Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

මංගල සාදයේ පිහි ඇනුම් කා යුධ හමුදා කෝප්‍රරල් නසී

2013 මැයි 22  06:15 p m
crime scene simple
ගාල්ල කිතුලම්පිටියේ අද සවස පැවැති විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමේන් යුධහමුදාවේ කෝප්‍රරල් වරයකු පිහි ඇනුම්කා මිය ගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය විසින් සැක කරුවන් තුන් දෙනෙක් අත්අංඩගුවට ගෙන තිබේ.  read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

වර්ජනයේ අරමුණ අපි ඉෂ්ට කරගත්තා

- කේ.ඩී. ලාල්කාන්ත

Lal-3-copyවැඩි කරන ලද විදුලි බිල වහාම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට  බල කරමින් ඊට එරෙහිව වැඩ වර්ජනය read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

කලාවෙන් ඈත්වුණේ හොඳ නිර්මාණ නැති නිසයි

- කමල් අද්දරආරච්චි

kamalඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ. read-more
Read more...

2013-05-21   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200, විකුණුම් මිල රු. 165.2500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200, විකුණුම් මිල රු.125.1900| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102, විකුණුම් මිල රු.1.2526 |

- සමුදුර -  

- ක්‍රීඩා පුවත් -  

ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර

Mesa-panduපොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.

13 න් පහළ දරුවන්ට හොඳ නැති ක්‍රීඩා සොයයි

Kids-footballවයස අවුරුදු 13 න් පහළ දරුවන් නොයෙදවිය යුතු අන්තරාදායි ක්‍රීඩා ඉසව් මොනවාදැයි යන්න හඳුනා ගැනීම සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා යන අමාත්‍යංශ දෙකට අයත් ඉහළ පෙළේ නිලධාරින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් ළඟදීම පත් කීරීමට නියමිත ය.

සබරගමුවේ පංචාලි දැරිය රුසියන් රුසියෝ පරදවයි

Chase1ග්‍රීසියේ, හල්කිඩිකි නුවර පැවැති 2013 ලෝක පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත් වී අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි සිඟිති දියණිය විදුහල් මාතාවගේ හා කෑගලු පුරවාසින්ගේ ගෞරවයට ලක් වූවාය.

ශ්‍රී ලංකාවේ නියෝජනය ක්‍රීඩා 7කට සීමාවෙයි

sportloලබන අගෝස්තු මාසයේ චීනයේ හැංජින් නුවර පැවැත්වෙන තුන්වැනි යොවුන් ආසියාතික ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩා සංඛ්‍යාව 7කට සීමා කිරීමට තීරණය කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා (සෙසු) පිල තුන්කොන් ශූරතාව දිනයි

Ranganaරංගන හා දිල්රුවන්ගෙන් පන්දුවෙන්  දස්කම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා (සෙසු) පිල සමත් විය.

අන්තර් පාසල් හෑන්ඩ්බෝල් බාලක ශුරතාව මොරටුව වේල්ස් කුමර විදුහලට

Handballeශ්‍රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,

ශා. අන්තෝනි පරාජය කරමින් ධර්මරාජ ලකුණු සටහනේ පෙරමුණට

  • සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය
  • කිංග්ස්වුඩ් 6 වැනි ස්ථානය දක්වා ඉහළට

okamembne

අන්තර් පාසල් සිංගර් ලීග් ශූරතා රග්බි තරගාවලියේ පළමු කොටස ‘ඒ’ කාණ්ඩ යටතේ පැවැති මහනුවර ධර්මරාජ විදුහල සහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල අතර තරගයෙන් ලකුණු 48-26 ක විශිෂ්ට ජයක් හිමිකර ගත් ධර්මරාජ විදුහල

බ්‍රෝඩ්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් එංගලන්තයට ලකුණු 170ක ජයක්

  • එංගලන්ත - නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගය

broadcopye

එංගලන්තය හා නවසීලන්තය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 170ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.

