lakbima.lk
මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක්
2013 මැයි 04 11:10 a.m
වෙළෙඳ නාමයක් නොමැතිව ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනය කරන මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක් ගම්වල අලෙවි කෙරෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ධූලවේදය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.අසාද් සාලි ජාතික රෝහලට
2013 මැයි 04 10:00 a.m
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිට එරෙහිව චෝදනා ගොන්නක් ඉදිරිපත් කර ඔහු අධිකරණයට යොමු කර රක්ෂිත බන්ධනාගාර ගත කරනවාද, තවදුරටත් රඳවාගෙන ඔහු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වනවාද යන්න පිළිබඳව ආරක්ෂක බලධාරීන් සහ පොලිස් ප්‍රධානීන් අතර අදහස් හුවමාරු වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
රාජ්‍ය විරෝධීන් අත්අඩංගුවට
2013 මැයි 04 08:45 08:4508:4508:4508:45 a.m
රාජ්‍ය විරෝධී ප්‍රකාශ කරමින්, ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ දරන පුද්ගලයන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එදිරිවාදී ප්‍රකාශ නිකුත් කරන්නන් නීති රාමුවක් යටතට ගෙන පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
කසළ තේ යුද්ධයක් මැරයෝ පොලිස් ජීප් රථයට ගිනිතබති
2013 මැයි 04 12:15 a.m
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (02) අත්අඩංගුවට ගත් කසළ තේ ලොරියක් මැර පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇත. කසළ තේ පටවාගත් ලොරියක් දව්ලගල ප්‍රදේශයේ සිට කොළඹට ගමන් කරන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම ලොරිය අත්අඩංගුවට ගැනීමට එම ප්‍රදේශයට ගොස් තිබේ.
හොර බඩු අල්ලන්න තුර්කියට රැස්වෙති
2013 මැයි 03 08:00 p.m
ව්‍යාජ නිෂ්පාදනවලින් රටවල් ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමේ සැළසුම් සකස් කරන්නට ලෝකයේ රටවල් 130 ක පොලිස් සහ රේගු බලධාරීන් තුර්කියට රැස් කරන්නට ජාත්‍යන්තර පොලිසිය පියවරගෙන තිබේ. ව්‍යාජ නිෂ්පාදන මේ වන විට ලෝකයටම පිළිලයක් වී ඇති බැවින් බුද්ධිමය දේපල නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරවන්නට රටවල් අතර පොදු සම්මුතියක් සඳහා සමුළුව කැඳවා තිබෙන බව සඳහන්ය.
හොර දොස්තරලා හිරේ අරින හැටි අහන්න නීතිපති ළඟට යයි
ව්‍යාජ වෛද්‍යවරුන්ට වසර 5ක සිරදඬුවම ලබා දීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් නීතීපතිවරයා හමුවීමට තීරණය කර ඇත. මේ වන විට රටපුරා විසිරී සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සෙවීමේ මෙහෙයුම් අරඹා ඇතැයි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා කීය. ව්‍යාජ වෛද්‍යවරුන්ට සිර දඬුවම් ලබා දීමට අවශ්‍ය කටයුතු වහාම සලසා දෙන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට දුන් උපදෙස් පරිදි අමාත්‍යංශයේ නීති අංශය මේ සම්බන්ධ ඉදිරි කටයුතු ආරම්භ කර ඇත.
වෙලේ සුදාගේ මචං හෙරොයින් සමග මාට්ටු
