Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

අනුරපුර ආදායම් පරිපාලකගේ වැඩ තහනම්
2013 මැයි 19  02:35 p m

saspeරජයේ ආයතනයක් වන අනුරාධපුර මහ නගර සභාව හා එහි උසස් නිලධාරීන් අපකිර්තියට පත් කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පරිපාලකවරයාගේ සේවය නැවත දන්වන තුරු අත්හිටුවීමට අනුරාධපුර මහ නගරසභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා තීරණය කර ඇත. read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

මත ගැටුම් කඹ ඇදීම් හමුවේ උතුරේ මැතිවරණයට කුමක් වෙයිද?

electionඋතුරේ පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව මේ වන විට නිල read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මයට සමාන පවක් කියලයි මම හිතන්නේ

ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණී

Seminiඉද්දමල්ගොඩ ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටයේ නම “සිනහව අතරින්”.“සිනහව අතරින්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය හැටියට කටයුතු කරන්නේ සේමිණී ඉද්දමල්ගොඩයි. “සේමිණී මේ චිත්‍රපටයේ අපූරුවට රඟපානවා.” read-more
Read more...

2013-05-15   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.9700 , විකුණුම් මිල රු.128.0200| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.7000 , විකුණුම් මිල රු.195.2300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.7000, විකුණුම් මිල රු. 166.0700 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.128.3800 , විකුණුම් මිල රු.133.3000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.8400, විකුණුම් මිල රු.126.2700| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.122.7400 , විකුණුම් මිල රු.127.4600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.0300 , විකුණුම් මිල රු.103.4900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2164, විකුණුම් මිල රු.1.2591 |

- සමුදුර -  

- ක්‍රීඩා පුවත් -  

ශ්‍රී ලංකා පිල අපරාජිතව තෙවැනි ජයත් වාර්තා කරයි

උපුල් තරංගගෙන් ශතකයක්
upul-taranga

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (16) පල්‍ලේකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කඩුලු 3ක ජයක් ලබමින් තම අපරාජිත බව රැක ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

ලෝක චෙස් ශූරතාවයේ තඹ පදක්කම දිනා ගනී

cupppr
පසුගියදා ග්‍රිසියේ ලෝක චෙස් ශූරතාව සඳහා පැවැති තරගයෙන් දිනිති පංචලි ශිෂ්‍යාව තඹ පදක්කම දිනා ගත්තාය.

අපරාජිත ත්‍රිත්ව හෙට කොළඹදී ශා. ජෝසප් හමුවෙයි

  • සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය

footballty

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී අපරාජිතව පෙරමුණ ගෙන සිටින මහනුවර ත්‍රිත්ව විදුහල හෙට (18දා) මරදාන ශා. ජෝසප් විදුහල සමග කොළඹ සී.ආර්. පිටියේදී තරග වදියි ලකුණු 30ක් ලබා අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට ත්‍රිත්ව සමත් වී ඇති අතර,

රණවීර සහ කාවරී නව තරග වාර්තා පිහිටුවති

  • ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

ritipenini

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 2013 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (16දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, පළමු දිනය නිමාවට පත්වන විට නව තරග වාර්තා 2ක් බිහි විය. මිටිය විසිකිරීම අවු. 20න් පහළ බාලක ඉසව්වේදී මාතර රාහුල මහා විද්‍යාලයේ ඩී.එම්. රණවීර (මී. 31.23) සහ අවු. 23න් පහළ රිටි පැනීම බාලිකා ඉසව්වේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආර්. කාවරී (මී. 3.10) නව තරග වාර්තා පිහිටුවීමට සමත් වූහ.

විද්‍යා විදුහල රග්බි විනිසුරු සංගමයෙන් සමාව අයදියි

විද්‍යා විදුහල් රග්බි පුහුණුකරු-කළමනාකරු සහ ක්‍රීඩකයකුට දඬුවම්
මෙම දඬුවම ක්‍රීඩා සමාජවලටත් ආදර්ශයක් - ඩිල්රෝයි
16-2ගල්කිස්ස විද්‍යා විදුහල හා බම්බලපිටිය ශා. පීතර විදුහල අතර අන්තර් පාසල් රග්බි තරගයේදී තරග විනිසුරු ලබාදුන් තීරණයකට එරෙහි වූ විද්‍යා ක්‍රීඩකයින් තරග විනිසුරුට පහරදීමට පෙළඹීම හා තැත්කිරීම සම්බන්ධව එම විදුහල් බලධාරීන් එම කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු හා ක්‍රීඩකයකුට දඬුවම් පමුණුවා තිබේ.