newsalertsmall


ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

ජූලි වර්ජනය සහ මැයි 21 වර්ජනයHesara1වෘත්තීය සමිති අටසියයක පමණ එකමුතුවෙන් අද (21) දින දීපව්‍යාප්තව පැවැති වැඩ වර්ජනය එතරම් සාර්ථක වූයේ නැත. ආණ්ඩුව වැඩි කළ විදුලිය බිලට එරෙහිව මෙම වැඩ වර්ජනය පැවැත්විණ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ

Shoping-Mall-Activationශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

- විශේෂ පුවත් -  

සැබෑ බෞද්ධ පිළිවෙත් අනුව දන්සල් දෙන හැටි

Pic-Danselශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
දන්සල් දීම මේ වන විට අප
රටේ ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට පත්ව තිබේ. මෙය සමාජය පුරාම ඉතා පුළුල්ව පැතිරී විවිධ තරාතිරම්වල අය දන්සල් සංවිධාන කටයුතුවල යෙදී සිටින අයුරු දැකගත හැකිය.

කතරගම අසරණ සුනඛයන්ට ස්වේච්ඡා සංවිධානයක පිහිට

Adopt1අපේ රටේ ඕනෑම නගරයක අයාල සුනඛයන් දැකිය හැකිය. නමුත් මොවුන් මහ මගට වැටී තිබුණ ද මොවුන්ගේ මුල් පරම්පරාව බොහෝ දෙනෙක් ගෘහස්ථ සුනඛයෝය.

සැඩ දිය රළ අතර ෂමික අවසන් ගමන් යයි

  • විජයග්‍රහණයේ සිව්වන වසර සැමරූ දා

capp

වසර 30ක කුරිරු යුද්ධය නිමා වූවත් රටදැය වෙනුවෙන් වසර එකොළහක කාලයක් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ මෙන්ම දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරී කළ නාවික හමුදා රණවිරුවෙකුගේ හදිසි අභාවයෙන් මීරිගම පල්ලවෛල ප්‍රදේශය මහත් කම්පාවට පත්ව ඇති අයුරු ඊයේ 19 සවස එහි ගිය ගමනේදී දැකගත හැකිවිය.

කළු සල්ලි සුදු කළහොත් ආර්ථිකයට හොඳයි

BRIBEඅපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව  විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය ‍පොදු කාරක සභාවේ (කෝප්) සභාපති  මානව සම්පත්   පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

idiappඑළැඹෙන වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.

අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?

anjanam2

අංජනම් එළි බැලීම දැනට අභාවයට යමින් පවතින පැරණි ගැමි ගුප්ත විද්‍යාත්මක කාරියකැයි සමහරෙක් සිතති. එහෙත් එය වැරදිය. අද ද කොළඹ නගරය සහ ඒ තදාසන්න ප්‍රදේශවල අංජනම් එළි බලන ස්ථාන සියයට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

Who's Online  

We have 1122 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

ප්‍රවෘත්තියක් සොයාගත් පමණින්ම මාධ්‍යවේදියෙකු වෙන්න බැහැ

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන

Mahinda-yapaජන මාධ්‍යවේදීන්ට රටේ විශාල කාර්යභාරයක් ඉටුකරන්නට තිබෙනවා. මාධ්‍යවේදීන් නොමැතිව රටක අනාගතයක් ගැන සිතන්නටත් බැරි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ මාතර රාහුල විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැති ලංකා වෘත්තීය ජනමාධ්‍ය ආයතනය මගින් මෙහෙයවනු ලබන ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද කීය. read-more

lakbima.lk

දන්සල්වලට කිසිම තහනමක් නෑ

2013 මැයි 20  09:05 a m

Dansalaවෙසක් දිනයේ දන්සල් පැවැත්වීමට කිසිදු තහනමක් දමා නොමැති බව බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධානියකු ‘ලක්බිම’ට ඊයේ (19) පැවැසීය. සියලු දන්සල් වෙසක් දිනයේ නොපවත්වා වෙසක් දිනට පසුදා පවත්වන ලෙසට නීතියක් ආගමික කටයුතු අමාත්‍යංශය විසින් පසුගිය දිනවල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ අතර පසුව එම අමාත්‍යංශය විසින් එකී තීරණය ඉවත් කරගෙන තිබුණි.

