Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නේතන් 24 වියැති පීසා බෙදන්නෙකි. දිනක් ඔහු රැුකියාව නිමවී නිවසට පැමිණ විවේකීව සිය ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරමින් සිටින අතර අමුතුම ආකාරයේ චැට් පණිවුඩයක් ලැබිණි. එය ලැබුණු වහාම ඔහු පුදුමයෙනුත් පුදුමයටත් කලබලයටත් පත් විය. එය එවා තිබුණේ ඔහුගේ පෙම්වතිය වූ එමිලි විසිනි. එය දුටු වහාම කලබලයට පත්වීමට හේතු වූයේ එමිලි නම් වූ 22 හැවිරිදි ඔහුගේ පෙම්වතිය මීට මාස දෙකකට පෙර මිය ගොස් සිටි බැවිනි. මිය යාමට හේතු වූයේ එමිලි විසින් පදවාගෙන ගිය මෝටර් රථය පාළු ස්ථානයකදී මාරක අනතුරකට මුහුණ දීමයි. අනතුර සිදුවූයේ පාළු මාර්ගයක වූ බැවින් එය සිදුවී පැයක් පමණ ගතවන තුරු කිසිම කෙනෙකු එය දැක තිබුණේ නැත.
නමුත් පුදුමයට කරුණ වූයේ අනතුර සිදුවී පැයකට පමණ පසු පුද්ගලයන් කීප දෙනෙකු එම ස්ථානයට පැමිණෙන විට එමිලි පදවාගෙන ආ මෝටර් රථයේ කිසිදු පුද්ගලයෙකු නොසිටීමත්, මෝටර් රථයේ ඩෑෂ් බෝඩය කැඞී යාම නිසා එයට හිර වූ කාන්තා පාද දෙකක දණහිස් දෙකෙන් පහළ කොටස පමණක් එහි තිබීමත්ය. ඇගේ පාද දෙක දණහිස් දෙකෙන් ඉහළ කඳ කොටස කිසියම් මොට ආයුධයකින් කපාගෙන සිරුර පිටින් රැුගෙන ගොස් තිබූ අතර ලේ සලකුණු පාර පුරාම දකින්නට තිබිණි. ඉතා ම්ලේච්ඡු ආකාරයෙන් සිදුවූ මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලීසියට පොලිස් සුනඛයින් යොදා හෝ එමිලිගේ සිරුරේ ඉහළ කොටස පිළිබඳ කිසිදු ආරංචියක් දැනගන්නට හැකි වූයේ නැත. මාස දෙකක් ඉක්මගිය පසු ඇය මිය ගොස් ඇති බව පොලීසිය විසින් දැනුම් දුන්න ද ඇගේ මෘත දේහය පවා එමිලිගේ පවුලේ අයට දකින්නට ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන් ආදාහනය කරනු ලැබුවේ ඇගේ පාද දෙක පමණි.
නේතන් වෙත පුදුමාකාර චැට් පණිවුඩය ලැබී තිබුණේ මෙවැනි මොහොතකය. මුලදී ඔහු කලබල වුවද පසුව ඔහු එමිලිගේ මවට සහ සොයුරියට දුරකතනයෙන් අමතා ඔවුන් එමිලිගේ ෆේස්බුක් ගිණුම පරිහරණය කරන්නේ ද යන්න සොයා බැලූවද එවැන්නක් සිදුවී තිබුණේ නැත. ඉන්පසු ඔහුගේ මිත‍්‍ර මෘදුකාංග ඉංජිනේරුවෙකු ලවා එමිලිගේ ෆේස්බුක් ගිණුමට කවුරුන් හෝ බලෙන් ඇතුළුවී ඇත්දැයි සොයා බැලූ විට එවැනි දෙයක් හෝ සිදුවී තිබුණේ නැත. ඉන්පසු මේ ආකාරයට එමිලිගේ ෆේස්බුක් ගිණුමෙන් තමාට පණිවුඩ එවන තැනැත්තා සමග කුළුපගව කතා කර එය කාගේ වැඩක් ද යන බව දැනගැනීමට සිතූ නේතන් දිගින් දිගටම එම තැනැත්තා සමග කතා කරන්නට පටන් ගත්තේ ය.
