lakbima.lk
අපි එක්වෙන එක හීනයක් තමයි
2013 මැයි 16 09:30 a m
විදුලි බිල වැඩිකිරීම වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති විසින් කරනු ලබන අරගලය සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෙත එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිති සිය සහයෝගය පළකරන බවට සාකච්ඡාවලදී පැවසුවා මිසක දේශපාලනමය වශයෙන් සහාය දීමේ ව්‍යාපාරයකට වේදිකාගත වීමට තීරණය කර නොමැති බවබස් ගාස්තු නංවනතුරු මාරාන්තික උපවාසයක්
2013 මැයි 16 08:43 a m
බස් ගාස්තුව වැඩි නොකිරීමට එරෙහිව පෞද්ගලික බස් සමාගම් සම්මේලනය විසින් 19 දා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනයට සමගාමීව ජාතික ගමනාගමන කොමිසම ඉදිරිපිට එදින පෙරවරුවේ මාරාන්තික උපවාසයක නිරතවීමට එම සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා තීරණය කර ඇත.
සිසුන් බිලි ගන්නා මත් ටොෆියක් : දෙමවුපියනි අවධානයෙන්
2013 මැයි 16 12:15 a m
මත්වීම සඳහා භාවිත කරන ටොෆි වර්ගයක් මේ දිනවල පාසල් ළමුන් අතර කිසියම් පුද්ගල කණ්ඩායමක් විසින් බෙදාහරින බවට තොරතුරු හෙළිව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී. දරුවන් ඒවා භාවිත කළ පසු ඒවාට ඇබ්බැහි වීමක් දක්නට ලැබෙන බවත්,
පිටින් එන කිරිපිටි රේගු පරික්ෂාවට
2013 මැයි 15 05:50 p m
විදේශීය රටවල සිට මෙරටට ගෙන්වන සෑම කිරිපිටි වර්ගයක්ම රේගුවේදීම විකිරණ පරික්ෂාවට ලක්කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂිත කමිටුව තීරණය කර ඇත. මෙම පරික්ෂා කිරීම් විදේශීය රටක රසායනාගාරයක් තුළ සිදුකරන අතර ඒවා කුමන රටකට යවනවාද යන්න පිළිබඳය තවමත් තීරණය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කීය.
මහා ක්‍රෙඩිට් කාඩ් වංචාවක් හෙළිවේ : සල්ලි ගියේ කොටි කටටද සැකයි
2013 මැයි 15 09:10 p m
හොර ක්‍රෙඩිට් කාඩ්වලින් එතෙර ක්‍රෙඩිට් කාඞ් හිමියන්ගේ රුපියල් විසිහය කෝටියක වංචාවකට සම්බන්ධ 13 දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. රාජ්‍ය නොවන සංවිධාන දෙකකට සහන පදනම හා කාන්තා සංවර්ධන පදනමේ නමින් රාජ්‍ය බැංකුවක තැන්පත් කැර ඇති අතර එම සංවිධානය මෙරට කිසිම පොදු වැඩක් කැර නැති බවත් ඒ මුදල් කොටි සංවිධානයේ අරමුදලට ගියේදැයි සැකබවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ගැබිනි මව්න්ගේ එච්.අයි.වී. පරික්ෂා කරයි
2013 මැයි 15 04:55 p m
ගැබිනි මව්වරුන්ගේ එච්.අයි.වී. පරික්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කරයි. මේ වන විට මව්වරුන්ගෙන් එච්.අයි.වී. වැළදුන දරුවන් 60 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර තවත් එවැනි දරුවන් බිහිවීම වැලැක්වීම සදහා මෙම තීරණය ගෙන ඇතැයි එච්.අයි.වී. ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා කීය.
හෙරොයින් තියාගත් සිල්ලර වෙළෙන්දා දිවිතෙක් රිමාන්ඩ්
2013 මැයි 15 04:50 p m
හෙරොයින් ග්‍රෑම් 16.3 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සිල්ලර වෙළෙන්දෙකුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිරදඬුවම් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (15) නියෝග කළේය. ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය පාර, නව කැළණිපුර පදිංචි ද්‍රවිඩ ක්‍රිස්තියානි සිල්ලර වෙළෙන්දෙකු වන සුසෙහි ජේසු දාසන් නොහොත් බණ්ඩා යන අයට මෙසේ සිර දඬුවම් නියම කෙරුණි.
