lakbima.lk
දැන් මගේ ඔලූවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම
2013 අප්‍රේල් 23 08:10 p.m
“දැන් මගේ ඔලූවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම. ඒ සඳහා ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා. ඉන්දියාවේ ජනප‍්‍රිය නිළියක් වූ ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් ලංකාවේ ගීතා කුමාරසිංහට මහ ඇමැති වෙන්න බැරි ඇයි ?මහ ඇමැති වෙන්න මගේ ඔලූවේ කිසි ම අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔය කියන මන්ත‍්‍රීවරයා මගේ ඔලූවට එවැනි මෙවැනි අදහසක් දීපු එක ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා.”යි බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. එ ජා ප මැයි රැළිය පියවර තුනකින්
2013 අප්‍රේල් 23 04:55 a.m
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් එක්සත් ජාතික පක්ෂය ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය ප්‍රධාන පියවර තුනක් ඔස්සේ සැමරීමට කටයුතු යොදා තිබේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මැයි රැළිය, වෘත්තීය සමිති මැයි රැළිය සහ යොවුන් මැයි රැළිය ලෙස මැයි දිනය සැමරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මැයි රැළිය සහ පෙළපාලිය එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල නගරයේදී මැයි පළමුවෙනිදා සවස පැවැත්වේ.
සුසන්තිකාගේ ගමේ බක්මහ උළෙල වෙනදට වඩා හැඩට
2013 අප්‍රේල් 23 05:15 a.m
සබරගමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උඩුවක ගම්මානය ලෝකයාගේ අවධානයට යොමු වූයේ ඔලිම්පික් පදක්කම් ලාභිනිය වූ සුසන්තිකා ජයසිංහගේ උපන් ගම බැවිනි. එතෙක් මෙතෙක් ඔලිම්පික් පදක්කමකට හිමිකම් කී එකම ශ්‍රී ලාංකීය කාන්තාව වූ සුසන්තිකා ජයසිංහ දැයට දායාද කළ දැදිගම උඩුවක අළුත් අවුරුදු උළෙල මෙවර අන් කවරදාකටත් වඩා වර්ණවත් වූයේ ජනාධිපති ආර්යයා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ප්‍රධාන අරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගී වූ නිසාය. දැදිගම මැතිවරණ කොට්ඨාශය අයත් වරකාපොළ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා සහ සුසන්තිකා ජයසිංහ මහත්මිය ද සහභාගී වූ දැදිගම උඩුවක අළුත් අවුරුදු උළෙල ඊයේ (21) දවස පුරා පැවතියේ සුසන්තිකා අකුරු කළ දැදිගම උඩුවක පාසැල් භූමියේය.
සදුන් හොරු ගස් බැඳ පොලිසිය කැඳවයි
මාතලේ ප්‍රදේශයේ මහා පරිමානයේ සුදු සදුන් ජාවාරමේ සුපිරි කල්ලියේ දෙදෙනෙකු 21 දා රාත්‍රි මාතලේ එම්සී පාර ප්‍රදේශවාසීන් විසින් ගස් බැද මාතලේ මූලස්ථාන පොලිසියට බාරදී ඇත . මාතලේ එම්.සී පාර නාගරික ඔසු උයනෙ තිබු දැවැන්ත සදුන් ගස යකඩ කපන කියතකින් කපමින් සිටියදී මෙම සැකකරුවන් අල්ලා ගැනීමට ගම්වාසීන්ට හැකිව ඇති බව පොලිසිය කියයි. ඔසු උයනට පැමිණි සැකකරුවන් සදුන් ගස අවට සැක කටයුත අන්දමට හැසිරෙමින් සිටියදී ගස් බැද ප්‍රශ්න කිරීමේදී සුදු සදුන් ජාවාරම පිළිබදව අනාවරනයවී ඇති අතර ජාවාරමේ මහමොළකරු පළා ගොස් ඇති බවත් කැපූ සදුන් ගස ගෙන යාමට ගෙන්වා තිබූ ත්‍රි රෝද රථයද පොලිසිය බාරයට ගෙන වැඩිදුර පරීෂණ පවත්වන බවත් පොලිසිය කියයි.
මාතලේ පොලිසිය “චූවා”අල්ලයි
2013 අප්‍රේල් 22 06:35 p.m
“පොඩි විජේ”’ කල්ලිය මෙහෙයවූ මාතලේ හතලිස් ලක්‍ෂයේ මංකොල්ලයේ මහ මොළකරු ඇතුලු සියලුම සැකකරුවන් ලබන 29 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය 20 දා නියෝග කළාය. ඉකුත් 17 දින දහවල් මාතලේ වලගම්බා පෙදෙසේ පවත්වා ගෙන යන පෞද්ගලික කාර්යාලයකට කඩා වැදුණු මුහුණු ආවරණය කර ගත් දෙදෙනෙකු විසින් ආයතනයේ කළමනාරකරුගේ අත් පා බැද සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 42 ක පමණ මුදලක් පැහැර ගෙන තිබුණි. කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කරන ලදුව කොල්ලයෙන් පැය 24 ක් ගතවීමටත් පෙර අත් අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනා මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණි.
අන්ත්‍රාවයි බස්නාහිර 1/3 ක් හොර වෙද්දු
2013 අප්‍රේල් 23 12:05 a.m
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