පකිස්තානයට පළාගොස් සැඟ වී සිටින මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියනු ලබන වෙළේ සුදා නැමැත්තාගේ මස්සිනා හෙරොයින් මිලි ග්රෑම් 1500 ක් සමග අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලිස් දූෂණ මර්දන අංශය අද (03) සමත් වී ඇත. බස් හිමි ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින එම පුද්ගලයා පකිස්තානයේ සිට වෙළේ සුදා විසින් මෙරටට එවනු ලබන හෙරොයින් බෙදා හරින්නෙක් බවද අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා හෙරොයින් මිලි ග්රෑම් 25000ක් සමග මෙයට පෙර අවස්ථාවකදීද පොලිසියට කොටුවී වසර තුනක් බන්ධනාගාර ගතව සිටි බවද පොලිසිය කියයි.
පළාත් රණවිරු උළෙලට සැරසෙති
2013 මැයි 03 04:00 p.m
සබරගමු පළාත් රණවිරු උළෙල මැයි මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබද සබරගමුව පළාතේ රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මහ ඇමැතිවරයා කැඳවා තිබූ සාකච්ඡාවක් අද (03)සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පළාත් අමාත්‍යවරුන් වන රංජිත් බණ්ඩාර,අතුල කුමාර රාහුබද්ධ,ප්‍රධාන ලේකම් එච්.පී.කුලරත්න,සබරගමුව නියෝජ්‍ය පොලිස්පති මහේෂ් පෙරේරා,ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් 144 බල සේනාධිපති පතිරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ. මෙහි දී මහ ඇමතිවරයා සදහන් කළේ රණවිරුවන් අප සදාකල්හීම කෘතවේදීව සිහිපත් කළ යුතු පිරිසක් බවයි.
වැස්සට රාගම දුම්රිය වේදිකා යටවෙයි
අද (03) අළුයම සිට නොකඩවා ඇඳ හැලෙන වර්ෂාව හේතුවෙන් මේ වනවිට රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකා ජලයෙන් යට වී දුම්රිය ධාවනයට බාධා සිදුවී තිබේ. ජා ඇල, කඳාන, රාගම, සීදූව, ලියනගේමුල්ල, මඩම හන්දිය, ආදී ප්‍රදේශ රැසක් මේ වනවිට ජලයෙන් යටවීම නිසා ජන ජීවිතය අඩාල තත්ත්වයකට පත්වී තිබේ. කොළඹ, මීගමු ප්‍රධාන මාර්ගයේ ස්ථාන බොහෝමයක්ද ජලයෙන් යට වී තිබීම නිසා එම මාර්ගයේද රථ වාහන ධාවනයට බාධා ඇති විය. ජා ඇල, මීගමුව 273 බස් මාර්ගය ඇතුළුව ජා ඇල ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ධාවන මාර්ග බොහෝමයක්ම ජලයෙන් යට වී යාමෙන් එම මාර්ගවලද බස් රථ ධාවන කටයුතු අඩාලව පැවතුණි.
ජොලි සීයා මරාලෑන්ඩ් යයි
2013 මැයි 03 02:45 p.m
ක්වේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය මත ක්වේට් හි විදේශ සේවා නියෝජිතයින්ගේ සුබ සාධක සමිතිය විසින් සංවිධානය කරණ ශ්‍රම අභිමාණී සැණකෙළිය ලබන 10 වැනිදා පැවැත්වේ. ක්වේට්හී සබාහියා නගරයේ මරා ලෑන්ඩ් ක්‍රීඩාංගනයේදී මෙම සැණකෙළිය දවස පුරා පැවැත්වේ. මෙහිදී ක්වේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන විශේෂ ජංගම සේවවාක්ද පැවත්වීමට නියමිතව ඇත.
බස්,ටිපර් ගැටී කීප දෙනෙකුට තුවාල
2013 මැයි 03 02:35 p.m
ආණමඩුව, තෝණිගල ප්‍රදේශයේදී බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. අද (03) දහවල් 1.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. තුවාල ලබා ඇත්තේ ආර්.එස්.කුමාර සහ ජී.එස්.ඩී.ඉන්දික නම් දෙදෙනෙකි. තුවාලකරුවන් දෙදෙනා ආණමඩුව රෝහලෙන් පුත්තලම මුලික රෝහලට මාරුකර යවා තිබේ.
විනිසුරුවරියගේ නිල මැදිරියෙන් නඩුවක් ගැන තොරතුරු අහලා
2013 මැයි 03 02:30 p.m
කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මියගේ නිල මැදිරියට කථා කොට තොරතුරු විමසූ පුද්ගලයින් පිළිබඳ විමර්ශන පවත්වන බව කෙසෙල්වත්ත පොලිසිය අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දන්වා සිටියේය. විනිසුරුවරියගේ උපදෙස් මත අධිකරණ ආරක්ෂක කොට්ඨාශයේ කොස්තාපල් සුරංග රණසිංහ මහතා කළ පැමිණිල්ලක් මත මෙම විභාගය සිදු කරයි. අදාළ දුරකථන අංකය සම්බන්ධයෙන් වාර්තාවක් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබාගත යුතු බව කෙසෙල්වත්ත පොලිසිය කියා සිටියේය.
