lakbima.lk

සිදු වූ අසාධාරණයට එරෙහිව උසාවියේ පිහිට පතනවා

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත් වු තමන්ගේ හා රවීන් වික්‍රමරත්නයන්ගේ නාම යෝජනා අභියාචනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව ගිය සිකුරාදා මධ්‍ය මගින් දැන ගන්නට ලැබුනත් මෙතෙක් තමන් වෙත ප්‍රතික්ෂේප වීමට හේතුන් නිල වශයෙන් දැනුම් දී නොමැති බව සභාපති ධූර අපේක්ෂක මොහාන් ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා

මීට සුමාන දෙකක තුනක සිට ප්‍රතිවාදී පිලෙන් ක්‍රීඩා සමාජ වෙත කතා කර තමන් ඇතුළු කණ්ඩායම නැවත නිලවරණයට ඉදිරිපත් වීමට ඉඩ නෑ. ඔවුන් සමඟ එකතු වන ලෙස දන්නලා. සුදුසු කම් නොමැති ක්‍රිකට් ක්‍රීඩා නොකළ පුද්ගලයන් ක්‍රීඩා ව්‍යවස්ථාව උල්ලඝංනය කරලා එදිරිපත් වෙලා ඉන්නවා. සුදුසුකම් සම්පූර්ණ වැරදි වලට හසු නොවු අපි සියළුදෙනාට මෙසේ සිදු වීම ගැන පුදුම වනවා.  

 

2005 සිද්ධිය මූලික කරගෙන ප්‍රතික්ෂේප කරන්න නම් ඒ සම්බන්ධව අපිට එරෙහිව පරීක්‍ෂණයක් කරලා වරදකරුවන් වෙන් ඕනේ. ක්‍රීඩා පනතට අනුව මේ සිද්ධිය ගැන පරීක්‍ෂණයක් කළ යුතුයි. නමුත් එවැනි දෙයක් වූණේ නෑ. අපිට චෝදනා ඉදිරිපත් වෙලත් නෑ. පරීක්‍ෂණයක් කරලත් නෑ. ඉන් පසුවත් අපි ප්‍රධාන තනතුරුවල කටයුතු කළා. නමුත් කිසිඳු අවස්ථාවක අපි වරදකරුවන් වෙලා නෑ. අපේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නේ නම 2005 දී තමන් සමඟ කමිටුවේ සිටි අයෙගෙත් නාමයෝජනා ප්‍රතික්ෂේප වෙන්න ඕන. ඒත් එහෙම වෙලා නෑ.

එම අසාධරණයට එරෙහිව කිරීමට අපි සූදානම්. ඒ වෙනුවන් දැනටමත් කටයුතු කරමින් සිටින බව මොහාන් ද සිල්වා මහතා පැවසීය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.