Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇමෙරිකාව සහ උතුරු කොරියාව සාකච්ඡා මේසයට වාඩි වේවිද?

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර යුද්ධයක් ඇති වෙයිද? මේ දැන් ටික කලෙක සිට ලෝක දේශපාලන ක්‍ෂේත්‍රයේ විශාල ආතතියක් ඇති කරමින් ඇති ප්‍රශ්නයකි. මෙම දෙරට අතර එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට තුඩු දුන් ප්‍රධානම කාරණය වූයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිපදවීමේ වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යමින් සිටීමයි. මෙම වැඩපිළිවෙළ තුළ ඔවුහු දැන් කාලයක සිටම න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් පෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඇමෙරිකාව මෙම වැඩපිළිවෙළ ගැන දැඩි විරෝධයක් දක්වයි. ඔවුන් පවසනුයේ උතුරු කොරියාවේ  න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ ඇමෙරිකාවේ මෙන්ම ඔවුන්ගේ ආසියානු මිතුරන් වන දකුණු කොරියාව, ජපානය වැනි පාර්ශ්වවලද ආරක්ෂාවට තර්ජනයක්   බවයි. පසුගිය නොවැම්බර් මාසයේ අවසන් සතියේ උතුරු කොරියාව, මතෛක් ඔවුන් නිපද වූ ප්‍රබලම අන්තර් මහද්වීපික මිසයිලයද අත්හදා බැලූ අතර එයට ඇමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් වැනි මර්මස්ථාන ඇතුළු ඕනෑම ප්‍රදේශයක් ඉලක්ක කළ හැකි බව පැවැසිණි. මෙම පසුබිම තුළ ඇමෙරිකාව උත්සාහ ගනිමින් සිටින්නේ උතුරු කොරියාවේ මෙකී න්‍යෂ්ටික අවි වැඩසටහන කෙසේ හෝ නතර කරගැනීමටය. ඒ සඳහා ඔවුහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා උතුරු කොරියාවට එරෙහිව විවිධ සම්බාධක ආදියද ඉදිරියට ගෙන එමින් සිටිති.
නමුත් උතුරු කොරියාව තම න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ නතර කිරීමට කිසිසේත් සූදානම් බවක් පෙනෙන්නට නැත. දකුණු කොරියාව සහ ජපානය සමග එක්ව ඇමෙරිකාව තම රටට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවත්,  ඇමෙරිකන් විරෝධී කිම් ජොන්-උන් පාලනය පෙරළා දමා  ඇමෙරිකාවට හිතවත් පාලනයක් එහි ඇති කර ගැනීමට සැලසුම් කරමින් සිටින බවත් උතුරු කොරියාව පැත්තෙන් කියැවෙන කතාවයි. මෙම කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත්ව ශක්තිමත් තත්ත්වයකට පත්විය යුතු බව ඔවුන් ගෙනෙන තර්කය වී තිබේ. උතුරු කොරියානු පාලනය බිඳ වැටී ඉහත කී ආකාරයේ තත්ත්වයක් ඇති වුවහොත් එය මෙම කොරියානු කලාපය තුළ ඇමෙරිකාවේ බලය ශක්තිමත් කරන කාරණයක් වනු ඇත. එම නිසා කොරියානු අර්ධද්වීපය ආසන්නයේ සිටින චීනය වැනි පාර්ශ්වද මෙම ගැටුම පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව රහසක් නොවේ.
