lakbima.lk

අවන්හලකට ගොඩවදින ඔබ ඇණවුම් කළ ආහාරය වෙනුවට වෙනත් යමක් ඔබ වෙත රැගෙන එන අවන්හල් සේවකයකු සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාරය කෙබඳු වේද? ජපානයේ එක්තරා අවන්හලකට පැමිණෙන පාරිභෝගිකයන්ට තමන් ඇණවුම් කළ භෝජනයට ඉඳුරාම වෙනස් වූ ආහාරයක් ලැබුණද එය සතුටින් ඉවසා සිටින්නට සිදුවනු ඇත. මේ අපබ්‍රංසය කුමක්දැයි දැන් ඔබ සිතනවා නිසැකය.

"The Restaurant order Mistakes" එම අවන්හලට යොදා ඇති නමයි. නමේ අරුතින්ම එහි යන අයෙකු වැරදි ආහාරයකට වුවද සූදානමින් ඊට ගොඩවිය යුතුව තිබේ. එහි සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ඉතා සුහදශීලී පිරිසකි. එහෙත් ඔවුන් තුළ ඇති විශේෂත්වය නම් එහි සේවය සපයන වේටර්වරුන් හා වේටර්වරියන් සියලු දෙනාම ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන්නන් වීමය.

එය ස්නායු හානියට පත්වීමෙන් හට ගන්නා රෝගී තත්ත්වයකි. මතකය කෙටිකාලීනවීම, තීරණ ගැනීමේ නොහැකියාව ඩිමෙන්ෂියා රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය අතර වේ.


මේ කියූ දේ වෙනුවට මොහොතකින් වෙනත් යමක් පවසන කෑම කා ටික වේලාවකින් නොකෑ බව පවසන  ඩිමෙන්ෂියා රෝගීහු එම ක්‍රියාකලාපය නිසාම සමාජය තුළ කොතෙකුත් කෙනෙහිළිකම්වලට ගොදුරු වෙති. රෝගී තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැති පුද්ගලයන් හමුවේ මොවුහු වංචනිකයන් බොරුකාරයන් බවට පත් වෙති. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඔවුන්ගේ මතකය සැනෙකින් ගිලිහී යෑමයි.

මේ නිසාම බොහෝ ඩිමෙන්ෂියා රෝගීහු සමාජය තුළ පිළිගැනීමක් නැති, කොන්වී ජීවත්වන පිරිසක් බවට පත්ව තිබේ. වැඩිහිටි ජනගහනය ඉතා වැඩි ජපානයේ ඊට සාපේක්ෂව ඩිමෙන්ෂියාවෙන් පෙළෙන්නන්ගේ ප්‍රතිශතයද ඉතා ඉහළය. රෝගී තත්ත්වය හේතුවෙන් මෙම වැඩිහිටියන් අනතුරුවලට භාජනය වීම මෙන්ම ඔවුන්ගේ අතුරුදන්වීම්ද ජපානයේ සුලබ තත්ත්වයකි.


මෙම අපූරු අවන්හ‍ලේ සේවයට ඩිමෙන්ෂියා තත්ත්වයට පත් වූවන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නට එහි හිමිකරුවා කටයුතු කරන්නේ සමාජයේ කොන්වී අසරණවී සිටින ඔවුන්ට යම් පිළිගැනීමක් ආත්මාභිමානයක් සහිතව ජීවත්වන්නට මගපදා දීමේ අරමුණ ඇතිවය.


මම උදේ වැඩට ආවත් හවස් වෙද්දී මම වේටර් කෙනෙක් කියන එකත් මට අමතක වෙනවා. වැඩ පවරද්දී තමයි මට ඒක ආපහු මතක් වෙන්නේ එසේ පවසන්නේ මෙම අපූරු අවන්හ‍ලේ වේටර්වරයෙකි. The Restaurant Order Mistakes  හි හිමිකරුවා ශිරෝ ඔගුනි නමැති රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකි.

දිනක් රෝහලක් තුළ වූ අවන්හලකට ගොඩවන ඔගුනි මහතාට ඔහු ඇණවුම් කළ හැම්බර්ගර් එක වෙනුවට ලැබෙනුයේ ච්භථනතඪදඨ නම් වූ ආහාරයකි. රෙස්ටුරන්ට් ඕඩර් මිස්ටේක්ස් පිළිබඳ අදහස මුලින්ම ඔහුගේ සිතට නැගෙන්නේ එදිනය.


මෙය දිනපතාම විවෘතව පවතින අවන්හලක් නොවේ. එහෙත් එය විවෘතව පවතින දිනවලදි ඊට විශාල පාරිභෝගිකයින් පිරිසක් ඇදී එන්නේ ඒ අපූරු අත්දැකීම් අත්විඳින්නටයි. තමන් ඇණවුම් කළ භෝජනය වෙනුවට වෙනස්ම යමක් තමන් වෙත පිළිගැනුනද එය විනෝද ජනක අත්දැකීමක් කොට ගනිමින් ඔවුහු සතුටු වෙති.

මම ඇණවුම් කළ දේ වෙනුවට මට මොන වගේ කෑමක් ලැබෙයිද කියලා කුතුහලයෙන් ඉන්න එකත් හරිම රසවත් එසේ පවසන්නේ The Restaurant Order Mistakes   වෙත පැමිණීම රසවත් අත්දැකීමක් කරගත් පාරිභෝගිකයෙකි.

උත්පලා සුභාෂිනී ජයසේකර

  1. ගාන්ධිලාට මොකද වුණේ
  2. ලෝකයටම එකක් ලෙස බිහි වූ අපූරු නිවුන් දරුවෝ
  3. ලොව වියපත්ම තැනැත්තා ජපානයේ කාන්තාවක්
  4. පැයට කි. මී. 400ක දුම්රිය ධාවන පරීක්ෂාවට
  5. ජීවිත ආසාව අතහැර පළමු ප්‍රහාරයට පිටත් වෙයි
  6. පතාන්වරුන් කන්‍යාසොයුරියන් දූෂණය කරද්දී ඉන්දියාව කාශ්මීරය අල්ලති
  7. ට්‍රම්ප් ඉන්දියාවට ගණන් උස්සයි
  8. ඩුබායි නගරයට බායි කියන්නට බැරි හේතුව
  9. කලාතුරකින් දකින්නට ලැබෙන ඡායාරූප
  10. ඕස්ටේ‍්‍රලියාවෙන් හමු වූ විසල් එළදෙන
  11. ලෝකයේ සුවිසල් ලවණ කැඩපත
  12. අරුම පුදුම අයිස්ක‍්‍රීම් කෙසෙල්
  13. තූර්කියේ විස්මිත උණු වතුර ළිං
  14. ජපානයේ අරුම පුදුම රෝල් කෝස්ටර් පාලම
  15. ලෝකයේ පැහැදිලිම විල
  16. ලෝකයේ ලොකුම පුෂ්පය
  17. දියමන්ති ගුවන් යානයේ ඇත්ත කතාව
  18. මෙහෙමත් අවන්හල් !
  19. රතු ලේනුන් ගේ නොදුටු දසුන්
  20. අහසේ ගෙවන ජීවිතේ
  21. පුදුම හිතෙන කුඩ
  22. ඝානාවේ අමුතු මිනී පෙට්ටි
  23. ලොවක් වසඟ කළ විස්මිත ප්‍රතිමා
  24. පැණි රස සහ බළල්ලූ
  25. ලෝකේ ලොකුම ගෙතූ බීරළු ලේසය

Page 1 of 26

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.