මවකට අතවර කළ සන්ධාන මන්ත්‍රී ඇතුලට
2013 මැයි 15 04:40 p m
දෙදරුමවකට අතවර කළ පහර දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් කරන්දෙණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී (සන්ධාන) ජී.ජයන්ත සුරවීර ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ලබන 29වනදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබේ. සැකකරුසමෘද්ධි නිලධරයෙකුද වන අතර සීට්ටු මුදල් ගැනීමට කාන්තාවගේ ගෙදරට ගිය විට
පාර හරියට හදන්න කී ව්‍යාපාරිකයාට මැර ප්‍රහාරයක්
2013 මැයි 15 03:27 p m
රජය මගින් ලබාදුන් මුදල් වලින් මාර්ග අලූත්වැඩියා කිරීමේදී කොන්ත‍්‍රාත්කරු විසින් ප‍්‍රමිතියට අනුකූලව ඉදිකිරීම් කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ඊට විරෝධය පෑ ව්‍යාපාරිකයෙකුට කොන්ත‍්‍රාත්කරුගේ මැරයන් විසින් පහරදී බරපතල තුවාල සිදුකර ඇත. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ගල්නෑව ඩී 01 ළදරු පාසල ඉදිරිපිට පදිංචි දිනේෂ් නදීක ශ්‍යාමාල් (35) මහතායි. ඒ මහතා 10 වනදා පහර කෑමට ලක් වු බවත් එතැන් සිට ඉකුත් 13 වනදා දක්වා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි බවත් ගල්නෑව පොලිසියෙන් පැමිණ තමාගෙන් කටඋත්තර ලබාගෙන ගියත් මෙතෙක් පහර දුන් පුද්ගලයන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නොමැති බවද ඔහු පැවසීය. හිසට වැදුනු පොලූ පහරකින් ඔහුගේ හිස පැලී යාම නිසා ඊට මැහුමී 18 ක් යෙදීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
විදුලි බිලට බනිමින්, ආණ්ඩුවට ගුණ ගයමින් දෙපිරිසක් පා ගමන් අරඹති
වෙනස් මත දෙකක් දරන පා ගමන් දෙකක් අද (15) පස්වරු 2.30 ට දෙතැනකින් ආරම්භ වූ අතර එම පා ගමන් අවසන් කරන්නේ එක තැනකිනි. විදුලි බිල වැඩි කිරිමට එරෙහිව එක් කණ්ඩායමක් සහ ආණ්ඩුවට සහය පළ කරමින් තවත් කණ්ඩායමක් පා ගමන් අරඹා ඇති අතර ගැටුම් ඇතිවීම වැළැක්විමට ආරක්‍ෂාව දැඩි කර ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රකට ක්‍රියාදාම නිළියගේ පියයුරු යුගළ ඉවත් කරයි
2013 මැයි 14 02:38 p m
සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී පියයුරු පිළිකාවකට ලක්වීමේ අවධානමින් මිදීම සඳහා පූර්ව නිවාරක පියවරක් ලෙස සිය පියයුරු යුගලම ඉවත් කිරීමේ සැත්කමකට ලක් වූ බව පසුගියදා ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අනාවරණය කළාය. තිස්හත් හැවිරිදි සය දරු මවක් වන ජොලී සිය එඩිතර තීරණයට හේතු දක්වමින් කියා සිටියේ ජානමය වශයෙන් තමන්ට පියයුරු පිළිකාවක් වැළඳීමේ 87% ප්‍රවණතාවක් ද,
ලොකු ළූණු වලට ලෝක බැංකුවෙන් මුක්කුවක්
දේශීය ලොකු ළූණු වගාවේ පසු අස්වනු හානිය අවම කර ගොවියාට ඉහළ ආදායමක් උපයාදීමේ වැඩ පිළිවෙලකට ලෝක බැංකුව මූල්‍යාධාර ලබාදීමට පියවර ගෙන ඇත. මාතලේ දිසාපති/දිස්ති‍්‍රක් ලේකම් හෙලන් ඒ මීගස්මුල්ල මහත්මියගේ සභාපතිත්වයෙන් ඊයේ(14) දා පැවති දිස්ති‍්‍රක් කෘෂිකර්ම කමිටුවේදී මෙම වැඩ පිළිවෙල පිළිබඳව කරුණු අනාවරණය කෙරුණි. මේ යටතේ දඹුල්ල, ගලේවෙල, නාඋල, ලග්ගල, සහ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් තෝරා ගත් ගොවීන් 500 දෙනෙකු සදහා ලොකු ළූණු ගබඩා පන් සියයක් ඉදිකර ගැනීමට මූල්‍යාධාර ලබාදීමට පියවර ගෙන තිබේ. ලොකු ලූනු අස්වැන්න නෙලීමේ කටයුතු ආරමිභ කිරීමත් සමග ඇති වන මිල පහත වැටිම සහ ලොකු ළූණු අලවි ගැටලුව අවමකර ගැනීමේ අරමුණ ඇතිව යෝජිත වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක කරන බව දිසාපති මීගස්මුල්ල මහත්මිය පැවසුවාය.
