lakbima.lk
මාතලේ සන්ධාන මන්ත්‍රීට වැඩ වරදී
2013 මැයි 21 10:30 a m
මාතලේ ප්‍රාදේශීය සභා සභාවේ හිටපු එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රීවරයෙකු වන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු විසින් බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කරන ලදැයි ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ අතිරේක දිසා විනිසුරැ/මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය 20 දා නියෝග කළාය.පළාත් සභා අහෝසි කරන යෝජනාව අපි ගේනවා: හෘද සාක්ෂියට එකඟව සහය දෙන්න
2013 මැයි 21 08:30 a m
“ත්‍රස්තවාදය පැවැති සමයේ එල්. ටී. ටී. ඊ. යේ තමිල් සෙල්වම් දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට අණ දුන්නෙ කුණුහරුපෙන්. ප්‍රභාකරන් ඊලම පිහිටෙව්වානම් ඔවුන්ට අත්වන ඉරණම මොකක්ද? සිංහලයින් ජාතිවාදීන් යයි හඳුන්වන දෙමළ ජාතික සන්ධානයෙන් අපි අහන්නෙ සිංහල
විජේවීරගේ ලොකුදුව රක්ෂිතට
2013 මැයි 21 08:30 a m
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ දියණිය වන ඊවා විජේවිර(32) සිය මව සහ සහෝදරයා සමඟ ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් ලබන මස 03 වනදා දක්වා ඊයේ(20) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
පුරුද්දෙන් මිදී චක්‍රලේඛයට බහී
2013 මැයි 20 04:15 p m
මේ මාසයේ ගුරු වැටුප් ගෙවීම 21 වැනි අඟහරුවාදාට සිදුවන බව වාර්තා වේ. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ගුරු වැටුප් ගෙවනුයේ විසි වැනිදාය. ලංකා ගුරු සංගමය මේ පිළිබඳව පවසන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ සඳහන් පරිදි ගුරුවැටුප් ගෙවීමේ නියමිත දිනය සෑම මසකම 21 වැනිදා බව
අද වැඩ වැරුම සහතිකයි
- වෘත්තීය සමිති එකමුතුව
අසාර්ථකයි
- ආණ්ඩුව
2013 මැයි 21 01:40 a m
වැඩි වූ විදුලි බිලට එරෙහිව අද (21) පෙරවරුවේ සිට රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරිශ්‍රයන්හි පැවැත්වෙන එක්දින සංකේත වැඩ වර්ජනය සාර්ථක වන බව වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි. මේ අතර එම වැඩ වර්ජනය අසාර්ථක වැඩ වර්ජනයක් බවට පත්වනු ඇතැයි ආණ්ඩුව මත පළ කරයි.
එදා ඇන ගත්තේ එක්කෙනයි:මෙදා දෙන්නම ඇන ගන්නවා
2013 මැයි 20 04:05 p m
‘විපක්ෂය වර්ජනය කරන්නේ සුළු දේවල්වලට විතරයි. මේකත් ඒවගේ එකක්. එකම කාර්යාලයයක් හෝ වහලා පෙන්වන්නැයි මා ඔවුන්ට අභියෝග කරනවා. වර්ජන කරන්න ගිහින් ලාල් කාන්ත එකපාරක් ඇන ගත්තා.
ජයලත් ජයවර්ධනට අසාධ්‍යයි: සිංගප්පූරුවට යවන්න සූදානම්
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා හදිසි හෘදයාබාධයක් නිසා අසාධ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වේ.
අරාබියේ මරණ දඬුවම අපිට වෙනස් කරන්න බෑ
2013 මැයි 20 01:40 p m
මැදපෙරදිග කලාපයේ රටවල විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණවලින් දඬුවමට ලක් වී සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 10කට ආසන්න බවත්, ඔවුන් අතර මිනී මැරුම් චෝදනාවලට වරදකරුවන් වූවන්ද සිටින බවත් මැදපෙරදිග රටවල දී විවිධ වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින
කැළණිය දුම්රිය සඥාවට හෙණ ගහලා
අද උදෑසන දුම්රිය කිහිපයක් කැළණිය ප‍්‍රදේශයේදී නතර කර තිබුනේ කැළණිය දුම්රිය ස්ථානය ආසන්නයට එල්ලවූ අකුණු පහරක් හේතුවෙන් බව වාර්තා වේ. ඒ අකුණු ප්‍රහාරයෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියට හානි සිදුවී ඇති අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ රාගම සිට කැළණිය අතර
මධ්‍යම ඡන්ද ප්‍රථිපලය එ ජා ප ය කියයි
“මධ්‍යම පළාතේ ඡන්දය තියන්න කියලා ආණ්ඩුවට අපි අභියෝග කරනවා නමුත් ආණ්ඩුව ඒකට බයයි මධ්‍යම පළාතේ ඡන්දය තිබ්බොත් එක්සත් ජාතික පක්ෂය දිනනවා ඒ බව ආණ්ඩුවත් දන්නවා” යි එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