දිමුත්ගේ ශතකයෙන් ඒකාබද්ධ පිලට ජය

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය
16-1ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා “ඒ” පිල සහ ඒකාබද්ධ පිල අතර පැවැති තරගයෙන් දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඒකාබද්ධ පිලට කඩුලු 7ක ජයක් හිමි විය.

මේ ඉන්නේ පුංචි කා‍ලේ හිටපු විසේකාර කොල්ලාමද කියලා දැන් මට හිතෙනවා

දක්ෂ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ මව මොනිකා මැතිව්ස්
r22-1ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල වත්මන් නායකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂ යොවුන් ක්‍රීඩකයකු වන ඇන්ජලෝ ක්‍රිකට් විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තරග දිනවන්නකු ලෙසය. බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිකරගත් නිරහංකාර ක්‍රීඩකයකු ලෙස ද ප්‍රකට ඇන්ජලෝ මැතිව්ස්ගේ

ශ්‍රී ලංකා පිලට ලකුණු 58ක ජයක්

cricket-ballශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පල්‍ලේකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 58ක ජයක් ලැබිමට ශ්‍රී ලංකා පිල සමත්විය.

නාත්තන්ඩිය යුනයිටඩ් පිරිමි-කාන්තා අවසන් සටනට සුදුසුකම් ලබයි

volleyballපසුගියදා හෙයියන්තුඩුවේදී පැවැත්වුණු ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා අවසන් පූර්ව තරගවලින් නාත්තන්ඩිය ‘යුනයිටඩ්’, බොරලැස්ගමුව ‘බලරැස්’ සහ සියඹලාගොඩ ‘කපිල’ යන ක්‍රීඩා සමාජ ජයග්‍රහණ ලබා තරගාවලියේ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබූහ.

newsalertsmall


ඔබට සුභ වෙසක්
On-line-Anura-horesasඔලු බක්කන්ට වේවැල් කසායves1වෙසක් උත්සවය ළඟ ළඟම එයි. පෙර වසරවල තරම් වෙසක් ප්‍රබෝධයක් මෙවර ජනතාව තුළ නැති තරම්ය. එක බකට් එකක් වෙනුවෙන් අමතර විදුලි බල්බයක් දල්වන්නට සිදුවීම ගැන ජනතාව මෙවර දෙවරක් කල්පනා කර බලන බවක් පෙනේ. read-more

එදා ආර්. ප්‍රේ මදාසට තියරි හැදූ දයාන් ජයතිලක අසාද් සාලි පිළිබඳ නගන මුග්ධ තර්ක

17-1

පසුගිය ඉරිදා (මැයි 12) රාවය කියවූ ලියුම්කරුගේ නෙත ගැටුණු ලිපි අතර අසාද් සාලි අත්අඩංගුවට ගැනීම පිළිබඳ හදේ උපන් ශෝකයෙන් ලියූ ඒවා විශේෂ තැනක් ගනී.

read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

2013 පළමු කාර්තුවේදී සෙලාන් බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය 26කින් ඉහළට

13-2පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර

ලස්සන ෆ්ලෝරා ශ්‍රී ලංකාවේ ප්‍රථම මල් සහ ත්‍යාග විස්තර නාමාවලිය එළිදක්වයි

sangeetha2

මල් සහ ත්‍යාග විස්තර නාමාවලිය (Catalogue) 2013 එළිදක්වමින් සහ කොළඹ මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට නොමිලයේ ගෙනැවිත් බාරදීමේ සේවාවක් ආරම්භ කරමින් ලස්සන ෆ්ලෝරා ආයතනය ශ්‍රී ලංකාවේ මල්කම් ක්‍ෂේත්‍රයේ නැවුම් වෙනසකට මුලපුරා තිබේ.

ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය සමග අපගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමට හැකි වීම සැබවින්ම ආඩම්බරයක්

Ajala- ඇන්ජලා රිචඞ් ජයතිස්ස මෙහෙයුම් අධ්‍යක්ෂිකා
ඇතුගල් පුරවරයෙන් සමාරම්භ වී ශ‍්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජනප‍්‍රිය නාමයක් බවට පත්වෙමින් ජාත්‍යන්තරය දක්වාම ව්‍යාප්ත වූ රිචඞ් ටේ‍්‍රඩිං ව්‍යාපාරය ආරම්භ වනුයේ 1960 වසරේදීය.