 

නීතිවිරෝධී මන්නාරම් යුද සමරුවේ 15ක් අල්ලයි

2013 මැයි 20  08:50 a m

arestයුද්ධයෙන් මියගිය උතුරේ දෙමළ ජනතාව සැමරීමට මන්නාරම්, පෙරියකඩේ මහජන ශාලාවේදී නීති විරෝධීව පැවැත් වූ  උත්සවයකදී පුද්ගලයන් 15 දෙනෙක් පෙරේදා (18) සවස අත්අඩංගුවට ගත් බව මන්නාරම ‍පොලීසිය පවසයි. උතුරේ යුද සමයේ මියගිය ත්‍රස්තවාදීන් මෙලෙස සමරා ඇති බවත් ‍පොලීසියේ හෝ කිසිදු රාජ්‍ය ආයතනයක අවසරයකින් තොරව මන්නාරම ග්‍රාම සංවර්ධන ශාලාවේ රැස්වීමක් පවත්වමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව මන්නාරම ‍පොලීසිය වැඩිදුරටත් පැවැසීය. මන්නාරම ‍පොලීසිය වැඩිදුරටත් පැවැසූවේ ත්‍රස්තවාදීන්ගේ ඡායාරූප සහිතව යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීමේ වැඩසටහනක් පවත්වමින් සිටි බවත්, කාන්තාවන් හය දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු එලෙස අත්අඩංගුවට  ගැනීමට කටයුතු කළ බවත් ඔවුන් සියලුදෙනා ප්‍රශ්නකර ‍පොලිස් ඇප මත මුදාහැරි බවත්ය.

   

උතුරේ ඡන්දයට ඉන්දියාව අත‍පොවයි

2013 මැයි 20  12:35 a m

electionඋතුරු පළාත් මැතිවරණයට පෙර, පළාත්  සභා වලට හිමි  ඉඩම් සහ ‍පොලිස් බලතල අහෝසි නොකරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන්  ඉල්ලා සිටී. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, 13 ව්‍යවස්ථා සංශෝධනය මගින් එම පළාතේ බහුතරය වන දෙමළ ජනතාවට හිමිව ඇති  බලතල දියාරු කිරීමට පියවර නොගන්නා  ලෙසද ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. විදේශ අමාත්‍ය සල්මාන් කූර්ෂීඩ්  මහතා, අමාත්‍ය මහාචාර්ය  ජී. එල්. පීරිස් මහතා සමග කළ දුරකථන සංවාදයකදී  මෙම  ඉල්ලීම  කර ඇති බව තානාපති   ආරංචි මාර්ග සඳහන් කරයි.

   

උතුරේ 17%කට හැඳුනුම්පත් නෑ

2013 මැයි 19  04:10 p m

idcopyඋතුරු පළාතේ ජනතාවගෙන් 17%කට පමණ තවමත් ජාතික හැඳුනුම්පත් නොමැති බවත් එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත්සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එම පලාතේ ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් පැෆ්රල් සංවිධානය විසින් ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව එම වැඩසටහන ආරම්භ කෙරේ.

   

මාතලේ රෝහලේ වායු සමීකරණ ලෙඩ වෙලා

2013 මැයි 19  04:30 p m

acpplමාතලේ දිස්ති‍්‍රක් මහ රෝහලේ ශල්‍යාගාර සංකීර්ණයේ වායු සමීකරණ යන්ත‍්‍ර කි‍්‍රයා විරහිතවීම නිසා ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකයේ සේවා කටයුතු අඩාලව ඇති බව වාර්තාවේ ඉකුත් සති අන්තයේ සිට වායු සමීකරණ යන්ත‍්‍ර අක්‍රියව ඇති බැවින් පොරාත්තු ලේඛන ගත සැත්කම් නැවති ඇති බවත් දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් මෙන්ම කාර්ය මංඩලයද අපහසුවට පත් ඇති බවත් රෝහල් ආරංච් මාර්ග කියයි.

