lakbima.lk
රජරට රැජිනගේ ඇන්ජිම ගම්පහදී ගිනි ගනී
2013 මැයි 16 04:00 p m
රජරට රැජින දුම්රියේ ගින්නක් හටගත් බව වාර්තා වේ. මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පොළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ දෝෂයක් නිසා ගින්න ඇති වූ බවත් මත් ජාවාරමුන්ගේ නෑයෝ දෙන්නා හෙරොයින් කිලෝ එකක් සමග කොටු
2013 මැයි 16 07:20 p m
මීගමුවට හෙරොයින් බෙදා හරින ලද ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් මත්කුඩු ජාවාරම්කරුවකු හෙරොයින් කිලෝ එකක් සමග පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්‍යාලය ඊයේ (15) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ ඥතීන් බව පොලිසිය හඳුනා ගෙන ඇත.
මස් නැති කෑමටත් ප්‍රමිතියක් ගේන සැලසුමක්
2013 මැයි 16 03;16 p m
පිළිගත් ප්‍රමිතියකට අනුව නිර්මාංශ ආහාර පිළියෙල කිරීම, වෙළඳපළට නිකුත් කිරීම, ආහාර සැකසීම හා පිළිගැන්වීම යන කරුණු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිර්මාංශ ආහාර ගන්නා ජනතාවගේ සැබෑ අරමුණ ඉටු නොවන හෙයින් නිර්මාංශ ආහාරපාන සඳහා ප්‍රමිති හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සැරසෙයි.
කැන්ගරු යන්න සිටි ගුරුනගර් පිරිස කොටු
2013 මැයි 16 03:15 p m
අනවසරයෙන් ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට සූදානමින් හලාවත, මුන්නේශ්වරම් ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිය දී පුද්ගලයින් 41 දෙනෙකු හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුද්ධ ශාසන අමාත්‍යංශය වෙනස් තීන්දුවක
2013 මැයි 16 02:45 p m
මීට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනය සංශෝධනය කරමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය අද දහවල් 12.15ට විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වෙසක් පොහොය දිනය යෙදෙන ලබන 24වෙනි දින දාන, සීල, භාවනා වැඩසටහන් සඳහා ප‍්‍රමුඛතාවය දෙමින් තොරණ, දන්සැල් සහ භක්ති ගීත පමණක් ඉදිරිපත් කිරීමට බාධාවක් නැතිබව නිවේදනය කොට තිබේ.
නැගෙනහිර රණවිරු උත්සවය
2013 මැයි 16 02:35 p m
රටක් දියුණුව කරා යන ගමනේ දී පසුකළ යුතු බාධක බොහොමයක් ඇති බවත්, මානව හිමිකම් නැමැති ලේබලය භාවිතා කරමින් ආපේ රට අස්ථාවර කිරීමට විවිධ කණ්ඩායම් හා ජාත්‍යන්තර බලවේග දරන උත්සාහය මේ රටට ආදරය කරන පුරවැසියන් ලෙස පරාජය කිරීම රට වෙනුවෙන් තම ජීවිත කැප කළ
ඒ පිංකම වෙනුවට මේ පිංකමට සැරසෙයි
2013 මැයි 16 02:30 p m
හැටන් නගරයේ පැවැත්වීමට සංවිධානය කර ඇති වෙසක් කලාපය නතරකර ඒ සඳහා එකතු කරන ලද මුදලින් හැටන් දික්ඹය ප්‍රදේශවල සිදුවූ ආපදාවලින් විපතට පත් අයට සහන සැලසීමට පියවර ගන්නා ලෙස හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති දර්ශනපති පූජ්‍ය මහගම විමලනායක හිමියන් එහි සංවිධායක කමිටුවෙන් ඉල්ලා සිටියි.
කිඹුලාට ගොදුරක් වූ කතගේ අතක් හමුවෙයි
2013 මැයි 16 02:10 p m
පසුගිය 12 දා මහියංගණය උල්හිටිය ඔයේ සිය දරුවන්ද සමඟ දිය නාමින් සිටි කාන්තාවක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබු අතර, එම කාන්තාවගේ සිරුරේ අතක කොටසක් ගිරාඳුරුකෝට්‌ටේ උල්හිටිය ධීවර ගම්මානයේ ධීවරයකුට උල්හිටිය ජලාශය මැද පාවෙමින් තිබියදී ඊයේ (15) හමුවී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ගත යුතුයි
2013 මැයි 16 12:56 p m
පසුගියදා ඇතිවූ සුළි කුණාටුවට ''මහසෙන්"" නම දැමීමෙන් සිදුකර තිබෙන සාපරාධී ක්‍රියාව සම්බන්ධව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව දේශීය වාරි සංස්කෘතික උරුමය සුරැකීම සඳහා වූ ජාතික සභාව පවසන අතර මේ පිළිබඳව රහස් පොලිසියට අද (16) පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.
පුතා පොල්ලෙන් ගසා රෝගී පියා මරයි
2013 මැයි 16 12:41 a m
හැත්තෑ හය හැවිරිදි පියෙකුට පුතා පොල්ලෙන් ගසා මරාදැමීමේ පුවතක් බළන්ගොඩින් වාර්තාවේගමැයි 15 වැනිදාපස්වරු සිදු කළ අපරාධ සිදිධියෙන් මරණයට පත්ව ඇත්තේ බළන්ගොඩ කුමාරගම පදිංචිඩබ්ගජීග ජිනෝරිස් නැමැත්තෙකි. බළන්ගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අපරාධ පරීක්ෂණ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව
විපක්ෂ නායකගේ පියා මළේ මරු වැල පෑගිලාලු:
2013 මැයි 16 12:26a m
මුව දඩයමේ යද්දි බඳින තුවක්කුවක මරු වැල පෑගී වෙඩි වැදිම හේතුවෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත් ප‍්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ විපක්‍ෂ නායකවරයාගේ පියා මියගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. ඉකුත් (13) වනදා අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත් ප‍්‍රාදේශිය සභාවේ විපක්‍ෂ නායක වරයා වන ඒ. මුෂාධික් මහතාගේ පියා වූ
