lakbima.lk
පංති තහනම් සිසුන්ට විභාග තහනමක් නෑ ඒත් සරසවි භූමිය තහනම් - උපකුලපති

අවතැන්වූවන්ගේ ඡන්ද අයිතියේ තීන්දුව දවසක් ඇතුලත ජනපතිට
2013 ජුනි 04 03:40 p.m
අවතැන්වූවන්ට ඡන්ද අයිතිය ලබාදීමේ අරමුණින් සැකසූ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත අද (04) සළකා බැලූ අතර එහි තීන්දුව පැය 24 ක් තුළ ජනාධිපතිවරයාට හා කථානායකවරයාට දැනුම් දෙන බව අධිකරණයට දැන්වීය. අගවිනිසුරු මොහාන් පීරිස් සත්‍ය හෙට්ටිගේ, රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙය සළකා බැලිණි. මෙම පනත වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් සුලු අඩුපාඩු සකසා ගනිමින් ඉදිරිපත් කළහොත් මෙය වැඩි වශයෙන් අවතැන්වූ බහුතරයකට ඡන්ද අයිතිය ලබාදෙන පනතක් වන බවයි. මෙම පනත ලංකාවේ මානව හිමිකම් සැළසුමේ කොටසක් බව අගවිනිසුරු නිරීක්‍ෂණය කරන ලදී.
නිශානි ලසිතා හේරත්
සොරකම් වළක්වන්න බැරි නම් මට සෞඛ්‍ය ඇමැති ධූරය වැඩක් නෑ
2013 ජුනි 04 03:30 p.m
වයඹ පළාත් අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද තීන්දු තීරණ පවා ක්‍රියාත්මක නොකරණ නිලධාරි පැළැන්තියක් වයඹ පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව තුළ සිටින බවත් ටෙන්ඩර් මගඩි වලට සම්බන්ධ වෙමින් ඔවුන් කරනු ලබන වැඩ වලට අනුමැතිය දී ඔවුන්ව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වනු පෙනෙන්නට තිබෙන බවත් අද (04) වයඹ පළාත් සභාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පළාත් සෞඛ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා සඳහන් කළේය. සභාපති ආර්.ඩී.විමලදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභාව සශී ශාලාවේදී රැස්වුණු අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කරුණු දැක්වූ අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා මෙසේද කීය.
පුංචි මාලු අල්ලා දඩ කති
2013 ජුනි 04 02:35 p.m
තහනම් කුඩා කොටු දැල් යොදා මසුන් මැරීම හා ග්‍රෑම් 250 කට අඩු කුඩා මසුන් නීති විරෝධී අයුරින් සන්තකයේ තබාගැනීම හා මුදලට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා සිටි පුද්ගලයින් තිදෙනෙකුට අයෙකුට රුපියල් තුන්දහස් පන්සියය බැඟින් රුපියල් දසදහස් පන්සියයක මුදලක් ගෙවීමට ඊයේ (03) කන්තලේ මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.එම්.ජයරුවන් දිසානායක මහතා එම අධිකරණයේදී නියෝග කරන ලදී. දඩ ගෙවීමට සිදුවූයේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ එන්.ඩී. කුමාරසිංහ, පෙරාරු ජනපදයේ එම්.එම් මොහොමදු ෆාරුක්, හා වැව්සිරිගම සසික දුලාංජලී යන අයටයි.
රුක්මල් වනසිංහ - කන්තලේ
නල්ලතන්නි ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම්
2013 ජුනි 04 01:25 p.m
අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් නල්ලතන්නිය ග්‍රාම නිලධාරිවසමේ ග්‍රාම නිලධාරිනියගේ සේවය මේ වනවිට අත්හිටුවීමට අඹගමුව ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. නල්ලතන්නිය ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිනිය සේවය කරමින් සිටියදී සිදුව ඇතැයි කියන මුදල් වංචාවක් පිළිබඳ අඹගමුව ප්‍රාදේශිය ලෙකම් කාර්යාලය මඟින් සිදුකරනලද මූලික පරික්ෂණයක් මත මෙම ග්‍රාම නිලධාරිනියගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇත.