කෙසේ හෝ වේවා, දැන් කලෙක සිටම කොරියානු කලාපය තුළ පවතින්නේ කොයි වේ‍ලේ යුද්ධයක් පැන නගිනු ඇත්දැයි කිව නොහැකි අවිනිශ්චිත තත්ත්වයකි. ඇමෙරිකාව මෙන්ම උතුරු කොරියාවද කිසිසේත් එකිනෙකාට දවෛනි වීමට කැමති බවක් නොපෙන්වූ අතර ඔවුනොවුනට එරෙහිව එල්ල කරගන්නා දරුණු වාග් ප්‍රහාර නිතර එහා මෙහා යන අන්දම මාධ්‍ය හරහා වාර්තා විය. යම් හෙයකින් ඔවුන් අතර යුදමය තත්ත්වයක් ඇති වුවහොත් එය ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර ගැටුමක් පමණක් නොව චීනය, රුසියාව, දකුණු කොරියාව, ජපානය වැනි ප්‍රධාන පාර්ශ්ව ගණනාවක් පැටලවෙන ගැටුමක් බවට පත්වීමට අවැසි පසුබිම සකස් වෙමින් තිබූ අයුරුද පැහැදිලිව පෙනෙන්නට තිබිණි.
මෙම යුද උණුසුම අතරේ පසුගිය සතියේ දක්නට ලැබුණේ කිසියම් සුබදායක වෙනසක් පිළිබඳ පෙරනිමිති කිහිපයකි. මෙම දෙරට අතර යම් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයක් සඳහා ඉඩක් විවර වෙමින් තිබූ බවක් පෙනෙන්නට වූයේ බොහෝ දෙනෙකු තුළ යම් සංහිදියාවක් පිළිබඳ අපේක්ෂාවක්ද ඇති කරමිනි. වියනා නුවර පැවැති ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙමින් රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රෝව් විසින් කරන ලද ප්‍රකාශයක් කාගේත් අවධානයට ලක් වූවක් විය. උතුරු කොරියාව ඇමෙරිකාව සමග සෘජු සාකච්ඡා සඳහා සූදානම් බවත්, ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් රෙක්ස් ටිලර්සන්ටද තමුන් මේ පිළිබඳව දැනුම් දුන් බවත් ඔහු පවසා සිටියේය. උතුරු කොරියාවට සිය රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සෘජුව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව තමුන් දන්නා බව කී ලැව්රෝව් එවැනි ක්‍රියාදාමයකදී පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කිරීමට රුසියාව සූදානම් බව කියා සිටියේය. මේ අතර තවත් දුර්ලභ  ඝනයේ සිදුවීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාද සිදු වෙමින් තිබිණි. එනම් එම සංවිධානයේ ඉහළම පෙළේ නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මාන් උතුරු කොරියාවේ චාරිකා කරමින් එරට විදේශ අමාත්‍යවරයා වන රී යොංග්-හෝ මුණ ගැසී සාකච්ඡා කිරීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ මට්ටමේ නිලධාරියෙකු උතුරු කොරියාව සමග මෙවැනි සාකච්ඡාවක නිරත වී ඇත්තේ වසර හයක කාලයකට පසුව වීමද විශේෂ කාරණයකි. ඒ අතර මෙයට සති කිහිපයකට පෙර චීනයේ නියෝජිතයෙකුද උතුරු කොරියාවට ගොස් එහි බලධාරීන් මුණ ගැසී සාකච්ඡා කර තිබූ බවට තොරතුරු වාර්තා විය. චීනය යනු, බොහෝ දුරට ලෝකයෙන් හුදෙකලා වී සිටින උතුරු කොරියාවට සිටින ලොකුම මිතුරා ලෙස සැලකිය හැකි පාර්ශ්වයකි. කෙසේ හෝ වේවා මේ සියල්ල තුළින් පෙනී ගියේ කිසියම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමයක් හරහා මෙම දෙරට අතර ගැටුම් නිරාකරණය කර ගැනීමේ දිශාවට යමක් සිදුවෙමින් ඇති බවයි. උතුරු කොරියාව කියන අන්දමට ඇමෙරිකාවට පවා පහර දිය හැකි න්‍යෂ්ටික මිසයිල දැන් ඔවුන් සතුව ඇත්නම් එවැනි ශක්තිමත් තත්ත්වයක් යටතේ සාකච්ඡා මාර්ගයට යොමුවීමට ඔවුන් අකමැති නොවනු ඇතැයිද සිතිය හැකිය.
