Coss Ear2
lakbima.lk
COSS Ear 1

කැටලෝනියාව වෙනම රාජ්‍යයක් වීම වැළැක්වීමේ ස්පාඤ්ඤ රජයේ වෑයම තවදුරටත්

ස්පාඤ්ඤය දෙකඩ වේවිද? එහි එක් ''ප්‍රාන්තයක්'' වන කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වේවිද? මේ දැන් මාස කිහිපයක සිටම ලෝක දේශපාලන කරළියේ විශාල අවධානයක් දිනාගෙන ඇති කාරණාවකි. යුරෝපයේ ප්‍රධාන රටක් වන ස්පාඤ්ඤය යම් හෙයකින් ඒ ආකාරයෙන් දෙකඩ වුවහොත් එය එරටට පමණක් නොව මුළු යුරෝපයටම  විශාල බලපෑමක් කරන සිදුවීමක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ නිසා ස්පාඤ්ඤයේ දිග හැරෙමින් ඇති තත්ත්වය ගැන මේ සියලු රාජ්‍යයන් සිටින්නේ මහත් අවධානයෙන් සහ කුතුහලයෙනි.

කැටලෝනියාවට නිදහස දිනා ගැනීමට සටන් කරමින් සිටින එහි බෙදුම්වාදී කණ්ඩායම් සහ ස්පාඤ්ඤයේ මධ්‍යම රජය අතර මෙම කාරණය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම ද්වන්ද සටනක් පවතී. මේ වනවිට එය කිසියම් උච්ඡාවස්ථාවක් කරා එළැඹෙමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. මේ පිළිබඳව පවතින අලුත්ම තත්ත්වය ගැන සඳහන් කිරීමට පෙර කැටලෝනියා අරගලයේ මෑත ඉතිහාසය පිළිබඳ කෙටියෙන් සඳහන් කිරීම වැදගත්වේ.

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත් වීම සඳහා දැන් කාලයක සිටම කරමින් සිටින අරගලයේ වැදගත් අවස්ථාවක් වූයේ පසුගිය  ඔක්තෝබර් 1 වෙනි දින කැටලෝනියාව තුළ පැවති ජනමත විචාරණයයි. 'කැටලෝනියාව වෙනම රාජ්‍යයක් බවට පත් විය යුතුද' යන්න පිළිබඳව මෙහිදී  ඡන්දදායකයින්ගෙන්  විමසන ලදී. ඡන්දය දුන් සියයට 43 ක පිරිසෙන් සියයට 92ක්ම පැවැසුවේ 'ඔව්' යනුවෙනි. නමුත් කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වෙනවාට දැඩි විරුද්ධත්වයක් දක්වන එරට අගමැති මරියානෝ රයෝයි ඇතුළු මධ්‍යම රජය මෙම ජනමත විචාරණය ව්‍යවස්ථානුකූල ජනමත විචාරණයක් ලෙස පිළිිගත්තේ නැත. ඔවුන් මුල සිටම උත්සාහ කළේ එය කඩාකප්පල් කර දැමීමටයි. ජනමත විචාරණය පැවැති දින ආරක්ෂ අංශ යොදවා විශාල මර්දනයක්ද දියත් කෙරිණි.

කෙසේ හෝ වේවා ජනමත විචාරණයේදී ඡන්දය දුන් බහුතරයේ  තීන්දුවට ගරු කරමින් කැටලෝනියාවේ කලාපීය ආණ්ඩුව ඉන් අනතුරුව  කළේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ඒක පාර්ශ්විකව ප්‍රකාශයට පත් කිරීමයි. කැටලෝනියා රජයේ ප්‍රධානියා, (එනම් කැටලෝනියා ජනාධිපතිවරයා) වූ කාලෝස් පුයිජ්ඩෙමොන්ට් මෙම නිදහස් අරගලයට නායකත්වය දුන් ප්‍රධානම චරිතය විය. ඉහත සිදුවීමත් සමගම ස්පාඤ්ඤ මධ්‍යම රජය  වහා එයට ප්‍රතිචාර දැක් වූයේ කැටලෝනියාවේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් එම ප්‍රාන්තයේ පාලනය මධ්‍යම රජය යටතට පවරා ගනිමිනි.  එහි නිදහස් සටනට නායකත්වය දුන් බොහෝ දෙනෙකු ස්පාඤ්ඤ රජයට එරෙහිව කැරළි ගැසීම සහ රාජද්‍රෝහී බව යන චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සටනේ ප්‍රධානියා වූ  පුයිජ්ඩෙමොන්ට් ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන තොරතුරු පළ වූ අතර ඒ සමගම ඔහු තවත් කිහිප දෙනෙකු සමග රටින් පළා ගියේය. ඔහු මේ වනවිට සිටින්නේ බෙල්ජියමේ බව විශ්වාස කෙරේ. පුයිජ්ඩෙමොන්ට් නැවත ස්පාඤ්ඤයට පැමිණියහොත් වහා අත්අඩංගුවට ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙයි.

