Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බොලිවුඩයේ ආදරණීය අම්මාගේ චරිතය රඟපාමින් ජනප්‍රියවූ නිළි රීමා ලාගූ හෘදයාබාධයකින් මුම්බායේ රෝහලකදී ජීවිතක්ෂයට පත්විය.

ඒ වනවිට ඇගේ වයස අවුරුදු පනස් නවයකි. චිත්‍රපටවල හා ටෙලි නාට්‍යවල පෙනී සිටින ප්‍රධාන චරිතවල අම්මාගේ චරිතය රඟපාමින් ජනප්‍රියවූ රීමා මරාති වේදිකා නාට්‍ය රැසකද රඟපෑවේය. හම් ආප් කේ හේන් කෝන්, කුච් කුච් හෝතා හේ සහ මෙනේ ප්‍යාර් ක්‍යා ඇතුළු චිත්‍රපට රැසක ඇය රඟපෑවාය. 1970 වසරේදී සිනමාවට ආ ඇය වඩාත්ම ජනප්‍රිය වූයේ සුපිරි නළු සල්මාන් ඛාන්ගේ මව ලෙස රඟපාමිනි. මේ නිසාම සල්මාන් ඛාන්ගේ තිරයේ අම්මා ලෙස ඇයව මාධ්‍ය විසින් හඳුන්වන ලදී.