- විශේෂ පුවත් -  

බන්ධනාගාරයේ තිත්ත ඇත්ත

Prisanසිරකරුවන් 600ක් හිටියත් කෑම උයන්න කුස්සියක් නැති අපේ රටේ සිරගෙයක්
ළමා කාලයේ සම වයසේ මිතුරන් සමග එකතුවී වෙසක් උත්සවය වෙනුවෙන් තරුවක් සාදා සිදු වූ අකරතැබ්බ මට අද මෙන් මතකය. තරු තුනකින් යුක්ත මෙම අපූරු වෙසක් කූඩුව සාදා පැටවුන්ද එල්ලා අවසානයේ එය නිවසේ ඉදිරි දොරේ උළුවස්සෙන් පිටතට ගන්නට බැරි විය.

යුද ජයග්‍රහණයේ මතක සටහන්

Uda-samarumaතිස් වසරක් පුරා මේ ‍පොළොව මත ‍ලේ ගංගා නිර්මාණය කළ වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මරණයට පත්වූයේ අද (19) වැනි දිනකය. ඒ දිනය හරියටම කියනවා නම් දෙදහස් නවයේ මැයි දහනව වැනිදාය.

ලයන් එයාර් සුන්බුන් අතරින් හමු වූ හැඳුනුම්පතේ සිටින ගුණමනී ජීවතුන් අතර සිට හමුවෙයි

Lione-airවසර 15ක් මුහුදේ ගිලී තිබි මතු වූ හැඳුනුම්පතේ අබිරහ‍ස
කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ දේ‍පොළවලට සහ සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට එල්ල කළ බිහිසුණු ප්‍රහාර දැන් කෙමෙන් කෙමෙන් මතකයෙන් ඈත් වෙමින් පවතී.

ප්‍රභා පාස‍ලේදී වැඩ බැරි නිසා නිතරම බැණුම් ඇසූ කෙනෙක්

prabha-1ප්‍රභාකරන් සමග එක පන්තියේ සිටි පාසල් මිතුරා හෙළි කළ කතාව
කොටි නායක වේලුපිල්‍ලේ ප්‍රභාරකරන් දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා ලෙස පෙනී සිටියත් ඔහු පාසල් කාලයේ පන්තියේ වැඩවලට ඉතා අදක්ෂ ශිෂ්‍යයකු බව පැවසේ.

බොදු බළසේනාවේ අභියෝගය ඇමැති විමල් භාර නොගත්තේ ඇයි?

Mounkකවදත් ආන්දෝලනාත්මක කතා කීමේ රුසියකු වන විමල් වීරවංශ ඇමැතිවරයා තෙසතියකට ඉහතදී යළිඳු වරක් රට කළඹන කතාවක් කීවේය. ඒ ඔහු විසින් නායකත්වය දරනු ලබන ජාතික නිදහස් පෙරමුණේ මැයි රැලියේදීය.

පෙර පාසල පෙනි පෙනී දුම්රියට බිලි වූ සිඟිති රසිඳුගේ කතාව

Rasiduදිනය පසුගිය 14 වන අඟහරුවාදාය.  පාදුක්ක නගරයට ඉහළින් අහස්කුස වැහි වළාවන්ගෙන් පිරිතිබුණේ  ළඟ ළඟ එන මහ වැස්සක පෙර නිමිති කියා පාමිනි. සිහින් සිරි  ‍පොද එකින් එක පතිත වෙත්දී නගර වැසියෝ ලහි ලහියේ සිය ෙදෙනික කටයුතුවල නිරත වෙමින් සිටියහ.

Who's Online  

We have 1229 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

කතා මැද කතා - සතියේ දේශපාලන සිදුවීම් සමාලෝචනය

පවිත්‍රා හිරේ වැටෙන්න ආසයිලු

උගන්ඩාවට දුරකථන ඇමතුමක්

mahinda rajapaksaජනපතිවරයා ඉකුත් සතියේදී උගන්ඩාවේ නිල සංචාරයක යෙදුණේය. මීට  මාස ගණනාවකට පෙර උගන්ඩාවේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ  සංචාරයක නියැළුණු අතර එහිදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතා අනුව ශ්‍රී ලංකා නායකයා මෙම සංචාරයේ නියැළුණේය. ඉකුත් බදාදා ජනපතිවරයා උගන්ඩාවේ කම්පාලා අගනුවර ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා ගියේය. ප්‍රදර්ශනය නරඹන අතරතුර තේ පැන් පානය කරමින් සිටින අතරේදී ජනපතිවරයා සමග මෙම සංචාරයට එක්වූ සජින් වාස් ගුණවර්ධනගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේය. read-more