කෙසේ හෝ වේවා කැටලෝනියාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි ස්පාඤ්ඤ අගමැති රයෝයි අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා නැවත කැටලෝනියාව තුළ මැතිවරණයක් කැඳවූයේය. එම මැතිවරණය පසුගිය දෙසැම්බර් 21 වෙනි දින පැවති අතර එයින් ද ජය ලැබුවේ කැටලෝනියාවේ නිදහස වෙනුවෙන් සටන් කරන පක්ෂමය. මේ නිසා කැටලෝනියාව වෙන් වීමට එරෙහිව දැඩි සටනක් කරමින් සිටින අගමැති රයෝයි නැවත වරක් පත් වූයේ ගැටලුකාරී තත්ත්වයකටය. දැන් ඔහු  සටන් කරමින් සිටින්නේ අලුතෙන් බලයට පත් වූ පක්ෂය නැවත වරක් කැටලෝනියාව නිදහස් කර ගැනීම සඳහා උත්සාහ ගැනීම කෙසේ හෝ වැළැක්වීම සඳහාය. මෙහිදී ඔහු කිසියම් දුරකට නීතියේ පිහිට පතමින් කටයුතු කරන ආකාරය දැකිය හැකි වේ. මේ වනවිට ඔහුගේ ප්‍රධානම තුරුම්පුව බවට පත්ව තිබෙන්නේ කැටලෝනියා සටනේ නායක පුයිජ්ඩෙමොන්ට් නැවතත් එම කලාපීය ආණ්ඩුවේ ප්‍රධානියා බවට පත් වීම වැළැක්වීමයි.

කැටලෝනියා ආණ්ඩුව ක්‍රියාත්මක වීමට නම් ඉක්මනින් එහි ප්‍රධානියා හෙවත් ජනාධිපතිවරයා පත් කර ගත යුතුව තිබේ. මේ වනවිට එහි පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටින බෙදුම්වාදී පක්ෂවලට අවශ්‍ය වන්නේ පුයිජ්ඩෙමොන්ට්ම නැවතත් එම පදවියට පත් කර ගැනීමටයි. නමුත් ගැටලුව වන්නේ ඔහු නැවත ස්පාඤ්ඤයට නොපැමිණ එම ධුරයේ කටයුතු කරන්නේ කෙසේද යන්නයි. පසුගිය සතියේ ස්පාඤ්ඤ අධිකරණයද මෙයට අදාළ තීන්දුවක් ලබා දෙමින් පවසා සිටියේ කාලෝස් පුයිජ්ඩෙමොන්ට්ට විදේශයක සිට කැටලෝනියා ජනාධිපති ධුරයේ දිවුරුම් දිය නොහැකි බවයි. නමුත් ඊළඟ ගැටලුව වන්නේ යම් හෙයකින් ඔහු නැවත ස්පාඤ්ඤයට පැමිණියහොත් නිසැකවම  අත්අඩංගුවට පත්වීමේ ඉඩක් පැවතීමයි. මෙම උණුසුම් තත්ත්වය තුළ දැන් පුයිජ්ඩෙමොන්ට් මෙන්ම ඔහුට සහය දෙන බෙදුම්වාදී පක්ෂ ද මුහුණ දී සිටින්නේ බරපතළ ප්‍රශ්නයකටය. මෙහිදී මෙම බෙදුම්වාදී පක්ෂවල නියෝජිතයින්ට ගත හැකි එකම පියවර ලෙස පෙනී යන්නේ පුයිජ්ඩෙමොන්ට් අමතක කර ඔවුන්ගේ වෙනත් නායකයෙකු ජනාධිපතිධුරය සඳහා පත් කරගැනීමයි. නිදහස් සටනට සහය දෙන එක් පක්ෂයක්ද පසුගිය දිනෙක මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර එය දැනගැනීමෙන් බෙල්ජියමේ සිටින පුයිජ්ඩෙමොන්ට් කිසියම් කලකිරීමකට පත් වූ බවක්ද දැනගන්නට තිබිණි. නමුත් මේ වනවිට කැටලෝනියා පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පත්ව සිටින රොජර් ටොරෙන්ට් මෙම යෝජනාවට කැමැත්ත දක්වා නැත.  ඔහු සිටින්නේ කෙසේ හෝ පුයිජ්ඩෙමොන්ට්ම මෙම ධුරයට පත් කරගත යුතුය යන ස්ථාවරයේය. කැටලෝනියාවේ ජනාධිපතිවරයා පත් කර ගැනීම අලුතෙන් පත් වූ පාර්ලිමේන්තුවට අයිති කටයුත්තක් බවත්, එයට බලපෑම් කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් ටොරෙන්ට් දැඩි ස්වරයෙන් පවසා ඇත්තේ මධ්‍යම රජයෙන් එල්ල වන බාධාවන්ට විරෝධය දක්වමිනි.

මේ අතර පසුගිය අඟහරුවාදා (30 දා) ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සඳහා කැටලෝනියා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කථානායකවරයා එයද කල් දමා තිබේ. ඔහු පවසා ඇත්තේ බලපෑම්වලින් තොරව ජනාධිපතිවරයා පත් කර ගත හැකි වාතාවරණයක් ඇති වනතුරු නැවත එම ඡන්ද විමසීම නොපවත්වන බවයි. කැටලෝනියා ජනතාවගේ කැමැත්ත සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගත හැක්කේ ඒ හරහා පමණක් බවද ඔහු මෙහිදී පවසා තිබේ. එදින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කැටලෝනියාවේ නිදහස අපේක්ෂා කරන සහ පුයිජ්ඩෙමොන්ට්ට සහය දක්වන විශාල ජනතාවක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට රැස්ව සිටි අන්දමද මාධ්‍ය වාර්තා කර තිබිණි. දැන් කවුරුත් කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණය වී ඇත්තේ ස්පාඤ්ඤ අගමැති රයෝයිඵගේ රජය සහ කැටලෝනියාවේ නිදහස වෙනුවෙන් අරගල කරන බෙදුම්වාදී පාර්ශ්ව අතර ද්වන්ද සටනේ මීළඟ වටය කවරාකාරයෙන් දිග හැරෙනු ඇත්ද යන්නය.

නිහාල් පීරිස්

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 268

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 502

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 451

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 393

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5022

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3299

Please publish modules in offcanvas position.