lakbima.lk
වෙරළ වටේ අනවසර ඉදිකිරිම් දහස් ගානක්
2013 ජුනි 09 05:15 p.m
ශ‍්‍රී ලංකාව වටා වෙරළේ, නිවාස, තානායම්, හෝටල් සහ තාප්ප වැනි අනවසර ඉදිකිරීම් 1200කට වැඩි ප‍්‍රමාණයක් ඇතැයි වෙරළ සම්පත් සහ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වෙරළ සම්පත් සහ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ආචාර්ය අනිල් පේ‍්‍රමරත්න මහතා පැවසුවේ එවැනි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමඋතුරට තල් වෙනුවට රබර්
2013 ජුනි 09 05:11 p.m
උතුරු ප්‍රදේශයේ බහුලව වැවෙන තල් වෙනුවට රබර් වගාව ප්‍රචලිත කිරීම අරමුණ කොට මුලතිව් හා වවුනියා යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 600 ක් අලුතින් රබර් වගා කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත. අනුව රබර් හෙක්ටයාර් 97 ක් මේ වන කොටත් වගා කර තිබේ. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ සඳහා හෙක්ටයාර් 497 ක බිම් ප්‍රදේශයක් හඳුනාගෙන ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 50 කට වගා කටයුතු ආරම්භ කිරීම සඳහා රබර් පර්යේෂණ ආයතනය උපදෙස් හා ආධාර ලබාදී ඇත.
මීගමුවේ ධීවරයාගේ සිරුර තල්දෙක වෙරළේ
වෙන්නප්පුව - තල්දෙක වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇත්තේ මීගමුවෙන් ඉකුත් 07 වැනිදා සවස මුහුදු ගිය ධීවයෙකුගේ මළ සිරුරක් බවට හදුනා ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. ඉකුත් 09 වැනිදා පෙරවරුවේ මෙම මළ සිරුර තල්දෙක වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසියෙකු විසින් සොයා ගෙන පොලීසියට දන්වා ඇත. මිය ගොස් ඇත්තේ මීගමුව - කිඹුලාපිටිය පදිංචි සමන්ත ඇස්බෝන් (35) යන අය බවට හදුනා ගෙන ඇත. ඉකුත් 07 වැනිදා තම ස්වාමි පුරුෂයා ධීවර කර්මාන්තය සදහා මීගමුවෙන් මුහුදු ගිය බවත්,ඉන් පසුව ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බවත් මිය ගොස් ඇති ධීවරයාගේ බිරිද වන මේරියන් නිරෝශණී චන්ද්‍රිකාද සිල්වා යන අය පොලීසියට පවසා ඇත.
ඇලෝෂියස් 6, 7 ශ්‍රේණි සතියක් වසයි
2013 ජුනි 09 04:07 p.m
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩනැගිල්ලට හානි සිදුවීම නිසා ගාල්ල - ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ 6, 7 ශ්‍රේණිවලට හෙට සිට සතියක කාලයක් නිවාඩු ලබාදෙන බව
ඌරෝ ඇද්දේ බලපත් ඇතිවලු
2013 ජුනි 09 03:35 p.m
සෞඛ්‍ය සහතික හා සතුන් ප‍්‍රවාහනය සදහා යොදා ගන්නා වාහන බලපත‍්‍ර නොමැතිව ඌරන් 20 දෙනෙකු ප‍්‍රවාහන කළ බවට චෝදනා නගා කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස දිසා මහේස්ත‍්‍රාත් ලද්දු දර්ශනද සිල්වා මහතා නියෝග කළේය.
මහනුවර රෝහලේ මාතෘ සහ කාන්තා රෝග වාට්ටුව හෙට ජනතාවට
2013 ජුනි 09 03:30 p.m
රුපියල් මිලියන සියයක වියදමින් ඉදිකරන ලද මහනුවර ශික්ෂණ රෝහලේ මාතෘ සහ කාන්තා රෝග සායනය විවෘත කිරීම හෙට(10) පෙරවරු 10.00ට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ මහල් හයකින් යුතුව ඉදි කෙරෙන නව ගොඩනැගිල්ලේ දෙවන අදියර යටතේ නව සායනය ඉදිකර තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ඉදිකර ඇති නව සායනය විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ කාර්යය මණ්ඩලවලින් සමන්විත අංග සම්පූර්ණ සායනයක් වන අතර ඊට අමතර ඖෂධාගාරයක් එක් කිරීමට ද සැලසුම් කර තිබේ.
ජ පුර සිසුන් 21කට සරසවිය තහනම්
2013 ජුනි 09 03:15 p.m
