lakbima.lk
පුද්ගලික බස් රියක් තලංගමදී මගීන් යටකරයි දෙදෙනෙක් මියයති
2013 මැයි 17 01:30 p m
මාර්ග අංක 171 ට අයත් පුද්ගලික බස් රියක් අද (17) පස්වරු 12.10ට පමණ තලංගම,කොස්වත්ත රෝහල ඉදිරිපිට පිහිටි බස් නැවතුමේදී මගීන් යටකර ගෙන ඇදීයාම හේතුවෙන් එම බස් රියට යට වී දෙදෙනෙක් එතැනම මරුමුවට පත් වී තිබේ. මෙම බස් රථය කොටුවේ සිට තලංගම, කොස්වත්ත දක්වා ධාවනය වෙමින් තිබිණ. එහි ගමනාන්තය වන්නේ කොස්වත්ත රෝහල ඉදිරිපිටයි. මෙම බස් නැවතුමේ කඩුවෙල හා ගොඩගම දෙසට යන මගීන් ද සිටිති. අදාළ බස් රිය මෙම ස්ථානයට ළඟා වන විට එහි වැඩි මගීන් සිට ඇත්තේ දෙතුන් දෙදෙනෙකි. ඔවුන් එම නැවතුමෙන් බසින්නට සූදානමින් සිට ඇත.එක්වරම බස් රිය වමට බර වී වම් පැත්තට ඇදී ගොස් ඇත.පින්නවල අලියෙක්ට බොන්න වතුර දෙන කොට පිටකොන්ද හපා කාලා
2013 මැයි 17 01:10 p m
පින්වල අලි අනාථාගාරයේ සේවකයෙකුට අලියෙකු විසින් පහර දී හපා කෑමෙන් පසු බරපතල තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය. ඊයේ (16) මෙම අලියා නහවා ගෙනැවිත් බැඳ සවස 4 ට පමණ රාත්‍රී කෑම වේල දී ජලය ලබා දීමට යාමේදී අලියා විසින් පහර දී, හපා කා ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා අලියාට ජලය දෙන්නට පහත් වී තිබේ. එම අවස්ථාවේ දී පහර දී පිටකොන්ද හපා කා ඇත. අලියාගේ දත් පහර බරපතල ලෙස පිටකොන්දට වැදී ඇතැයි දැන ගන්නට තිබේ.
සිරගෙදර ලොක්කා මොබයිල් ෆෝන් 22ක් සොයා ගනී
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊයේ (16) රාත්‍රියේ කළ සෝදිසි කිරීමකින් දුරකථන 22 ක් සොයා ගැනුන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය. බන්ධනාගාර පොලිසිය යොදවා රැඳවියන් 20 ක් රඳවා සිටින කුටියක් පරික්ෂා කිරීමේදී මෙම දුරකථන සොයා ගැනීමට හැකි වූ බව ද ඒ මහතා කීය. මෙම සෝදිසි කිරීමේ දී රුපියල් 3000 කට ආසන්න මුදලක්, දුරකථන චාජර්, ගංජා හා හෙරොයින් සුළු ප්‍රමාණයක් ද සොයා ගත් බවත් ඒ මහතා පැවසීය.
මානසික ආබාධිත මව දරුවන් ළිඳට දමයි , තිදෙනාම මියයති
2013 මැයි 17 11:30 a m

සුරාසල් 24, 25 වැසේ
2013 මැයි 17 11:40 a m
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් මැයි 24 සහ 25 යන දෙදින තුළ වසා තැබෙන බව සුරාබදු අධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවැසීය. සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් කර ඇති මෙම නියෝගය දිවයිනේ සියලුම සුරාසල් වෙත දන්වා යවා ඇති බවත් කිසියම් සුරාසලක් ඉහත දිනවල සුරාබදු නීති කඩකළහොත් ඔවුන්ට එරෙහිව උපරිම නීති ක්‍රියාත්මක කරන බවද ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවැසීය.