නිශානි දිසානායක

ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් ජනපති ධුරයෙන් සමුගත් පසු වැඩිම ආදායමක් උපයාගත්තේ දේශන පවත්වමිනි. දේශන පැවැත්වීමට බිල්ට විශාල මුදලක් ගෙවීමට බොහෝ සමාගම් ඉදිරිපත් වූ අතර ජනපති හා අගමැති ධුරවලින් සමුගත් ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය දේශපාලකයන් බහුතරයක් දේශන පැවැත්වීමෙන් විශාල මුදලක් උපයන බව වාර්තා වෙයි. කෙසේවුවද දේශන පැවැත්වීමෙන් පමණක් නොනැවතුණු බිල් ක්ලින්ටන් ‍පොත්ද ලිව්වේය. නමුත් ඒ නවකතා නොවේ. මෙවර ධවල මන්දිර ජීවිතය ඇතුළත් නවකතාවක් සුප්‍රකට ‍ලේඛක ජේම්ස් පැටර්සන් සමග එක්ව ක්ලින්ටන් ලියමින් සිටින බව පසුගියදා වාර්තා විය. ජේම්ස් පැටර්සන් මේ වනවිට ජීවතුන් අතර සිටින සාර්ථකම ‍ලේඛකයා ලෙස හැඳින්වෙන අතර මේ දෙදෙනා එක්ව ලියන ‍පොතේ නම “ද ප්‍රසිඩන්ට් ඊස් මිසින්”ය. (ජනපති සොයාගැනීමට නැත.)
ඇමෙරිකානු ජනපතිවරයෙකු පමණක් දන්නා තොරතුරු ඇතුළත්කොට මේ ‍පොත ලියන බව කියැවෙන අතර ලබන වසරේ ජුනි මාසයේදී ඇල්ෆ්‍රඩ් ඒ. නොෆ් ප්‍රකාශන සමාගම විසින් එය ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.
“ජනාධිපතිවරයෙක් ගැන ‍පොතක් ලිවීම, ඇමෙරිකානු ජනපතිවරයෙකුගේ කාර්යභාරය ගැන මා දන්නා දේ ලිවීම, ධවල මන්දිරයේ ජීවිතය ගැන ලිවීම, වොෂින්ටනය කටයුතු කරන ආකාරය ගැන ලිවීම හරිම විනෝදජනකයි.” හිටපු ජනපතිවරයා කියයි. ඒ වගේම මගේ ප්‍රියතම නවකතාකරුවෙක් වන ජේම්ස් සමග වැඩකරන්න ලැබිම හරි අපූරු අත්දැකීමක්.”
මේ නවකතාවට ඇතුළත් වන පුවත ගැන වැඩිදුර විස්තර හෙළිවී නැති අතර ‍පොත පිටවීමත් සමග ක්ලින්ටන් හා පැටර්සන් දෙදෙනා එයට ප්‍රචාරය ලබාදෙමින් රට රටවලට යාමට නියමිතය.පැටර්සන් මේ වනවිට ‍පොත් එකසිය තිහක් ලියා ඇති අතර 'ද ප්‍රසිඩන්ට් ඊස් මිසින්' ක්ලින්ටන්ගේ පළමු නවකතාවය. මයි ලයිෆ්, ගිවින්, බැක් ටු වර්ක් ඔහු ලියූ වෙනත් කෘති අතර වෙයි. මයි ලයිෆ් ඔහුගේ ජීවිත කතාවය. 2004දී නිකුත්වූ එම ‍පොත අලෙවිය අතින් බෙහෙවින් සාර්ථක වූ අතර බිල් ක්ලින්ටන් විසින් ලියා 2007 වසරේදී නිකුත්වූ “ගිවින්-හව් ඊච් ඔෆ් අස් කැන් ච්ෙන්ජ් ද වර්ල්ඩ්” නම් ‍පොතට පාඨක හා විචාරක ප්‍රසාදය එකසේ ලැබුණු අතර ඇමෙරිකාවේ වැඩිපුරම විකිණෙන ‍පොත් අතරට එක්විය. මෙම ‍පොත ලිවීම වෙනුවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන හයකට අධික මුදලින් මිලියනයක් ක්ලින්ටන් සමාජ සේවය වෙනුවෙන් වෙන් කළේය. ‍පොත් ලිවීමෙන් බිල් මෙන්ම බිරිය හිලරිද මේ වනවිට විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබේ. 2016 වසරේ ෆෝබ්ස් සඟරාව පවසා සිටියේ පසුගිය වසර අටක කාලය තුළ බිල් ක්ලින්ටන් දේශන පැවැත්වීමෙන් හා ‍පොත් ලිවීමෙන් උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන අනූදෙකක් බවය.තම ජීවිත කතාව ඇතුළත් මයි ලයිෆ් ‍පොත වෙනුවෙන් ක්ලින්ටන් ප්‍රකාශයට පෙර ලැබූ මුදල ඒ වනවිට ‍පොතක ප්‍රකාශන අයිතිය ලබා ගැනීමට ගෙවූ වැඩිම මුදල ලෙස වාර්තා විය. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන පහළොවකි. මයි ලයිෆ් ලියන්නට ඔහුට වසර දෙකහමාරක් ගතවූ බව කියැවේ. පිටු එක් දහස් අටකින් යුතු මයි ලයිෆ් මේ පිටු ගණන නිසාම එහි දීර්ඝ බව ගැන විවිධ විහිළුතහළුවලට බොහෝවිට ලක්විය. 
ජනපති පදවියට පත්වන්නට පෙර ක්ලින්ටන් ආකන්සාස් හි ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය. ඇමෙරිකාවේ හතළිස් දෙවැනි ජනපතිවරයා වූ ක්ලින්ටන්ගේ පසුකාලීන දේශපාලන ජීවිතය අසාර්ථක වූයේ තම බිරිය හිලරි හා දියණිය සමග ගෙවන පවුල් ජීවිතයට වෙනත් කාන්තාවන් මැදිකරගැනීම හේතුවෙනි. විශේෂයෙන් තම ජනපතිවරණ ප්‍රචාරක කටයුතුවලට උපකාර කළ තරුණියක වූ මොනිකා ලුවින්ස්කි සමග ඇතිකරගත් අනියම් සබඳතාව ක්ලින්ටන්ගේ පෞද්ගලික හා වෘත්තීයමය ජීවිතයට ඇති කළේ දැඩි අපකීර්තියකි. කෙසේවුවද ඔහුගේ පවුල් ජීවිතය රැකුණ අතර පසුකලක බිරිය හිලරි ක්ලින්ටන්ද දේශපාලනයට පිවිසියාය. පසුගිය ජනපතිවරණයේදී වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇය තරග වදිද්දී බිල් එම ප්‍රචාරක ව්‍යාපාරයට දැඩි සහයෝගයක් ලබාදුන්නද ඔහුගේ අතීත කාන්තා සබඳතා එහිදීද මතුව ආවේ හිලරිට අවාසියක් දෙමිනි.
 
