Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පාකිස්තානයේ පවා අනුගාමිකයන් සිටින කෝලිගේ FB ජනප්‍රියත්වය

ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි අද ලෝකයේ සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව අවිවාදයෙන් පිළිිගැනෙන්නකි. ඒ අතර ඔහුගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ද අපූරු තොරතුරු රැසක් පසුගිය දිනවල මාධ්‍ය තුළ සැරිසරමින් තිබිණි. මේ තොරතුරු ඉදිරිපත්ව තිබුණේ ෆේස්බුක් සමාජ ජාල අඩවිය තුළ සිටින 'අනුගාමිකයින්' (followers) සංඛ්‍යා පදනම් කර ගනිමිනි.
මේ වනවිට ෆේස්බුක් හි වැඩිම 'අනුගාමිකයින්' සංඛ්‍යාවක් සිටින ඉන්දියානුවන් අතර දෙවැනි තැන දිනාගන්නට විරාත් කෝලි සමත්ව සිටියි. ඔහු දෙවැනි වන්නේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිට පමණක් බවයි සඳහන් වන්නේ. කෝලිට සිටින 'අනුගාමිකයින්' ගණන මිලියන 35.7ක් ලෙස සටහන් වන අතර නරේන්ද්‍ර මෝදිට සිටින 'අනුගාමිකයින්' ගණන මිලියන 42කි.
කෙසේ වෙතත් ඉන්දියාවේ සුපිරි තරු අතර නම් විරාත් කෝලි ඉක්මවා යන්නට කිසිවෙකු නැති බවද සඳහන් වෙයි. ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ වීරයන් පවා සිටින්නේ ඔහුට පිටුපසිනි. බොලිවුඩ් සිනමාවේ දැනට වැඩිම 'අනුගාමිකයින්' සංඛ්‍යාවක් සිටින නළුවා වන්නේ සල්මාන් ඛාන්ය. නමුත් ඔහු ද ෆේස්බුක් ජනප්‍රියත්වය අතින්  සිටින්නේ කෝලිට පහළිනි. සල්මාන්ගේ ෆේස්බුක් අඩවියේ සිටින 'අනුගාමිකයින්' සංඛ්‍යාව මිලියන 35.1කි. ඊළඟට සිටින දීපිකා පාදුකෝන්ගේ අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 34කි. සිව් වැනි ස්ථානයේ සිට දහ වැනි ස්ථානය දක්වා දිනාගෙන සිටින්නේ පිළිිවෙළින් ප්‍රියංකා චොප්රා, යෝ යෝ හනි සිං, සචින් තෙන්දුල්කාර්, ශේ‍රයා ගෝෂාල්, අමිතාබ් භච්චන්, මධුරි ඩික්සිත්, කපිල් ෂර්මා යන අයයි.
ඉන්දියාව සහ පාකිස්තානය  ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ දරුණු 'සතුරන්' ලෙස සැලකුණත් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් අතර පවා කෝලි ට විශාල ආකර්ෂණයක් ඇති බව සඳහන් වෙයි. ඔහුට පාකිස්තානය තුළ ද 'අනුගාමිකයන්' මිලියනයකට වැඩි පිරිසක් සිටියි. මේ අතර ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් අතර මේ වනවිට වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේද විරාත් කෝලි යි. 
එපමණක් නොවේ, සමස්තයක් ලෙස ලෝකයේ සියලු සුපිරි තරු (ක්‍රීඩකයින් පමණක් නොවේ) අතරින් ෆේස්බුක් ජනප්‍රියත්වය අතින් 52 වැනි ස්ථානය දිනාගැනීමටත් කෝලි සමත්ව සිටියි. මෙම ලැයිස්තුවේ උඩින්ම සිටින්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝයි. ඔහුට සිටින 'අනුගාමිකයින්' ගණන මිලියන 121 කට ආසන්නයි. මෙම ලෝක ලැයිස්තුවේ දෙවැනි තැන ජනප්‍රිය ගායිකා ෂකීරාට හිමිව ඇති අතර තුන්වැනි තැන සිටින්නේ හොලිවුඩ් නළු වින් ඩීසල්ය. ඔවුන් ට සිටින 'අනුගාමිකයින්' සංඛ්‍යා පිලිවෙලින් මිලියන 104 ක් සහ 101 ක් ලෙස සටහන් වෙයි. දහවැනි ස්ථානය තෙක් ඉතිරි ස්ථාන හත දිනාගෙන සිටින්නේ පිළිවෙළින් එමිනෙම්, ලියෝනෙල් මෙසි, රිහානා, ජස්ටින් බිබර්, විල් ස්මිත්, මයිකල් ජැක්සන්, ටේලර් ස්විෆ්ට් යන සුපිරි තාරකායි.
කෝලිගේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ  ඔහුගේ සුපිරි දක්ෂතාව බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට ලෝකයේ පිතිකරුවන් අතර එක් දින තරඟ ක්‍ෂේත්‍රයේ මෙන්ම විස්සයි විස්ස ක්‍ෂේත්‍රයේද ශේ්‍රණිගත කිරීම්වල  අංක එකේ පිතිකරුවා ලෙස වැජඹෙන්නේ ඔහුය. එමෙන්ම ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේද පළමු පස් දෙනා අතර සිටින්නට ඔහු සමත්ව සිටියි.
1988 උපන් කෝලි ට වයස අවුරුදු තුනක් වෙද්දීම ක්‍රිකට් ක්‍රීඩා කරන්නට කැමැත්තක් දැක් වූ බව සඳහන් වේ. ඔහු ක්‍රිකට් පිත්තක් අතට ගෙන, තමාට පන්දු එවන්නැයි පියාගෙන් ඉල්ලා සිටින බව කෝලිගේ පවු‍ලේ උදවිය සඳහන් කර තිබිණි. 
ඔහුට වයස අවුරුදු 18 ක් පමණ වෙද්දී ඔහුගේ පියා හදිසියේ මිය ගිය අතර ඉන්පසු ඉතා දුෂ්කර කාලයක් ගෙවන්නට සිදු වූ බව ඔහු වරක් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි. නමුත් සිය දක්ෂතාවත්, වාසනාවත් හරහා අද ලෝකයේ ඉහළම පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට මෙන්ම ලොකුම ධනවතෙකු බවටද පත්වීමට ඔහු සමත්ව සිටියි. තම පෙම්වතිය ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මා වීමද කෝලිගේ ජනප්‍රියත්වය වැඩිකොට තිබේ.
 
කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1830

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2160

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4967

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2960

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1719

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2597

Please publish modules in offcanvas position.

Web Analytics