හිටපු ආචාර්යවරයෙකුගේ දේහයත් අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්ව විද්‍යාලයට ගෙනවිත් තිබිය දී පසුගිය 05 වැනිදා විරෝධතා පා ගමනක් සංවිධාන කිරීම හේතුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 21 දෙනෙකුට
අනියම් පත්වීම් ස්තීර නොකළොත් මාරාන්තික උපවාසයකට
2013 ජුනි 09 01:45 p.m
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙදහසකට අධික පිරිසක් ස්ථිර කිරීමට කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් අධ්‍යාපනය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සහ මාරාන්තික උපවාසයක් දියත්කරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ජාතික පාසල්, ගුරු විදුහල්, විද්‍යාපීඨ ආදී ආයතනවල අනියම් පත්වීම් ලැබූ නමසියයකට ආසන්න පිරිසක් සහ පළාත් සභා පාසල්වල අනියම් පත්වීම් ලැබූ දහසක පමණ පිරිසක් වර්ෂ 2009 සිට සේවය කරමින් සිටියි.මෙම අනියම් පත්වීම් ස්ථිර කරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමා සහ අමාත්‍යංශයේ ලේකම්තුමා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර කරුණු ඉදිරිපත් කළ බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පැවසීය.
බිරිඳට උදැල්ලකින් පහර දුන් සෙබලා කූඩු
2013 ජුනි 09 12:56 p.m
බිරිඳට අමානුෂික වදහිංසා පමුණුවා ඇයට උදැල්ලකින් පහර දුන් යුද හමුදාවේ සේවයේ නියුතු සැමියා තිරප්පනේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
පොහොර උර දෙකක පුපුරන බඩු ඇදලා
2013 ජුනි 09 12:55 p.m
වෙඩි බෙහෙත් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් ප‍්‍රවාහනය කළ දෙදෙනෙකු හිදෝගම පොලිස් වසමේ දිවුල්වැව හංදියේ දී හිදෝගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. හිදෝගම පොලීසියේ ස්ථානාධිපතිවරයාටලැබුණු තොරතුරක් මත දිවුල්වැව ප‍්‍රදේශයේ රැක සිට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා සතුව තිබූ පොහොර උර දෙකක මෙම පුපුරණ ද්‍රව්‍ය තිබී ඇත.
වියපත් කතකගේ සිරුරක්
2013 ජුනි 09 12:35 p.m
අභිරහස් ලෙස මිය ගොස් ඇති වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් හලාවත ලුණුඔයේ තිබී සොයා ගත් බව හලාවත පොලීසිය කියයි. මිය ගොස් ඇත්තේ හලාවත - සංඝතට්ටාන පදිංචිව සිටි කේ.ඩී.තෙරේසා හාමි(85) නම අයෙකු බවට ඇයගේ ඥාතීන් විසින් හදුනා ගෙන ඇත.හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් නිශ්ශංක නානායක්කාර මහතා ලුණුඔය පාලම අලසට පැමිණ සිදුකරණ ලද මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරණ ලෙස හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා වෙත නියෝග කරණ ලදි. මිය ගොස් ඇති කාන්තාවට දරු මුණුපුරන්ද සිටියත් ඇය ඔවුන් සමග එකට වාසය කර නැති බව පොලීසිය විසින් හෙලි කරගෙන ඇත.තම පවුලේ අයළුන් සමග මෙන්ම අසල්වැසියන් සමගද මෙම කාන්තාව නිරන්තර ආරවුල් ඇති කරගෙන ඇති බව පොලීසිය කියයි.
ධීවරයින් 18ක් මියගිය බව නි.ඇමති කියයි
සැඩ සුළඟින් යාත්‍රා අනතුරට ලක්වී ධීවරයින් 18 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් ධීවරයින් 36 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.ගාල්ල, කළුතර, කොළඹ හා මීගමුව ප්‍රදේශවලින් මුහුදු ගිය යාත්‍රා 37ක් අතුරුදහන් වී ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
කඳුරට ඔසුවක් උස්සා පිටරට බෙහෙතක් හදලා