පානුක රාජපක්ෂ
21ට පෙර විදුලියට සහන
2013 මැයි 17 09:45 a m
වැඩි කළ විදුලි ගාස්තු සම්බන්ධයෙන් මෙම 21 දාට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතාවට නැවත සහනයක් දෙනු ඇතැයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක සිරිපාල අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. විදුලි ගාස්තු වැඩි කිරීම දඩමීමා කර ගනිමින් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට යම්කිසි කණ්ඩායමක් පාරට බහින්නේ නම්, රට ආරක්ෂා කිරීම සඳහා එවැනි දසගුණයක් ජනතාව පාරට බස්සන බව කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ ය.
වෙසක් සමයේ ඔළුබක්කෝ නැටුවොත් වේවැල් පාර
- පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
වෙසක් උත්සව සමයේ ඔළුබක්කන් නැටීම වැනි නුසුදුසු ක්‍රියාවල යෙදුණොත් බොදුබල සේනා සංවිධානයේ හිමිවරු වේවැල ගෙන පාරට බසිනා බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.
ඩීසල්-පෙට්‍රල් වෙනස් වෙයි
- ඇමැති අනුර කියයි
2013 මැයි 17 12:30 a m
දැනට වෙළෙඳපොළේ පවතින ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 98 වර්ගයේ පෙට්‍රල්ද හඳුන්වා දෙන බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙල මේ දිනවල
2013 මැයි 16 04:45 p m
මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා උළෙලක් 25 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග මැයි මස 11 වැනි දා සිට ජුලි මස 07 වැනි දා දක්වා මහරගම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගණයේ සහ දිවයිනේ ක්‍රීඩාපිටි කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත් වේ.
රජරට රැජිනගේ ඇන්ජිම ගම්පහදී ගිනි ගනී
2013 මැයි 16 04:00 p m
රජරට රැජින දුම්රියේ ගින්නක් හටගත් බව වාර්තා වේ. මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පොළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ දෝෂයක් නිසා ගින්න ඇති වූ බවත්
මත් ජාවාරමුන්ගේ නෑයෝ දෙන්නා හෙරොයින් කිලෝ එකක් සමග කොටු
2013 මැයි 16 07:20 p m
මීගමුවට හෙරොයින් බෙදා හරින ලද ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් මත්කුඩු ජාවාරම්කරුවකු හෙරොයින් කිලෝ එකක් සමග පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්‍යාලය ඊයේ (15) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ ඥතීන් බව පොලිසිය හඳුනා ගෙන ඇත.
මස් නැති කෑමටත් ප්‍රමිතියක් ගේන සැලසුමක්
2013 මැයි 16 03;16 p m
පිළිගත් ප්‍රමිතියකට අනුව නිර්මාංශ ආහාර පිළියෙල කිරීම, වෙළඳපළට නිකුත් කිරීම, ආහාර සැකසීම හා පිළිගැන්වීම යන කරුණු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිර්මාංශ ආහාර ගන්නා ජනතාවගේ සැබෑ අරමුණ ඉටු නොවන හෙයින් නිර්මාංශ ආහාරපාන සඳහා ප්‍රමිති හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සැරසෙයි.
කැන්ගරු යන්න සිටි ගුරුනගර් පිරිස කොටු
2013 මැයි 16 03:15 p m
අනවසරයෙන් ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට සූදානමින් හලාවත, මුන්නේශ්වරම් ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිය දී පුද්ගලයින් 41 දෙනෙකු හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුද්ධ ශාසන අමාත්‍යංශය වෙනස් තීන්දුවක
2013 මැයි 16 02:45 p m
මීට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනය සංශෝධනය කරමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය අද දහවල් 12.15ට විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වෙසක් පොහොය දිනය යෙදෙන ලබන 24වෙනි දින දාන, සීල, භාවනා වැඩසටහන් සඳහා ප‍්‍රමුඛතාවය දෙමින් තොරණ, දන්සැල් සහ භක්ති ගීත පමණක් ඉදිරිපත් කිරීමට බාධාවක් නැතිබව නිවේදනය කොට තිබේ.
