Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

එදා ඇන ගත්තේ එක්කෙනයි: මෙදා දෙන්නම ඇන ගන්නවා

- ඇමැති අර්ල් කියයි

2013 මැයි 20  04:05 p m
Earl-Gunasekaraවිපක්ෂය වර්ජනය කරන්නේ සුළු දේවල්වලට විතරයි. මේකත් ඒවගේ එකක්. එකම කාර්යාලයයක් හෝ වහලා පෙන්වන්නැයි මා ඔවුන්ට අභියෝග කරනවා.  වර්ජන කරන්න ගිහින් ලාල් කාන්ත එකපාරක් ඇන ගත්තා. මේ පාර රනිලුයි ලාල් කාන්තයි දෙන්නම ඇන ගන්නවා.” යි වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

කොටි දෙමළ ඊළාම් ව්‍යවස්ථාව හඳුන්වා දෙති

Jagathkot-captionසිවු වැනි ඊළාම් සටන පරාජය වී සිවු වසරකි. නමුත් කොටි ඩයස්‍පෝරාවට තවමත් ඊළම නැතිව බැරිය. read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

ආණ්ඩුවට කඩේ ගිය කලාකාරයො කාටවත් ආපසු හැරෙන්න බැහැ

ප්‍රවීණ කලාකරු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක

ranjanඅප අසා ඇති ආකාරයට රන්ජන් රාමනායක යනු සිනමා නළුවෙක් වීම සඳහා අතිශය දුෂ්කර ගමන් මගක පැමිණි පුද්ග්ලයෙක්. මේ දුෂ්කර ක්‍රියාවට ඔබට කොතරම් කාලයක් ගත වුණාද....?

අවුරුදු 25ක් පමණ. read-more
Read more...

2013-05-15   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.9700 , විකුණුම් මිල රු.128.0200| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.7000 , විකුණුම් මිල රු.195.2300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.7000, විකුණුම් මිල රු. 166.0700 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.128.3800 , විකුණුම් මිල රු.133.3000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.8400, විකුණුම් මිල රු.126.2700| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.122.7400 , විකුණුම් මිල රු.127.4600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.0300 , විකුණුම් මිල රු.103.4900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2164, විකුණුම් මිල රු.1.2591 |

- සමුදුර -  

- ක්‍රීඩා පුවත් -  

අපරාජිත ත්‍රිත්ව ශා. ජෝසප්ට පරදියි

rugby-picturesසිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පෙරළියක් ඇතිකරමින් ලකුණු සටහනේ පෙරමුණේ සිටි අපරාජිත මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 18-17කින් පරාජය කිරීමට මරදාන ශාන්ත ජෝසප් විදුහල සමත් විය.

මාලිංග අයි.පී.එල්. කඩුලු 100 ලබාගත් පළමු පන්දු යවන්නා වෙයි

Malingaඅයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියේදී කඩුලු 100 සීමාව පසු කළ පළමු පන්දු යවන්නා බවට පත් විය.

විනිසුරු තීරණවලට විරෝධය පළකර රාජකීය අතරමගදී තරගයෙන් ඉවත්වෙයි

rugby-fiteසිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට තවත් අමිහිරි අත්දැකීමක් එක්කරමින් පසුගිය සති අන්තයේ පැවැති රාජකීය-ඉසිපතන තරගයේදී විනිසුරු තීරණවලට විරෝධය පළ කර රාජකීය විදුහල තරගයේ අතරමගදී ඉවත්ව යාම නිසා ජයග්‍රහණය ඉසිපතන විදුහලට හිමි විය.