2013 ජුනි 09 12:00 p.m
උස් කදුකරයේ දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පැලෑටියක් යොදා සම රැළි වැටීම අවම කරන ආලේපයක් විදේශීය පුද්ගලික සමාගමක් මගින් නීතිමය අවසරයකින් තොරව නිෂ්පාදනය කර ඇත.
ධීවර අමාත්‍යංශයේ හදිසි රැස්වීමක්
2013 ජුනි 09 11:05 a.m
විපතටපත් ධිවරයින් පිළිබඳ දැනට එක්රැස් කර ඇති තොරතුරු සමාලෝචනයටත්, ධිවරයින්ට ලබාදිය යුතු සහන පිළිබඳ තීරණය කරන්නටත් ඇතුලුව මුහුදු ගිය ධිවරයින්ට සිදුවු විපත් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(09)
වල්ලම් 4ක් තවම අතුරුදන්:
කලුවර නිසා ගොඩබිම පෙනුනේ නැතැයි ගොඩ ආ ධීවරයෝ කියති2013 ජුනි 09 10:45 a.m
බලපිටිය මෝදරින් මුහුදු ගිය15 දෙනකු පමණ විවිධ ක්‍රමවලින් ගොඩබිමට පැමිණ ඇති බවත් එහෙත් බෝට්ටු රැසක් පැමිණ නැති බවත් ධීවරයෝ පවසති. වෙරළ තීරයේ විදුලිය විසන්ධි වීම නිසා එළියක් නොපෙනීම හේතුවෙන් ගොඩ බිම සොයා ගත නොහැකිව බොහෝ දෙනෙක් අතරමං වූ බව ගොඩට ආ ධීවරයන් පවසයි.
ධීවරයින් 43ක් තවම නෑ:අදත් මුහුදු යන්න එපා
රට මැද ජලාශවලත් වාන් දොරටු ඇරලා
2013 ජුනි 09 09:59 a.m
ඊයේ(08) මුහුදු ගොස් දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට ලක්වූ ධීවරයන් 43 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.
පියාගේ අවසන් ගමන අද : දියණිය තනිවෙයි
ලක්ෂ 75ක් කොල්ලකෑ සොරුන් නිදැල්ලේ2013 ජුනි 09 12:50 a.m
සිය දියණියගේ විවාහය වෙනුවෙන් ඇය උපන්දා සිට එකතු කළ මුදල කොල්ලකෑම නිසා දැඩි සිත් වේදනාවෙන් හෘදයාබාධයක් වැළඳීමියගිය ඒකල පොලිටෙක් ආයතනයේ
රටට සිදු වූ හානිය ගැන කාලගුණ විද්‍යාඥ කතා කරයි
2013 ජුනි 08 08:50 p.m
අද (07) අළුයම මුහුදු නොයන ලෙස රටේ ධීවර ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (06) සවස විශේෂ කාලගුණ වාර්තාවක් මගින් දැනුවත් කළ බව එහි අධ්‍යක්ෂක චන්න රොද්රිගෝ මහතා පවසයි.
ධීවරයින් රැසක් තවමත් අතුරුදන්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා2013 ජුනි 08 06:50 p.m
ඇමරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජූනි 07 සහ 08 යන දිනවලදී ශ‍්‍රී ලංකාවට දැඩි සුළං තත්ත්වයක් බලපාන බවට පසුගිය මස අවසන් සතියේ ප‍්‍රකාශ කළ ඇතත් ඒ ගැන ශ‍්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
More Articles...
Page 11 of 49
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>
නමුනුකුල, තැන්නේකුඹුර කණිෂ්ඨ විදුහලේ සිසුන් පිරිසක් රැගෙන චාරිකාවකට සහභාගි වී ආපසු එමින් තිබූ පුද්ගලික බස් රථයක් සීතාඑළිය, පොල්ගහකන්ද මාරක වංගුවේදී ආරක්ෂිත වැටත් කඩාගෙන අඩි සියයක් පමණ පහළ පිහිටි සීතාඑළි ඇලට පෙරැලී තිබේ. මෙම මාරක අනතුර සිදු වී ඇත්තේ අද (19) සවස 3.45ට පමණය.



මන්ත්‍රීවරයා විසින් දණ ගැස්වූ ගුරුවරියගේ පාසලේ විදුහල්පතිවරයා තමන් වූවා නම් 











චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අලුත් කර ගැනීමට සමත්විය.




BlackBerry
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් විසින් නව සංචාරක නාමාවලියක් පසුගියදා එළිදක්වනු ලැබිය. මෙම සංචාරක නාමාවලිය බෙදා හැරීම සංකේතවත් කරමින් එහි පිටපතක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධානය
මාතලේ රජයේ පිළිගත්
අප රටේ ඇතැම් ප්‍රධාන 


නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.



ඇයි ඔබ ඉකුත් සතියේ හදිසියේම චීනයට ගියේ?