නැගෙනහිර රණවිරු උත්සවය
2013 මැයි 16 02:35 p m
රටක් දියුණුව කරා යන ගමනේ දී පසුකළ යුතු බාධක බොහොමයක් ඇති බවත්, මානව හිමිකම් නැමැති ලේබලය භාවිතා කරමින් ආපේ රට අස්ථාවර කිරීමට විවිධ කණ්ඩායම් හා ජාත්‍යන්තර බලවේග දරන උත්සාහය මේ රටට ආදරය කරන පුරවැසියන් ලෙස පරාජය කිරීම රට වෙනුවෙන් තම ජීවිත කැප කළ
ඒ පිංකම වෙනුවට මේ පිංකමට සැරසෙයි
2013 මැයි 16 02:30 p m
හැටන් නගරයේ පැවැත්වීමට සංවිධානය කර ඇති වෙසක් කලාපය නතරකර ඒ සඳහා එකතු කරන ලද මුදලින් හැටන් දික්ඹය ප්‍රදේශවල සිදුවූ ආපදාවලින් විපතට පත් අයට සහන සැලසීමට පියවර ගන්නා ලෙස හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති දර්ශනපති පූජ්‍ය මහගම විමලනායක හිමියන් එහි සංවිධායක කමිටුවෙන් ඉල්ලා සිටියි.
කිඹුලාට ගොදුරක් වූ කතගේ අතක් හමුවෙයි
2013 මැයි 16 02:10 p m
පසුගිය 12 දා මහියංගණය උල්හිටිය ඔයේ සිය දරුවන්ද සමඟ දිය නාමින් සිටි කාන්තාවක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබු අතර, එම කාන්තාවගේ සිරුරේ අතක කොටසක් ගිරාඳුරුකෝට්‌ටේ උල්හිටිය ධීවර ගම්මානයේ ධීවරයකුට උල්හිටිය ජලාශය මැද පාවෙමින් තිබියදී ඊයේ (15) හමුවී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ගත යුතුයි
2013 මැයි 16 12:56 p m
පසුගියදා ඇතිවූ සුළි කුණාටුවට ''මහසෙන්"" නම දැමීමෙන් සිදුකර තිබෙන සාපරාධී ක්‍රියාව සම්බන්ධව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව දේශීය වාරි සංස්කෘතික උරුමය සුරැකීම සඳහා වූ ජාතික සභාව පවසන අතර මේ පිළිබඳව රහස් පොලිසියට අද (16) පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.
පුතා පොල්ලෙන් ගසා රෝගී පියා මරයි
2013 මැයි 16 12:41 a m
හැත්තෑ හය හැවිරිදි පියෙකුට පුතා පොල්ලෙන් ගසා මරාදැමීමේ පුවතක් බළන්ගොඩින් වාර්තාවේගමැයි 15 වැනිදාපස්වරු සිදු කළ අපරාධ සිදිධියෙන් මරණයට පත්ව ඇත්තේ බළන්ගොඩ කුමාරගම පදිංචිඩබ්ගජීග ජිනෝරිස් නැමැත්තෙකි. බළන්ගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අපරාධ පරීක්ෂණ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව
විපක්ෂ නායකගේ පියා මළේ මරු වැල පෑගිලාලු:
2013 මැයි 16 12:26a m
මුව දඩයමේ යද්දි බඳින තුවක්කුවක මරු වැල පෑගී වෙඩි වැදිම හේතුවෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත් ප‍්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ විපක්‍ෂ නායකවරයාගේ පියා මියගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. ඉකුත් (13) වනදා අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත් ප‍්‍රාදේශිය සභාවේ විපක්‍ෂ නායක වරයා වන ඒ. මුෂාධික් මහතාගේ පියා වූ
ගොවිබිම්වලට බලපත්‍ර ඉල්ලා කිරිඉබ්බන්වැව ගොවි ගෙවිලියෝ සටනේ
2013 මැයි 16 12:01 p m
දීර්ඝ කාලයක් තිස්සේ ගොවිතැන් කරන ඉඩම්වලට මතෛක් බලපත්‍රයක් ලබා නොදීම ගැන විරෝධය පළ කරමින් කිරිඉබ්බන්වැව මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට ඊයේ (15) ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
වලව ව්‍යාපාරයට අයත් කිරිඉබ්බන්වැව කොට්ඨාසයේ හබුරුගල ඒකකයේ 700 කොටසේ එක්සත් සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය පැවැත්විණ.