එමිලි නමින් පෙනී සිටි තැනැත්තා දිගින් දිගටම නේතන් සහ එමිලි ගතකළ සුන්දර මතකයන් පිළිබඳව ආවර්ජනය කරන්නට පටන් ගෙන තිබිණි. එවැනි විස්තර සියල්ල දැන සිටියේ නේතන් සහ එමිලි පමණි. මෙම පුද්ගලයා ඒවා දන්නේ කෙසේදැයි නේතන් ඇසූ විට එමිලි නමින් සිටින තැනැත්තා පැවසුවේ ‘නේතන් මේ මම, ඔයාගෙ එමිලි. ඇයි මාව හඳුනගන්න බැරි?’ යනුවෙනි. මෙහිදී ඉතා සුක්ෂ්ම ලෙස බුද්ධිය මෙහෙය වූ නේතන් ‘මම ආසයි ඔයාව දකින්න. වීඩියෝ කෝල් එකකට එන්න.’ යනුවෙන් ආරාධනා කළේය. නමුත් එවිට එමිලි පැවසුවේ තමාගේ සිරුර කැබලි බවට පත්කර ඇති බවත්, මේ වනවිට එය තිබෙන්නේ ඌරන් සහ ගෝනුන්ගේ මස් සහිත ශීතකරණයක් තුළ බවත්, එය අධික ශීතලෙන් යුක්ත නිසා වහා පැමිණ තමන් ඉන් මුදවා ගන්නා ලෙසත්ය.
නේතන් එමිලි සමග කතාබහ කිරීමෙන් ලබා ගත් ප‍්‍රධානතම කරුණ වූයේ රිය අනතුරින් පසු ඇයට සිදුවූයේ කුමක් ද යන කාරණයයි. අනතුර සිදුවූ වහාම තමාගේ සිහි විසඥවූ බවත් කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තම දෙපා කපා දමන මොහොතේ සිහි ලැබී තමන් කෑ ගැසූ බවත් එහිදී නැවත සිහි විසඥවූ බවත් ඉන්පසු තමන්ට සිහි නොලැබූ බවත්, එම පුද්ගලයින් දෙදෙනා තමාව කරේ තබාගෙන කැලෑබදව තිබූ පැරණි ගොඩනැගිල්ලක් තුළට රැගෙන යන ආකාරය තමා ඉහළ පාවෙමින් බලා සිටි බවත් ඇය නේතන්ට පැවසීය. ඇය පැවසූ මං සලකුණු ඔස්සේ මිනීමරුවන් සොයා යාමේ වගකීම භාරවූයේ කැලිෆෝනියානු පොලීසියටයි. නේතන් විසින් ෆේස්බුක් ඔස්සේ එමිලි පැවසූ සියල්ලක්ම ඔහු පොලිස් නිලධාරීන් වෙත පැවසූ පසු ක‍්‍රියාත්මක වූ 50 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් එමිලිගේ රිය අනතුර සිදුවූ ප‍්‍රදේශය ඔස්සේ කිලෝ මීටර් 12 ක් පමණ කැලෑව තුළට ගමන් කරන විට අතහැර දැමුණු පැරණි ගොඩනැගිල්ලක් දක්නට ලැබිණි.
එතුළට ගිය පොලිස් නිලධාරීන්ට දැක ගත හැකිවූයේ මිනිස් ඇට කටු සහ හිස් කබල් තැන තැන විසිරී ඇති ආකාරයයි. ඒ වනවිට බීමතින් නිදා සිටි හැඩිදැඩි පුද්ගලයින් දෙදෙනෙකු ද එහි සිට අත්අඩංගුවට ගනු ලැබිණි. එමිලි කී පරිදි අසල තිබූ ශීතකරණයක් තුළ කොටස්වලට වෙන් කරන ලද ඇගේ සිරුර තිබෙනු පොලීසිය විසින් සොයා ගන්නා ලදී. මෙම පුද්ගලයන් දෙදෙනා අනවසර කැලෑ සතුන් දඩයම් කරන්නන් වූ අතර එමිලිගේ මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ ඔවුන් ඒ අසල සිට ඇති බව පසුව ඔවුන් ප‍්‍රකාශ කරන ලදී. අනතුර නිසා දෙපා කැඞී සිහි විසඥව සිටි එමිලි දුටු ඔවුන් අවස්ථා කීපයකදී ඇයට අතවර කර තිබූ අතර මෙය හෙළි වේ යැයි සිතා දෙපා කපා දමා ඇයව පැරණි ගොඩනැගිල්ල වෙත ගෙන ගොස් තිබුණේ පසුකාලයේ වළ දමන චේතනාවෙනි. නමුත් ඔවුන්ට එම සිදුවීමෙන් පසු ඒ පිළිබඳව එතරම් උනන්දුවක් හෝ මතකයක් තිබී නැත.
එමිලිගේ සිරුරේ කොටස් නිසි ගෞරවය සහිතව ආදාහනය කිරීමෙන් පසු කිසි දිනක නේතන්ට නැවතත් ෆේස්බුක් ගිණුම ඔස්සේ එමිලිගෙන් චැට් පණිවුඩ පැමිණ තිබුණේ නැත.
 
