Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සමකය මතදී සිදුවන අරුම පුදුම දේ

පෘථිවි ගෝලයේ උත්තර සහ දක්ෂිණ ධ‍්‍රැව දෙක එකිනෙකින් වෙන් කරනු ලබන සමකය පිළිබඳව අප දැන ඉගෙන ගන්නේ පාසල් අධ්‍යාපනය තුළිනි. සමකය යනු වැඩිම උෂ්ණත්වයකින් යුතු කලාපයක් ලෙස ද හැඳින්විය හැකිය. ශ‍්‍රී ලංකාව ද සමකය සමීපයේ ඊට ඉහළින් පිහිටන රටක් ලෙස සෞම්‍ය කලාපීය මද උණුසුම් දේශගුණයක් සහිත රටක් ලෙස හඳුන්වනු ලබයි.
සමකය ආශ‍්‍රිත කලාපය ඉතා සුවිශේෂී විපර්යාසවලින් හෙබි කලාපයක් ලෙස මෑතක දී භූ විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති බව බීබීසී සේවය වාර්තා කර තිබේ. සමකය ගමන් කරන රටවල නගර සියල්ලේම මෙම විපර්යාස දැකිය හැකි වීම ද පුදුම සහගත කාරණයකි. මෙම විපර්යාසවලින් පළමුවැන්න දකින්නට හැකි වී තිබුණේ කෙන්යාවේ නැන්යුකි නගරයෙනි. පෘථිවි අර්ධ ගෝලය එකිනෙකින් වෙන්වන සමකය ගමන් කරන එක් ප‍්‍රදේශයක් ලෙස මෙම නැන්යුකි නගරය හඳුන්වා තිබේ. එය මුහුදු මට්ටමෙන් අඩි 6389 ක් ඉහළින් පිහිටි නගරයකි.
ලෝක භූ විද්‍යා සංගමය විසින් සමකය ගමන් ගන්නා සෑම රටකම සෑම නගරයකම සමකය පිළිබඳ විස්තර ඇතුළත් දැන්වීම් ඵලක ප‍්‍රදර්ශනය කර තිබේ. භූ විඥයන් පිරිසක් නැන්යුකි නගරයේ මෙම ඵලකයට මීටර් 20ක් උතුරින් පිහිටි ස්ථානයක දී කුඩා බේසමකට ජලය පුරවා ජලය මතට ගිනි කූරක් පාවෙන්නට තබා තිබේ. පුදුමයකට මෙන් එම ස්ථානයේ දී ජලය මත ගිනි කූර පාවෙන්නේ දක්ෂිණා වෘත්තව පමණි. එනම් ඔර්ලෝසුවේ කටු කැරකෙන දිශාවට පමණි. වාමාවෘත්ත දෙසට චලනය කිරීම සඳහා බාහිර බලයක් එල්ල කළ ද එය වාමාවෘත්තව චලනය වන්නේ නැත.
ඉන්පසු මෙම ජල බඳුන සමකයේ සිට දකුණු දෙසට මීටර් 20ක දුරින් තබා ගිනි කූර කැරකෙන්නට ඉඩ හරිනු ලබයි. එහිදී ගිනි කූර චලනය වන්නේ දක්ෂිණාවෘත්තව නොව වාමාවෘත්තව ය. එනම් ඔර්ලෝසුවේ කටු කැරකෙන දිශාවට විරුද්ධ  දිශාවට ය. බාහිරින් බලයක් යොදා දක්ෂිණාවෘත්තව චලනය වන්නට සැලැස්වුව ද එය දක්ෂිණාවෘත්තව චලනය නොවේ. 
අනතුරුව මෙම ජල බඳුන හරියටම සමකය මත තබනු ලබයි. ඉන්පසු ගිනි කූර චලනය වන දිශාව පිළිබඳව පරීක්ෂා කර බැලීමේ දී පුදුමයකට මෙන් එය කිසිම දිශාවකට චලනය වී තිබුණේ නැත. එනම් එය නිශ්චිතව පැවතිණි. මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ එකිනෙකට පෙනෙන දුරින් වූ මීටර් 20 බැගින් දුරින් වූ ස්ථාන තුනක දී වුව ද එම ස්ථාන තුනෙහි දී ගිනි කූරෙහි චලනය තුන් ආකාරයකින් නිරීක්ෂණය විය. එනම් සමකය අසල මීටර් 40ක පරතරයක් තුළ ජලයේ හැසිරීම සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙනස් වී තිබේ. මෙය මේ ආකාරයෙන් වෙනස් වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව පැහැදිලි සහ නිවැරදි මතයක් ඉදිරිපත් කරන්නට භූ විiඥයන්ට මේ දක්වා හැකි වී නැත.
එමෙන්ම සමකය ගමන් ගන්නා බ‍්‍රසීලයේ මැකපා නගරයේ දී ද පුදුමාකාර අත්දැකීම්වලට මුහුණ දෙන්නට භූ විiඥයන්ට සිදු වී තිබිණි. මැකපා නගරය මුහුදු මට්ටමේ සිට අඩි 40ක් පමණ ඉහළින් පිහිටි නගරයකි. මැකපා නගරයේ යම් යම් ස්ථාන වලදී මාලිමාවක් භාවිත කළ විට ඉන් නිවැරදි දිශාව පෙන්නුම් නොකෙරෙන බව ද ඔවුන්ට දකින්නට ලැබී තිබිණි. එපමණක් නොව මාලිමාව මගින් නිවැරදි දිශාව දක්වනු ලබන්නේ සමකයේ සිට මීටර් 40ක පමණ දුරක් උතුරු දෙසට හෝ දකුණු දෙසට ගමන් කිරීමෙන් පසුව බව ද නිරීක්ෂණයට ලක් විය.
සමකය මත සහ ඒ අවට ප‍්‍රදේශවලදී මෙවැනි අපූර්ව සිදුවීම් සිදුවන්නට පොදු හේතුව ලෙස පෘථිවි ගෝලය ආනතව පිහිටීමත් එහි ගුරුත්වාකර්ෂණ බලපෑමේ වෙනසත් බලපෑ හැකි බවට මත පළ වී තිබේ. නමුත් ඒ සඳහා නිෂ්චිත හේතුවක් සොයා ගන්නට නවීන තාක්ෂණයෙන් අනූන වත්මන් ලෝකයට නොහැකි වීම පුදුම සහගත ය.
 
දුලාන්ජලී මුතුවාඩිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4475

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4135

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7241

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4541

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2887

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3696

Please publish modules in offcanvas position.

Web Analytics