Coss Ear2
lakbima.lk
COSS Ear 1

අභ්‍යවකාශ මෙහෙයුම් හයකට එක්වූ ගගනගාමි ජෝන් යං සමුගනියි

නවවැනිවරට සඳ මත පා තැබූ පුද්ගලයා ලෙස සහ අභ්‍යාවකාශ මෙහෙයුම් හයකට සම්බන්ධ වූ ලොව පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගත වී සිටින ගගනගාමී ජෝන් ටොට්ස් යං පසුගිය ජනවාරි පස්වනදා මිය ගිය බව නාසා ආයතනය නිල වශයෙන් දැනුම් දී තිබේ ඒ ඔහුට වයස අවුරුදු 87ක්ව තිබිය දීය 1972 වසරේ දී ඔහුය. සඳ මත පා තැබුවේ ඇපොලෝ 16 මෙහෙයුම භාර ගගන ඉංජිනේරුවරයා වශයෙන් සේවයේ යෙදෙමිනි එපමණක් ද නොව නාසා ආයතනය සතු අභ්‍යාවකාශ යානා වර්ග හතරක් හැසිරවිය හැකි ලොව එකම පුද්ගලයා ද ජෝන්යං බව නාසා ආයතනය ප‍්‍රකාශ කර තිබේග ඒ Gemini, Apollo Command/Service Module,Apollo Lunar Module, සහ Space Shuttle යන අභ්‍යාවකාශ යානාවන් යග එමෙන්ම සඳ වටා තනිවම අභ්‍යාවකාශ යානයක් පදවාගෙන ගිය ලොව පළමු පුද්ගලයා වන්නේ ද ඔහුයග ඒ 1969 වසරේ ඇපොලෝ 10 මෙහෙයුම අතරතුර දීයග ගගන ඉංජිනේරුවරයෙකුට අමතරව ඔහු ගගනගාමියෙකු නාවික නිලධාරියෙකු සහ ගුවන් නියමුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.
කැලිෆෝනියාවේ සැන්ෆ‍්‍රන්සිස්කෝ නගරයේ ජෝන් යං උපත ලැබුවේ 1930 වසරේ සැප්තැම්බර් මස 24 වනදාය. ඒ සිවිල් ඉංජිනේරුවරයෙකු වූ විලියම් යං සහ වැන්ඩා යං ට දාවයග ඔහුට වයස මාස 18 ක් ව තිබිය දී පවුලේ ආර්ථික තත්ත්වය කඩා වැටීම නිසා යං පවුල ජෝජියාවටත් පසුව ෆ්ලොරිඩාවටත් සංක‍්‍රමණය වී තිබේ. ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් පසු 1948 වසරේ දී  ඕලැන්ඩෝ උසස් පාසලෙන් විiා උපාධිය සමත් වූ ජෝන් යං පසුව ජෝජියා ඉංජිනේරු තාක්ෂණ ආයතනයෙන් ගගන ඉංජිනේරු උපාධිය ද ලබා ගත්තේය. ඒ වනවිට බාලදක්ෂයෙකු ලෙස දෙවන ශ්‍රේණියේ උසස්වීමක්ද ලබා සිටි ඔහු නාවික හමුදාවේ ඉහළ තනතුරක් සඳහා බඳවා ගනු ලැබිණි. ඇමෙරිකාව වෙනුවෙන් අවස්ථා කීපයක දී යුද මෙහෙයුම් දියත් කර ඒ සියල්ලම සාර්ථකව නිම කළ යං අවුරුදු 25ක සේවා කාලයකින් පසු 1976 වසරේ දී කපිතාන් තනතුරින් විශ‍්‍රාම               ලැබුවේය.
යං නාසා ආයතනය සමග සම්බන්ධ වූයේ නාවික හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර දීයග ඒ 1962 වසරේ දීයග ඔහු සතු දැනුම සහ බුද්ධිමත් බව නිසාම ඇමෙරිකානු රජය ඔහුට තනතුරු දෙකක් සඳහා වැටුප් ගෙවා තිබිණි. ඒ නාවික හමුදාවේ සේවය වෙනුවෙන් සහ නාසා ආයතනයේ සේවය වෙනුවෙනි. මේ ආකාරයට තනතුරු දෙකක් වෙනුවෙන් රජය විසින් වැටුප් ගෙවූ පුද්ගලයන් ඇමෙරිකාවේ සිටින්නේ පනස් දෙනකුටත් අඩු පිරිසකි නාවික හමුදාවෙන් විශ‍්‍රාම ගත් ඔහු සිය පූර්ණ කාලීන සේවය නාසා ආයතනය වෙනුවෙන් ලබා දීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු අභ්‍යාවකාශයේ දින 34කුත් පැය 19කුත් විනාඩි 39 කුත් රැඳී සිට තිබේ. අවුරුදු 42 ක් නාසා ආයතනය වෙනුවෙන් සේවය කළ යං 2004 වසරේ දෙසැම්බර් මස 31 වන දා සිට විශ‍්‍රාම ගන්නා බව දෙසැම්බර් 7 වන දා නිලවශයෙන් නිවේදනය කළේය. ඒ ඔහුට වයස අවුරුදු 74 දීය. ඒ වනවිට ඔහු ගුවන් පැය 15000 ඉක්මවා prop, jet,helicopter, සහ rocket jet යානාවලත් ගුවන් පැය 9200 ඉක්මවා ඔ-38 යානාවලත් ගුවන් පැය 835 ඉක්මවා අභ්‍යවකාශ යානාවලත් සේවය කර තිබිණි.
ඔහු නාසා ආයතනය වෙනුවෙන් සිදු කළ සේවාව අගයමින් 2006 වසරේ අපේ‍්‍රල් මස 12 වනදා ජෝන් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් ද පැවැත්විණි. එහිදී ඔහු සිය ජීවිත කතාව ලියන්නට පටන් ගත් බව නිල වශයෙන් මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබූ අතර Forever Young නමින් ඔහු සිය ජීවිත කතාව පොතක් ලෙස එළි දක්වනු ලැබුවේ 2012 වසරේ දීය.
වයස අවුරුදු 26 දී එනම් 1956 වසරේ දී යං විවාහ වූයේ බාබරා  වයිට් නම් වූ සාමාන්‍ය පවුලක රැුකියාවක් නොකරන තරුණියක සමගිනි.එම විවාහයෙන් සැන්ඩ‍්‍රා යං සහ ජෝන් යං නමින් ද රුවන් දෙදෙනකු ඔහුට සිටීග 1976 වසරේ දී බාබරාගෙන් වෙන්වූ යං ඊට වසර පහකට පසු එනම් 1981 වසරේ දී සුසී ෆෙල්ඞ්මන් සමග විවාහ වියග ඇයද නාසා ආයතනයෙහි ලේකම්වරියක ලෙස සේවය කළ තැනැත්තියකි. ඇය සමග ටෙක්සාස් හි වාසය කළ යං නිව්මෝනියා රෝගයෙන් පීඩා විඳිමින් සිට පසුගිය පස්වනදා මිය ගියේ ලෝකයට සුවිශාල මෙහෙයක් ඉටු කළ වීරවරයෙකු ලෙසිනි.
 
දුලාංජලී මුතුවාඩිය

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 268

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 509

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 451

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 393

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5023

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3299

Please publish modules in offcanvas position.