lakbima.lk

හෙරොයින් තියාගත් සිල්ලර වෙළෙන්දා දිවිතෙක් රිමාන්ඩ්

2013 මැයි 15  04:50  p m

hammerහෙරොයින් ග්‍රෑම් 16.3 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සිල්ලර වෙළෙන්දෙකුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිරදඬුවම් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (15) නියෝග කළේය. ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය පාර, නව කැළණිපුර පදිංචි ද්‍රවිඩ ක්‍රිස්තියානි සිල්ලර වෙළෙන්දෙකු වන සුසෙහි ජේසු දාසන් නොහොත් බණ්ඩා යන අයට මෙසේ සිර දඬුවම් නියම කෙ‍රුණි.

 

මවකට අතවර කළ සන්ධාන මන්ත්‍රී ඇතුලට

2013 මැයි 15  04:40  p m
Arestදෙදරුමවකට අතවර කළ පහර දුන් බවට
සැකපිට අත්අඩංගුවට ගත් කරන්දෙණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී (සන්ධාන) ජී.ජයන්ත සුරවීර ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ලබන 29වනදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබේ.
සැකකරුසමෘද්ධි නිලධරයෙකුද වන අතර සීට්ටු මුදල් ගැනීමට කාන්තාවගේ ගෙදරට ගිය විට

   

පාර හරියට හදන්න කී ව්‍යාපාරිකයාට මැර ප්‍රහාරයක්

2013 මැයි 15  03:27  p m

Paharaරජය මගින් ලබාදුන් මුදල් වලින් මාර්ග අලූත්වැඩියා කිරීමේදී කොන්ත‍්‍රාත්කරු විසින් ප‍්‍රමිතියට අනුකූලව ඉදිකිරීම් කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ඊට විරෝධය පෑ ව්‍යාපාරිකයෙකුට කොන්ත‍්‍රාත්කරුගේ මැරයන් විසින් පහරදී බරපතල තුවාල සිදුකර ඇත. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ගල්නෑව ඩී 01 ළදරු පාසල ඉදිරිපිට පදිංචි දිනේෂ් නදීක ශ්‍යාමාල් (35) මහතායි.
ඒ මහතා 10 වනදා පහර කෑමට ලක් වු බවත් එතැන් සිට ඉකුත් 13 වනදා දක්වා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි බවත් ගල්නෑව පොලිසියෙන් පැමිණ තමාගෙන් කටඋත්තර ලබාගෙන ගියත් මෙතෙක් පහර දුන් පුද්ගලයන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නොමැති බවද ඔහු පැවසීය. හිසට වැදුනු පොලූ පහරකින් ඔහුගේ හිස පැලී යාම නිසා ඊට මැහුමී 18 ක් යෙදීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

   

විදුලි බිලට බනිමින්, ආණ්ඩුවට ගුණ ගයමින් දෙපිරිසක් පා ගමන් අරඹති

2013 මැයි 15  03:20  p m

electric-light-bulbsවෙනස් මත දෙකක් දරන පා ගමන් දෙකක් අද (15) පස්වරු 2.30 ට දෙතැනකින් ආරම්භ වූ අතර එම පා ගමන් අවසන් කරන්නේ එක තැනකිනි. විදුලි බිල වැඩි කිරිමට එරෙහිව එක් කණ්ඩායමක් සහ ආණ්ඩුවට සහය පළ කරමින් තවත් කණ්ඩායමක් පා ගමන් අරඹා ඇති අතර ගැටුම් ඇතිවීම වැළැක්විමට ආරක්‍ෂාව දැඩි කර ඇතැයි පොලිසිය පවසයි.

   

ප්‍රකට ක්‍රියාදාම නිළියගේ පියයුරු යුගළ ඉවත් කරයි

2013 මැයි 14  02:38  p m

Anjali-1සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී පියයුරු පිළිකාවකට ලක්වීමේ අවධානමින් මිදීම සඳහා පූර්ව නිවාරක පියවරක් ලෙස සිය පියයුරු යුගලම ඉවත් කිරීමේ සැත්කමකට ලක් වූ බව පසුගියදා ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අනාවරණය කළාය. තිස්හත් හැවිරිදි සය දරු මවක් වන ජොලී සිය එඩිතර තීරණයට හේතු දක්වමින් කියා සිටියේ ජානමය වශයෙන් තමන්ට පියයුරු පිළිකාවක් වැළඳීමේ 87% ප්‍රවණතාවක් ද,