සුදත් සෙල්ලහේවා - හැටන්
ගංජා සාලිය ගංජා කිලෝ 5 ක් සමග කොටුවේ
2013 ජුනි 04 01:20 p.m
ගංජා කිලෝග්රෑම් 05 කට වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු මේ මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරුවන ගංජා සාලිය නැමැත්තාට අයත් 03 වන පියවර ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක් තුළදී ගංජා කිලෝ 05 යි ග්රෑම් 200 ක් සමඟ මොවුන් අත්අඩංගුවට පත්වී ඇත.
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
කුඩා ඔය කනත්ත නාය යයි මළ සිරුරු වසන්න පොලිතින් දමයි
2013 ජුනි 04 01:10 p.m
හැටන් ප්‍රදේශයට මේවන විටත් විටින් විට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන් කුඩාඔය පොදු සුසාන භූමියේ කොටසක් කඩා වැටීමෙන් මිහිදන්කරන ලද මළ සිරුරුවල කොටස් මතුවන්නට පටන් ගෙන ඇත. හැටන් - නුවරඑළිය මාර්ගය පුළුල් කිරීමේදී මෙකී සුසාන භූමියට අයත් කොටස්ද කපා දැමුනද එකී කොටස් සඳහා
ආරක්ෂකයන්ගේ කටේ ප්ලාස්ටර් අලවා සඳකඩපහන ගලවා ගෙන යති
කැබිතිගොල්ලෑව හේරත් හල්මිල්ලෑව රජමහ විහාරයට අද (04) අළුයම 3ට පමණ පැමිණි දස දෙනෙකුගෙන් පමණ සමන්විත මැර පිරිසක් විහාරයේ සඳකඩ පහන පැහැර ගෙන ගොස් තිබේ. සිවිල් ආරක්ෂක භටයන්ගේ කටවලට ප්ලාස්ටර් අලවා, අත, පය ගැට ගසා සඳකඩ පහන පැය තුනක් තිස්සේ ගැලවීමේ මෙහෙයුමක් එහිදී සිදු වී තිබේ. මෙම සඳකඩපහන මහනුවර යුගයට අයත් යැයි කියති. එය වසර තුන් සියයකට වඩා පැරැණි බවත් සඳහන් ය. මීට පෙරත් මෙම සඳකඩපහන ගලවා ගෙන යාමට පැමිණි පිරිසක් විහාරාධිපති හිමියන්ගේ අත්පා ගැට ගසා උත්සහ දරා තිබූ නිසා සිවිල් ආරක්ෂක භටයින් මෙම විහාරයේ ආරක්ෂාව සඳහා යොදා තිබිණ.
ජයලත් වෙනුවට අජිත් අද දිවුරයි
2013 ජුනි 04 12:05 a.m
දොස්‌තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවයෙන් හිස් වූ ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (04 වැනිදා) කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.ඒ එක්‌සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසය. 2010 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ඡන්ද 44821 ක් ලැබූ ඔහු මනාප ලැයිස්‌තුවේ හයවැනියා වූ ඒ මහතා 2002 වසරේ ගම්පහ මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් මහ නගර සභාවේ ප්‍රථම පුරපතිවරයා ලෙස තේරීපත්විය.
ඇඹිලිපිටිය සභාපති භාර වෙලා
2013 ජුනි 04 12:00 a.m
ඉකුත්දා ඇඹිලිපිටිය - දඩුහැතැක්ම ප‍්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි පනාමුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පසුගියදා (27) පහරදී පොලීසිය මඟහරිමින් සිටි බව කියන ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාපති එම්.කේ. අමිල් මහතා ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද(04) භාර වී තිබේ.
කෝටිපතියාගෙන් ලොතරැයි නියෝජිතට අපූරු තෑග්ගක්
2013 ජුනි 04 11:40 a.m
රුපියල් ලක්‍ෂ 100 කට අධික ලොතරැයි ජයග්‍රහණයක් හිමි කරගත් කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයෙකු අනුරාධපුර ලොතරැයි අලෙවි නියෝජිතවරයෙකුගේ සහයකයෙකුට අපූරු ත්‍යාගයක් ලබා දීමේ පුවතක් අනුරාධපුර නගරයෙන් වාර්තා වේ. කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරු මීට සති කිහිපයකට ඉහත දී අනුරාධපුර නගරයට පැමිණ ඇති අතර
සූරියවැව ‘නැණසල’ට ලෝකයේ ඉහළින්ම
2013 ජුනි 04 11:15 a.m
ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමිවෙයි. ස්පාඤඤයේ ග්‍රැනඩා නුවර පැවැති ජගත් තොරතුරු තාක්‍ෂණ සංසදයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී සූරියවැව නැණසලට මෙම සම්මානය ලැබී තිබේ.