ඉන්පසුව කවුරුත් කුතුහලයෙන් යුතුව බලා සිටියේ මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද යන්න ගැනය. සාමයට ලැදි කා තුළත් බලා‍පොරොත්තු ඇති කරවන ආකාරයේ ප්‍රකාශයක් ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් ටිලර්සන්ගෙන් පළ වූයේ ඒ අතරය. කිසිදු කොන්දේසියකින් තොරව උතුරු කොරියාව සමග මූලික සාකච්ඡාවක් සඳහා ඇමෙරිකාව සූදානම් බව ඔහු පවසා සිටියේය. ''කොන්දේසි විරහිතව'' සාකච්ඡා සඳහා සූදානම් යැයි පැවැසීම  කාගේත් අවධානය දිනාගත්තේ එය ඇමෙරිකාව එතෙක් සිටි ස්ථාවරයෙන් සපුරා වෙනස් එකක් වීම නිසාය. ඇමෙරිකාව ඒ වනතුරු පවසා සිටියේ සාකච්ඡා සඳහා යොමු වීමට නම් උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ නතර කිරීමට සූදානම් විය යුතු බවයි. ටිලර්සන්ගේ ඉහත ප්‍රකාශයත් සමග පෙනී ගියේ ඇමෙරිකාවේ එම දැඩි ස්ථාවරය වෙනස් වී ඇති ආකාරයකි. 
නමුත් ඒ සමගම ඇති වූයේ බොහෝ දෙනෙකු බලා‍පොරොත්තු නොවූ තත්ත්වයකි. ටිලර්සන්ගේ ප්‍රකාශයෙන් දිනක් ගතවීමටත් පෙර ධවල මන්දිරය මෙන්ම ඔහු යටතේම පවතින රාජ්‍ය දෙපාර්තමේන්තුවම පවා ඔහුගේ කතාව ප්‍රතික්‍ෂේප කරන ආකාරයක් පෙන්වමින් නැවතත් පැරණි ස්ථාවරයම ඉදිරිපත් කරන්නට විය. මේ නිසා මතු වූයේ ඉතා ව්‍යාකූල තත්ත්වයකි. ඇමෙරිකානු පාලනය තුළ පවතින අවුල් සහගත බව නැවත වතාවක් කරළියට ගෙන ආ සිද්ධියක් ලෙස දැන් මෙය විශාල අවධානයක් දිනාගනිමින් ඇති අයුරු දැකිය හැකි වෙයි. ටිලර්සන් උතුරු කොරියාව සම්බන්ධයෙන් එවැනි ස්ථාවරයක් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ අනුමැතියකින් තොරව බව මේ තුළින් පෙනී යයි. ජනාධිපතිවරයා සහ රාජ්‍ය ‍ලේකම්වරයා අතර දැන් කලෙක සිටම මේ ආකාරයේ මත ගැටුම් සහ නොගැළපීම් පළවෙමින් ඇති අතර ටිලර්සන් ධුරයෙන් ඉවත් කරනු ඇති බවටද ඇතැම් අවස්ථාවල යම් යම් කතාබහ ඇති විය. දැන් කවුරුත් කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණය වී ඇත්තේ ටිලර්සන්ගේ මෙම අලුත්ම ප්‍රකාශය නිසා මෙවර ඔහු නියත වශයෙන්ම රාජ්‍ය ‍ලේකම් පදවියෙන් විසි වී යනු ඇත්ද කියාය. එමෙන්ම උතුරු කොරියාව සමග විවර වෙමින් ආ බවක් පෙනුණු සාකච්ඡා මාර්ගයට කුමක් වනු ඇත්ද යන්නද තවත් කුහුල දනවන කාරණයක් බවට පත්ව තිබේ.
 
නිහාල් පීරිස්
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 160

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 191

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 297

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 440

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7057

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4632

Please publish modules in offcanvas position.

X

Right Click

No right click