lakbima.lk
කැළණිය දුම්රිය සඥාවට හෙණ ගහලා
අද උදෑසන දුම්රිය කිහිපයක් කැළණිය ප‍්‍රදේශයේදී නතර කර තිබුනේ කැළණිය දුම්රිය ස්ථානය ආසන්නයට එල්ලවූ අකුණු පහරක් හේතුවෙන් බව වාර්තා වේ. ඒ අකුණු ප්‍රහාරයෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියට හානි සිදුවී ඇති අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ රාගම සිට කැළණිය අතරමධ්‍යම ඡන්ද ප්‍රථිපලය එ ජා ප ය කියයි
“මධ්‍යම පළාතේ ඡන්දය තියන්න කියලා ආණ්ඩුවට අපි අභියෝග කරනවා නමුත් ආණ්ඩුව ඒකට බයයි මධ්‍යම පළාතේ ඡන්දය තිබ්බොත් එක්සත් ජාතික පක්ෂය දිනනවා ඒ බව ආණ්ඩුවත් දන්නවා” යි එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
රක්වානේ කාන්තාවකට සැමියා ගිනිතියලා
රක්වාන පොරමුල්ල වතුයායේ ලයිම් කාමරයක විසූ සිව් දරු මවක් ඇගේ සැමියා විසින් ගිනිතබා අද මරා දමා ඇත. මෙසේ මරා දමා ඇත්තේ කේ.පුෂ්පරානී නැමති 32 හැවිරිදි කාන්තාවක් මේ කාන්තාවගේ සැමියා ප්‍රදේශයෙන් බැහැරව
බස් රැසක් වැඩ වරයි
ඊයේ (19) මධ්‍යම රාත‍්‍රියේ සිට සමස්ත ලංකා පෞද්ගලක බස් සමාගම් සම්මේලනය වැඩවර්ජනයක යෙදී සිටී. බස් ගාස්තුව සියයට 10කින් වැඩි කිරීමට අනුමැතිය ලබාදෙනඉල්ලා මේ වර්ජනය දියත් කොට තිබේ. පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියා සිටියේ වැඩවර්ජනයේ යෙදෙන බස් රථවල ධාවන බලපත‍්‍ර අවලංගු කරන බවය. එහෙත්, එවැනි තර්ජනයන්ගෙන් සිය වැඩවර්ජනය නතර කරවිය නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලක බස් සමාගම් සම්මේලනය පවසයි.මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ වර්ජනය ප්‍රථික්ෂේප කරයි.
පරිප්පු පරිප්පුවක්ද?ආසනික් වාර්තාව අද
2013 මැයි 20 08:35 a m
පරිභෝජනයට නුසුදුසු පරිප්පු සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රදේශයේ පාරිභෝගිකයන් 05 දෙනෙකු පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක් කළ අතර ඒ අනුව ආසනික් අඩංගුදැයි පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරවලට භාරදුන් පරිප්පු සම්බන්ධයෙන් අවසන් වාර්තාව අද(20) ලැබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. රසායනාගාරවලට භාරදී තිබෙන්නේ එම පැමිණිලි අනුව ලබාගත් පරිප්පු සාම්පලය.
දුම්රිය 05ක් අතර මග
2013 මැයි 20 09:30 a m
ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා බිද වැටීම හේතුවෙන් දුම්රිය කිහිපයක් කැළණිය ප‍්‍රදේශයේදී නතර කර තිබෙන බවත් දුම්රිය 05ක් එලෙස නතර කර තිබෙන බවත් වාර්තා වේ. ඒවා නැවත ධාවනය කිරීමට කොපමණ වේලා ගතවේදැයි නිශ්චිතව කිව නොහැකි බවපාලක මැදිරියි කියා පවසයි. මේ අතර විවිධ ප්‍රදේශ වලින් ධාවනය වන දුම්රිය රැසක්ම ප්‍රමාධ වී ධාවනය වූ බව වාර්තා වේ
ධර්මාචාර්ය සමත්හු ගුරු සේවයට
2013 මැයි 20 09:20 a m
ධර්මාචාර්ය සමත් ගුරුවරුන් 1000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය වෙසක් සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ධර්මාචාර්ය සමතුන් ගුරුසේවයට බඳවා ගැනීම සඳහා දශකයක සිට මහානායක, අනුනායක ස්වාමීන්වහන්සේලා කරන ඉල්ලීමකට අනුව මෙම තීරණයගත් බව අමාත්‍යවරයා පැවැසීය.පිරිවෙන්වල හැරවුම් ලක්ෂයක් නිර්මාණය කිරීමේ කටයුතු කරන බවත් ඒ සඳහා පිරිවෙන් සංශෝධනය සඳහා අවශ්‍ය කෙටුම්පත මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අනුරාධපුර ප්‍රේමවන්තයෝ පොලීසියේ
2013 මැයි 20 09:10 a m
අනුරාධපුර මල්වතුඔය අසබඩ පිහිටා ඇති රිවර් පාර්ක් උද්‍යානයේ අශෝභන ලෙස පෙම්සුව විඳිමින් සිටි බව කියන තරුණ තරුණියන් සියයකට වැඩි පිරිසක් අනුරාධපුර මූලස්ථාන පොලීසිය කළ වැටලීමකින් පෙරේදා (18) වනදා පොලිස් භාරයට පත්වී ඇත. පොලීසිය මෙම වැටලීම කරන අවස්ථාවේ රිවර් පාර්ක් උද්‍යානයේ විවිධ ස්ථානවල පෙම් සුව විඳිමින් තරුණ තරුණියන් 120කට ආසන්න පිරිසක් සිට ඇත. මෙම පිරිස අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දේශන ශාලාව වෙත රැගෙන විත් තරයේ අවවාද කර මුදා හැර ඇත.
