Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

සීගිරි දැන්වීමට වහා පියවරක් ඕනෑ
-රාවණා බලය

2013 මැයි 24  05:05 pm
Sigiriya-13ජපානයේ  නිෂ්පාදිත අඩුසැර මත්පැන් රූපවාහිනී දැන්වීමක් සඳහා සීගිරිය පර්වතයේ දර්ශන යොදා ගැනීමට එරෙහිව   රාජ්‍ය තාන්ත්‍රිකව පියවර  ගත යුතුව ඇතැයි රාවණා බලය සංවිධානයේ මහ‍ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ. read-more

 

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

sadu11බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන  read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

කලාවෙන් ඈත්වුණේ හොඳ නිර්මාණ නැති නිසයි

- කමල් අද්දරආරච්චි

kamalඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ. read-more
Read more...

2013-05-21   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200, විකුණුම් මිල රු. 165.2500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200, විකුණුම් මිල රු.125.1900| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102, විකුණුම් මිල රු.1.2526 |

- සමුදුර -  

ආඩින්ගේ වර්ජනේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද?
මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.read-more

- ක්‍රීඩා පුවත් -  

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක්

16-2මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පි‍ලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.

මුම්බායි-රාජස්ථාන් තීරණාත්මක සටන අද

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය
16-1ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තේරීමේ මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය අද (24දා) කල්කටාහිදී පැවැත් වේ.

ආසියාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතයි ඉන්දියාවේ නිහඬ බව ආසියාවටම ප්‍රශ්නයක්

ආසියානු මලල ක්‍රීඩා ‍ලේකම් මොරිස් නිකලස් කියයි
Maurice-Rආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය චෙන්නායි 5 වැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලබයි

හසී සහ බ්‍රාවෝගෙන් සුපිරි දස්කම්
Hussey-and-Raina-copyඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.

ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර

Mesa-panduපොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.

13 න් පහළ දරුවන්ට හොඳ නැති ක්‍රීඩා සොයයි

Kids-footballවයස අවුරුදු 13 න් පහළ දරුවන් නොයෙදවිය යුතු අන්තරාදායි ක්‍රීඩා ඉසව් මොනවාදැයි යන්න හඳුනා ගැනීම සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා යන අමාත්‍යංශ දෙකට අයත් ඉහළ පෙළේ නිලධාරින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් ළඟදීම පත් කීරීමට නියමිත ය.

සබරගමුවේ පංචාලි දැරිය රුසියන් රුසියෝ පරදවයි

Chase1ග්‍රීසියේ, හල්කිඩිකි නුවර පැවැති 2013 ලෝක පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත් වී අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි සිඟිති දියණිය විදුහල් මාතාවගේ හා කෑගලු පුරවාසින්ගේ ගෞරවයට ලක් වූවාය.

ශ්‍රී ලංකාවේ නියෝජනය ක්‍රීඩා 7කට සීමාවෙයි

sportloලබන අගෝස්තු මාසයේ චීනයේ හැංජින් නුවර පැවැත්වෙන තුන්වැනි යොවුන් ආසියාතික ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩා සංඛ්‍යාව 7කට සීමා කිරීමට තීරණය කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

newsalertsmall

rathmalana



ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

21 වැනිදා රට නොවැටී දුවපු රඟ
hee1පසුගිය 21 වැනිදා රට පුරා පැවැති සංඛේත වැඩ වර්ජනයේ දී ලංකා ගමනා ගමන මණ්ඩල‍ය වෙනදාට වඩා රුපියල් ලක්ෂ අසූවක ආදායමක් ඉපැයූ බව එහි සභාපති ශෂී වේල්ගම මහතා කියයි.
එය සහතික ඇත්තය. මෙදින රට පුරා වැඩ වර්ජනයක් තිබුණාදැයි කියන්නටවත් මගී ජනතාව දැන නොසිටියහ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ

Shoping-Mall-Activationශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

- විශේෂ පුවත් -  

නිර්මාංශ ආහාරපාන සඳහා ප්‍රමිති කෙටුම්පතට මහජන අදහස් ලබාගැනීම

වර්තමානය වන විට මස්මාංශ ආහාරයට ගන්නා පිරිස වැඩිවෙලා
 - අමාත්‍ය පාඨලී චම්පික රණවක
11-1වර්තමානයේ මස්මාංශ ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් 2030 වසර වන විට එක් පුද්ගලයෙකු ආහාරයට ගන්නා මාංශ ප්‍රමාණය කිලෝග්‍රෑම් 45.3ක් විය හැකි බවත් තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විදුදය සරසවියේ කුරුටු ගී අතීතාවර්ජනය

14-1සිර කඳවුරක්ව පැවැති විදේ‍යා්දය මණ්ඩපය (දැනට ශ්‍රී ජයවර්ධනපුර සරසවිය) නැවත අධ්‍යයන කටයුතු අරඹන ලද්දේ 1973 වසරේදීය. එතෙක් කලක් 1971 කැරැල්‍ලේ කැරලිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ එක් මධ්‍යස්ථානයක් ලෙස පැවැතියේ විදේ‍යා්දය මණ්ඩපයයි.