ගොවිබිම්වලට බලපත්‍ර ඉල්ලා කිරිඉබ්බන්වැව ගොවි ගෙවිලියෝ සටනේ
2013 මැයි 16 12:01 p m
දීර්ඝ කාලයක් තිස්සේ ගොවිතැන් කරන ඉඩම්වලට මතෛක් බලපත්‍රයක් ලබා නොදීම ගැන විරෝධය පළ කරමින් කිරිඉබ්බන්වැව මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට ඊයේ (15) ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
වලව ව්‍යාපාරයට අයත් කිරිඉබ්බන්වැව කොට්ඨාසයේ හබුරුගල ඒකකයේ 700 කොටසේ එක්සත් සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය පැවැත්විණ.
වෙසක්දා තොරණ, පහන් කූඩු , දන්සැල් බෑ : තැන තැන රංචු ගැහෙන්නත් බෑ
- බුද්ධ ශාසන අමාත්‍යංශය නිවේදනය කරයි2013 මැයි 16 10:30 a m
වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීම සිදු නොකළ යුතු බවත්, එදින තුළ ආගමික වතාවත්වල නිරතවීම පමණක් සිදුකළ යුතු බවත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. සංගීත සන්දර්ශන භක්ති ගීත හෝ වෙනත් ක්‍රියාවන් ද වෙසක් පොහොය දිනයේ සිදුනොකළ යුතු බවත් වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු 25 වැනි දින සිට පමණක් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන්ය.
කබඩි චමින්ද නැමති ජේලර් හෙරොයින් සමඟ කොටුවෙයි
2013 මැයි 16 10:44 a m
මාතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් කිලෝග‍්‍රෑම් 2ක් ළඟ තබාගත් බවට චෝදනා මත ඊයේ(15) රාත‍්‍රියේ කොළඹ මත්ද්‍රව්‍ය දූෂණ මර්දන ඒකකය, මීටියාගොඩ සහ හික්කඩුව පොලිසි එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබීය. කබඩි චමින්ද ලෙසින් හඳුන්වන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ හික්කඩුව කළුපේ ප‍්‍රදේශයේදීයි.
හෙළ උරුමය ජනපතිට ලියයි
2013 මැයි 16 10:33 a m
පසුගිය දශක 03ට ආසන්න කාලයක් පැවති ගැටුම් හේතුවෙන් උතුරු පළාතේ ජනගහන විකෘතියක් සිදුව ඇති බවත් , වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ උතුරු පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙසත් ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලා සිටී.
වර්ජනයට දුම්රියත් එක්වේ
2013 මැයි 16 10:22 a m
මැයි 21 දින ක‍්‍රියාත්මක කිරිමට නියමිත එක්දින වැඩ වර්ජනයට කොන්දේසි විරහිත දායකත්වය ලබාදීමට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදුසේවක සංගමය තීරණය කර තිබේ. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව වෘත්තිය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව විසින් මෙම වැඩ වර්ජනය කැඳවා තිබේ.
ධර්මාචාර්ය සමත් අයට ගුරු පත්වීම්
2013 මැයි 16 10:19 a m
වසර පහක කාලයක් අඛණ්ඩව දහම් පාසලක ඉගැන්වීම් සිදුකර ඇති, දහම් පාසැල් බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් දීර්ඝ කාලයක් දහම් පාසලක ඉගැන්වීම් සිදු කළ ගුරුවරුන් දහසක් බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම සඳහා බඳවා ගැනිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී. මේ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇතැයිද
අපි ලංකාවට එනවා: චෝදනාවලට පිළිතුරු දෙන්නත් ලෑස්තිවෙන්න
2013 මැයි 16 10:14 a m
ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වහා සොයා බලන්නැයි ජාත්‍යන්තර ප‍්‍රජාව අවස්ථා කිහිපයකදී ලක් රජයෙන් ඉල්ලීම් කළ බවත් එහෙත් ලංකාව එම ඉල්ලීම් පිළිබඳ නිසි අවධානය යොමු නොකළ බවත් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය නික් ක්ලෙග් පවසා තිබේ.
More Articles...
Page 4 of 23
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
අවන්හලක මුළුතැන්ගෙයින් නැගුන ගින්නක් හේතුවෙනන් කාර්යාල රාශියක් පවත්වා ගෙන ගිය විශාල ගොඩනැගිල්ලක් දුමෙන් වැසී ගිය අතර ඒ තුළ සිර වූ පුද්ගලයන් 1200 කගේ ජීවිත බේරා ගන්නට ගිනි නිවන භටයින් සමත් වූහ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අග නුවර



වැඩි කරන ලද විදුලි බිල වහාම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් 

ඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?







ශ්රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,











අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.







ජන මාධ්‍යවේදීන්ට රටේ විශාල කාර්යභාරයක් ඉටුකරන්නට තිබෙනවා. මාධ්‍යවේදීන් නොමැතිව රටක අනාගතයක් ගැන සිතන්නටත් බැරි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 