දුලාංජලී මුතුවාඩියගේ{jcomments on}

ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය ගැන අද කාලයේ නොදන්නා කෙනෙකු නැති තරම්ය. එමෙන්ම එහි නිර්මාතෘ මාක් සකර්බර්ග් ද මෙකල ලෝකයේ සිටින බලවත්ම සහ ප්‍රසිද්ධම පුද්ගලයෙකු බව රහසක් නොවේ. මේ දිනවල කිසියම් විශේෂ කාරණාවක් නිසා නැවත වතාවක් ෆේස්බුක් නිර්මාතෘවරයා සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් ජනමාධ්‍ය හරහා කරළියට එමින් ඇති ආකාරය පෙනී යයි. ඊට හේතු වී ඇත්තේ සකර්බර්ග් වසර 2020 දී හෝ 2024 දී  ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වෙමින් සිටිනවාද යන්නයි. 
සකර්බර්ග් ගේ දේශපාලන උනන්දුව ගැන මෙයට පෙරද සමහර අවස්ථාවල විවිධ කසුකුසු පැතිර ගොස් ඇතත් මෙවර ඒ ගැන වෙනදාට වඩා කාගේත් අවධානයක් යොමු වී ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. මෙම කතාව පැතිරෙන්නට ප්‍රධානම හේතුවක්ව ඇත්තේ 2017 වසරේ තම ජීවිතයේ අභියෝගය ලෙස ඔහු විසින් මෙම අවුරුද්ද පටන් ගනිද්දීම ප්‍රකාශයට පත් කරන ලද කාරණාවකි. එහිදී සකර්බර්ග් පවසා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයකම සංචාරය කරමින් ජනතාව මුණ ගැසීම මෙම වසරේ තමාගේ  පෞද්ගලික ජීවිතයේ ලොකුම අභියෝගය බවයි. මෙම අරමුණ ඉටු කරගනිමින් මේ වනවිටත් ඔහු ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම මේ ආකාරයෙන් සංචාරය කර ඇති බව වාර්තා වෙයි. මෙම සංචාරයන්හිදී ඔහු විශාල වශයෙන් එම ප්‍රාන්තවල සාමාන්‍ය ජනතාව මුණ ගැසී ඇති ආකාරයද, ඔවුන්ගේ නිවෙස්වලට, ගොවිපලවලට මෙන්ම වැඩබිම්වලට යමින් ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කර ඇති ආකාරයද, ඔවුන් සමග හිඳිමින් සෙල්ෆි ඡායාරූප සහ විඩියෝ දර්ශන ආදිය පවා ගෙන ඇති ආකාරයද ඔහුගේ ෆේස්බුක් පිටුව හරහාම ප්‍රකාශයට පත් කර තිබේ. 