බස්නාහිර පළාත තුළ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවල නියුතු වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ව්‍යාජ වෛද්‍යවරයකු බව කරන ලද සොයා බැලීමකදී හෙළිව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය. මෙම ව්‍යාජ වෛද්‍යවරුන් දිවයින පුරාම විසිරී සිටින බැවින් ඔවුන්ව වහාම අත්ඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන අතර ප්‍රසිද්ධ කිරීමටද කටයුතු කරන බව වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය. මෙවැනි වෛද්‍යවරුන් බොහෝවිට පිළිකා රෝගීන්ට හා දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කරන අතර ඔවුන්ගෙන් විශාල ලෙස මුදල් ගසාකන බවටද තොරතුරු හෙළිව ඇතැයි සංගමය පෙන්වා දේ.
විදුලි බිල්පත් මධ්‍යස්ථානයෙන් රු. ලක්ෂ 12ක් පැහැරගෙන
2013 අප්‍රේල් 23 12:10 a.m
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) නුගේගොඩ පිහිටි විදුලි බිල්පත් මුදල් එකතු කිරීමේ මධ්‍යස්ථානයට ඊයේ (22) පෙරවරුවේ කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොල්ලකා පලාගොස් තිබේ. විදුලි බිල්පතක් ගෙවීමට පැමිණෙන විදුලි පාරිභෝගිකයන් දෙදෙනෙක් ලෙස ඔවුන් දෙදෙනා ඊට ඇතුළු වී තිබෙන බව පරීක්ෂණ පවත්වන කොහුවල පොලීසිය කියයි. මුහුණු මුළුමනින්ම ආවරණය වන පරිදි යතුරුපැදි හිස් ආවරණ පැළඳ පැමිණ ඇති ඔවුන් මුදල් අයකැමි අසලට ගොස් පිස්තෝලයක් එල්ලකොට ලාච්චුවේ තිබුණු මුදල් තොගය කොල්ලකා ඇතැයිද පොලීසිය කියයි. ඔවුන් පලාගොස් ඇත්තේ යතුරු පැදියකිනි. යතුරුපැදි අංකයද පොලීසියට ලැබි ඇත.
විදුලියට එරෙහිව රටම සටනට
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව, විරෝධතා පවත්වමින් සහ තවත් දැවැන්ත විරෝධතා, වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම්, අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම් ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ගැනීමටත් ඊට අදාළ දින වකවානු සටන් පාඨ තෝරා ගැනීම සඳහාත් විවිධ දේශපාලන පක්ෂ, ප්‍රබල පෙළේ වෘත්තීය සමිති, ස්වාධීන සංවිධාන රැසක ක්‍රියාකාරීහු අද (22) හෙට (23) අනිද්දා (24) කොළඹට රැස්වෙති. මෙහි පළමු විරෝධතාවය ආණ්ඩුවට එල්ල කරමින්, විදුලි ගාස්තු මිල සූත්‍රය වහාම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් රට පුරා දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු සූදානම් කර ඇති අතර එහි පළමුවැන්න අද (22) රාත්‍රී 7.00 එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් ඇතුළු පක්ෂ සාමාජිකයන් රැසකගේ සහභාගීත්වයෙන් මහරගම නගරයේ දී පන්දම් දල්වා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමෙන් ආරම්භ කිරීමට එම පක්ෂය කටයුතු යොදා ඇත.
හෙට රෑ සිට දුම්රිය වර්ජනයක්
2013 අප්‍රේල් 22 12:05 a.m
වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පැය 48 සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුවට ආවේණික ආර්. එස්.1 හා ආර්.එස්. 11 වැටුප් තලයක් නිර්මාණය කිරීමට එකඟතාවය පළ වී තිබියදීත් එම වැටුප් තල දීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා කීවේය.
වෑන් රථ ත්‍රි රෝද සහ යතුරු පැදි අනතුරෙන් 4ක් මරුට 9කට තුවාල
2013 අප්‍රේල් 22 12:05 a.m
දේවගැතිවරුන් පිරිසක්ද රැගෙන කොළඹ රාජගිරියේ සිට මහනුවර දෙසට යමින් තිබුණු වෑන් රථයක් ඊයේ (21) සවස 3.30ට පමණ කලගෙඩිහේනේ මංසන්ධියට ආසන්න ස්ථානයකදී ත්‍රිරෝද රියක සහ නවතා තිබුණු යතුරු පැදියක ගැටීමෙන් සිවු දෙනෙක් මරුමුවට පත් වී තවත් නව දෙනෙකු තුවාල ලැබූහ. මියගිය පිරිස අතර වෑන් රියේ ගමන් ගත් දේවගැතිවරයෙකු ද, ත්‍රිරෝද රියෙහි ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු ද වෙති.
ඩෙංගු වෛරසයේ වෙනසක් නිසා අලුත් අනතුරක්
2013 අප්‍රේල් 21 02:32 p.m
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 15 කින් ඉහළ ගොස් තිබේ. එසේ වී ඇත්තේ ඩෙංගු වෛරසය යම් වෙනස් වීමකට භාවිතා වීම හේතුවෙන් විය හැකි යැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් අනතුරු අඟවා සිටී. ඩෙංගු මර්දන කටයුතු කොළඹ නගර සීමාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වුවද රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතුව වී ඇත්තේ වෛරසය යම් වෙනසකට භාජනය වීම විය හැකි බව හෙතෙම පෙන්වා දේ.
