පෙළේ නිලධාරින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් ළඟදීම පත් කීරීමට නියමිත ය.

සබරගමුවේ පංචාලි දැරිය රුසියන් රුසියෝ පරදවයි

Chase1ග්‍රීසියේ, හල්කිඩිකි නුවර පැවැති 2013 ලෝක පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත් වී අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි සිඟිති දියණිය විදුහල් මාතාවගේ හා කෑගලු පුරවාසින්ගේ ගෞරවයට ලක් වූවාය.

ශ්‍රී ලංකාවේ නියෝජනය ක්‍රීඩා 7කට සීමාවෙයි

sportloලබන අගෝස්තු මාසයේ චීනයේ හැංජින් නුවර පැවැත්වෙන තුන්වැනි යොවුන් ආසියාතික ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩා සංඛ්‍යාව 7කට සීමා කිරීමට තීරණය කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා (සෙසු) පිල තුන්කොන් ශූරතාව දිනයි

Ranganaරංගන හා දිල්රුවන්ගෙන් පන්දුවෙන්  දස්කම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා (සෙසු) පිල සමත් විය.

අන්තර් පාසල් හෑන්ඩ්බෝල් බාලක ශුරතාව මොරටුව වේල්ස් කුමර විදුහලට

Handballeශ්‍රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,

newsalertsmall

rathmalana



ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

21 වැනිදා රට නොවැටී දුවපු රඟ
hee1පසුගිය 21 වැනිදා රට පුරා පැවැති සංඛේත වැඩ වර්ජනයේ දී ලංකා ගමනා ගමන මණ්ඩල‍ය වෙනදාට වඩා රුපියල් ලක්ෂ අසූවක ආදායමක් ඉපැයූ බව එහි සභාපති ශෂී වේල්ගම මහතා කියයි.
එය සහතික ඇත්තය. මෙදින රට පුරා වැඩ වර්ජනයක් තිබුණාදැයි කියන්නටවත් මගී ජනතාව දැන නොසිටියහ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ

Shoping-Mall-Activationශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

- විශේෂ පුවත් -  

සැබෑ බෞද්ධ පිළිවෙත් අනුව දන්සල් දෙන හැටි

Pic-Danselශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
දන්සල් දීම මේ වන විට අප
රටේ ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට පත්ව තිබේ. මෙය සමාජය පුරාම ඉතා පුළුල්ව පැතිරී විවිධ තරාතිරම්වල අය දන්සල් සංවිධාන කටයුතුවල යෙදී සිටින අයුරු දැකගත හැකිය.

කතරගම අසරණ සුනඛයන්ට ස්වේච්ඡා සංවිධානයක පිහිට

Adopt1අපේ රටේ ඕනෑම නගරයක අයාල සුනඛයන් දැකිය හැකිය. නමුත් මොවුන් මහ මගට වැටී තිබුණ ද මොවුන්ගේ මුල් පරම්පරාව බොහෝ දෙනෙක් ගෘහස්ථ සුනඛයෝය.

සැඩ දිය රළ අතර ෂමික අවසන් ගමන් යයි

  • විජයග්‍රහණයේ සිව්වන වසර සැමරූ දා

capp

වසර 30ක කුරිරු යුද්ධය නිමා වූවත් රටදැය වෙනුවෙන් වසර එකොළහක කාලයක් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ මෙන්ම දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරී කළ නාවික හමුදා රණවිරුවෙකුගේ හදිසි අභාවයෙන් මීරිගම පල්ලවෛල ප්‍රදේශය මහත් කම්පාවට පත්ව ඇති අයුරු ඊයේ 19 සවස එහි ගිය ගමනේදී දැකගත හැකිවිය.

කළු සල්ලි සුදු කළහොත් ආර්ථිකයට හොඳයි

BRIBEඅපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව  විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය ‍පොදු කාරක සභාවේ (කෝප්) සභාපති  මානව සම්පත්   පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

idiappඑළැඹෙන වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.

අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?

anjanam2

අංජනම් එළි බැලීම දැනට අභාවයට යමින් පවතින පැරණි ගැමි ගුප්ත විද්‍යාත්මක කාරියකැයි සමහරෙක් සිතති.

Who's Online  

We have 1185 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

ඇමැතිවරුන් වැඩි පිරිසක් පත්වීමෙන් මහ ලොකු මුදල් නාස්තියක් සිද්ධ වෙන්නෙ නෑ
ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති -  සරත් කුමාර ගුණරත්න

04-1මෙරට ජනතාවගේ පාරිභෝජනයට අවශ්‍ය මත්ස්‍ය  ප්‍රමාණයෙන් වැඩි කොටසක් තවමත් විදෙස් රටවලින් නේද ආනයනය කරන්නේ?
ඔව්, ඒක ඇත්ත   අපේ රටවටේටම   මුහුද තිබුණත් තවම අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන මත්ස්‍ය ප්‍රමාණය දේශීය වශයෙන් සපුරා ගැනීමට අපට නොහැකි වී තිබෙනවා. ඒ කියන්නේ අපි බලා‍පොරොත්තු වන  මාළු ප්‍රමාණය අපේ මුහුදෙ නෑ. ඒ වගේම අපේ කළපුවලත් අපි බලා‍පොරොත්තු   වන මාළු ප්‍රමාණය නෑ. අපේ වැව්වලත්  එහෙමයි. එනිසා අපි හැකිතාක් ඉක්මනින් නව තාක්ෂණය යොදාගෙන අපේ මුහුදු සීමාවේ සිටින මත්ස්‍ය  සම්පත වැඩි දියුණු කර ගන්න ඕනෑ. read-more

lakbima.lk

Page 43 of 26

<< Start < Prev Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.