   

ලොකු ළූණු වලට ලෝක බැංකුවෙන් මුක්කුවක්

2013 මැයි 14  02:30  p m

Loku-lunuදේශීය ලොකු ළූණු වගාවේ පසු අස්වනු හානිය අවම කර ගොවියාට ඉහළ ආදායමක් උපයාදීමේ වැඩ පිළිවෙලකට ලෝක බැංකුව මූල්‍යාධාර ලබාදීමට පියවර ගෙන ඇත. මාතලේ දිසාපති/දිස්ති‍්‍රක් ලේකම් හෙලන් ඒ මීගස්මුල්ල මහත්මියගේ සභාපතිත්වයෙන් ඊයේ(14) දා පැවති දිස්ති‍්‍රක් කෘෂිකර්ම කමිටුවේදී මෙම වැඩ පිළිවෙල පිළිබඳව කරුණු අනාවරණය කෙරුණි. මේ යටතේ දඹුල්ල, ගලේවෙල, නාඋල, ලග්ගල, සහ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් තෝරා ගත් ගොවීන් 500 දෙනෙකු සදහා ලොකු ළූණු ගබඩා පන් සියයක් ඉදිකර ගැනීමට මූල්‍යාධාර ලබාදීමට පියවර ගෙන තිබේ. ලොකු ලූනු අස්වැන්න නෙලීමේ කටයුතු ආරමිභ කිරීමත් සමග ඇති වන මිල පහත වැටිම සහ ලොකු ළූණු අලවි ගැටලුව අවමකර ගැනීමේ අරමුණ ඇතිව යෝජිත වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක කරන බව දිසාපති මීගස්මුල්ල මහත්මිය පැවසුවාය.

   

පොල් ගහ ඉඩමක් අරන් දෙයි

2013 මැයි 14  01:40  p m

coconutඅධිකරණ නියෝගයක් මත පදිංචි වී සිටි ඉඩමෙන් ඉවත් කිරීමෙන් තමන් ඇතුළු දරු පවුලට ජීවත්වෙන්නට ඉඩමක් නොමැති බව පවසමින් දමන පොලිස් බල ප්‍රදේශයට අයත් එක්ගල් ඔය ග්‍රාමයේ වැසියෙකු අද (15 ) පෙරවරුවේ දමන ප්‍ර‍දේශීය ලේකම් කාර්යාල භුමියේ පිහිටි පොල් ගසකට නැග විරෝධතාවයක් දැක්වීය. පොල් ගසට නැග විරෝධතාවය ප්‍රකාශ කරනු ලබද්දී ගස මුල රැදී වුන් ඔහුගේ බිරිද සහ පාසල් ඇදුමෙන් සැරසී සිටි දරු දෙදෙනා ගස මුලට වී ජංගම දුරකතනයක් මගින් තම පියා සමග තොරතුරු හුවමාරු කර ගනු ලැබීය. තමන් පදිංචි වී සිටි ඉඩමෙන් තමන් ඇතුලු පවුලේ සැමට ඉවත් වීමට සිදුවුයේ වසමේ ග්‍රා‍මසේවා නිලධාරි සහ ජනපද නිලධාරි එක්ව බොරු තොරතුරු ලබාදීම නිසා බවත් ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කර තමන්ට නිවසක් තනා ගැනීමට විකල්ප ඉඩමක් ලබා ගැනීම සදහා මෙලෙස කටයුතු කිරීමට සිදුවු බව විරෝධතාකරුගේ බිරිද පොල් ගස මුල සිට පැවසීය.

   

21 ළමයි පාසැල් එව්වට වැඩක් නෑ

- ලංකා ගුරුසේවා සංගමය

2013 මැයි 14  01:55  p m
Mahinda jayasinghe21
වැනිදා විදුලි බිල අඩු කරන්නැයි ආණ්ඩුවට බලකරමින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කෙරෙන හෙයින් එදිනට ළමයින් පාසල්වලට එවීමෙන් වලකින්නැයි ලංකා ගුරුසේවා සංගමය මව්පියන්ගෙන් ඉල්ලා සිටී. ගුරුවරුන් නොමැතිවිම නිසා පාසල් කිසිවක එදින ඉගැන්වීමක් සිදු නොවනු ඇති බව
එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා
කියා සිටියේය . මේ අතර මෙම වැඩවර්ජනයට සහභාගි වන්නේ දැයි මෙතෙක් තීරණය කර නොමැති බවත් විදුලිබිල වැඩි කිරීමට එරෙහිව අද(15) පැවැත්වෙන ඒකාබද්ධ

