lakbima.lk
විජිත හිමි උපවාසය සමග දේශපාලනයත් අත්හරී
ඉල්ලීම් හයක් මුල්කර ගෙන පසුගිය (17) දා උදේ මහියංගන නගරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළ මහියංගන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වටරැක විජිත හිමියෝ සිය උපවාසය අතහැර ඇති අතර මේ වන විට උන්වහන්සේ රෝහල්ගත කොට තිබේ. කෙසේ වෙතත් උන්වහන්සේගේ ඉල්ලීම් සම්බන්ධව කිසිදු ප්‍රථිචාරයක් කිසිවෙකුගෙන් ලැබී නැති බව වාර්තා වන අතර විජිත හිමියෝ ප්‍රකාශ කළේ තමන් සියලු දේශපාලන කටයුතුවලින් ඉවත්වන බවත්, ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ධූරය අත්හරින බවත්ය.වැඩ බලන විදුහල්පතිට එරෙහිව ශ්‍රී ක්‍රිෂ්ණා විදුහලේ විරෝධතාවක්
කහවත්ත ශ්‍රි ක්‍රිෂ්ණා දෙමළ විදුහලේ සිසුන් 1500ක් පමණ හා ගුරුවර ගුරුවරියන් බොහෝ දෙනෙක් පංති කාමරවලින් පිටතට පැමිණ විරෝධතාවක ආරම්භ කර තිබේ. ඒ, මෙම විදුහලේ වැඩ බලන විදුහල්පතිවරයා වශයෙන් පාසලේ ගුරුවරයකු පත්කර එවීම සම්බන්ධයෙනි. මෙම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව ඊයේ (18) දහවල් රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභාව ඉදිරිපිට දී ගුරුවරුන් විසින් උද්ඝෝෂණයක් පවත්වා ඇත. ඒ , විදුහල්පතිවරයා වංචා හා දූෂණ කිහිපයකට සම්බන්ධ බවට චෝදනා කරමින්ය.
හෙරොයින් කිලෝවක් සමග තිදෙනෙක් අල්ලති
අද (19) අළුයම මහරගමදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කළ විශේෂ කාර්‍ය බලකායට අයත් බුද්ධි සහ විශේෂ මෙහෙයුම් ඒකකය හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 09ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් බර මැනීම සඳහා පාවිච්චි කරන කුඩා තාරාදියක් , ඔවුන් සතුව තිබූ රුපියල් 65000ක මුදලක් ද තිබී අත්ඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්‍ය බලකාය විසින් වැඩිම හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අවස්ථාවක් ලෙස මෙම වැටලීම සැලකේ.
පළාත් සටනට වයඹත් ලෑස්තියි
වයඹ පළාත් සභාව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින ලෙස ඉල්ලා ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ.මේ අනුව ඉතාම නුදුරේදී එම පළාත් සභාව විසිරුවා හරිනු ඇති බව පැවසේ. මේ අතර මධ්‍යම පළාත් සභාව විසුරුවන්නට අදාල නිර්දේශ ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ආණ්ඩුකාරවරයාට දැනටමත් භාරදී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
13 ට සංශෝධන එපා ඉන්දියාව අවධාරණය කරයි
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ ඒ සඳහා නැවත සංශෝධන ගෙන ඒමට උත්සාහ කිරීම වරදක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බව ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්. කරුණානිධි වෙත ලිපියක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා සඳහන් කර ඇත.
උපවාස කරන වටරැක හිමිට අසනීපයි
2013 ජුනි 18 04:25 p.m