පොල් ගහ ඉඩමක් අරන් දෙයි
2013 මැයි 14 01:40 p m
අධිකරණ නියෝගයක් මත පදිංචි වී සිටි ඉඩමෙන් ඉවත් කිරීමෙන් තමන් ඇතුළු දරු පවුලට ජීවත්වෙන්නට ඉඩමක් නොමැති බව පවසමින් දමන පොලිස් බල ප්‍රදේශයට අයත් එක්ගල් ඔය ග්‍රාමයේ වැසියෙකු අද (15 ) පෙරවරුවේ දමන ප්‍රදේශීය ලේකම් කාර්යාල භුමියේ පිහිටි පොල් ගසකට නැග විරෝධතාවයක් දැක්වීය. පොල් ගසට නැග විරෝධතාවය ප්‍රකාශ කරනු ලබද්දී ගස මුල රැදී වුන් ඔහුගේ බිරිද සහ පාසල් ඇදුමෙන් සැරසී සිටි දරු දෙදෙනා ගස මුලට වී ජංගම දුරකතනයක් මගින් තම පියා සමග තොරතුරු හුවමාරු කර ගනු ලැබීය. තමන් පදිංචි වී සිටි ඉඩමෙන් තමන් ඇතුලු පවුලේ සැමට ඉවත් වීමට සිදුවුයේ වසමේ ග්‍රාමසේවා නිලධාරි සහ ජනපද නිලධාරි එක්ව බොරු තොරතුරු ලබාදීම නිසා බවත් ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කර තමන්ට නිවසක් තනා ගැනීමට විකල්ප ඉඩමක් ලබා ගැනීම සදහා මෙලෙස කටයුතු කිරීමට සිදුවු බව විරෝධතාකරුගේ බිරිද පොල් ගස මුල සිට පැවසීය.
21 ළමයි පාසැල් එව්වට වැඩක් නෑ
- ලංකා ගුරුසේවා සංගමය
2013 මැයි 14 01:55 p m
21 වැනිදා විදුලි බිල අඩු කරන්නැයි ආණ්ඩුවට බලකරමින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කෙරෙන හෙයින් එදිනට ළමයින් පාසල්වලට එවීමෙන් වලකින්නැයි ලංකා ගුරුසේවා සංගමය මව්පියන්ගෙන් ඉල්ලා සිටී. ගුරුවරුන් නොමැතිවිම නිසා පාසල් කිසිවක එදින ඉගැන්වීමක් සිදු නොවනු ඇති බව එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේය . මේ අතර මෙම වැඩවර්ජනයට සහභාගි වන්නේ දැයි මෙතෙක් තීරණය කර නොමැති බවත් විදුලිබිල වැඩි කිරීමට එරෙහිව අද(15) පැවැත්වෙන ඒකාබද්ධ
ඊයම් ගුලි ‘රන් ගුලි’ කළ ටෝගා ට වෙච්ච දේ
ඊයම් ගුලිවලට රන් ආලේප කර ඒවා රත්තරං බව අඟවා රුපියල් ලක්‍ෂ පහකට පුද්ගලයන් දෙදෙනෙකුට අළෙවි කළ සැකකරුවන් වන ටෝගා සහ තුෂාර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් පෙරෙදා (14) රාත‍්‍රියේ අත්අංඩංගුව ගෙන ඇත. හම්බන්තොට සූරිය වැව ප‍්‍රදේශයේ බේකරි කර්මාන්තයේ නියැලෙන මාමෙකු සහ බෑනෙකු කළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර කලත්තෑව සහ නෙළුම්කුලම පදිංචි සැකකරුවන් දෙදෙනා අත්අංඩංගුවට ගෙන ඇත.පැමිණිලිකරුවන් දෙදෙනා මීට මසකට පමණ ඉහතදි පාදයේ ආබාධයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා අනුරාධපුර විජේපුර ප‍්‍රදේශයට පැමිණ ඇති අතර එහිදි සැකකරුවන් හඳුනාගෙන ඇත. ඔවුන් පවසා ඇත්තේ ගඩොල් කපමින් සිටියදී ඉබ්බන් හැඩැති රත්තරං පිරවූ මුට්ටියක් හමුවූ බවයි.