සකර්බර්ග් මෙම චාරිකාවලදී වැඩිපුරම මුණ ගැසී ඇත්තේ සමාජ ආර්ථික වශයෙන් වඩාත් පීඩාවට පත්ව සිටින පිරිස් බවද සඳහන් වෙයි. තවත් විශේෂ කාරණාවක් වන්නේ කලින් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ව සිට පසුගිය ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දුන් පිරිස් හමුවීමටද ඔහු උනන්දුවක් දක්වා ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා හරහා ප්‍රකාශයට පත්ව තිබිමයි.  ඔහුගේ මෙම චාරිකා කිසියම් දේශපාලන අරමුණක් මත කෙරෙන්නක් බවට සැක පළවීමට මෙවැනි කාරණාද හේතුවන්නට ඇත.
සකර්බර්ග් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකුද, රිපබ්ලිකන් පාක්ෂිකයෙකුද යන්න නිශ්චිතව කිව හැකි නොවේ. නමුත් 2015 දී ඔහු  ඩිමොක්‍රටික් පක්ෂයට සැලකිය යුතු මුදලක් පරිත්‍යාග කර ඇති බව සඳහන් වෙයි. එහෙත් 2016 ජනාධිපතිවරණයේදී ඔහු හිලරි ක්ලින්ටන්ට සහය දුන් බවක් දැනගන්නට ලැබුණේ නැත. වරක් ඔහු ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කර තිබූ අතර ඒ නිසා බොහෝ දෙනෙකු සිතුවේ සකර්බර්ග් ඩිමොක්‍රටික් පක්ෂයට වැඩි නැඹුරුවක් දක්වන බවයි. කෙසේ වෙතත් සකර්බර්ග් පවසා ඇත්තේ ඔහු මේ කිසිදු පක්ෂයක පාක්ෂිකයෙකු නොවන බවයි.
2017 වසරේ මුල පටන් ඇමෙරිකාව පුරා සංචාරය කරමින් සාමාන්‍ය ජනතාව හමු වීමට සකර්බර්ග් ඇති කරගෙන තිබෙන අරමුණ බොහෝ දෙනා සලකන්නේ ඉදිරියේදී ඇමෙරිකානු ජනාධිපති ධුරය ඉලක්ක කරමින් ඔහු ගෙන යන වැඩපිළිවෙළක අංගයක් වශයෙනි. ඒ අතර තමාට ආගමක් නැති බවට කලින් පවසා තිබූ ඔහු මෑතක එම ස්ථාවරයෙන් ඉවත් වෙමින් ආගම මිනිසාට ඉතා වැදගත් අංගයක් බව ප්‍රකාශ කර තිබිමද ඇතැමුන් සලකන්නේ සකර්බර්ග් ගේ අනාගත දේශපාලන අරමුණු පිළිබිඹු කරන්නක් වශයෙනි. ආගමක් නැති බව පවසන අයෙකුට ‍පොදු ජනතාව අතර යහපත් ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම අසීරු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේ වෙතත් සකර්බර්ග් නම් ඔහු සම්බන්ධයෙන් පැතිරෙන මෙම කතා පිළිගන්නා බවක් පෙනෙන්නේ නැත. තමාගේ මෙම වැඩපිළිවෙළෙහි අවසන් අරමුණ දේශපාලනයට පිවිසීමය යන කතාව ඔහු ප්‍රතික්‍ෂේප කරයි. තමාගේ එකම අරමුණ ෆේස්බුක් ආයතනය සහ සමාජ මාධ්‍ය අඩවියත්,  බිරිඳ වන ප්‍රිසිලා  චෑන් සමග එක්ව පවත්වාගෙන යන චෑන් සකර්බර්ග් පදනමත් වඩාත් ශක්තිමත් කිරීම බව ඔහු පවසයි. 