අනතුරින් යතුරුපැදියේ ගිය දෙදෙනාම මරුට
2013 මැයි 03 02:25 p.m
මහරගම ඇරැව්වල මාර්ගයේ දි කැබ් රථයක් සහ යතුරු පැදියක් (03) අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාම මිය ගොස් ඇත. මොරකැටිය දෙස සිට ඇරැව්වල දෙසට යතුරු පැදිය ධාවනය වෙමින් තිබියදී ඊට ප්‍රතිවිරුද්ද දෙසින් පැමිණි කැබ් රථය යතුරු පැදියේ ගැටී තිබෙන බව විමර්ශණ වලින් අනාවරණය වූයේ යැයි මහරගම පොලිසිය සදහන් කරයි. යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති බවත් පිටු පස ගමන්කළ තැනැත්තා ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ගෙන යමින් සිටියදී මියගොස් ඇති බවත් පොලිසිය කියයි.
ලයිට් නෑ: වතුර නෑ: බිල් නැති නිසා දරුවන්ට පාසලුත් නෑ
2013 මැයි 03 12:50 p.m
දෙනියාය කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ ඌරුබොක්ක ජාතික පාසල අවට පදිංචි අසරණ දෙමාපියන් 22 දෙනෙකුගේ දරුවන් 22 ක් 2013 වසරදී පළමු වසර පංතියට ඇතුලත් කර නො ගෙන දැනට මාස හතරක කාලයක් ගත වී තිබේ.
රජරට මල් කැකුළු 2000ක් මව්වරු වෙලා
2013 මැයි 03 11:30 a.m
"රජරට පාරම්පරික දිවි පෙවෙත ගැන විමසනවිට ළමා වයසින් විවාහවීම රජරට ජන ජීවිතයේ සාමාන්‍ය පුරුද්දක්. ගැහැනු දරුවකු වැඩිවියට පත්වූ පසු ඇය විවාහයට සුදුසු වන බව හැඟවීමට වැඩිවියට පත්වීමට එදා කිවේ "පිළ හොඳ වෙනවා" කියලයි. ඒ කියන්නෙ විවාහයට සුදුසුයි කියන එකයි. නමුත් වර්තමානයේ ජන ජීවිතයේ පවත්නා සංකීර්ණත්වය අනුව සහ නීති රීති අනුව අඩු වයසින් විවාහ වෙන්න බැහැ. අඩු වයසින් විවාහ වුණාම මවටත් දරුවන්ටත් අතුරු ආබාධ ඇතිවන්නට ඉඩ තිබෙනවා."යි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්‌ඩාර මහතා හෙළි කළේය.
ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් සෙවීම යළි අරඹයි
2013 මැයි 03 11:00 a.m
ඉරනතිව් දූපතට කිලෝ මීටර 04ක් දුරින් වු උතුරු මුහුදු තීරයේදි එල්.ටී.ටී.ඊ ප‍්‍රහාරයකින් මුහුදට කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීම අද (03) යළි ආරම්භ කෙරේ. කිමිදුම්කරුවන් යොදා සිදු කෙරෙන විශේෂ මෙහෙයුමකින් යානයේ සුන්බුන් ගොඩගැනීම සිදු කෙරුණු බව නාවික හමුදාව ප‍්‍රකාශ කරයි.
හෙරොයින් ඇද්ද බස් කොන්දොස්තර හිරේට
2013 මැයි 03 10:15 a.m
කොළඹ සිට වව්නියාවට හෙරෝයින් මත්කුඩු ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට හලාවත දිසා විනිසුරු ජගත් කහඳගම මහතා විසින් වසර 01 ක සිර දඩුවමක් නියම කරන ලදි. මෙසේ සිර දඩුවම් නියම වුයේ යාපනය - මනිප්පායි පදිංචිකරුවෙකු වන ටී.තනුජ් නම් අයෙකුටය.
More Articles...
Page 19 of 26
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>
ගංජා කිලෝ 05 යි ග්රෑම්



වැඩි කරන ලද විදුලි බිල වහාම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල 

ඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.




ශ්රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,



පසුගිය 




අපේ රටේ ඕනෑම 
අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.





මෙරට ජනතාවගේ පාරිභෝජනයට අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණයෙන් වැඩි කොටසක් තවමත් විදෙස් රටවලින් නේද ආනයනය කරන්නේ?