28 කණුව අසළදී කතක් බිලි ගනී
2013 ජුනි 04 11:05 a.m
අද (04) අළුයම අම්පාර නුවර ප‍්‍රධාන මාර්ගයේ 28 කණුව අසල ප‍්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් කාන්තාවක්(71) ජීවිතක්ෂයට පත්ව තිබේ.
නීති පීඨය සුද්ධ කරයි:වසා දමන්නේ නෑ
2013 ජුනි 04 10:05 a.m
ඩෙංගු මදුරු කීටයින් සිටින ස්ථාන හමුවීමත් සමඟ නීති පීඨය තාවකාලිකව වසා දමා එය පිරිසිදු කරන ලෙස කොළඹ මහ නගර සභාව, නිර්දේශ කර තිබුණ අතර විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මදුරුවන් බෝ වන බවට හඳුනාගත් ස්ථාන අද (4) පෙරවරුවේ සිට පිරිසිදු කිරීම ආරම්භ කරන බව එහි පාලනාධිකාරිය පවසයි. මේ අතර උපකුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතා පැවසුවේ,
හුළු ගං ඉවුරෙන් මිනිස් සිරුරක්
2013 ජුනි 04 10:30 a.m
බළන්ගොඩ විජනත් කුඹුර හුළුගඟ ආශ්‍රිත තැන්නහේන තොටුපලෙන් මියගිය පුද්ගල සිරුරක් ගොඩගෙන තිබේ. මියගිය පුද්ගලයා වයස අවු රුදු 72ක්වු වීරසිංහ පතිරණගේ සුදසිංහ නැමැත්තෙකි. මෘතසිරුර බළන්ගොඩ මූලික රෝහළේ තැන්පත් තර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය 05 වැනිදා සිදු කිරීමට නියමිතය. මෙම පුද්ගලයා පසුගිය 31 වැනිදා සිට ආගිය තැනක් නොමැති බවට පොලීසියේ පැමිණිල් කර ඇත. මියගොස් ඇත්තේ බළන්ගොඩ රාස්සගල විජනත්කුඹුරේ පදිංචිකරුවෙකි.
බෙලිහුල්ඔය ලාලනී රත්නායක
ඉන්දියාවේදී බි‍්‍රතාන්‍ය යුවළක් පැහැරගත් ලාංකිකයින් දැලේ
2013 ජුනි 04 10:05 a.m
චෙන්නායි හිදී බි‍්‍රතාන්‍ය ජාතික යුවළක් පැහැර ගත් ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු 9 දෙනෙකු ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ. ඉන්දීය රුපියල් දෙකෝටි 58 ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා මෙම යුවල පැහැරගෙන ඇති අතර එම යුවළ තමිල්නාඩුවේ නිවසක් වෙත ඊයේ
ඉන්දියාවේ සිට මන්නාරම හරහා මහා මත් ජාවාරමක්
2013 ජුනි 04 01:25 a.m
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ හෙරොයින් සහ කේරළ ගංජා තොගයක් තලෙයිමන්නාරමට රැගෙනවිත් රට පුරා බෙදා හැරීමේ මහා පරිමාණ ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අනාවරණය කරගෙන තිබේ.
දුම්රියපාර හරස් කොට හිරියාලේ උද්ඝෝෂණයක්
2013 ජුනි 04 10:00 a.m
කුරුණෑගල හිරියාල ප්‍රදේශයේ විරෝධතාවයක නිරත පිරිසක් වවුනියාව සිට කොළඹට පැමිණෙන දුම්රිය හිරියාලේ දී නතරකොට තිබේ.