නදීකා ලක්මාලිට අනුග්‍රාහකයෙකුත් නෑ

  • ග්‍රෝන්ප්‍රී උළෙල වර්ණවත් කළ හෙල්ල විසිකිරීමේ ජාතික ශූරිය
  • අමාත්‍යංශයෙන් කිසිම දීමනාවකුත් නෑ

gonpree

පසුගිය දා පැවැත් වූ 2013 ආසියානු ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය නිමාවට පත්වීමත් සමගම ශ්‍රී ලංකාවේ ජාතික තලයේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්  කීපදෙනෙක්  ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විශේෂ අවධානයකට ලක් විය. නදීකා ලක්මාලී, ඩබ්ලිව්.කේ.එල්. නිමාලි, චන්ද්‍රිකා සුභාෂිණී, කසුන් කල්හාර සෙනෙවිරත්න, ලයනල් සමරජීව සහ මංජුල කුමාර වීරසේකර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කිහිප දෙනෙකි.

ශ්‍රී ලංකා පිල අපරාජිතව තෙවැනි ජයත් වාර්තා කරයි

උපුල් තරංගගෙන් ශතකයක්
upul-taranga

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (16) පල්‍ලේකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කඩුලු 3ක ජයක් ලබමින් තම අපරාජිත බව රැක ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

ලෝක චෙස් ශූරතාවයේ තඹ පදක්කම දිනා ගනී

cupppr
පසුගියදා ග්‍රිසියේ ලෝක චෙස් ශූරතාව සඳහා පැවැති තරගයෙන් දිනිති පංචලි ශිෂ්‍යාව තඹ පදක්කම දිනා ගත්තාය.

රණවීර සහ කාවරී නව තරග වාර්තා පිහිටුවති

  • ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

ritipenini

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 2013 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (16දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, පළමු දිනය නිමාවට පත්වන විට නව තරග වාර්තා 2ක් බිහි විය. මිටිය විසිකිරීම අවු. 20න් පහළ බාලක ඉසව්වේදී මාතර රාහුල මහා විද්‍යාලයේ ඩී.එම්. රණවීර (මී. 31.23) සහ අවු. 23න් පහළ රිටි පැනීම බාලිකා ඉසව්වේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආර්. කාවරී (මී. 3.10) නව තරග වාර්තා පිහිටුවීමට සමත් වූහ.

විද්‍යා විදුහල රග්බි විනිසුරු සංගමයෙන් සමාව අයදියි

විද්‍යා විදුහල් රග්බි පුහුණුකරු-කළමනාකරු සහ ක්‍රීඩකයකුට දඬුවම්
මෙම දඬුවම ක්‍රීඩා සමාජවලටත් ආදර්ශයක් - ඩිල්රෝයි
16-2ගල්කිස්ස විද්‍යා විදුහල හා බම්බලපිටිය ශා. පීතර විදුහල අතර අන්තර් පාසල් රග්බි තරගයේදී තරග විනිසුරු ලබාදුන් තීරණයකට එරෙහි වූ විද්‍යා ක්‍රීඩකයින් තරග විනිසුරුට පහරදීමට පෙළඹීම හා තැත්කිරීම සම්බන්ධව එම විදුහල් බලධාරීන් එම කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු හා ක්‍රීඩකයකුට දඬුවම් පමුණුවා තිබේ.

දිමුත්ගේ ශතකයෙන් ඒකාබද්ධ පිලට ජය

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය
16-1ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා “ඒ” පිල සහ ඒකාබද්ධ පිල අතර පැවැති තරගයෙන් දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඒකාබද්ධ පිලට කඩුලු 7ක ජයක් හිමි විය.

newsalertsmall


ඔබට සුභ වෙසක්
On-line-Anura-horesasඔලු බක්කන්ට වේවැල් කසායves1වෙසක් උත්සවය ළඟ ළඟම එයි. පෙර වසරවල තරම් වෙසක් ප්‍රබෝධයක් මෙවර ජනතාව තුළ නැති තරම්ය. එක බකට් එකක් වෙනුවෙන් අමතර විදුලි බල්බයක් දල්වන්නට සිදුවීම ගැන ජනතාව මෙවර දෙවරක් කල්පනා කර බලන බවක් පෙනේ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

2013 පළමු කාර්තුවේදී සෙලාන් බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය 26කින් ඉහළට