දන්සල්වලට කිසිම තහනමක් නෑ
2013 මැයි 20 09:05 a m
වෙසක් දිනයේ දන්සල් පැවැත්වීමට කිසිදු තහනමක් දමා නොමැති බව බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධානියකු ‘ලක්බිම’ට ඊයේ (19) පැවැසීය. සියලු දන්සල් වෙසක් දිනයේ නොපවත්වා වෙසක් දිනට පසුදා පවත්වන ලෙසට නීතියක් ආගමික කටයුතු අමාත්‍යංශය විසින් පසුගිය දිනවල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ අතර පසුව එම අමාත්‍යංශය විසින් එකී තීරණය ඉවත් කරගෙන තිබුණි.
නීතිවිරෝධී මන්නාරම් යුද සමරුවේ 15ක් අල්ලයි
යුද්ධයෙන් මියගිය උතුරේ දෙමළ ජනතාව සැමරීමට මන්නාරම්, පෙරියකඩේ මහජන ශාලාවේදී නීති විරෝධීව පැවැත් වූ උත්සවයකදී පුද්ගලයන් 15 දෙනෙක් පෙරේදා (18) සවස අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි. උතුරේ යුද සමයේ මියගිය ත්‍රස්තවාදීන් මෙලෙස සමරා ඇති බවත් පොලීසියේ හෝ කිසිදු රාජ්‍ය ආයතනයක අවසරයකින් තොරව මන්නාරම ග්‍රාම සංවර්ධන ශාලාවේ රැස්වීමක් පවත්වමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවැසීය. මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවැසූවේ ත්‍රස්තවාදීන්ගේ ඡායාරූප සහිතව යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීමේ වැඩසටහනක් පවත්වමින් සිටි බවත්, කාන්තාවන් හය දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් ඔවුන් සියලුදෙනා ප්‍රශ්නකර පොලිස් ඇප මත මුදාහැරි බවත්ය.
උතුරේ ඡන්දයට ඉන්දියාව අතපොවයි
උතුරු පළාත් මැතිවරණයට පෙර, පළාත් සභා වලට හිමි ඉඩම් සහ පොලිස් බලතල අහෝසි නොකරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, 13 ව්‍යවස්ථා සංශෝධනය මගින් එම පළාතේ බහුතරය වන දෙමළ ජනතාවට හිමිව ඇති බලතල දියාරු කිරීමට පියවර නොගන්නා ලෙසද ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. විදේශ අමාත්‍ය සල්මාන් කූර්ෂීඩ් මහතා, අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග කළ දුරකථන සංවාදයකදී මෙම ඉල්ලීම කර ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
උතුරේ 17%කට හැඳුනුම්පත් නෑ
2013 මැයි 19 04:10 p m
උතුරු පළාතේ ජනතාවගෙන් 17%කට පමණ තවමත් ජාතික හැඳුනුම්පත් නොමැති බවත් එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත්සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එම පලාතේ ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් පැෆ්රල් සංවිධානය විසින් ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව එම වැඩසටහන ආරම්භ කෙරේ.
මාතලේ රෝහලේ වායු සමීකරණ ලෙඩ වෙලා
2013 මැයි 19 04:30 p m
මාතලේ දිස්ති‍්‍රක් මහ රෝහලේ ශල්‍යාගාර සංකීර්ණයේ වායු සමීකරණ යන්ත‍්‍ර කි‍්‍රයා විරහිතවීම නිසා ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකයේ සේවා කටයුතු අඩාලව ඇති බව වාර්තාවේ. ඉකුත් සති අන්තයේ සිට වායු සමීකරණ යන්ත‍්‍ර අක්‍රියව ඇති බැවින් පොරාත්තු ලේඛන ගත සැත්කම් නැවති ඇති බවත් දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් මෙන්ම කාර්ය මංඩලයද අපහසුවට පත් ඇති බවත් රෝහල් ආරංච් මාර්ග කියයි.
බළන්ගොඩට ඉඹුල්පේට දහම් පාසල් පෙළපොත් හිඟයක්
2013 මැයි 19 04:00 p m