   

බළන්ගොඩට ඉඹුල්පේට දහම් පාසල් පෙළපොත් හිඟයක්

2013 මැයි 19  04:00 p m

boththබළන්ගොඩ හා ඉඹුල්පේ ශාසනාරක්ෂක බලමණ්ඩලයන්ට අයත් දහම්පාසල් 97 කට ප්‍රමාණවත් දහම් පෙළපොත් නොමැති බවට තොරතුරු වාර්තාවේ. ඉඹුල්පේ හා බළන්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩල දෙකහි 15 000 කට අධික සිසුහු පිරිසක් දහම් අධ්‍යාපනය ලබති. බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ තුඹගොජඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරවාසී ඉඹුල්පේ විජිතවංශ හිමියෝ 02 වසරේ සිට 11 වසර දක්වාවූ දහම් පෙළපොත් නොමැතිබව පැවසූහ. ඉඹුල්පේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කොස්ගම විනීතජීව හිමියෝ මෙසේ පැවසූහ.

   

අනුරපුර ආදායම් පරිපාලකගේ වැඩ තහනම්

2013 මැයි 19  02:35 p m

saspeරජයේ ආයතනයක් වන අනුරාධපුර මහ නගර සභාව හා එහි උසස් නිලධාරීන් අපකිර්තියට පත් කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පරිපාලකවරයාගේ සේවය නැවත දන්වන තුරු අත්හිටුවීමට අනුරාධපුර මහ නගරසභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා තීරණය කර ඇත. ආදායම් පරිපාලකවරයාගේ සේවය තහනම් කළ බවට උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශ ලේකමීවරයාට ඒ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇත. ආදායම් පරිපාලකවරයාට අධිකරණයේ විභාග වන නඩු සදහා පෙනී සිටීමට නාගරික කොමසාරිස්වරයා විසින් උපදෙස් ලබාදී තිබියදී ඒ මහතා එම උපදෙස් කඩකර අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇත.

   

බය නැතිව පළාත් සභාවලට බලය දෙන්න

2013 මැයි 19  01:30 p m

lkjelkjdkජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ මල්වතු නාහිමියන් බැහැදුටු අතර එම අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ මහනායක තිත්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් පවසා ඇත්තේ ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම ගැටලූවක් නොවන බවය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම සියලූ බලතල ජනාධිපතිවරයා සතුව පවතින බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් අස්ගිරි මහ නාහිමියන් පෙන්වා දෙන අතර විධායක ජනාධිපති ධූරය, පළාත් සභා ක‍්‍රමය සහ මනාප ඡන්ද ක‍්‍රමය වහා වෙනස් කළ යුතු බවද පවසයි.

   

බුබුළු ගම්මිරිස් කැඩීම තහනම්

2013 මැයි 19  01:00 p m

gammirishodaමාතලේ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක බුබුළු ගම්මිරිස් ජාවාරම හේතුවෙන් එම වගාවේ අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ළපටි හෙවත් බුබුළු ගම්මිරිස් කැඞීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මාතලේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා. රත්තොට සහ අඹන්ගඟකෝරළේ ප‍්‍රදේශවල බුබුළු ගම්මිරිස් හොරෙන් කැඞීමේ තත්ත්වය වර්ධනය වී තිබෙන අතර සාමාන්‍යයෙන් එවැනි බුබුළු ගම්මිරිස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 120ත්  150 අතර මිලකටය.

   

ඇතින්නගේ කුලප්පුවෙන් නැටුම් ළමයි හයක් රෝහලට යවයි

2013 මැයි 19  12:55 p m

nawakathaකඳාන, කපුගොඩ ශ‍්‍රී වර්ධනාරාම විහාරස්ථනයේ ඊයේ (18) රාත‍්‍රියේ විදී සංචාරය කළ වාර්ෂික පෙරහැරේ ගමන් කළ ඇතින්නක් කුලප්පුවීමෙන් නර්තන කණ්ඩායමක ළමුන් 06 දෙනෙකු තුවාල ලබා ඇතැයි පැවසේ.

   

අතුරුදන් සෙබලා හමුවෙයි

2013 මැයි 19  12:55 p m

sebalaathur

ගාලූ මුවදොර පැවැති විජයග‍්‍රහණයේ සැමරුම් කටයුතු වලට දායකවෙමින් සිටියදී බම්බලපිටියට ඔබ්බෙන් වු මුහුදු තීරයේදී (18) නාවික හමුදාවට අයත් යාත‍්‍රාවක් අනතුරට පත් වූ අතර අතුරුදන් වු නාවික සෙබලාගේ මළ සිරුර අද (19) පෙරවරුවේදී සොයා ගනු ලැබීය. නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසියකින් අනතුරුව සොයා ගත් මළ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත භාර දී ඇති බව නාවික හමුදාව ප‍්‍රකාශ කරයි.

