Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රෝගීන් 100ක් මරා දැමූ බවට සැක කරන හෙද නිලධාරියා

තමා සේවය කළ රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් සියයකට අධික සංඛ්‍යාවක් වරින් වර ඝාතනය කළ බවට සැක කරන හෙද නිලධාරියෙකු පිළිබඳ ඇදහිය නොහැකි පුවතක් නිසා පසුගිය දිනවල ජර්මනියෙහි මහත් ආන්දෝලනයක් ඇති විය. නීල්ස් හෝගල් යනුවෙන් හැඳින්වෙන මොහු වර්ෂ  1999 සහ 2005 අතරතුර කාලයේ තමා සේවය කළ රෝහල් දෙකකදී මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි සැලකේ. ඒ එක් රෝහලකදී රෝගීන් 38 දෙනකුද, අනෙක් රෝහ‍ලේදී 62 දෙනකුද වශයෙනි.
මෙම රෝහල් දෙකම පිහිටා ඇත්තේ උතුරුදිග ජර්මනියේය. 41 හැවිරිදි හෝගල්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඔප්පු වුවහොත් ඔහු මෑත ඉතිහාසයේ ජර්මනියේ සිටි දරුණුම දාම ඝාතකයා (Serial Killer) බවට පත් වනු ඇතැයිද සඳහන් වේ. ඔහු මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි සැලකෙන්නේ රෝගීන්ට හෘද රෝග සඳහා ලබා දෙන ඖෂධ අධික මාත්‍රාවන්ගෙන් එන්නත් කිරීම හරහාය. 
ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් මුලින්ම වාර්තා වී ඇත්තේ 2005 වසරේය. යහපත් තත්ත්වයෙන් පසු වූ එක්තරා රෝගියෙකුගේ තත්ත්වය හදිසියේම නරක අතට හැරී ඇති අතර එම අවස්ථාවේ නීල් හෝගල් ද එම කාමරය තුළ සිටිනු තවත් හෙද නිලධාරියෙකු දැක තිබේ. පසුව කෘත්‍රිම ආකාරයෙන් රෝගියාගේ හෘදයේ ක්‍රියාකාරිත්වය යළි පණ ගැන්වීමට පියවර ගෙන ඇත. පසුව අනාවරණය වූ තොරතුරු අනුව සැක කෙරුණේ  හෝගල් අර රෝගියාට කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවකින් එන්නත් කර ඇතැයි කියාය. මේ  සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැති අතර අවසානයේ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ වරදට හෝගල් 2008 දී වසර හතහමාරකට සිර ගත කෙරිණි.
මෙම නඩු විභාගය පිළිබඳව එකල විශාල මාධ්‍ය අවධානයක් යොමු විය. මාධ්‍ය හරහා මෙම නඩුව ගැන අවධානයෙන් සිටි එක් කාන්තාවකට ඇයගේ මවගේ මරණය සම්බන්ධයෙන් ද සැකයක් ඇති වී තිබිණි. එම මරණයද සිදුව තිබුණේ හෝගල් සේවය කළ සෞඛ්‍ය මධ්‍යස්ථානයකදී ය. තමාගේ මවගේ මරණය සම්බන්ධයෙන් ද හෝගල් සැක කරන බව මෙම  කාන්තාව ‍පොලීසියට පැමිණිලි කර තිබේ.
මෙම පැමිණිල්ල නිසා හෝගල් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට විමර්ශන අංශ පියවර ගත්තේය. තමා රෝගීන් 90කට පමණ ඉහත ආකාරයෙන් 
ඖෂධ එන්නත් කරන ලද බව හෝගල් එහිදී පිළිගත් බව සඳහන් වේ. මෙම රෝගීන් අතරින් 30 දෙනකු මිය ගිය බවද අනාවරණය විය. ඉතිරි 60 දෙනාගේ හෘදයන් කෘත්‍රිම ආකාරයෙන් නැවත ක්‍රියාත්මක කරවීමට හැකිවීමෙන් ඔවුන්ගේ ජීවිත බේරී තිබේ. එම අවස්ථාවේ ඔහු තමාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පසුතැවෙන බව ප්‍රකාශ කර ඇති අතර ඊට වඩා රෝගීන් තමා අතින් මරණයටපත් නොවූ බව පවසා ඇතැයි සඳහන් වෙයි. මෙම නඩු විභාගයෙන් පසු 2015 වසරේදී ඔහුටජීවිතාන්තයදක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණය පියවර ගත්තේය. ඔහු මේ ආකාරයෙන් රෝගීන්ට 
ඖෂධ අනුචිත ආකාරයෙන් එන්නත් කර ඇත්තේ එම රෝගීන්ගේ හෘදයන් නැවත ක්‍රියාත්මක කර ඔවුන්ට නැවත පණ දීමට තමාට ඇති හැකියාව ප්‍රදර්ශණය කිරීමේ අරමුණින් බව හෙළි වීම මෙහි ඇති ඇදහිය නොහැකි කාරණයයි.
තමා අතින් රෝගීන් 30 දෙනෙකු ඝාතනය වූ බව හෝගල් විසින් 
පිළිගනු ලැබිමත් සමග ඔහු පිළිබඳපරීක්ෂණ වඩාත් පුළුල් කිරීමටවිමර්ශකයින් කටයුතු කර තිබේ. ඔහු සේවය කළ රෝහල්වලදී ඒ කාලයේ මිය ගිය රෝගීන් 130දෙනකුගේ පමණ සිරුරු නැවත ගොඩගෙන පරීක්ෂා කිරීමට ඔවුන් පියවර ගත්තේ ඒ අනුවය. එමෙන්ම මෙම රෝහල්වල වෛද්‍ය වාර්තා ආදියද තියුණු පරීක්ෂාවකටලක් කිරීමට පියවර ගැනිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, හෝගල් සේවය කළ කාලයන් තුළ මෙම රෝහල්වල  රෝගීන් මියයන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සොයාගන්නට හැකි වී තිබේ. මෙම විමර්ශනවලින් හෙලි වී ඇති තොරතුරු අනුව දැන් සැක කරන්නේ මොහු අතින් රෝගීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක්වන්නට ඇති බවයි. සමහරවිට මෙයටත් වැඩි සංඛ්‍යාවක් ඔහු අතින් මියයන්නට ඇති වුවත් ඇතැම් සිරුරු ආදාහනය කර ඇති නිසා ඒ පිළිබඳ සාක්ෂි සොයා ගැනීම අපහසු වී ඇතැයි අනාවරණය වෙයි.
ලබන වසරේ ඔහුට එරෙහිව අලුතෙන් චෝදනා ගොනු කෙරෙනු ඇතැයිද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1728

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1746

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1021

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2563

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4021

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10176

Please publish modules in offcanvas position.