විදුලි බිලට එරෙහි පෙත්සම ඉවතට
2013 ජුනි 18 04:20 p.m
රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ නව සංශෝධන ගාස්තු යටතේ ඉහත දමන ලද විදුලි ගාස්තු වලට එරෙහිව මානව හිමිකම් හා සංවර්ධනය සඳහා වූ නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (18) නිශ්ප්‍රභා කළේය. අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රියසාද් ඩෙප් හා රෝහීණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදුණි.
“සිගරට් කාටුන්වල රූපමය අවවාද ඇතුල් කිරීම”පිළිබඳ තීන්දුව කල් තබයි
2013 ජුනි 18 04:15 p.m
සිගරට් කාටුන්වල රූපමය අවවාද ඇතුළත් කිරීමට එරෙහිව ලංකා දුම්කොළ සමාගම විසින් ශේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවේ තීන්දුව ඊයේ ලබාදීමට තිබුණ මුත් එය ජුලි 25 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඊවා වනසුන්දර, සත්‍යා හේට්ටිගේ, ඒ.එම්.මර්සුෆ් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැණුනි. සිගරැට් කාටුන්වල දුම්බීම ශරීරයට අහිතකර බව හැඟවෙන අවවාදාත්මක රූප රාමු හා වාක්‍ය සිගරැට් පැකට් වලින් ඉවත් කරන ලෙස ඉල්ලා දුම්කොළ සමාගම මින් පෙර අභියාචනාධිකරණයේ පවරා තිබූ නඩුව ඉවත දමන ලදී.
වැඩබිම්වල මදුරු තවාන දමන අයට වැඩ වරදී
2013 ජුනි 18 04:10 p.m
නාගරික සංවර්ධන අධිකාරියට අයත් වැඩබිම් ඇතුළු ගොඩනැගිලි ඉදිකරන ස්ථානවල මදුරුවන් බෝවිය හැකි පරිසරයන් නිර්මාණය වී ඇත්නම් එවැනි වැඩබිම්වල කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන බලපත්‍රය අවලංගු කරන ලෙස කොළඹ නගර සභාව නාගරික සංවර්ධන අධිකාරියට නිර්දේශ කිරීමට තීරණය කර ඇත. මේ වන විට කොළඹ නගරයේ ඉදි කරමින් පවතින ගොඩනැගිලි වල මදුරුවන් බෝවීමේ පරිසරයන් නිර්මාණය වී ඇති බව කරන ලද පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේය.
එහෙම ආණ්ඩුවක ඉන්න එකගැන අපිට තවදුරටත් හිතන්න වෙනවා
- ඇමති විමල් කියයි
“තානාපති කාර්යාල වලට සින්න වෙච්ච දේශපාලන කල්ලි පරාජය කරලා ජාතියේ බලපෑම ඉහලට තබලා සැත්තැම්බරයේ ඡන්දය පවත්වනවා නම්, ඉඩම් පොලිස් බලය, පාර්ලිමේන්තුවේ අතපය බඳින පළාත් සභා බලය, ඒ විතරක් නෙවෙයි පළාත් සභා දෙක තුන ඒකාබද්ධ කරන බලය, බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන බලය වහාම සංශෝධනය කරන්න ඕණේ. එහෙම සංශෝධනය නොකර නම් පළාත් සභා ඡන්දය තියන්නේ, එහෙම ආණ්ඩුවක කොච්චර දුරක් අපිට යන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න වෙනවා.
ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ චණ්ඩි පුතා විදුහල්පතිට ගහන්න පැනලා නිවන්තකචේතිය විදුහල නොසන්සුන්
2013 ජුනි 18 12:50 p.m