   

මහා වැඩවර්ජනය සූදානම්

- වසන්ත සමරසිංහ

  • විපක්‍ෂයේ තවත් අසාර්ථක වැඩක්
    - වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය
    2013 මැයි 19  11:40 a m

strikesign21 වැනිදා රටේ සියලු කටයුතු අකර්මණ්‍ය වීම වැලැක්විය නොහැකි බව වෘත්තීය සමිති රජයට අනතුරු අඟවා සිටී. විදුලි ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව දීප ව්‍යාප්තව සිදුකරන මහා වැඩ වර්ජනය නිසා මෙම තත්ත්වය උද්ගතවනු ඇතැයිද ඔවුන් පවසයි වැඩ වර්ජනයට අමතරව 21 වැනිදා ජාතික විරෝධතා දිනයක්‌ ලෙස ද නම් කර ඇති බැවින්

   

මහසෙන්පුර දැරියක් කපා මරා දමලා

2013 මැයි 19  10:05 a m

crimenteපොළොන්නරුව මහසෙන්පුර, අක්කර 500 ප්‍රදේශයේදී වයස අවුරුදු 15 ක මාදුකා හංසනී නමැති දැරිය ඝාතනය කර තිබේ. කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බවත් ඝාතනයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවත්, වාර්තා වේ.

   

උතුරේ ඡන්දයට එරෙහිව අත්සන් දසලක්ෂයක්

2013 මැයි 18  09:20 a m

Signatureඋතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව මහජන අත්සන් දසලක්ෂයකින් යුතු විරෝධතා පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත බාරදීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

   

ජාත්‍යන්තර කොටි නායකයන් දෙදෙනකු ඇල්ලීමට යයි

2013 මැයි 19  10:40 a m

Allisonaaලන්ඩනයේ සහ කැනඩාවේ සැඟවී සිටින එල්.ටී.ටී.ඊ. යේ ජාත්‍යන්තර අවි ජාලයේ ප්‍රබලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කාර්යංශය ජාත්‍යන්තර ‍පොලීසියේ (ඉන්ටර්‍පෝල්) සහය ඉල්ලා ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කරයි.

   

උතුරේ ඡන්දයට පෙර පොලිස් ඉඩම් බලතල ඉවතට

2013 මැයි 19  09:50 a m

Votinglඋතුරේ පළාත් සභා මැතිවරණයට පෙර දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් ඉඩම් හා ‍පොලිස් බලතල ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. එම සංශෝධනයේදී ‍පොලිස් බලතල යම් ප්‍රමාණයකට ඉතිරි කරන ලෙස දැනට කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇත.

   

විජයක්ග්‍රහණයේ ආරක්ෂාවට යොදා තිබූ ඩිංගි බෝට්ටුවක් මහ මුහුදේ පෙරළේ

2013 මැයි 18  12:50 p m

sri-lankan-navy-boatsකොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කීරීම සමරමින් අද(18) කොළඹ ගාලු මොදර පිටියේ පැවති විජයක්ග්‍රහණයේ ආරක්ෂාව සදහා නාවික හමුදාව විසින් සාගරයේ ආරක්ෂාවට යොදා තිබූ ඩිංගි බෝට්ටුවක් බම්බලපිටිය සමුද්‍ර තීරයේදී පෙරලී තිබේ.

   

උතුරේ ඡන්දයට පෙර‍පොලිස් ඉඩම් බලතල ඉවතට

2013 මැයි 18  08:25 a m

elecඋතුරේ පළාත් සභා මැතිවරණයට පෙර දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් ඉඩම් හා ‍පොලිස් බලතල ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. එම සංශෝධනයේදී ‍පොලිස් බලතල යම් ප්‍රමාණයකට ඉතිරි කරන ලෙස දැනට කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇත.

   

Page 3 of 24

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.