නිශානි දිසානායක 

ඇස් බැන්දුමක් යනු කුමන ආකාරයකින් හෝ ඇස් රැවටීමට ලක් කිරීමක් බව අපි දනිමු. නමුත් ඇස් රැවටීමකින් තොරව ඇස් බැන්දුම් සිදුකළ හැකි පුද්ගලයන්ද මේ ලෝකයේ ජීවත් වන බව ජෝ ගිරාඩෙලිගේ කතාවෙන් පසු ඔබ විශ්වාස කරනු ඇත.
නිශ්චිතවම දින වකවානු ගැන සඳහනක් නොවුණ ද ජෝ ගිරාඩෙලි උපත ලබා තිබුණේ 1780 දශකයේ ඉතාලියේය. ඇගේ මව්පියන් ගැන හෝ ඥාතීන් ගැන පවා කිසිම සඳහනක් නැත. එපමණක්ද නොව ඇගේ බාල කාලය හෝ තරුණ විය ගැනද කිසිදු විස්තරයක් ලබාගත හැකි නොවේ. ජෝ ගිරාඩෙලි නම් කාන්තාව කරලියට පැමිණෙන්නේ 1810 වසරේදී පමණ බ්‍රිතාන්‍යයෙනි. එහෙයින් ඇය ආසන්න වසරකදී බ්‍රිතාන්‍යයට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇඳුම් කඩමාලු කීපයක් සමග බ්‍රිතාන්‍යයට පැමිණි ඇය වසර තුනක් තුළ කෝටිපතිනියක් බවට පත් වන්නේ ඇය සතු පුදුමාකාර හැකියාව නිසාය.
 බ්‍රිතාන්‍යයට පැමිණි මුල් කාලයේ ඇය පදික වේදිකාවේ එහා මෙහා ගමන් කරන පදිකයන්ට ඇස් බැන්දුම් ඉදිරිපත් කළාය.  ඒ රත්වූ විවිධ වස්තූන් කිසිම වේදනාවකින් තොරව පහසුවෙන් ස්පර්ශ කරමිනි. ඇගේ ඇස් බැන්දුම් දුටු පදිකයන් ඇය වෙත කාසි විසි කරමින් යන්නට ගියහ. මුල් කාලයේ මෙය එතරම් ප්‍රසිද්ධ ඇස් බැන්ඳුමක් නොවුණද ඇය දිනකට වේල් කීපයක් පිරිමසා ගත හැකි වන ආකාරයේ ප්‍රමාණවත් මුදලක් ඉන් ඉපයුවාය. පසුව ඇය බ්‍රිතාන්‍යයේ පදිකයන් ගැවසෙන දුම්රියපල, අශ්ව රථගාල් ආශ්‍රිතව මෙම ප්‍රයෝග ඉදිරිපත් කරන්නට පටන් ගත්තාය. ඉන් ඇය කුලියට කාමරයක් ගැනීමට තරම් මුදලක් ඉතිරි කරගන්නට සමත්විය. මේ ආකාරයට මාස කීපයක් ගත වන විට ඇගේ මෙම ඒකාකාරී ඇස්බැන්දුම් බැලීමට පැමිණෙන පිරිස අඩු වූයෙන් ඇය නව ප්‍රයෝගයක් අත්හදා බැලුවාය. ඒ රත්වූ විවිධ වස්තූන් සිය මුඛය තුළට දමා ගැනීමය. එසේ මුව තුළට දමා ගත් ද්‍රව්‍ය අතර රත්වූ ඊයම් කැබලි, යකඩ කාසි, පැන්සයේ කාසි ආදියද තිබිණි.

ඒ වන විට ඇස් බැන්දුම් නිසා මාර්ග පවා අවහිර වීම හේතුවෙන් ‍පොලිස් භටයන් යොදා වාහන හසුරුවන්නට ‍පොලීසියට සිදුවිය. තත්ත්වය පාලනය කළ නොහැකි තැන ඇය අත්අඩංගුවට ගෙන මහා මාර්ගයේ සිදුකරන ක්‍රියාව නතර කරන ලෙසත්, එය සිදුකළ යුතුම නම් ඒ සඳහා පදික වේදිකාව හැර වෙනත් ස්ථානයක් යොදා ගන්නා ලෙසත් අවවාද ලැබිණි. සංවිධානාත්මක සංදර්ශනයක ආකාරයට මෙම ඇස්බැන්දුම් ඉදිරිපත් කරන්නට පටන් ගැනීමේ මූලික පියවර වූයේ එයයි.