සැබෑ බෞද්ධ පිළිවෙත් අනුව දන්සල් දෙන හැටි

Pic-Danselශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
දන්සල් දීම මේ වන විට අප
රටේ ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට පත්ව තිබේ. මෙය සමාජය පුරාම ඉතා පුළුල්ව පැතිරී විවිධ තරාතිරම්වල අය දන්සල් සංවිධාන කටයුතුවල යෙදී සිටින අයුරු දැකගත හැකිය.

කතරගම අසරණ සුනඛයන්ට ස්වේච්ඡා සංවිධානයක පිහිට

Adopt1අපේ රටේ ඕනෑම නගරයක අයාල සුනඛයන් දැකිය හැකිය. නමුත් මොවුන් මහ මගට වැටී තිබුණ ද මොවුන්ගේ මුල් පරම්පරාව බොහෝ දෙනෙක් ගෘහස්ථ සුනඛයෝය.

සැඩ දිය රළ අතර ෂමික අවසන් ගමන් යයි

  • විජයග්‍රහණයේ සිව්වන වසර සැමරූ දා

capp

වසර 30ක කුරිරු යුද්ධය නිමා වූවත් රටදැය වෙනුවෙන් වසර එකොළහක කාලයක් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ මෙන්ම දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරී කළ නාවික හමුදා රණවිරුවෙකුගේ හදිසි අභාවයෙන් මීරිගම පල්ලවෛල ප්‍රදේශය මහත් කම්පාවට පත්ව ඇති අයුරු ඊයේ 19 සවස එහි ගිය ගමනේදී දැකගත හැකිවිය.

කළු සල්ලි සුදු කළහොත් ආර්ථිකයට හොඳයි

BRIBEඅපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව  විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය ‍පොදු කාරක සභාවේ (කෝප්) සභාපති  මානව සම්පත්   පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

Who's Online  

We have 1116 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

‍පොදු රද මඬුලු සමුළුවේ සභාපතිත්වය භාර ගැනීමෙන් රටට කැළලක් ඇතිවිය හැකියි
- එ.ජා.ප. ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල
14-3
මේ වන විට ශ්‍රී ලංකාව තුළ අවනීතිය, මාධ්‍ය මර්දනය, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් තිබෙන බවත්  ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සභාපතීත්වය භාර ගැනීමෙන් පසු එය රටට විශාල කැළලක් ඇති වීමට හේතු වෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ
‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. read-more

lakbima.lk

මලයාසියාවේ රැකියා දෙන කුරුණෑගල තරුණයා කොටු

PDFPrintE-mail

 2013 මැයි 12  01:45 p m
cvgb
මලයාසියාවේ රැකියා ලබා දෙන බව පවසා තවත් රැකියා ඒජන්තවරයෙකු සමග එක්ව මුදල් වංචාවන් රැසක් සිදු කළ බව කියන කුරුණෑගල   පදිංචි තිස් හැවිරිදි තරුණයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපාළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අද (12) අත් අඩංගුවට ගනු ලැබීය. සැකකරු අද උදෑසන ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 319 දරණ ගුවන්යානයෙන් මලයාසියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඉකුත් ජනවාරි මාසයේ මලයාසියාවට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

 

එජාප - ජවිපෙ එකම වේදිකාවකට

PDFPrintE-mail

2013 මැයි 12  12:10 p m

unpjvpවිදුලි බිල වැඩිවීම මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී විපක්ෂයේ සියලු පක්ෂ එක වේදිකාවකට ගෙන ඒමේ වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ වී ඇතැයි විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ සියලු ජනතාවට බලපාන ලෙස විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමට එරෙහිව විපක්ෂය එක වේදිකාවකට ගැනීමේ අරමුණින් මේ වැඩපිළිවෙළ දියත් කර ඇත. සෑම පක්ෂයකම වෘත්තීය සමිති මෙම විරෝධතා ව්‍යාපාරයට පෙළ ගැස්වීමේ ප්‍රථම පියවර ලෙස ලබන 15දා විරෝධතා පා ගමනක්ද 21දා රට පුරා සංකේත වැඩ වර්ජනයක්ද ආරම්භ කිරීමට නියමිතය.