13-2පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර

ලස්සන ෆ්ලෝරා ශ්‍රී ලංකාවේ ප්‍රථම මල් සහ ත්‍යාග විස්තර නාමාවලිය එළිදක්වයි

sangeetha2

මල් සහ ත්‍යාග විස්තර නාමාවලිය (Catalogue) 2013 එළිදක්වමින් සහ කොළඹ මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට නොමිලයේ ගෙනැවිත් බාරදීමේ සේවාවක් ආරම්භ කරමින් ලස්සන ෆ්ලෝරා ආයතනය ශ්‍රී ලංකාවේ මල්කම් ක්‍ෂේත්‍රයේ නැවුම් වෙනසකට මුලපුරා තිබේ.

ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය සමග අපගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමට හැකි වීම සැබවින්ම ආඩම්බරයක්

Ajala- ඇන්ජලා රිචඞ් ජයතිස්ස මෙහෙයුම් අධ්‍යක්ෂිකා
ඇතුගල් පුරවරයෙන් සමාරම්භ වී ශ‍්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජනප‍්‍රිය නාමයක් බවට පත්වෙමින් ජාත්‍යන්තරය දක්වාම ව්‍යාප්ත වූ රිචඞ් ටේ‍්‍රඩිං ව්‍යාපාරය ආරම්භ වනුයේ 1960 වසරේදීය.

- විශේෂ පුවත් -  

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

idiappඑළැඹෙන වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.

අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?

anjanam2

අංජනම් එළි බැලීම දැනට අභාවයට යමින් පවතින පැරණි ගැමි ගුප්ත විද්‍යාත්මක කාරියකැයි සමහරෙක් සිතති. එහෙත් එය වැරදිය. අද ද කොළඹ නගරය සහ ඒ තදාසන්න ප්‍රදේශවල අංජනම් එළි බලන ස්ථාන සියයට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

බන්ධනාගාරයේ තිත්ත ඇත්ත

Prisanසිරකරුවන් 600ක් හිටියත් කෑම උයන්න කුස්සියක් නැති අපේ රටේ සිරගෙයක්
ළමා කාලයේ සම වයසේ මිතුරන් සමග එකතුවී වෙසක් උත්සවය වෙනුවෙන් තරුවක් සාදා සිදු වූ අකරතැබ්බ මට අද මෙන් මතකය. තරු තුනකින් යුක්ත මෙම අපූරු වෙසක් කූඩුව සාදා පැටවුන්ද එල්ලා අවසානයේ එය නිවසේ ඉදිරි දොරේ උළුවස්සෙන් පිටතට ගන්නට බැරි විය.

යුද ජයග්‍රහණයේ මතක සටහන්

Uda-samarumaතිස් වසරක් පුරා මේ ‍පොළොව මත ‍ලේ ගංගා නිර්මාණය කළ වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මරණයට පත්වූයේ අද (19) වැනි දිනකය. ඒ දිනය හරියටම කියනවා නම් දෙදහස් නවයේ මැයි දහනව වැනිදාය.

ලයන් එයාර් සුන්බුන් අතරින් හමු වූ හැඳුනුම්පතේ සිටින ගුණමනී ජීවතුන් අතර සිට හමුවෙයි

Lione-airවසර 15ක් මුහුදේ ගිලී තිබි මතු වූ හැඳුනුම්පතේ අබිරහ‍ස
කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ දේ‍පොළවලට සහ සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට එල්ල කළ බිහිසුණු ප්‍රහාර දැන් කෙමෙන් කෙමෙන් මතකයෙන් ඈත් වෙමින් පවතී.

ප්‍රභා පාස‍ලේදී වැඩ බැරි නිසා නිතරම බැණුම් ඇසූ කෙනෙක්

prabha-1ප්‍රභාකරන් සමග එක පන්තියේ සිටි පාසල් මිතුරා හෙළි කළ කතාව
කොටි නායක වේලුපිල්‍ලේ ප්‍රභාරකරන් දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා ලෙස පෙනී සිටියත් ඔහු පාසල් කාලයේ පන්තියේ වැඩවලට ඉතා අදක්ෂ ශිෂ්‍යයකු බව පැවසේ.