   

ඊයම් ගුලි ‘රන් ගුලි’ කළ ටෝගා ට වෙච්ච දේ

2013 මැයි 14  01:15  p m

Maranchiඊයම් ගුලිවලට රන් ආලේප කර ඒවා රත්තරං බව අවා රුපියල් ලක්‍ෂ පහකට පුද්ගලයන් දෙදෙනෙකුට අළෙවි කළ සැකකරුවන් වන ටෝගා සහ තුෂාර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් පෙරෙදා (14) රාත‍්‍රියේ අත්අංඩංගුව ගෙන ඇත. හම්බන්තොට සූරිය වැව ප‍්‍රදේශයේ බේකරි කර්මාන්තයේ නියැලෙන මාමෙකු සහ බෑනෙකු කළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර කලත්තෑව සහ නෙළුම්කුලම පදිංචි සැකකරුවන් දෙදෙනා අත්අංඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරුවන් දෙදෙනා මීට මසකට පමණ ඉහතදි පාදයේ ආබාධයකට ප‍්‍රතිකාර ගැනීම ස
හා අනුරාධපුර විජේපුර ප‍්‍රදේශයට පැමිණ ඇති අතර එහිදි සැකකරුවන් හඳුනාගෙන ඇත. ඔවුන් පවසා ඇත්තේ ගඩොල් කපමින් සිටියදී ඉබ්බන් හැඩැති රත්තරං පිරවූ මුට්ටියක් හමුවූ බවයි.

   

ඒ.ටී.එම් ප්‍රවේශමෙන්

2013 මැයි 14  01:07  p m

ATMමෑත කාලයේදී ඒ.ටී.එම් වංචා සුලභ වීම නිසා ඒ.ටී.එම් කාඞ්පත් භාවිතයේදී වඩා විමසිලිමත් වන ලෙසත් එම කාඞ්පත් අස්ථානගතවීමට නොදි රැක ගැනීමටත්, ඒ.ටී.එම් යන්ත‍්‍රයට රහස්‍ය අංකය ඇතුළු කිරීමේදී විමසිලිමත්විය යුතු බවත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කිසියම් සැකයක් ඇතිවුවහොත් වහාම සිය බැංකුව අමතන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

   

ජපන් ජාවාරමක් කළ කතට දඩ

2013 මැයි 14  12:30  p m

Coughtජපන් රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු දී පුද්ගලයෙකුගෙන් රුපියල් 345000/- ක් වංචා කළ බවට සැකකොට මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුට පැමිණ වූ කාන්තාවක රුපියල් ලක්‍ෂයක් බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් 25000/- ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත‍්‍රාත් චතුරිකාද සිල්වා මහත්මිය නියෝග කළාය. ඇප මත මුදාහළ මෙම කාන්තාව මාතලේ කවටයාමුණ ප‍්‍රදේශයේ පදිංචිකාරියෙකි. මාතලේ මූලස්ථාන පොලිසියට ලැබුණු පැමිණිල්ලක් විමර්ශණය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය හමුවට පැමිණවූ අස්ථාවේදී මෙම නියෝගය කෙරුණි.

   

වකුගඩු රෝග මරුවාට එරෙහිව කඩුල්ලක් බඳී

2013 මැයි 14  12:38  p m

Goviyaරජරට ඇතුලු ගොවි ව්‍යාපාරවල ගොවීන්ගේ ජීවිත බිලි ගනිමින් මධ්‍යම හා වයඹ පළාත් දක්වා පැතිර යන මාරාන්තික වකුගඩු රෝගයට පිළියමක් ලෙස තිරසාර වී වගාව හඳුන්වා දීමට පියවර ගත් බව අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. මේ වනවිටත් කෘෂි රසායනිකවල බලපෑම මෙම රෝගයට හේතුවී ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදී ඇති කරුණු සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තෙමින්තුවේ නියෝජ්‍ය කාර්යාලය මාතලේ දිස්ති‍්‍රක් සමිබන්ධිකරණ කමිටුවට දන්වා තිබේ. මේ යටතේත ගොවීන් කාබණික පොහොර භාවිත වී වගාවට යොමු කරන අතර කාබණික පොහොර නිශ්පාදනය ඉහළ නංවා රසායනික පොහොර භාවිතය ක‍්‍රමයෙන් අවම කිරීමට නියමිත බව නිලධාරිහු කියති.