සකර්බර්ග් සම්බන්ධයෙන් කියැවෙන ''ජනාධිපති කතා'' ගැන ප්‍රකට මාධ්‍යවේදියෙකු සහ ‍ලේඛකයෙකු වන නික් බිල්ටන්  අපූරු කතාවක් පවසා තිබිණි. එනම් ඇමෙරිකාවේ ජනාධිපති වීමට යාම සකර්බර්ග් දැනට සිටින තැනින් අඩියක් පස්සට යාමක් බවයි. මසකට ග්‍රාහකයින් බිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් පරිහරණය කරන ෆේස්බුක් හි ප්‍රධානියා වන ඔහු මේ වනවිටත් නිදහස් ලෝකයේ සැබෑ නායකයා බවට පත්ව අවසන් බව ඔහු සටහන් කර තිබේ.
ඇතැමුන් පවසන අන්දමට සකර්බර්ග්  ඇමෙරිකාව පුරා කරන සංචාරය, ඔහු කියා ඇති ආකාරයටම, ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය සහ එම ආයතනය ජනතාව අතර වඩාත් තහවුරු කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළක් වීමටද බැරිකමක් නැත. පසුගිය කාලය තුළ ෆේස්බුක් අඩවිය විශාල වශයෙන් විවේචනවලට ඉලක්ක වූ බවද මෙහිදී අමතක කළ හැකි නොවේ. ඒ හේතුවෙන් මේ වනවිට ඒ පිළිබඳ ජනතා විශ්වාසය කිසියම් දුරකට බිඳ වැටෙන්නට පටන්ගෙන ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි. ඒ අතර පසුගිය දිනවල ඇතැම් අපරාධකරුවන් තමුන් විසින් කරන ලද අපරාධ සජීවිව සිය ෆේස්බුක් පිටු හරහා ලෝකයටම දැක ගන්නට සැලැස්වීම පසුබිම් කරගෙනද ෆේස්බුක් කෙරෙහි යම් විරෝධයක් සහ විවේචනයක් එල්ල වන්නට විය. මෙම අපරාධ අඩංගු විඩියෝ කණ්ඩ ඉක්මනින් මෙම මාධ්‍ය අඩවියෙන් ඉවත් කිරීමට එහි කාර්යමණ්ඩලය අ‍පොහොසත් වූවාය යන්න එහිදී එල්ල වූ ප්‍රධාන චෝදනාවකි.
කෙසේ හෝ වේවා මෑත කාලයේ ෆේස්බුක් සම්බන්ධයෙන් ජනතාවගෙන් ගිලිහෙමින් ඇති ප්‍රසාදය සහ විශ්වසනීයත්වය නැවත ගොඩ නැගීම සකර්බර්ග්ගේ මෙම අලුත් පියවරවල අරමුණ විය හැකි බවට ඇතැමුන් දරණ අදහසද මුළුමනින් බැහැර කළ හැකි නොවේ. කෙසේ වෙතත් ඇමෙරිකාවේ ඉදිරි ජනාධිපතිවරණයන් ආසන්න වෙද්දී මේ පිලිබඳ ඇත්ත නැත්ත වඩාත් පැහැදිලි ලෙස තේරුම් ගැනීමට කාටත් අවස්ථාවක් උදාවනු ඇති බව පමණක් මේ මොහොතේ  සඳහන් කළ හැකිය.
 