Who's Online  

We have 1687 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

කතා මැද කතා - සතියේ දේශපාලන සිදුවීම් සමාලෝචනය

පවිත්‍රා හිරේ වැටෙන්න ආසයිලු

උගන්ඩාවට දුරකථන ඇමතුමක්

mahinda rajapaksaජනපතිවරයා ඉකුත් සතියේදී උගන්ඩාවේ නිල සංචාරයක යෙදුණේය. මීට  මාස ගණනාවකට පෙර උගන්ඩාවේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ  සංචාරයක නියැළුණු අතර එහිදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතා අනුව ශ්‍රී ලංකා නායකයා මෙම සංචාරයේ නියැළුණේය. ඉකුත් බදාදා ජනපතිවරයා උගන්ඩාවේ කම්පාලා අගනුවර ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා ගියේය. ප්‍රදර්ශනය නරඹන අතරතුර තේ පැන් පානය කරමින් සිටින අතරේදී ජනපතිවරයා සමග මෙම සංචාරයට එක්වූ සජින් වාස් ගුණවර්ධනගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේය. read-more

lakbima.lk

උතුරේ ඡන්දයට පෙර පොලිස් ඉඩම් බලතල ඉවතට

2013 මැයි 19  09:50 a m

Votinglඋතුරේ පළාත් සභා මැතිවරණයට පෙර දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් ඉඩම් හා ‍පොලිස් බලතල ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. එම සංශෝධනයේදී ‍පොලිස් බලතල යම් ප්‍රමාණයකට ඉතිරි කරන ලෙස දැනට කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇත.

 

විජයක්ග්‍රහණයේ ආරක්ෂාවට යොදා තිබූ ඩිංගි බෝට්ටුවක් මහ මුහුදේ පෙරළේ

2013 මැයි 18  12:50 p m

sri-lankan-navy-boatsකොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කීරීම සමරමින් අද(18) කොළඹ ගාලු මොදර පිටියේ පැවති විජයක්ග්‍රහණයේ ආරක්ෂාව සදහා නාවික හමුදාව විසින් සාගරයේ ආරක්ෂාවට යොදා තිබූ ඩිංගි බෝට්ටුවක් බම්බලපිටිය සමුද්‍ර තීරයේදී පෙරලී තිබේ.

   

උතුරේ ඡන්දයට පෙර‍පොලිස් ඉඩම් බලතල ඉවතට

2013 මැයි 18  08:25 a m

elecඋතුරේ පළාත් සභා මැතිවරණයට පෙර දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් ඉඩම් හා ‍පොලිස් බලතල ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. එම සංශෝධනයේදී ‍පොලිස් බලතල යම් ප්‍රමාණයකට ඉතිරි කරන ලෙස දැනට කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇත.

   

ශක්තිජනක පාන වර්ග ගැන අනතුරු ඇඟවීමක්

2013 මැයි 18  09:15 a m

canවයස අවුරුදු දොළහෙන් පහළ ළමුන්ට ශක්තිජනක පාන වර්ග දීම සුදුසු නැති බව මූලවේදිය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී, කායික රෝග විශේෂඥ  වෛද්‍ය වරුණ ගුණතිලක අවධාරණය කරයි.

   

මේ දිනවල සී.එෆ්.එල්. බල්බ ගැන පරෙස්සමෙන්

2013 මැයි 18  09:10 a m

c-f-lප්‍රමිතියෙන් බාල සී.එෆ්.එල්. (CFL)බල්බ මේ දිනවල විශාල වශයෙන් වෙළෙඳප‍ලේ අලෙවිවන බැවින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්නැයි විෂ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි. ප්‍රමිතියෙන් බාල මෙම බල්බවල රසදිය අධික ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන බැවින්

   