   

මන්ත්‍රීන්ගේ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලීමක්

PDFPrintE-mail

2013 මැයි 12  11:17 a m
parliment-1--Scanපා
ර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කරන ලෙස විපක්ෂයේ  ප්‍රබල මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු උසස් කමිටු රැස්වීමකදී  පසුගියදා යෝජනා කර ඇත. මහාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප වැඩි  කිරීමට ඇමැති  මණ්ඩලයට යෝජනාවක්  ඉදිරිපත්ව ඇති නිසා ඊට සමගාමීව මන්ත්‍රීවරුන්ගේ වැටුපද වැඩි කරන්නැයි ඔහු ඉල්ලා ඇත. විදුලි බිල ඉහළ යාම ආදී කරුණු සමග මන්ත්‍රීවරයෙකුට ලැබෙන වැටුප ප්‍රමාණවත්  නැති බවද ඔහු පෙන්වා දී තිබේ.

   

රාජ්‍ය ආයතන 4ක් ඈවර කෙරේ

PDFPrintE-mail

2013 මැයි 12  10:25 a m
saunugamaරාජ්‍ය ආයතන අටක් අක්‍රියව පවතින අතර එයින් ආයතන හතරක් ඈවර කිරීමට නියමිතව ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති සහ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය. ඈවර කිරිමට යෝජිත රාජ්‍ය ආයතන ලෙස ජනතා ‍පොහොර සමාගම, හිඟුරාන සීනි කර්මාන්තායතනය,

   

දන්සල්වලට සෙනග ගෙන්නන්න බෞද්ධ කොඩිය බෑ

PDFPrintE-mail

කහපාට කොඩියක් භාවිත කරන්න

2013 මැයි 12  10:25 a m
dansel 290pxවෙසක් උත්සව සමයේ දන්සල් පැවැත්වීමේ දී ජනතාව ඒ සඳහා යොමු කිරීමට බෞද්ධ කොඩිය භාවිත නොකොට, ඒ වෙනුවට කහ පාට කොඩියක් භාවිත කිරීම සුදුසු බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සල් සහ වෙනත් වැඩසටහන් පැවැත්විය යුත්තේ කුමනාකාරයෙන්ද යන්නපිළිබඳව

   

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අද

PDFPrintE-mail

2013 මැයි 12  10:15 a m
mothers-love-childrenසෑම වසරකම මැයි මස දෙවන සතියේ ඉරුදින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර අද එම දිනය සැමරේ
.ලෝකයේ උත්තම සෙනෙහසේ පරමාදර්ශය වන “මව් සෙනෙහස”පිළිබඳව සිහිපත් කොට එවන් අග්තුන්ග මව්වරුන්ට උපහාර පිදීම මෙ දිනයේ අරමුණකි.

   

ක්‍රිකට් විකාශන ගිවිසුම නිසා ක්‍රිකට් ආයතනයට බිලියන 4ක පාඩුවක්

PDFPrintE-mail

2013 මැයි 12  12:00 a m
sri-lanka-cricket
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2013-2020 අතර ශ්‍රී ලංකා ක්‍රිකට්  විකාශන අයිතිය ඇමෙරිකානු ඩොලර්  මිලියන 35කට ඉන්දියාවේ ටාජ් රූපවාහිනී ආයතනයට පවරා ඇත. එමෙන්ම 2017 ඉන්දීය සංචාරය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 21 ක වෙනම ගිවිසුමකට එළඹීම හේතුවෙන් රුපියල් බිලියන 04 ක පාඩුවක් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය අප්‍රේල් 16 දා පත්වූ අතර එහි ප්‍රථම විධායක සභා රැස්වීම ප්‍රමාදකර මැයි 09 දා පවත්වා ඇත.

   

17 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා නම් තේරීම් කාරක සභාවට එනවා

රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

2013 මැයි 10 12:45 a m
RANILස්වාධීන කොමිෂන් සභා ඇති කළ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ නම් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

   

ඩෙංගු මදුරුවා වෛද්‍ය ප්‍රදීප්ටත් ‘අනී’

2013 මැයි 10 06:30 pm

Maduruwaකොළඹ නගරයේ ඩෙංගු මදුරු මර්දනය සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම වහාම නතර කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත. රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හේතුවෙන් විශාල පරිසර දූෂණයන් සිදුවන බවත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් මදුරු වසංගතය මර්දනය කළ නොහැකි බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේය.

   

ජනපති නියෝගයෙන් අසාද් සාලි නිදහස්

2013 මැයි 10 04:50 pm

asad56කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි මහතා අද (10) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීමත් සමඟ කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත. අසාද් සාලි මහතා මාස තුනක් රඳවා ගෙන පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග ලබා දි තිබුණද හදිසියේම ඔහුව නිදහස් කර ඇත්තේ ජනපති නියෝගයෙන් බව සඳහන්ය.

