Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ත්‍රාසජනක වීඩියෝවක් හැදීමට ගොස් තට්ටු 62කින් ඇද වැටුණු ‘ක්‍රීඩකයා’

ත්‍රාසජනක ක්‍රියාවල යෙදීමෙන් ලොව මවිතයට පත් කරන්නවුන්ගේ විස්මිත ක්‍රියා අපට නිතර දෙවේ‍ලේ අසන්නට දකින්නට ලැබේ. අඩි සිය ගණන් ඉහළින් අදින ලද කම්බි දිගේ සමතුලිතතාව පවත්වා ගනිමින් ඇවිද යාම, ටොන් ගණන් බර වාහන ආදිය සිය දත්වල ආධාරයෙන් ඇදගෙන යාම, බැරලයක් තුළ රිංගා උස් දිය ඇලි ආදියෙන් පහළට වැටීම ආදී මෙවැනි ත්‍රාසජනක ක්‍රියා ගැන අප කොතෙකුත් අසා ඇත. මේ කියන්නට යන කතාවද එවැනි ක්‍රියාවක නිරත වීමට ගොස් බිහිසුණු ඉරණමකට මුහුණ දුන් කෙනෙකු ගැන කතාවකි. 
චීන ජාතිකයෙකු වන ඔහුගේ නම වූ යොංග්නිංග් ය. 26 හැවිරිදි යොංග්නිංග් අවසන් වරට නිරත වූ ත්‍රාසජනක ක්‍රියාව වූයේ තට්ටු 62 ක් උස ගොඩනැගිල්ලක මුදුනේ ගැට්ටකින් කිසිදු ආධාරකයකින් තොරව, සිය ඇඟිලිවල ආධාරයෙන් පමණක් පහළට එල්ලෙමින් සිටීමයි. එපමණක් නොව එය රූපගත කිරීමටද ඔහු කටයුතු සැලසුම් කර තිබිණි. කෙසේ හෝ වේවා ඔහු මෙම ත්‍රාසජනක ක්‍රියාවේ නිරත වෙමින් සිටිය දී සිය ග්‍රහණය ලිස්සා යාමෙන් එම තට්ටු 62 ගොඩනැගිල්ලෙන් පහළට වැටී මරණයට පත්ව ඇති බව පසුව වාර්තා විය.
යොංග්නිංග් යනු චීනයේ සමාජ මාධ්‍ය ලෝලීන් අතර ඉතා ජනප්‍රිය ‘වීරයෙකු’ ලෙස සැලකේ. ඔහු ඒ ආකාරයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ද ඉහත කී ආකාරයේ ඇඟ කිලි‍පොලා යන ආකාරයේ ක්‍රියාවල නිරත වෙමින් ඒවායේ වීඩියෝ ඛණ්ඩ අන්තර්ජාල අඩවි හරහා ප්‍රචාරය කිරීමෙනි. දිවි පරදුවට තබා මේ ආකාරයෙන් ඔහු නිරත වන ක්‍රියාවන් පෙන්වන වීඩියෝ ඛණ්ඩ පසුගිය කාලයේ විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රදර්ශනය වූ බව සඳහන් වෙයි. මිලියන ගණන් 
ප්‍රේක්ෂකයින් ඔහුගේ මෙම ත්‍රාසජනක ක්‍රියා නැරඹීමට පුරුදුව සිටි බව පැවැසෙන අතර මේ හරහා අති විශාල වශයෙන් මුදල් ඉපැයීමටද යොංග්නිංග්ට හැකි වී තිබේ. පසුගිය කාලයේ ඔහු මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝ ඛණ්ඩ නිසා ඇමෙරිකානු ඩොලර් 80,000කට ආසන්න මුදලක් උපයාගන්නට හැකිව ඇති බවද මාධ්‍ය අනාවරණය කර තිබිණි. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 120 කට ආසන්න ප්‍රමාණයකි. ඔහු අවසන් වරට රඟ දැක්වූ මාරක ජවනිකාව වෙනුවෙන් ද ඔහුට කිසියම් සමාගමක් ස්ටර්ලින් පවුම් 11,000කට ආසන්න මුදලක් ගෙවීමට නියමිතව සිටි බවක්ද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. මෙය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලකි.