අල්ලස් ගත් හෝමාගම දිසා විනිසුරු නඩුව:
- අධිකරණයට අපහාසයක් නොවන සේ පරීක්ෂණ කරන්න අල්ලස් කොමිසමට නියෝගයක්
2013 ජුනි 03 07:45 p.m
නඩුවක පැමිණිලිකාරියගෙන් රුපියල් ලක්‍ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ හා ඔහුගේ අරක්ෂාව භාරව කටයුතු කළ හෝමාගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි යන දෙදෙනා ජුනි 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාක මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද(03) නියෝග කළේය.
More Articles...
Page 15 of 48
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ ඒ සඳහා නැවත සංශෝධන ගෙන ඒමට උත්සාහ කිරීම වරදක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බව ඉන්දීය



ශ්රී ලංකාවේ හමුදා සාමාජිකයන් ඉන්දියාවේ පුහුණු කිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් විරෝධතා 

තුන්වැනි සාක් චිත්‍රපට සම්මාන උළෙල අවසන් ව දින ගණනාවක් ගත වී තිබේ. එහි උණුසුම වියැකී ගොසිනි. ඒ පිළිබඳ ගැඹුරුවූත්, දැවැන්තවූත් සමාජ කතිකාවක් නිර්මාණය විය යුතුව ම තිබුණ ද තවමත් (මෙම ලිපිය ලියන මොහොත වන විටත්) එවන් දෙයක් වූයේ නැත. මෙරට සිනමා සම්මාන උළෙලක් පැවැත්වීමේ









චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අලුත් කර ගැනීමට සමත්විය.




BlackBerry
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් විසින් නව සංචාරක නාමාවලියක් පසුගියදා එළිදක්වනු ලැබිය. මෙම සංචාරක නාමාවලිය බෙදා හැරීම සංකේතවත් කරමින් එහි පිටපතක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධානය
නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.
රසික වැලිහිඳ. ඔහු පාරම්පරික තරුණ කපු මහතෙකි. ඔහු දැන් එම ක්‍ෂේත්‍රයට ප්‍රවීණයෙකි. ඒ වයස අවුරුදු 8 සිට ගුප්ත විද්‍යාව හා සම්බන්ධව වැඩ කරමින් ඒ සම්බන්ධව යම් පළපුරුද්දක් ඔහු ලබා තිබෙන බැවිනි.
වර්තමානයේ පරිගණකය පොදු උපාංගයක් වී ඇති කල, අප බොහොමයක් දෙනා පුරුදු වී සිටින්නේ අවශ්‍ය අනවශ්‍ය සියලුම තොරතුරු පරිගණකයේ ගබඩාකර තැබිමටයි. දුරකථන අංකයේ, ඊ මේල් ලිපිනයේ පටන් බැංකු ගිණුම් තොරතුරු, ණයපත් අංක දක්වා බොහොමයක් වැදගත් තොරතුරු සඟවාතබන රහස් සේප්පුව
බලපිටිය ආශ්‍රිත මහ මුහුද තවමත් ප්‍රචණ්ඩය. සුළං තත්ත්වය පැයට සැතපුම් කොපමණ ගණනකින් ගමන් ගන්නේ දැයි අපට අනුමාන කොටවත් පැවැසිය නොහැකිය.
මාතලේ නගරයේ පාසලක බාල වයස්කාර සිසුවියක අසම්මත ලිංගික හැසිරීමකට යොදා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් මීට සති කීපයකට පෙර වාර්තා විය. එකොළොස් හැවිරිදි මෙම සිසුවිය පාසලේම සිසුවියන් දෙදෙනකු විසින් අපයෝජනය කළ බවට පැතිර ගිය රාවය නගරයේ පාසල්වල ඉගෙනුම ලබන දියණිවරුන්ගේ මව්පියන් කලබලයට පත් කරවන්නට සමත් විය.
විපතකදී එකට එකතු වී කටයුතු කිරීම මනුස්ස ස්වභාවයේ හැටිය. මෙවැනි එකතුවීමකින් තොරව කිසිදු ජාතික ගැටලුවකට විසඳුම් සෙවිය නොහැකිය.



රෑ වැටුණු වළේ දවල් නොවැටී අවබෝධයක් ඇතිව මේ රට ගොඩනැගීමට එකට එක්වෙමු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිලිනොච්චියේදී පැවැසීය.