   

මංකොල්ලවල යෙදුන එස්.එෆ් සෙබලෙක් අල්ලයි

2013 මැයි 10 4:00 pm
police9යුධ හමුදාවෙන් පළාවිත් රටපුරා මංකොල්ලකෑම්වල නිරතව සිටි විශේෂ බලකා සෙබලෙක් සහ ඔහුගේ ගෝලයෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරුදිසා අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.
අපරාධ කොට්ඨාශයේ සැරයන් චන්දන (48948) මහතාට ලද තොරතුරකට අනුව ඊයේ (09) රාත්‍රියේ මිනුවන්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ අවන්හලක රැදී සිටියදී

   

සමූහ මිනිවළ ගැන ඥාතීන්ගේ ප්‍රකාශ සටහන් කරන්න නියෝග

2013 මැයි 10 3:50 pm

mini-katu2මාතලේ සමූහ මිනිවළේ මීහිදන් කළ බවට සැලකෙන 89/90 වකවානුව තුළ අතුරුදහන් වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මාතලේ මහේස්ත‍්‍රාත් අධීකරණයට දිව්රුම් පෙත්සම් ඉදිරිපත් කළ ඥාතින් සමූහ මිනිවළ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේ පාර්ශ්වකරුවන් බවට පිළිගෙන ලබන මැයි 14 දා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාතලේ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය අද(10) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

   

ගිනි අවි සෙල්ලම් පෙන්නූ උප සභාපතිට ඇප

2013 මැයි 10 2:27 pm

gunගිනි අවි පෙන්වා ටිපර් රථයක් මංකොල්ල කෑ බව කියන දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වූ දෙබැගම ජයන්ත ඇතුළු තිදෙනෙකුට එක් අයෙකුට රුපියල් 50,000/- ක මුදල් ඇප මත හා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කරන්නට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය ඊයේ (09) නියම කළාය.

   

උපාධිධාරීන් 414 දෙනෙකුට ගුරු පත්වීම්

2013 මැයි 10 02:19 pm

degreeරත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පදිංචි විද්‍යා,කෘෂිවිද්‍යා,තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් 414 දෙනෙකුට මෙසේ ගුරු පත්වීම් ප්‍රධානය මෙමස 14 වන දින පෙ.ව 11 ට   රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. පත්වීම් ප්‍රධානය මහ ඇමැති මහීපාල හේරත් අධ්‍යාපන ඇමැති භාණු මුණිප්‍රිය යන මහත්වරු ඇතුළු පළාත් මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු වේ.

   

රිය අනතුරකින් සිසුවෙක් මරුට

2013 මැයි 10 01:10 pm

atha687ආසන්නයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් කරමින් සිටියදී බස් රථයක ගැටීමෙන් බටපොළ කහටපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ආසන්නයේදී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බටපොළ කහටපිටියේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

   

කෝටි එකහමාර කප්පමේ මහ මොළකරු රාළහාමි කෙනෙක්

2013 මැයි 10 2:15 pm

kotiiiiiiiiiiiiiiiiග්‍රෑන්ඩ්පාස් හී පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකු වනවාසලදී පැහැර ගෙන ගොස් දින 16ක් සිරකර ගෙන රුපියල් කෝටි එකහමාරක කප්පමක් ගන්නට උත්සහ දැරූ කල්ලියේ මහ මොළකරු වන හිටපු ‍පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් ඔහුගේ ගෝලයෙක්ද සමග ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබිය.පොලිසියට කට්ටි පනීමින් සැඟ වී සිටි මෙම කොස්තාපල්වරයා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ‍පොලිස් මුර‍පො‍ලේ සේවය කරමින් සිටියදී සේවයට වාර්තා නොකිරීම නිසා සේවය අතහැර ගියා සේ සැලකූ අයෙක් බව ‍පොලිසිය කියයි. පොලිස් බුද්ධි අංශයේ සහ රහස් ‍පොලිසියේ සේවය කරන්නෙක් ලෙස පෙනී සිටි මේ නිලධාරියා නිධානයක් හෑරීමේ සූදානමින් පූජාවක් පවත්වන්නට මහියංගන ,මුතියංගනය විහාරයට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

   

අසාද්සාලි නඩුව කල්තබයි

2013 මැයි 10 12:45 am

asade546කොළඹ මහ නගර සභාවේ හිටපු උප සභාපති අසාද් සාලි මහතා වහාම මුදා හරින ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරල ලද පෙත්සමේ වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා නඩුව මැයි 28 වැනි දිනට කල් තබන ලදී. මෙම නඩුව සත්‍ය හෙට්ටිගේ, චන්ද්‍රා ඒකනායක, කේ.ශ්‍රීපවන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (10) විභාගයට ගැණුනි.

   

Page 12 of 26

<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.