   

අම්පාර වෙල්යායක අභිරහස් මරණයක්

2013 මැයි 14  12:30  p m

morteඅම්පාර, උහන 29, ජනපදයේ වෙල් යාය අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයේ කන්තලේ ඩිපෝ සේවයේ නියුතු කොන්දොස්තරවරයෙකු . මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. කුඹුරට ගිය සැමියා නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් බිරිඳ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඔහු සෙවීමට යාමේ දී මළ සිරුර හමුවී තිබේ.

   

කළමණාකරු කැළණි ගඟට පනී

2013 මැයි 14  12:30  p m

GGපෞද්ගලික ආයතනයක කළමණාකරු වශයෙන් සේවය කළ අයෙක් ,කැලණි ගඟට පැනීමෙන් සිය දිවි නසාගෙන තිබේ. ඔහු කැලණිමුල්ලළ ගංගාතිලක විහාරස්ථානය අසළට ජීප් රථයකින් ආ ඔහු ඉන් බැස කැලණි ගඟ ආසන්නයේ මඳ වේලාවක් සිට ඇති අතර අනතුරුව ගඟට පැන ඇතැයි වාර්තා වේ. මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ 40 වන වියේ පසුවූ ශෙහාන් නානායක්කාර නැමැති බව පොලීසිය පවසයි. මළ සිරුර සෙවීමේ කටයුතු නාවික හමුදාව ආරම්භ කර ඇති අතර වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

   

පාසැල් දරුවන්ට 22දා නොමිලේ වනෝද්‍යාන බලන්න ඉඩ

2013 මැයි 14  12:20  p m

tumblrඑලබන 22 වැනිදා ලෝක ජෛව විවිධත්ව දිනය යෙදී තිබෙන අතර එදිනට ජාතික වනෝද්‍යාන නැරඹිමට පැමිණෙන පාසල් දරුවන්ගෙන් මුදල් අය නොකිරීමට වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ අනුව හෝටන්තැන්න, යාල සහ විල්පත්තු වැනි වනෝද්‍යාන එදින නොමිලේ නැරඹිමට පාසල් ළමයින්ට අවස්ථාව ලැබෙන අතර ලෝක ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කර ඇතැයි වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා පවසයි.

   

මුහුදු කූඩැලු ජාවාරමක් කොටු

2013 මැයි 14  12:15  p m

Kudallanමුහුදු කූඩැල්ලන් තොගයක් රැගෙන ගිය පුද්ගලයකු වාලච්චේනයි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මේවා කොළඹට එවන බවට මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. මුහුදු කූඩැල්ලන් පටවාගෙන ගිය ත‍්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන තිබේ

   

මේ පළාත් සභාව පිස්සන් කොටුවක්: අපි එන්නේ පුටු රත්කරන්න නෙවෙයි

 2013 මැයි 14  12:10  a m

Southern-provincial-councilසභාපති නැත්නම් වැඩ කරන්න බෑ. සභාපති දින දෙකක් නාවොත් මොකවත් කෙරෙන්නෑ.මේක පුදුම කථාවක්. දැන් සභාපති විදියට ඔබතුමා ඉන්නවා. සභාපති නැති උනහම වැඩ කරන්න තමයි නියෝජ්‍ය සභාපති කියලා නම් කරලා ඔබතුමා ඉන්නේ. ඔබතුමාට කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ලේකම්වරයෙක් ඉන්නවා. මගේ ප‍්‍රශ්නයට දැන් පිළිතුරක් දියහැකියි. අපි මෙතනට එන්නේ පුටු රත්කරන්න නෙවෙයි. අපිටත් වැඩ තියනවා. හම්බන්තොට වැනි ඈත ප‍්‍රදේශවල සිට අපි එන්නේ. මහජනතාවගේ ප‍්‍රශ්න සාකාච්ඡා කරන්නයි. එහෙම නැතිව මෙතනට ඇවිල්ලා විනෝද වෙන්න නෙවෙයි.යනුවෙන් දකුණු පළාත්සභා මන්ත‍්‍රී නලීන් හේවගේ (ජ.වි.පෙ.) දකුණු පළාත් සභාවේදී ඊයේ (14) පැවසීය. ” වාචික ප‍්‍රශ්නයක් ඇහුවට උත්තර දෙන්නෑ. පළාත් සභාව පවත්වාගෙන යන්නේ මොන මගුලකට ද? හැමදාම කටිටිය නෑ.