More Articles...
- වෙසක්දා තොරණ, පහන් කූඩු , දන්සැල් බෑ : තැන තැන රංචු ගැහෙන්නත් බෑ
- කබඩි චමින්ද නැමති ජේලර් හෙරොයින් සමඟ කොටුවෙයි
- හෙළ උරුමය ජනපතිට ලියයි
- වර්ජනයට දුම්රියත් එක්වේ
- ධර්මාචාර්ය සමත් අයට ගුරු පත්වීම්
- අපි ලංකාවට එනවා: චෝදනාවලට පිළිතුරු දෙන්නත් ලෑස්තිවෙන්න
- අපි එක්වෙන එක හීනයක් තමයි
- බස් ගාස්තු නංවනතුරු මාරාන්තික උපවාසයක්
Page 1 of 18
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
රජයේ ආයතනයක් වන අනුරාධපුර මහ නගර සභාව හා එහි උසස් නිලධාරීන් අපකිර්තියට පත් කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පරිපාලකවරයාගේ සේවය නැවත දන්වන තුරු අත්හිටුවීමට අනුරාධපුර මහ නගරසභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා තීරණය කර ඇත.



උතුරේ පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව මේ වන විට නිල 

ඉද්දමල්ගොඩ ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටයේ නම “සිනහව අතරින්”.






ගල්කිස්ස විද්‍යා විදුහල හා බම්බලපිටිය ශා. පීතර විදුහල අතර අන්තර් පාසල් රග්බි තරගයේදී තරග විනිසුරු ලබාදුන් තීරණයකට එරෙහි වූ විද්‍යා ක්‍රීඩකයින් තරග විනිසුරුට පහරදීමට පෙළඹීම හා තැත්කිරීම සම්බන්ධව එම විදුහල් බලධාරීන් එම කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු හා ක්‍රීඩකයකුට දඬුවම් පමුණුවා තිබේ.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා “ඒ” පිල සහ ඒකාබද්ධ පිල අතර පැවැති තරගයෙන් දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඒකාබද්ධ පිලට කඩුලු 7ක ජයක් හිමි විය.
ශ්රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල වත්මන් නායකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂ යොවුන් ක්‍රීඩකයකු වන ඇන්ජලෝ ක්‍රිකට් විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තරග දිනවන්නකු ලෙසය. බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිකරගත් නිරහංකාර ක්‍රීඩකයකු ලෙස ද ප්‍රකට ඇන්ජලෝ මැතිව්ස්ගේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 58ක ජයක් ලැබිමට ශ්‍රී ලංකා පිල සමත්විය.







පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර











ජනපතිවරයා ඉකුත් සතියේදී උගන්ඩාවේ නිල සංචාරයක යෙදුණේය. මීට මාස ගණනාවකට පෙර උගන්ඩාවේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළුණු අතර එහිදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතා අනුව ශ්‍රී ලංකා නායකයා මෙම සංචාරයේ නියැළුණේය. ඉකුත් බදාදා ජනපතිවරයා උගන්ඩාවේ කම්පාලා අගනුවර ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා ගියේය. ප්‍රදර්ශනය නරඹන අතරතුර තේ පැන් පානය කරමින් සිටින අතරේදී ජනපතිවරයා සමග මෙම සංචාරයට එක්වූ සජින් වාස් ගුණවර්ධනගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේය. 