ඒ.ටී.එම් ප්‍රවේශමෙන්
2013 මැයි 14 01:07 p m
මෑත කාලයේදී ඒ.ටී.එම් වංචා සුලභ වීම නිසා ඒ.ටී.එම් කාඞ්පත් භාවිතයේදී වඩා විමසිලිමත් වන ලෙසත් එම කාඞ්පත් අස්ථානගතවීමට නොදි රැක ගැනීමටත්, ඒ.ටී.එම් යන්ත‍්‍රයට රහස්‍ය අංකය ඇතුළු කිරීමේදී විමසිලිමත්විය යුතු බවත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කිසියම් සැකයක් ඇතිවුවහොත් වහාම සිය බැංකුව අමතන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජපන් ජාවාරමක් කළ කතට දඩ
2013 මැයි 14 12:30 p m
ජපන් රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු දී පුද්ගලයෙකුගෙන් රුපියල් 345000/- ක් වංචා කළ බවට සැකකොට මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුට පැමිණ වූ කාන්තාවක රුපියල් ලක්‍ෂයක් බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් 25000/- ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත‍්‍රාත් චතුරිකාද සිල්වා මහත්මිය නියෝග කළාය. ඇප මත මුදාහළ මෙම කාන්තාව මාතලේ කවටයාමුණ ප‍්‍රදේශයේ පදිංචිකාරියෙකි. මාතලේ මූලස්ථාන පොලිසියට ලැබුණු පැමිණිල්ලක් විමර්ශණය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය හමුවට පැමිණවූ අස්ථාවේදී මෙම නියෝගය කෙරුණි.
වකුගඩු රෝග මරුවාට එරෙහිව කඩුල්ලක් බඳී
2013 මැයි 14 12:38 p m
රජරට ඇතුලු ගොවි ව්‍යාපාරවල ගොවීන්ගේ ජීවිත බිලි ගනිමින් මධ්‍යම හා වයඹ පළාත් දක්වා පැතිර යන මාරාන්තික වකුගඩු රෝගයට පිළියමක් ලෙස තිරසාර වී වගාව හඳුන්වා දීමට පියවර ගත් බව අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. මේ වනවිටත් කෘෂි රසායනිකවල බලපෑම මෙම රෝගයට හේතුවී ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදී ඇති කරුණු සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තෙමින්තුවේ නියෝජ්‍ය කාර්යාලය මාතලේ දිස්ති‍්‍රක් සමිබන්ධිකරණ කමිටුවට දන්වා තිබේ. මේ යටතේත ගොවීන් කාබණික පොහොර භාවිත වී වගාවට යොමු කරන අතර කාබණික පොහොර නිශ්පාදනය ඉහළ නංවා රසායනික පොහොර භාවිතය ක‍්‍රමයෙන් අවම කිරීමට නියමිත බව නිලධාරිහු කියති.
අම්පාර වෙල්යායක අභිරහස් මරණයක්
2013 මැයි 14 12:30 p m
අම්පාර, උහන 29, ජනපදයේ වෙල් යාය අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයේ කන්තලේ ඩිපෝ සේවයේ නියුතු කොන්දොස්තරවරයෙකු ය. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. කුඹුරට ගිය සැමියා නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් බිරිඳ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඔහු සෙවීමට යාමේ දී මළ සිරුර හමුවී තිබේ.
කළමණාකරු කැළණි ගඟට පනී
පෞද්ගලික ආයතනයක කළමණාකරු වශයෙන් සේවය කළ අයෙක් ,කැලණි ගඟට පැනීමෙන් සිය දිවි නසාගෙන තිබේ. ඔහු කැලණිමුල්ලළ ගංගාතිලක විහාරස්ථානය අසළට ජීප් රථයකින් ආ ඔහු ඉන් බැස කැලණි ගඟ ආසන්නයේ මඳ වේලාවක් සිට ඇති අතර අනතුරුව ගඟට පැන ඇතැයි වාර්තා වේ. මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ 40 වන වියේ පසුවූ ශෙහාන් නානායක්කාර නැමැති බව පොලීසිය පවසයි. මළ සිරුර සෙවීමේ කටයුතු නාවික හමුදාව ආරම්භ කර ඇති අතර වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
පාසැල් දරුවන්ට 22දා නොමිලේ වනෝද්‍යාන බලන්න ඉඩ
2013 මැයි 14 12:20 p m
එලබන 22 වැනිදා ලෝක ජෛව විවිධත්ව දිනය යෙදී තිබෙන අතර එදිනට ජාතික වනෝද්‍යාන නැරඹිමට පැමිණෙන පාසල් දරුවන්ගෙන් මුදල් අය නොකිරීමට වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ අනුව හෝටන්තැන්න, යාල සහ විල්පත්තු වැනි වනෝද්‍යාන එදින නොමිලේ නැරඹිමට පාසල් ළමයින්ට අවස්ථාව ලැබෙන අතර ලෝක ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කර ඇතැයි වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා පවසයි.