කඳුකරයට තද වැසි වාන් දොරටු ඇරේ
2013 ජුනි 18 11:40 a.m
මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ ඇතුළු පොකුරු ජලාශ සියල්ලේම වාන් දොරටු අද (18) පෙරවරුව වන විටත් විවෘත කර තිබූ බව ලක්‍ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ උසස් නිලධාරියෙක් පැවසීය. ලක්‍ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ප්‍රධානතම ජලාශ දෙක වන
කොරියාවේ අධිවේගි මගේ දිවිපුදා යෝදකණ්ඩියේ මිහිදන් වූ ශාන්ත
2013 ජුනි 18 11:35 a.m
ලියනආරච්චිගේ ශාන්ත කුමාර කොරියාවේ රැකියාවකට යන්නේ පාසල් අධ්‍යාපනය ලබන තම දියණියගේ සහ බාල පුතුගේ අධ්‍යාපන කටයුතුවලට ඇවැසි මුදල් හොයන්නට සේම හොඳ නිවසක් හදාගෙන සතුටින් ජීවත් වීමටය. කතරගම පූජා භූමියේ තිබුණු පූජා වට්ටි කඩයෙන් ලැබෙන ආදායම පවුලේ නඩත්තුවට නොසරි වූ හෙයින් කොරියන් විභාගයෙන් සමත් ව කොරියාවේ රැකියාවකට ගියේ මෙයට වසර දෙකකට පෙරය. ශාන්ත කුමාර රැකියාවට ගොසින් මාස 18කට පසුව සේවා ආයතනයේ සියල්ලන්ට නිවාඩුවක් ලැබුණු හෙයින් යළිත් ලංකාවේ තිස්සමහාරාම,
දිවා රෑ දෙකේ මහා බත් දන්සලක් දින තුනක් තිස්සේ යෝදකණ්ඩියේ
එළඹෙන පොසොන් සමය වෙනුවෙන් තිස්සමහාරාමයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දින 3 ක් අඛණ්ඩව ක්‍රියාත්මක වන දන්සැලක් යෝධකණ්ඩිය සිතුල්පව්ව මංසන්ධියේ දී පැවැත්වේ. යෝධකණ්ඩිය ගම්වාසීන් එක්ව පවත්වනු ලබන මෙම මහා පරිමාණ දන්සැල ජුනි 22,23 සහ 24 යන දිනවල පැවැත්වේ.
පොලිස් පාරිසරික ඒකකය ඉන්නේ කුණු අදින්න නෙවේ
2013 ජුනි 18 11:30 a.m
පොලිස් පාරිසරික ඒකකය සිටින්නේ කසල අදින්නට නොවන බවත් ඔවුන්ට පැවරී ඇත්තේ සම්බන්ධීකරණ කටයුතු බවත් රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.කැළි කසල බැහැර කිරීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්, නාගරික කොමසාරිස්වරු,
විදුලි පරිපාලනය ගලගෙදරට දීමෙන් ඕවිලිකන්දට ප්‍රශනයක්
2013 ජුනි 18 11:25 a.m
මාතලේ උකුවෙල ඕවිලිකන්ද සහ අවට ගම්මානවල විදුලිය පරිපාලනය ගලගෙදර විදුලි ඒකකයට පවරා තිබීම නිසා ඕවිලිකන්ද සහ අවට ගම්වාසින් අපහසුවවට පත්ව සිටිති. විදුලිය බිඳ වැටිමකදී ඕවිලිකන්ද ප‍්‍රදේශවාසින්ට ගලගෙදරට යාමට සිදුව ඇති බවත් කිලෝ මීටර් 10 ක පමණ දුරක මාතලේ විදුලි නඩත්තු ඒකකයක් තිබියදී ගලගෙදර විදුලි ඒකකයට
හොරණ නගරයේ අලුත් මාෆියාවක් විදුහල්පතිවරු හෙළිකරයි
2013 ජුනි 18 11:20 a.m
“පසුගිය දිනයක අපේ පාසලේ හදිසි පරිපාලන අවශ්‍යතාවක් සඳහා පැය භාගයකට කලින් පාසල නිමා කිරීමට සිදු වුණා. ගුරුවරුන් සියලු දෙනා පමණක් රඳවා ගත්තා. පසුවදා එක් රියැදුරෙක් පැමිණ ගේට්ටුව ලඟදී තර්ජනාත්මකව ඔවුන්ට කලින් නොදන්වා පාසල ඇරියේ ඇයි දැයි ප්‍රශ්න කළා. දැන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන රියැදුරන්ගේ මාෆියාවක් ගොඩනැගිලා.
ගුරුවරිය දන ගැස් වූ සැකකාර මන්ත්‍රී වරෙන්තුකරුවෙක්
2013 ජුනි 18 10:30 a.m
නවගත්තේගම ඉසුරු පාසලේ ගුරුවරියක වූ ප්‍රියානි සුසිලා හේරත් මහත්මියට පරුෂ වචනයෙන් බැන වැදී ඇය දන ගැස් වූ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා වරෙන්තුකරුවකු බව දැන ගන්නට තිබේ. 2010 පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම පුද්ගලයා නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි වසන්ත නැමැති පුද්ගලයෙක්ට පහර දී තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය පුත්තලම දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත. මෙම නඩුව සඳහා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා එක්වරක් පමණක් උසාවිය හමුවෙහි පෙනී සිට ඇත. ඉන්පසු ඔහු උසාවිය මග හැරීම හේතුවෙන් පුත්තලම දිසා අධිකරණය ඔහුට එරෙහි වරෙන්තුවක් නිකුත් කර තිබේ.
සිසුන්ට නිල් තැටි වික්ක තුනක් දැලේ
2013 ජුනි 18 10:10 a.m
පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් අසැබි වීඩියෝ තැටි අලවි කළ බව කියන ව්‍යාපාරික ස්ථාන 03 ක් ඊයේ (17) වටලා සැකකරුවන් තිදෙනෙකු සමග අසැබි තැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ විශේෂ විමර්ශණ ඒකකයේ නිළධාරීන් සමත්වී ඇත.
More Articles...
Page 1 of 49
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>




මන්ත්‍රීවරයා විසින් දණ ගැස්වූ ගුරුවරියගේ පාසලේ විදුහල්පතිවරයා තමන් වූවා නම් 






චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් පූර්ව තරගය අද 20දා කාඩිෆ්හිදී පැවැත්වේ.




චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.




BlackBerry
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් විසින් නව සංචාරක නාමාවලියක් පසුගියදා එළිදක්වනු ලැබිය. මෙම සංචාරක නාමාවලිය බෙදා හැරීම සංකේතවත් කරමින් එහි පිටපතක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධානය
මාතලේ රජයේ පිළිගත්
අප රටේ ඇතැම් ප්රධාන 


නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.



ඇයි ඔබ ඉකුත් සතියේ හදිසියේම චීනයට ගියේ?