යොංග්නිංග් සිය ලොමු දැහැගන්වන ක්‍රියාව රූගත කිරීම සඳහා අටවා තිබූ කැමරාවෙහි ඔහුගේ මෙම අවසන් වෑයම සටහන්ව තිබූ අතර එය පසුව අන්තර්ජාලය තුළ ද සංසරණය විය. ඔහු ඉහත කී ගොඩනැගිල්‍ලේ ඉහළම තට්ටුව වන 62 වෙනි මහලෙහි වහලය මත සිට එහි ගැට්ටේ එල්ලෙමින් සිය සිරුර සමෛන් පහත් කරන අන්දම එහි රූගතව තිබේ. අනතුරුව ‍පොල්ලක එල්ලී (නභතත-භන) ව්‍යායාම කරන ආකාරයෙන් සිය ප්‍රේක්ෂකයින්ට පෙනෙන්නට කිහිප වරක් 
ඉහළටත් පහළටත් සිරුර උස්පහත් කරන ඔහු අවසානයේ නැවත වහලය මතට ගොඩවීමට තැත් කරනමුත් එය අසාර්ථක වෙයි. කිහිප වරක් එසේ උත්සාහ කිරීමෙන් පසු ඔහුගේ ග්‍රහණය ගිලිහී යන අතර ඉන්පසු දක්නට ලැබෙන්නේ ඔහු පහතට ඇද වැටෙන අන්දමය. 
කෙසේ හෝ වේවා යොංග්නිංග් මුහුණ දුන් මෙම බිහිසුණු, අවාසනාවන්ත ඉරණම පිළිබඳව කිසිදු තොරතුරක් මුලින් ප්‍රසිද්ධියට පත් වී නැත. නමුත් පසුගිය නොවැම්බර් 8 වෙනි දින සිට ඔහු ගැන ආරංචියක් නොවූ තැන ඔහුගේ රසිකයින් ඒ ගැන උනන්දුවීමට පටන් ගෙන තිබේ. යොංග්නිංග් ගේ මරණය පිළිබඳව ඔහුගේ පෙම්වතිය සහ පවු‍ලේ උදවිය අනාවරණය කර ඇත්තේ ඉන් පසුවය. යොංග්නිංග්ගේ අවසන් මොහොත දැක්වෙන වීඩියෝ ඛණ්ඩ අන්තර්ජාලයට එක් වී ඇත්තේ එයින්ද පසුව බව පෙනී යයි.
කෙසේ හෝ වේවා මෙවැනි සිදුවීම් තුළින් පෙනී යන්නේ අද වනවිට ඇතැමුන් තුළ මුදල්වලට ඇති ආශාව කෙතරම් බියකරු මට්ටමකට ළඟා වී ඇත්ද යත් ජීවිතය පිළිබඳ ආශාව පවා එයට යට වී ඇති බවද? 
ඒ අතර, දිවි පරදුවට තබා කරන ක්‍රියාවන් ඇතුළත් වීඩියෝ ඛණ්ඩ ප්‍රදර්ශනය කිරීමෙන් මුදල් උපයන වෙනම වබේ අඩවි ද මේ වනවිට බිහි වී තිබේ. ඔවුන් කරන්නේ මෙවැනි ත්‍රාසජනක ක්‍රියාවන්හි නිරතවන අයට මුදල් ගෙවා ඒවායෙහි වීඩියෝ ඛණ්ඩ ලබා ගෙන ඒවා සිය වබේඅඩවි මගින් ප්‍රචාරය කිරීමයි. මෙම වීඩියෝ ඛණ්ඩ නැරඹීමට මිලියන ගණනින් ප්‍රේක්ෂකයින් එක්රොක් වනවිට එය ඔවුන්ගේ වබේ අඩවි ජනප්‍රිය කරගැනීමටත්, වෙළෙඳ දැන්වීම් ආදිය හරහා ආදායම් ඉපැයීමටත් කදිම මාර්ගයක් විවර කරදෙයි. අද මෙය විශාල වශයෙන් ලාභ උපයන ව්‍යාපාරයක් වී ඇති බව පෙනේ. මෙවැනි ව්‍යාපාරවල සදාචාරාත්මක බව සහ මානුෂික බව පිළිබඳ මේ වනවිට විශාල සංවාදයක් සිදුවෙමින් ඇති බවද දැකිය හැකි වෙයි.
 
කිත්සිරි මල්වත්ත
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4585

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3297

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4783

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5391

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6216

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3795

Please publish modules in offcanvas position.

X

Right Click

No right click