සිසුවාගේ හිසේ යකඩ කූරක් ඇනේ

2013 මැයි 17  04:55 p m

Picture-1දඹුල්ල, දිගම් පතන කණිෂ්ඨ විදුහලේ 9 වන වසරේ ඉගෙනුම ලබන ඉෂාර මධුසංඛ ශිෂ්‍යාගේ හිස මත යකඩ කූරක් ඇනීමෙන් බරපතල තුවාල ලබා අද (17) පස්වරු 2 ට පමණ දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

   

ජනතාවට ‘කොකා’ පෙන්නූ ග්‍රාම නිලධාරි 9 ට චෝදනා

2013 මැයි 17  01:30 p m

floodනුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් නම දෙනෙකුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා යටතේ විනය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා සඳහන් කරයි. නුවරඑළියේ කොටගල ප්‍රදේශයේ එක් ග්‍රාම නිලධාරියෙකු තම රාජකාරිය පැහැර හැරීමේ ‍චෝදනාව මත ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉකුත් 15 දා සිට ස්ථාන මාරුකර හැරීමට පියවර ගත්බව කියන ඒ මහතා ඉතිරි අට දෙනෙකු පිළිබඳ තමන්ට ලැබී ඇති තොරතුරු හා පැමිණිලි අනුව විනය ක්‍රියා මාර්ග ගන්නා බවද කියයි.

   

තිරිසන් පියා අවුරුදු 15 ක් සිරගෙට

2013 මැයි 17  02:35 p m

lowඅවුරුදු 14 ක් වයසැති තම දියණිය දූෂණය කළ බවට අධි චෝදනා ලත් පියෙකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසිලි වික්‍රමසිංහ මතුරට මහත්මිය බරපතල වැඩ ඇතිව වසර 15 ක සිර දඬුවමක් නියම කර රුපියල් 7500/- ක දඩයක් පැනවිය. දඩ නොගෙවන්නේ නම් තවත් මාස 6 ක් සිර දඬුවමකට යටත් කෙරිණ. වැලිවේරිය, හීන්පත්වල දී අවුරුදු 14 ක් වයසැති දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ පියාට ගම්පහ මහාධිකරණයේ අධි ‍චෝදනාවක් එල්ල කර තිබුණි. චෝදනාවට විත්තිකරු වරද පිළිගත් අතර මහාධිකරණ විනිසුරුවරිය පැවසුවේ මෙය තිරිසන් සමාජයක සිදුවන සිදුවීමක් බවත්,

   

රෙදි තොටිල්ලට ගිනි ඇවිලි බිළිඳා මියයයි

2013 මැයි 17  01:45 p m

giniiහලාවත, මාදම්පේ පොල්වත්තක් මැද තිබූ පොල් අතු පැළක් ගිනි ගැනීම නිසා එහි තොටිල්ලක නිදා සිටි වයස අවුරුදු 01 යි මාස 03 ක් වයසැති දරුවා පිළිස්සී මියගොස් තිබේ. ඊයේ (16) සවස 5 ට පමණ මව සිය දරුවා නිදි කරවා රෙදි තොටිල්ලේ තබා පළා ටිකක් කඩා ගෙන එන්නට පිටතට ගොස් තිබේ. පිටතට යාමට පෙර ඇය ලිප තැබූ බත් මුට්ටිය පිසෙන්නට දැල්වූ දර කැබිලිවලින් විසි වූ ගින්දරවලින් පොල් අතු පැළ ගිනි ගෙන තිබෙන බව මූලික පොලිස් විමර්ෂණවලදී අනාවරණය වී තිබේ.

   