නිහාල් පීරිස්

Head 1

මිනිස් සිරුරට විවිධ ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ හැකියාව ගැන අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ඒක ලෝකයේ  ඕනෑම රටක සිදුවෙන දෙයක්. හදිසි අනතුරුවලින් කැපිලා වෙන්වුණු අත්, පා සිරුරට බද්ධ කිරීම අපේ රටේ පවා සිදු වෙනවා. ඊට අමතරව සිරුර අභ්‍යන්තරයේ ඇති වකුගඩු, අක්මා, පෙනහළු විතරක් නෙවෙයි හෘදයන් පවා බද්ධ කිරීම අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නමුත් කෙනෙකුගේ හිසක් තවත් කෙනෙකුට බද්ධ කරන්න පුළුවන් ද කියන කාරණය නම් ටිකක් පැටලිලි සහිතයි. ඒ වගේම විශාල අභියෝගයක්. කෙනෙකුගේ හිසක් තවත් කෙනෙකුට බද්ධ කරනවා කියලා කියන්නෙ මේ ශල්‍යකර්මයෙන් පස්සෙ අලූත්ම කෙනෙක් බිහි වෙනවා කියන එකයි.

Head 2

කොහොම වුණත් මේ අභියෝගය භාර ගන්න ඉතාලි ජාතික ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වන සර්ජියෝ කැනවෙරෝ ඉදිරිපත් වුණා. ඉතින් මේ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ 17 වෙනිදා ලෝකය උඩු යටිකුරු කරන ආකාරයේ ශල්‍ය කර්මයක්, එහෙමත් නැත්නම් ඉතිහාසය තුළ අලූත් පිටුවක් පෙරළමින් හිසක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු වෙනවා. ඔහු මේ ශල්‍ය කර්මයට අවශ්‍ය තොරතුරු රැුස් කරන්නටත්, අත්හදා බැලීම් කරන්නත් පටන් ගත්තෙ මීට අවුරුදු 30 කට කලින්. මුලින්ම ඔහු කෙසෙල් ගෙඩියක් දෙකට කපලා ඒක හරි විදියට බද්ධ කරන්න පුළුවන් ක‍්‍රමයක් තියනවද කියලා පරීක්ෂා කරලා තියනවා.

Head 3

දෙසැම්බර් මාසෙ කරන්න යන මේ පර්යේෂණයට මුහුණ දෙන්නෙ, එහෙමත් නැත්නම් තමන්ගෙ හිස දෙන්නෙ රුසියානු ජාතිකයෙක්. උපතින්ම ඔහු ආබාධිතයි. වැලරි ස්පින්ඩොනව් නම් වුණු ඔහුගේ පපුව ප‍්‍රදේශයෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම ක‍්‍රියා විරහිතයි. ඒ කියන්නෙ ඔහු ීචසබ්ක පමිජමක්ර ්එරදචයහ කියන දුර්ලභ රෝගයෙන් පෙළෙනවා. වෛද්‍ය සර්ජියෝගෙ පර්යේෂණයට උදව් කරන්නත් තමන්ගේ හිසට අලූත් සිරුරක් බද්ධ කර ගන්නත් තියන වුවමනාව නිසාම වැලරි දෙපාරක් හිතන්නෙ නැතිව මේ ශල්‍ය කර්මයට මුහුණ දෙන්න තීරණය කළා. නමුත් මේ ශල්‍ය කර්මය සම්පූර්ණයෙන්ම අභියෝගයක්. ඒකට හේතුව තමයි එය සාර්ථක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සාර්ථක නොවුණොත් වැලරි තවදුරටත් ජීවත් වෙන්නෙ නැති බව සහතිකයි.