More Articles...
- මුහුදු කූඩැලු ජාවාරමක් කොටු
- මේ පළාත් සභාව පිස්සන් කොටුවක්: අපි එන්නේ පුටු රත්කරන්න නෙවෙයි
- පත්තර ලියාපදිංචිය උස්සයි
- විදුලිය හොරකම් කළ සන්ධාන මන්ත්‍රීට දඩ
- හොර කච්චේරි හතරක් කොටු
- බුද්ධ පුත්‍රයකුට පහරදුන් පාප පුත්‍රයන්ට වැඩ වරදී
- සපුගස්කන්දේ තෙල් ගබඩා හිස්: පිරිපහදු නැවතීමෙන් දවසට කෝටි 6ක් පාඩුයි
- කිරිපිටි සාම්පල යළි පරීක්ෂාවට
Page 2 of 17
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
කොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කීරීම සමරමින් අද(18) කොළඹ ගාලු මොදර පිටියේ පැවති විජයක්ග්‍රහණයේ ආරක්ෂාව සදහා නාවික හමුදාව විසින් සාගරයේ ආරක්ෂාවට යොදා තිබූ ඩිංගි බෝට්ටුවක් බම්බලපිටිය සමුද්‍ර තීරයේදී පෙරලී තිබේ. එම ඩිංගි බොට්ටුවේ නාවික සෙබලුන් හතර දෙනෙක් ගමන් කොට ඇති අතර



උතුරේ පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව මේ වන විට නිල 

ඉද්දමල්ගොඩ ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටයේ නම “සිනහව අතරින්”.





ගල්කිස්ස විද්‍යා විදුහල හා බම්බලපිටිය ශා. පීතර විදුහල අතර අන්තර් පාසල් රග්බි තරගයේදී තරග විනිසුරු ලබාදුන් තීරණයකට එරෙහි වූ විද්‍යා ක්‍රීඩකයින් තරග විනිසුරුට පහරදීමට පෙළඹීම හා තැත්කිරීම සම්බන්ධව එම විදුහල් බලධාරීන් එම කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු හා ක්‍රීඩකයකුට දඬුවම් පමුණුවා තිබේ.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා “ඒ” පිල සහ ඒකාබද්ධ පිල අතර පැවැති තරගයෙන් දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඒකාබද්ධ පිලට කඩුලු 7ක ජයක් හිමි විය.
ශ්රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල වත්මන් නායකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂ යොවුන් ක්‍රීඩකයකු වන ඇන්ජලෝ ක්‍රිකට් විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තරග දිනවන්නකු ලෙසය. බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිකරගත් නිරහංකාර ක්‍රීඩකයකු ලෙස ද ප්‍රකට ඇන්ජලෝ මැතිව්ස්ගේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 58ක ජයක් ලැබිමට ශ්‍රී ලංකා පිල සමත්විය.
පසුගියදා හෙයියන්තුඩුවේදී පැවැත්වුණු ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා අවසන් පූර්ව තරගවලින් නාත්තන්ඩිය ‘යුනයිටඩ්’, බොරලැස්ගමුව ‘බලරැස්’ සහ සියඹලාගොඩ ‘කපිල’ යන ක්‍රීඩා සමාජ ජයග්‍රහණ ලබා තරගාවලියේ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබූහ.







පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර





කවදත් ආන්දෝලනාත්මක කතා කීමේ රුසියකු වන විමල් වීරවංශ ඇමැතිවරයා තෙසතියකට ඉහතදී යළිඳු වරක් රට කළඹන කතාවක් කීවේය. ඒ ඔහු විසින් නායකත්වය දරනු ලබන ජාතික නිදහස් පෙරමුණේ මැයි රැලියේදීය.




ජනපතිවරයා ඉකුත් සතියේදී උගන්ඩාවේ නිල සංචාරයක යෙදුණේය. මීට මාස ගණනාවකට පෙර උගන්ඩාවේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළුණු අතර එහිදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතා අනුව ශ්‍රී ලංකා නායකයා මෙම සංචාරයේ නියැළුණේය. ඉකුත් බදාදා ජනපතිවරයා උගන්ඩාවේ කම්පාලා අගනුවර ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා ගියේය. ප්‍රදර්ශනය නරඹන අතරතුර තේ පැන් පානය කරමින් සිටින අතරේදී ජනපතිවරයා සමග මෙම සංචාරයට එක්වූ සජින් වාස් ගුණවර්ධනගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේය. 