ඉන්පසු ඇය සහායක සහායිකාවන් කීපදෙනකු සේවයට බඳවාගෙන කුලී පදනම මත ලබා ගත් විශාල ශාලා තුළ සිය ඇස්බැන්දුම් ඉදිරිපත් කරන්නට වූවාය. ඒ සඳහා ටිකට් ‍පොත්ද අච්චු ගැසිණි. රත්වූ ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් සහ රත්වූ ද්‍රව්‍ය මුව තුළට දමා ගැනීමෙන් පමණක් සීමා නොවූ ඇය රත් වී ද්‍රව බවට පත්වූ ඉටි පානය කළාය. බුබුළු දමන්නට තරම් උණුසුම් තෙල් පානය කළේ වතුර බොන්නාක් මෙනි. සමහර දිනවල රත්වූ තෙල් විනාඩි කීපයක් මුව තුළ තබාගෙන ඒවා ගින්දර මතට දැමුවේ කුඩා ගින්න මහා විශාල ගින්නක් බවට පත්කරමිනි. වරක් ඇය රත්වී ගිනියම් වූ කුඩා ප්‍රමාණයේ සවලක් ගෙන දෑතින්ම අල්ලා සිප ගත්තාය. නමුත් ඇය ඉන් පිළිස්සුණේ හෝ වේදනාත්මක බවක් පවා හැඟවූයේ නැත. ඉන්පසු ගිනියම් වී රත්වුණු සවල දිවෙන් ස්පර්ශ කළේ නරඹන්නන් මවිතයට පත් කරවමිනි.

වසර දහයක් පමණ මේ ආකාරයේ පුදුමාකාර ඇස් බැන්දුම් සිදුකළ ඇය මෙවැනි දෑ සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට විවිධ වෛද්‍ය පර්යේෂකයන්ට අවස්ථාව ඉල්ලුවද ඇය ඒවා ප්‍රතික්ෂේප කළේ 'ඔබට අයිති දේ පමණක් කරන්න' යැයි පවසමිනි. මේවා ඇස් බැන්දුම් නොහොත් ප්‍රයෝග නොවන බවත් ඇය ඒවා ඇත්තටම සිදුකරන බවත් ඇගේ සහායක සහායිකාවන් හොඳින්ම දැන සිටියහ. නමුත් ඇගේ මෙම අසාමාන්‍ය හැකියාව පිරික්සීමට වෛද්‍ය පර්යේෂකයන් වැඩි වැඩියෙන් ඉදිරිපත් වීමත් සමග ඇය සිය සංදර්ශන පැවැත්වීම සීමා කළාය. එක් මසකට දින 20ක් පැවැති සංදර්ශන පසු කාලයේ පැවැත්වුණේ මසකට දෙකක් හෝ තුනක් වශයෙනි. ඉන්පසු ඇය සහායක සහායිකාවන්ටද විශාල ලෙස මුදල් ගෙවා ඔවුන්ගේ සේවය සමාප්ත කළාය. 1822 වසරෙන් පසු ඇගේ සංදර්ශන පැවැත්වුණු බවට කිසිම වාර්තාවක් නැත. එපමණක් නොව ඇය කොහෙ ගියාදැයි කිසිවකු දැන සිටියේ නැත. ගිනි කන්නන්ගේ රැජින ලෙස ඇස් බැන්දුම් ලෝකය කැලඹූ ජෝ ගිරාඩෙලි අතුරුදන් වූයේ ඒ ආකාරයෙනි. ඇය පිළිබඳව එක් වෛද්‍ය පර්යේෂකයකු විසින් වාර්තා කර තිබුණේ මෙසේය. ඒක ඇස් බැන්දුමක් ‍නෙවෙයි. ඇය උණු තෙල් පානය කරන වෙලාවේ මම හිටියෙ මීටර් 30ක් විතර දුරින්. මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඇය මේ ලෝකෙ කෙනෙක් වෙන්න බැහැ. එහෙම කෙනෙක්ට උණු තෙල් බොන්න තියා උණු තෙල් අවුන්ස කාලක් අල්ලට ගන්නවත් පුළුවන්ද? ඇයව පරීක්ෂා කිරීමෙන් මේ ලෝකෙ නැති රහසක් හෙළි කර ගනී කියලා ඇයට බයක් ඇතිවෙන්න ඇති. ඒක අතුරුදන් වෙන්න හේතුවක් වෙන්න බැරි නැහැ.

දුලංජලී මුතුවාඩිගේ

Page 5 of 5

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1025

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 1549

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4419

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2579

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1430

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2302

Please publish modules in offcanvas position.

Web Analytics