Head 4

මේ ශල්‍ය කර්මය පටන් ගන්න නම් වැලරිගේ හිස සෙල්සියස් අංශක ඍණ 15 ට සිසිල් කරන්න  ඕනෙ. එහෙම නොවුණොත් රුධිර නාල සහ ස්නායු මිය යන්න ඉඩ තියනවා. ඒ විතරක් නෙවෙයි වැලරිගේ හිසට ගැලපෙන සිරුරක් සොයා ගන්නත්  ඕනෙ. ඒ සිරුර අයිති පුද්ගලයා මොළය මියගිය හදවත ක‍්‍රියා කරන කෙනෙක් වෙන්නත්  ඕනෙ. මේ හැම දෙයක්ම සපුරා ගත්තට පස්සෙ ශල්‍ය කර්මය සිදු කරන්න පටන් ගන්නවා. ඒ සෙල්සියස් අංශක ඍණ 15 උෂ්ණත්වයක් තුළ දි. වෛද්‍ය සරිජියෝ කියන විදියට නම් මුලින්ම කරන්න තියෙන්නෙ හිස අයත් පුද්ගලයාගේ කොඳු ඇට පේලියට සම්බන්ධ සියළුම ස්නායු සහ නහර සමග හිස කොටස ඉවත් කරන එක. ඊට පස්සෙ ඒ ආකාරයටම හිස ඉවත් කළ සිරුරට බද්ධ කිරීම සිදු කරන්න  ඕනෙ. සිරුර අයිති කෙනාගෙ කොඳු ඇට පෙලට හිස අයිති කෙනාගෙ හිස සහ බෙල්ල සහිත කොඳු ඇට පේලියේ ඉහල කෙළවර සවි කරන්නෙ පොලිඑතිලීන් ග්ලයිකෝල්වලින්.

මේ ශල්‍ය කර්මයට පැය 36 ක් 40 ක් විතර ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි ගණනය කර තියන විදියට නම් ඇමෙරිකන් ඩොලර් මිලියන 11 ක මුදලකුත් වැය වෙනවා. මේ ශල්‍ය කර්මය සිදු කරන්න අඩුම තරමේ පළපුරුදු වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය 150 ක් වත් ඉන්න  ඕනෙ. මේ සියළු දෙයම සපුරා ගත්තත් වැලරිගෙන් ඉහත සඳහන් කරපු මුදල අය කර ගන්නවද කියන එක නම් ප‍්‍රශ්නයක්. ඒකට හේතුව තමයි මේ ශල්‍ය කර්මය සාර්ථක වීම සහ නොවීම අතර සම්භාවිතාව එකට එකයි. ප‍්‍රතිශතයක් විදියට සියයට 50 යි. සාර්ථක නොවුණොත් වැලරි මිය යනවා. මේ වගේ ශල්‍ය කර්මයක් මීට කලින් කරලා නැති නිසා මොකක් වෙයිද කියලා කියන්න දන්නෙත් නැහැ. ඉතින් වැලරි තමන්ගේ ජීවිතය මේ තරම් අභියෝගයකට ලක් කරලා මුළු වෛද්‍ය විද්‍යාවේම අනාගතය වෙනස් කරන්න ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔහුට කරන ගරු කිරීමක් විදියට මේ සම්පූර්ණ වියදම ඉතාලි රජයෙන් දරන්න මේ වෙද්දි කටයුතු සම්පාදනය කරලා ඉවරයි. 

මෙය සාර්ථක වුණොත් මෙතෙක් කාලයක් කිසිම දවසක තමන්ගෙ කකුල් දෙකෙන් ඇවිදපු නැති වැලරි අනුන්ගෙ කකුල් දෙකකින් ඇවිදින්න පටන් ගනී. ඒ වගේම ලෝකයේ බොහෝ රටවලින් මේ ශල්‍ය කර්මය සිදු කර ගන්න රෝගීන් පෝලිම් ගැහිලා බලන් ඉඳී. හැබැයි හිස බද්ධ කරන දෙවෙනි ශල්‍ය කර්මයේ ඉඳලා හැමෝටම ඇමෙරිකන් ඩොලර් මිලියන 11 ගානෙ ගෙවන්න නම් සිද්ධ වෙයි.

Head 5

 

දුලංජලී මුතුවාඩිගේ

 

Page 9 of 9

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1493

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1774

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3032

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1619

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1942

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3516

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click