පුද්ගලික බස් රියක් තලංගමදී මගීන් යටකරයි දෙදෙනෙක් මියයති

2013 මැයි 17  01:30 p m

busssමාර්ග අංක 171 ට අයත් පුද්ගලික බස් රියක් අද (17) පස්වරු 12.10ට පමණ තලංගම,කොස්වත්ත රෝහල ඉදිරිපිට පිහිටි බස් නැවතුමේදී මගීන් යටකර ගෙන ඇදීයාම හේතුවෙන් එම බස් රියට යට වී දෙදෙනෙක් එතැනම මරුමුවට පත් වී තිබේ. මෙම බස් රථය කොටුවේ සිට තලංගම, කොස්වත්ත දක්වා ධාවනය වෙමින් තිබිණ. එහි ගමනාන්තය වන්නේ කොස්වත්ත රෝහල ඉදිරිපිටයි. මෙම බස් නැවතුමේ කඩුවෙල හා ගොඩගම දෙසට යන මගීන් ද සිටිති. අදාළ බස් රිය මෙම ස්ථානයට ළඟා වන විට එහි වැඩි මගීන් සිට ඇත්තේ දෙතුන් දෙදෙනෙකි. ඔවුන් එම නැවතුමෙන් බසින්නට සූදානමින් සිට ඇත.එක්වරම බස් රිය වමට බර වී වම් පැත්තට ඇදී ගොස් ඇත.

   

පින්නවල අලියෙක්ට බොන්න වතුර දෙන කොට පිටකොන්ද හපා කාලා

2013 මැයි 17  01:10 p m

pinnawalalaපින්වල අලි අනාථාගාරයේ සේවකයෙකුට අලියෙකු විසින් පහර දී හපා කෑමෙන් පසු බරපතල තුවාල ලබා කෑගල්ල ‍මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය. ඊයේ (16) මෙම අලියා නහවා ගෙනැවිත් බැඳ සවස 4 ට පමණ රාත්‍රී කෑම වේල දී ජලය ලබා දීමට යාමේදී අලියා විසින් පහර දී, හපා කා ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා අලියාට ජලය දෙන්නට පහත් වී තිබේ. එම අවස්ථාවේ දී පහර දී පිටකොන්ද හපා කා ඇත. අලියාගේ දත් පහර බරපතල ලෙස පිටකොන්දට වැදී ඇතැයි දැන ගන්නට තිබේ.

   

සිරගෙදර ලොක්කා මොබයිල් ෆෝන් 22ක් සොයා ගනී

2013 මැයි 17  12:00 p m

mobileeකොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊයේ (16) රාත්‍රියේ කළ සෝදිසි කිරීමකින් දුරකථන 22 ක් සොයා ගැනුන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය. බන්ධනාගාර පොලිසිය යොදවා රැඳවියන් 20 ක් රඳවා සිටින කුටියක් පරික්ෂා කිරීමේදී මෙම දුරකථන සොයා ගැනීමට හැකි වූ බව ද ඒ මහතා කීය. මෙම සෝදිසි කිරීමේ දී රුපියල් 3000 කට ආසන්න මුදලක්, දුරකථන චාජර්, ගංජා හා හෙරොයින් සුළු ප්‍රමාණයක් ද සොයා ‍ගත් බවත් ඒ මහතා පැවසීය.

   

මානසික ආබාධිත මව දරුවන් ළිඳට දමයි , තිදෙනාම මියයති

2013 මැයි 17  11:30 a m

linkata

මානසික ආබාධයකින් පෙලුන මවක් අද (17) උදේ සිය දරුවන් තිදෙනා ළිඳකට දමා ඇයද ළිඳට පැන සියදිවි නසා ගන්නට උත්සහ දරා ඇති අතර මවගේ දිවි බේරී දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ. සිද්ධිය වාර්තා වන්නේ වව්නියාව,පාඬිකුළම් ප්‍රදේශයෙනි. මෙම කාන්තාව දෙමළ ජාතික කාන්තාවක් වන අතර ඇගේ සැමියා සුමනසිරි විජය කුමාරතුංගයි. මොහු ඊයේ (16) පෙරවරුවේ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් එහි නිලධාරින් හමු වී පවසා ඇත්තේ සිය බිරිඳ මානසික ආබාධයකින් පෙළෙන බැවින් දරුවන් තිදෙනා රැක බලා ගැනීම කළ නොහැකි බැවින් දරුවන් සුදුසු ළමා නිවාසයක නේවාසිකව තබන්නට කටයුතු යොදන ලෙසයි.