ආන්දෝලනයට ලක් වූ කූරගල පුද බිමේ කැණීම් ඇරඹෙයි
2013 අප්‍රේල් 20 02:45 p.m
අන්‍යාගමිකයන්ගේ බලපෑම් හේතුවෙන් ඉකුත් අඩ සියවසක කාලයක් පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන රත්නපුර බලංගොඩ කුරගල පුද බිමේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සාමය සංහිඳියාව රකින්න වාසුගේ යෝජනා ජනපතිට
2013 අප්‍රේල් 20 02:40 p.m
ජාතික, වාර්ගික හා ආගමික සාමය හා සංහිඳියාව බිඳ දමන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර ඉදිරිපත් කර ඇති යෝජනා ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත අරලියගහ මැදුරේදී පෙරේදා (19) භාර දී තිබේ.
රත්රන් මිල ශීඝ්‍රයෙන් පහළට උකස් ගන්නා බැංකු අර්බුදයක
2013 අප්‍රේල් 20 02:35 p.m
ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ශීඝ්‍රයෙන් පහළ යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙරට බැංකු සිය උකස් කටයුතු තාවකාලිකව නතර කිරීමටත්, මතෛක් ගෙවූ අත්තිකාරම් මුදල් හරි අඩකින්ම අඩු කිරීමටත් පියවර ගෙන ඇති බව දැන ගන්නට තිබේ.
එජාප සංවිධායකයන් පිරිසකට තනතුරු අහිමිවන ලකුණු
2013 අප්‍රේල් 20 02:30 p.m
පක්ෂයේ ශාඛා සමිති නොපිහිටුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකුගේ ආසන සංවිධායක ධුර සම්බන්ධයෙන් ලබන මැයි 31 දායින් පසුව තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. ශාඛා සමිති මෙන්ම ලක්වනිතා, යොවුන් පෙරමුණ ආදී පක්ෂ සංවිධාන නොපිහිටු වූ ආසන සංවිධායකවරුන් එම සංවිධායක ධුරයන්ගෙන් ඉවත් කිරීමටද එම පක්ෂය තීරණය කර තිබේ. ආසන සංවිධායකවරුන් ශාඛා සමිති හා සංවිධාන පිහිටුවා ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා මහලේකම් තිස්ස අත්තනායක අද (21) ලංකාවට පැමිණි පසු ඔවුන් වෙත ලබාදීමට නියමිතය.
කටුගේ තරප්පු පෙළ කඩා වැටීමට හේතුව හෙළිවෙයි
2013 අප්‍රේල් 20 02:00 p.m
කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉහළ මහලට නගින ලී තරප්පු පෙළ කඩා වැටුණේ වේයන් විදීම හේතුවෙන් එය දිරාපත්වීම නිසා බව, ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ලී තරප්පු පෙළ කොන් හතරකින් යුක්ත බවත්, ඉහළ මාලය පැත්තෙන් බිත්තියට පුරුද්දා තිබූ එහි එක් කොණක් වේයන් විදීම නිසා දිරාපත් වී තිබූ බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ කමිටුවේ සාමාජික මහවැලි ව්‍යාපෘතියේ හිටපු ඉංජිනේරුවරයකු සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ විද්‍යාජෝති ගැමුණු සිල්වා “ලක්බිම ඉරිදා සංග්‍රහය”ට ප්‍රකාශ කළේය.
මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවතට?
2013 අප්‍රේල් 20 02:00 p.m
ආණ්ඩුවෙන් ඉවත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි මැයි දිනයෙන් පසුව තීරණයකට එළඹීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත. මුස්ලිම් ජාතිකයන්ට මුහුණ දීමට සිදුවන බව කියන ගැටලුවලට අදාළව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ තවමත් සාධාරණයක් ඉටු නොවීම නිසා ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස මුස්ලිම් කොංග්‍රසය වෙත බලපෑම් එල්ල වී ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
More Articles...
Page 23 of 26
<< Start < Prev 21 22 23 24 25 26 Next > End >>
ගංජා කිලෝ 05 යි ග්‍රෑම්



වැඩි කරන ලද විදුලි බිල වහාම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල 

ඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.




ශ්රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,



පසුගිය 




අපේ රටේ ඕනෑම 
අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.





මෙරට ජනතාවගේ පාරිභෝජනයට අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණයෙන් වැඩි කොටසක් තවමත් විදෙස් රටවලින් නේද ආනයනය කරන්නේ?