   

පත්තර ලියාපදිංචිය උස්සයි

2013 මැයි 14  11:18  a m

BRITISH-paපුවත් පත් ලියාපදිංචි කිරීමේ ගාස්තු රජය විසින් ඉහළ දමා තිබේ.ඒ අනුව දිනපතා පුවත්පතක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 5000 දක්වා වැඩි කර තිබේ. නව ගාස්තු ඇතුළත් විශේෂ ගැසට් නිවේදනය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර තිබේ. ලියාපදිංචි අලූත් කිරීමේ ගාස්තුව ද රුපියල් 5000 ක් දක්වා වැඩි කර තිබේ. සතිපතා පලවන පුවත්පතක් ලියාපදිංචි කිරීමේ හා ලියාපදිංචි අලූත් කිරීමේ ගාස්තුව රුපියල් 3000 දක්වා වැඩි කර තිබේ. තවද යම් පුවත්පතක් සම්බන්ධ ලියාපදිංචි කිරීමක් හෝ ලියාපදිංචිය අලූත් කිරීමක් හෝ සඳහා ගාස්තුව රුපියල් 2000 දක්වා වැඩි කර තිබේ.

   

විදුලිය හොරකම් කළ සන්ධාන මන්ත්‍රීට දඩ

2013 මැයි 14  11:15  a m

Electricඅනවසරයෙන් විදුලිය ලබා ගත් බවට අත්අඩංගුවට ගත් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයා වරද පිළිගැනීමෙන් පසු විදුලි බල මණ්ඩලයට සිදුවූ පාඩුව ලෙස ඇස්තමේන්තු කර තිබූ රුපියල් එක් ලක්ෂ තිස්තුන්දහස් තුන්සිය හැටක මුදල එම ආයතනයටත් වරද සම්බන්ධයෙන් රුපියල් දස දහසක දඩයක් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයටත් තබන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා ඊයේ(14) නියෝග කරනු ලැබීය. විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු මුදල ගෙවා ලදුපත ජුලි මස 15 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ඔහුට නියෝග කරනු ලැබීය.

   

හොර කච්චේරි හතරක් කොටු

2013 මැයි 14  10:28  a m

Athurugiriyaව්‍යාජ කච්චේරි 04ක් පොලිසිය විසින් ඊයේ(15)වටලා තිබේ.මහනුවර නිත්තවෙල, කටුගස්තොට,හා බොරැල්ල වෝඞ් පෙදෙසේ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරි මෙලෙස වටලා තිබේ. නිත්තවෙල සහ කටුගස්තොට යන ප‍්‍රදේශවලදී වැටලීම් වලින් සැකකරුවන් තුන්දෙනෙකු ඔවුන් සතුව තිබූ ව්‍යාජ උප්පැන්න සහතික, ව්‍යාජ හැඳුනුම්පත්, ව්‍යාජ විවාහ සහතික, ව්‍යාජ ඉඩම් ඔප්පු සහ ව්‍යාජ අධ්‍යාපනික සහතික ව්‍යාජ නිල මුද්‍රා ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

   

බුද්ධ පුත්‍රයකුට පහරදුන් පාප පුත්‍රයන්ට වැඩ වරදී

2013 මැයි 14  10:55  a m

buddaකොළඹ ඇඹිලිපිටිය මගී ප්‍රවාහනයේ යෙදුනු බස් රථයක ගමන් ගත් හිමිනමකට රියැදුරු හා කොන්දොස්තර විසින් පහර දුන් බවට චෝදනාව හේතුවෙන් එම බස් රථයේ ධාවන වාර අත්හිටුවීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගනී. මෙම සිද්ධියට අදාළ රියැදුරු හා කොන්දොස්තර යන අයට සේවයේ යෙදීම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදී ඇති නිල හැඳුනුම්පත අවලංගු කිරීමටද පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බි.රත්නායක මහතා කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා වෙත උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව කඩිනම් විනය පරීක්ෂණයකින් අනතුරුව සේවයේ යෙදෙන අතරවාරයේ ඉතා බරපතළ අයුරින් විනය විරෝධී ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත මෙම රියැදුරු හා කොන්දොස්තර නිළ හැඳුනුම්පත් අවලංගු කිරීමටත් අදාළ රියදුරා සහ කොන්දොස්තරවරයා පිළිබඳ තොරතුරු අනෙකුත් පළාත් ප්‍රවාහන අධිකාරීන් වෙත දැනුම්දීමටද කටයුතු කරන බව සාපතිවරයා සඳහන් කරයි.

   

Page 3 of 18

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.