   

සුරාසල් 24, 25 වැසේ

2013 මැයි 17  11:40 a m

suraselweseවෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් මැයි 24 සහ 25 යන දෙදින තුළ වසා තැබෙන බව සුරාබදු අධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවැසීය. සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් කර ඇති මෙම නියෝගය දිවයිනේ සියලුම සුරාසල් වෙත දන්වා යවා ඇති බවත් කිසියම් සුරාසලක් ඉහත දිනවල සුරාබදු නීති කඩකළහොත් ඔවුන්ට එරෙහිව උපරිම නීති ක්‍රියාත්මක කරන බවද ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවැසීය.

පානුක රාජපක්ෂ

   

21ට පෙර විදුලියට සහන

2013 මැයි 17  09:45 a m

elcmeetreවැඩි කළ විදුලි ගාස්තු සම්බන්ධයෙන් මෙම 21 දාට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතාවට නැවත සහනයක් දෙනු ඇතැයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක සිරිපාල අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. විදුලි ගාස්තු වැඩි කිරීම දඩමීමා කර ගනිමින් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට යම්කිසි කණ්ඩායමක් පාරට බහින්නේ නම්, රට ආරක්ෂා කිරීම සඳහා එවැනි දසගුණයක් ජනතාව පාරට බස්සන බව කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ ය.

   

වෙසක් සමයේ ඔළුබක්කෝ නැටුවොත් වේවැල් පාර

  • පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

galaboda-nanissaraවෙසක් උත්සව සමයේ ඔළුබක්කන් නැටීම වැනි නුසුදුසු ක්‍රියාවල යෙදුණොත් බොදුබල සේනා සංවිධානයේ හිමිවරු වේවැල ගෙන පාරට බසිනා බව එහි ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.

   

ඩීසල්-පෙට්‍රල් වෙනස් වෙයි

- ඇමැති අනුර කියයි
2013 මැයි 17  12:30 a m

anura77දැනට වෙළෙඳ‍පොළේ පවතින ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 98 වර්ගයේ පෙට්‍රල්ද  හඳුන්වා දෙන බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

   

ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙල මේ දිනවල

2013 මැයි 16  04:45 p m

krida212මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා උළෙලක් 25 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග මැයි මස 11 වැනි දා සිට ජුලි මස 07 වැනි දා දක්වා මහරගම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගණයේ  සහ දිවයිනේ ක්‍රීඩාපිටි කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත් වේ.

   

රජරට රැජිනගේ ඇන්ජිම ගම්පහදී ගිනි ගනී

2013 මැයි 16  04:00 p m

kochchi-rajaරජරට රැජින දුම්රියේ ගින්නක් හටගත් බව වාර්තා වේ. මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පො‍ළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ දෝෂයක් නිසා ගින්න ඇති වූ බවත්

   

මත් ජාවාරමුන්ගේ නෑයෝ දෙන්නා හෙරොයින් කිලෝ එකක් සමග කොටු

2013 මැයි 16  07:20 p m

mathමීගමුවට හෙරොයින් බෙදා හරින ලද ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් මත්කුඩු ජාවාරම්කරුවකු හෙරොයින් කිලෝ එකක් සමග පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්‍යාලය ඊයේ (15) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ ඥතීන් බව පොලිසිය හඳුනා ගෙන ඇත.

   

මස් නැති කෑමටත් ප්‍රමිතියක් ගේන සැලසුමක්

PDFPrintE-mail

2013 මැයි 16  03;16 p m
m-asnertthuපිළිගත් ප්‍රමිතියකට අනුව නිර්මාංශ ආහාර පිළියෙල කිරීම
, වෙළඳපළට නිකුත් කිරීම, ආහාර සැකසීම හා පිළිගැන්වීම යන කරුණු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිර්මාංශ ආහාර ගන්නා ජනතාවගේ සැබෑ අරමුණ ඉටු නොවන හෙයින් නිර්මාංශ ආහාරපාන සඳහා ප්‍රමිති හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සැරසෙයි.

   

Page 1 of 19

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.