බළන්ගොඩ හා ඉඹුල්පේ ශාසනාරක්ෂක බලමණ්ඩලයන්ට අයත් දහම්පාසල් 97 කට ප්‍රමාණවත් දහම් පෙළපොත් නොමැති බවට තොරතුරු වාර්තාවේ. ඉඹුල්පේ හා බළන්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩල දෙකහි 15 000 කට අධික සිසුහු පිරිසක් දහම් අධ්‍යාපනය ලබති. බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ තුඹගොජඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරවාසී ඉඹුල්පේ විජිතවංශ හිමියෝ 02 වසරේ සිට 11 වසර දක්වාවූ දහම් පෙළපොත් නොමැතිබව පැවසූහ. ඉඹුල්පේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කොස්ගම විනීතජීව හිමියෝ මෙසේ පැවසූහ.
අනුරපුර ආදායම් පරිපාලකගේ වැඩ තහනම්
2013 මැයි 19 02:35 p m
රජයේ ආයතනයක් වන අනුරාධපුර මහ නගර සභාව හා එහි උසස් නිලධාරීන් අපකිර්තියට පත් කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පරිපාලකවරයාගේ සේවය නැවත දන්වන තුරු අත්හිටුවීමට අනුරාධපුර මහ නගරසභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා තීරණය කර ඇත. ආදායම් පරිපාලකවරයාගේ සේවය තහනම් කළ බවට උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශ ලේකමීවරයාට ඒ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇත. ආදායම් පරිපාලකවරයාට අධිකරණයේ විභාග වන නඩු සදහා පෙනී සිටීමට නාගරික කොමසාරිස්වරයා විසින් උපදෙස් ලබාදී තිබියදී ඒ මහතා එම උපදෙස් කඩකර අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇත.
බය නැතිව පළාත් සභාවලට බලය දෙන්න
2013 මැයි 19 01:30 p m
ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ මල්වතු නාහිමියන් බැහැදුටු අතර එම අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ මහනායක තිත්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් පවසා ඇත්තේ ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම ගැටලූවක් නොවන බවය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම සියලූ බලතල ජනාධිපතිවරයා සතුව පවතින බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් අස්ගිරි මහ නාහිමියන් පෙන්වා දෙන අතර විධායක ජනාධිපති ධූරය, පළාත් සභා ක‍්‍රමය සහ මනාප ඡන්ද ක‍්‍රමය වහා වෙනස් කළ යුතු බවද පවසයි.
බුබුළු ගම්මිරිස් කැඩීම තහනම්
2013 මැයි 19 01:00 p m
මාතලේ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක බුබුළු ගම්මිරිස් ජාවාරම හේතුවෙන් එම වගාවේ අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ළපටි හෙවත් බුබුළු ගම්මිරිස් කැඞීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මාතලේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා. රත්තොට සහ අඹන්ගඟකෝරළේ ප‍්‍රදේශවල බුබුළු ගම්මිරිස් හොරෙන් කැඞීමේ තත්ත්වය වර්ධනය වී තිබෙන අතර සාමාන්‍යයෙන් එවැනි බුබුළු ගම්මිරිස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 120ත් 150 අතර මිලකටය.
More Articles...
Page 3 of 26
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
කැලණිය, කෙහොල්විල රොස්මට් පෙදෙසේ අතුරු මාර්ගයක් විවෘත කිරීමක් සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශිය සභා සභාපති සහ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ හිතවතුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහර දීමකින් දෙදෙනෙකු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට අද (23) ඇතුළත් කර ඇත.



වැඩි කරන ලද විදුලි බිල වහාම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් 

ඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.




ශ්රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,









අපේ රටේ ඕනෑම 
අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.





ජන මාධ්‍යවේදීන්ට රටේ විශාල කාර්යභාරයක් ඉටුකරන්නට තිබෙනවා. මාධ්‍යවේදීන් නොමැතිව රටක අනාගතයක් ගැන සිතන්නටත් බැරි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 