lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

අඳ නෙතට ස්මාර්ට් ඔරලෝසුවක්

දෘෂ්ටි ආබාධවලින් පෙළෙන පුද්ගලයන් වෙනුවෙන් නවීනතම ස්මාර්ට් අත්ඔරලෝසුවක් නිපදවීමට දකුණු කොරියානු සමාගමක් සමත්ව සිටින බව වාර්තා වේ. ඒ අනුව ලොව නවතම තාක්ෂණික සබඳතා තම ඇඟිලි තුඩගට ගැනීමට ලොව පුරා සිටින මිලියන 285ක් දෘශ්‍යාබාධිත ජනතාවටද හැකිවනු ඇත.
ඩොට් යනුවෙන් නම්කරනු ලැබ ඇති මේ නව ස්මාර්ට් ඔරලෝසුව මි.මී. 43ක විශ්කම්භයකින් යුතුය. ඒ මත ඇති බේ්‍රල් තිත් රටා ඇඟිලි තුඩෙන් ස්පර්ශ කිරීමෙන් තොරතුරු දැනගැනීමට හා යාවත්කාලීන කිරීමට හැකිය.
තත්පරයට වේලාව, දිනය වැනි නිවැරදි තොරතුරු දැනගැනීමටත් අන් දියුණු ඔරලෝසුවල ඇති කාලගණක හැකියාව වැනි මූලික පහසුකම් සියල්ලෙන් ද එය සමන්විතය. ඒ හැර එය ජංගම දුරකථනයක් සේ ක්‍රියාකරවිය හැකිය. බ්ලූටූත් පහසුකම් මෙන්ම පරිවර්තන පහසුකම් ද ඊට ඇත. ගූගල් සිතියම් දක්වනය හා සරල අකුරු පණිවුඩ යැවීමේ හැකියාව එහි තවත් පහසුකම්ය. දෘශ්‍යාබාධිතයින් වෙනුවෙන් නිපදවුණු ලොව ප්‍රථම සුහුරු ඔරලෝසුව වන්නේ මෙයයි.
ඉදිරියේදී තවත් නවීන පහසුකම් රැසක් ඊට එක්කිරීමට එහි නිෂ්පාදකයෝ බලා‍පොරොත්තු වෙති. ඒ අනුව දෘශ්‍යාබාධිත ජනතාවගේ අන්ධකාර ලෝකයට යම් ආලෝකයක් එක්කිරීමට ඔවුන් සමත්ව ඇතැයි කිව හැකිය.

ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 163

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 688

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 897

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5036

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3197

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5010

Please publish modules in offcanvas position.