රක්වානේ කාන්තාවකට සැමියා ගිනිතියලා
රක්වාන පොරමුල්ල වතුයායේ ලයිම් කාමරයක විසූ සිව් දරු මවක් ඇගේ සැමියා විසින් ගිනිතබා අද මරා දමා ඇත. මෙසේ මරා දමා ඇත්තේ කේ.පුෂ්පරානී නැමති 32 හැවිරිදි කාන්තාවක් මේ කාන්තාවගේ සැමියා ප්‍රදේශයෙන් බැහැරව
බස් රැසක් වැඩ වරයි
ඊයේ (19) මධ්‍යම රාත‍්‍රියේ සිට සමස්ත ලංකා පෞද්ගලක බස් සමාගම් සම්මේලනය වැඩවර්ජනයක යෙදී සිටී. බස් ගාස්තුව සියයට 10කින් වැඩි කිරීමට අනුමැතිය ලබාදෙනඉල්ලා මේ වර්ජනය දියත් කොට තිබේ. පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියා සිටියේ වැඩවර්ජනයේ යෙදෙන බස් රථවල ධාවන බලපත‍්‍ර අවලංගු කරන බවය. එහෙත්, එවැනි තර්ජනයන්ගෙන් සිය වැඩවර්ජනය නතර කරවිය නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලක බස් සමාගම් සම්මේලනය පවසයි.මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ වර්ජනය ප්‍රථික්ෂේප කරයි.
පරිප්පු පරිප්පුවක්ද?ආසනික් වාර්තාව අද
2013 මැයි 20 08:35 a m
පරිභෝජනයට නුසුදුසු පරිප්පු සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රදේශයේ පාරිභෝගිකයන් 05 දෙනෙකු පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක් කළ අතර ඒ අනුව ආසනික් අඩංගුදැයි පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරවලට භාරදුන් පරිප්පු සම්බන්ධයෙන් අවසන් වාර්තාව අද(20) ලැබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. රසායනාගාරවලට භාරදී තිබෙන්නේ එම පැමිණිලි අනුව ලබාගත් පරිප්පු සාම්පලය.
දුම්රිය 05ක් අතර මග
2013 මැයි 20 09:30 a m
ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා බිද වැටීම හේතුවෙන් දුම්රිය කිහිපයක් කැළණිය ප‍්‍රදේශයේදී නතර කර තිබෙන බවත් දුම්රිය 05ක් එලෙස නතර කර තිබෙන බවත් වාර්තා වේ. ඒවා නැවත ධාවනය කිරීමට කොපමණ වේලා ගතවේදැයි නිශ්චිතව කිව නොහැකි බවපාලක මැදිරියි කියා පවසයි. මේ අතර විවිධ ප්‍රදේශ වලින් ධාවනය වන දුම්රිය රැසක්ම ප්‍රමාධ වී ධාවනය වූ බව වාර්තා වේ
ධර්මාචාර්ය සමත්හු ගුරු සේවයට
2013 මැයි 20 09:20 a m
ධර්මාචාර්ය සමත් ගුරුවරුන් 1000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය වෙසක් සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ධර්මාචාර්ය සමතුන් ගුරුසේවයට බඳවා ගැනීම සඳහා දශකයක සිට මහානායක, අනුනායක ස්වාමීන්වහන්සේලා කරන ඉල්ලීමකට අනුව මෙම තීරණයගත් බව අමාත්‍යවරයා පැවැසීය.පිරිවෙන්වල හැරවුම් ලක්ෂයක් නිර්මාණය කිරීමේ කටයුතු කරන බවත් ඒ සඳහා පිරිවෙන් සංශෝධනය සඳහා අවශ්‍ය කෙටුම්පත මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අනුරාධපුර ප්‍රේමවන්තයෝ පොලීසියේ
2013 මැයි 20 09:10 a m
අනුරාධපුර මල්වතුඔය අසබඩ පිහිටා ඇති රිවර් පාර්ක් උද්‍යානයේ අශෝභන ලෙස පෙම්සුව විඳිමින් සිටි බව කියන තරුණ තරුණියන් සියයකට වැඩි පිරිසක් අනුරාධපුර මූලස්ථාන පොලීසිය කළ වැටලීමකින් පෙරේදා (18) වනදා පොලිස් භාරයට පත්වී ඇත. පොලීසිය මෙම වැටලීම කරන අවස්ථාවේ රිවර් පාර්ක් උද්‍යානයේ විවිධ ස්ථානවල පෙම් සුව විඳිමින් තරුණ තරුණියන් 120කට ආසන්න පිරිසක් සිට ඇත. මෙම පිරිස අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දේශන ශාලාව වෙත රැගෙන විත් තරයේ අවවාද කර මුදා හැර ඇත.
දන්සල්වලට කිසිම තහනමක් නෑ
2013 මැයි 20 09:05 a m
වෙසක් දිනයේ දන්සල් පැවැත්වීමට කිසිදු තහනමක් දමා නොමැති බව බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධානියකු ‘ලක්බිම’ට ඊයේ (19) පැවැසීය. සියලු දන්සල් වෙසක් දිනයේ නොපවත්වා වෙසක් දිනට පසුදා පවත්වන ලෙසට නීතියක් ආගමික කටයුතු අමාත්‍යංශය විසින් පසුගිය දිනවල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ අතර පසුව එම අමාත්‍යංශය විසින් එකී තීරණය ඉවත් කරගෙන තිබුණි.
More Articles...
Page 4 of 27
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>




සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටි කලවානේ 

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී තමන් ආණ්ඩුවට 'කඩේ නොයන' බව පවසයි. ඒ පසුගිය මැයි 12 වැනිදා ඉරිදා ලක්බිම 'මංජුසාව' සමග කෙරුනු සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 27 අලුයම 3.30ට එංගලන්තය බලා පිටත්ව යයි.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා සෙසු පිල සමත් විය.
ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේදී 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් සමත් විය.
මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පිලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තේරීමේ මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය අද (24දා) කල්කටාහිදී පැවැත් වේ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.





පසුගිය 






නොරිස්සුමෙන් ඉන්න කෙනෙකුගෙන් යමෙකු කොහේද යන්නෙ? කියා විමසුවොත් ලැබෙන පිළිතුර වනු ඇත්තෙ “තූත්තුකුඩියේ” කියාය. එම පිළිතුර ලැබූ අයද ඇතැම් විට කෝපයට පත්වනු ඇත. නමුත් දශක 3-4කට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කවුන්ටරයෙන් තූත්තුකුඩියට ටිකට් ඉල්ලූ මගීන් ඕන තරම් විය.
ආණ්ඩුවට මුදල් නැති නිසා හොර රහසේ රන් සංචිත අලෙවි කිරීම පටන්ගෙන ඇති බව පවසමින් මිලියන ගණනින් මුදල් වංචාකිරීමට උත්සාහ කළ කල්ලියක් පොලිස් අත්අඩංගුවට පත්වූ ආකාරය පහුගිය දිනවල ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායකයෙකුගේ බිරිඳ හා හිටපු පොලිස් අධිකාරිවරයෙක්ද සම්බන්ධ වූ මෙම ආන්දෝලනාත්මක රන් වංචාවෙන් විශදවන්නේ කුමක්ද?
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12 වෙනිදා හමුදා අත්අඩංගුවට පත්ව ඊට පසු දින අභිරහස් ලෙස මැරුම් කනවිට ඔහුට දාව උපන් දරුවන් පස් දෙනෙකු කරපින්නාගෙන ශ්‍රීමති චිත්‍රාංගනී සිටියේ තවත් දරුවෙකු කුස තුළ දරාගෙනය. 



ගත වූ සතියේ ආණ්ඩුවේ අවධානය යොමුව තිබුණේ විපක්ෂය පවත්වන්නට සංවිධානය කර තිබූ වැඩ වර්ජනය පිළිබඳවය. වැඩ වර්ජනය යෙදී තිබූ ඉකුත් 21 වැනිදා උදෑසන කැබිනට් මණ්ඩල හමුවද පැවැත්වීමට සැලසුම් කර තිබුණි. මෙවර කැබිනට් හමුව උදෑසන නමයට පැවැත්වීමට වෙලාව නිම කර තිබුණද අමාත්‍යවරු කිහිප දෙනෙක්ම කැබිනට් ලේකම්වරයාට කතා කර වර්ජනය පිළිබඳව අවධානයෙන් සිටීමට අවශ්‍ය හෙයින් උදෑසන දහයට කැබිනට් හමුව පවත්වන ලෙස ඉල්ලා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් හමුව උදෑසන දහයට පැවැත්වීමට තීරණය විය. 