Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ධවල මන්දිරයේ ට්‍රම්ප් නත්තල

600

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටතට පැමිණියේ එහි සිටි මාධ්‍යවේදීන්ට සුබ නත්තලක් පතමිනි. එය ධවල මන්දිරය අවට රෝස මල් සුවඳ හමන උණුසුම් දිනයක් වූ අතර කිසිසේත්ම නත්තල් ගතියක් තිබුණේද නැත. කෙසේවුවද නිවාඩු කාලය ධවල මන්දිරයට එළැඹී තිබුණේ ඔහුට පෙර සිටි ජනපතිවරුන් නත්තල් නිවාඩුව සමරනවාට වඩා සතියකට පෙර ට්‍රම්ප් නත්තල් කාලය සැමරීම අරඹා තිබුණු බැවිනි. කොහොමටත් ඩොනල්ඩ් ට්‍රම්ප් යනු සියල්ල අනෙක් අයට වඩා වෙනස් ලෙස කිරීමට කැමැති අයෙකු බව රහසක් නොවේ. ඒ අනුව මෙවර ධවල මන්දිරයේ නත්තල පෙර නත්තල් කාලයන්ට වඩා වෙනස්වන ආකාරය පහත දැක්වෙයි.
සාමාන්‍යයෙන් නත්තලට ධවල මන්දිරය සූදානම් වීම ස්තූතිය පළකිරීමේ දිනය හෙවත් තෑන්ක්ස් ගිවින්ග් ඩේ දිනයට පසු සිදුවුවද මෙවර එම දිනයට පෙර නත්තලට සුදානම්වීමට ධවල මන්දිරය වගබලාගෙන තිබුණි. පෙරදී ඇමෙරිකාවේ පළමු පවුල ධවල මන්දිරයේදී සමරන නත්තල් ගස අසුන් බැඳි කරත්තයක ගෙන එන්නේ ස්තූතිය පළකිරීමේ දිනය සැමරුවාට පසුවය.දශක ගණනාවක් තිස්සේ සාම් ප්‍රදායික ලෙස නත්තල් සමය වොෂින්ටනයේ ඇරඹෙන්නේ මෙම නත්තල් ගස ගෙනඒමේ සම්ප්‍රදායත් සමගය. මෙවර ජනපතිවරයාගේ සංචාරවලට බාධාවක් නොවන ලෙස ස්තූති කිරීමේ දිනයට දින තුනකට පෙර නත්තල් ගස ධවල මන්දිරයට ගෙන එන ලදි. පසුදින ඔහු ෆ්ලොරිඩාව බලා ගියේය.නියමිත කාලයට පෙර නත්තල් ගස ගෙනඒම හා ජනපතිවරයා සංචාරයක නිරතවීම මෙවර සිදු වූ විශේෂ සිදුවීම් ලෙස කැපී පෙනෙයි. මින් පෙනෙන්නේ පෙර ජනපතිවරුන් මෙන් ට්‍රම්ප් නත්තල සැමරීමේ ප්‍රධාන ස්ථානය ධවල මන්දිරයම වියයුතු ලෙස නොසිතන බවය.

Trump Card
තම ජනපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ජනතාව මින්පසු ප්‍රීතිමත් නිවාඩු කාලයක් ලෙස සුබ පතාගන්නා හැපි හොලිඩේස් යනුවෙන් නොකියා ප්‍රීතිමත් නත්තලක් එනම් මෙරි ක්‍රිස්මස් ලෙස සුබපතාගන්නා කාල යක් තම පාලනය යටතේ එන බවය.පසුගිය ඔක්තෝබර් මාසයේදී මේ ගැන සඳහන් කරමින් තමා ‍පොරොන්දුව ඉටුකරන බව කියූ ජනපතිවරයා මෙවර නත්තලට මෙරි ක්‍රිස්මස් කියා සුබපතාගත හැකි බව දන්වා සිටියේය. ආදායම් බදු අඩුකොට මධ්‍යම පාන්තික ජනතාවට සෙතක් සැලසීම ගැන ඔහුගේ පාක්ෂිකයින් ජනපතිවරයා වෙත තම සතුට පළකරන අතර ඔවුන් කියන්නේද මෙවර මෙරි ක්‍රිස්මස් කිව හැකි බවය. ට්‍රම්ප් විවේචනය කරන්නන් කියන්නේ මේ කතාවේ තේරුමක් නැති බව හා හිටපු ජනපති ඔබාමාද මෙම කතාවම කියා සිටි බවත්ය. ඔබාමා පමණක් නොව හිටපු වෙනත් ජනපතිවරුද මෙවැනි කතා කියා තිබුණත් ඒවා ඔවුන් ප්‍රායෝගිකව ඉටුනොකළ බව ඊට පිළිතුරුදෙන ට්‍රම්ප් පාක්ෂිකයින්ගේ අදහසයි. වත්මන් ජනපතිවරයාට අවශ්‍යව ඇත්තේ නත්තල නියමාකාරයෙන් සැමරූ එකම ඇමෙරිකානු ජනපතිවරයා තමාම යන්න විශ්වාස කිරීම බව එවිට ට්‍රම්ප් විවේචනය කරන්නන් පවසති.
මෙවර නත්තලට ජනපතිවරයා ඇමෙරිකානු ජනතාව වෙත ලබාදී ඇත්තේ නත්තල් ගස යට තබන ආකාරයේ සාම්ප්‍රදායික තෑග්ගක් නොවේ. බදු අඩුකිරීම් එසේ පාර්සලයක ඔතා තැබිය නොහැකිවුවද ජනපතිවරයා කියන්නේ තම බදු අඩුකිරීම් ජනතාවට දැවැන්ත හා අලංකාර නත්තල් තෑග්ගක් වනු ඇති බවය. පසුගිය කාලයේ ඇදෙමින් තිබූ ජනපතිවරයාගේ බදු අඩුකිරීමේ යෝජනාවට නත්තල කිට්ටුවන අතරේ සෙනෙට් අනුමැතිය ලැබිම හේතුවෙන් එය යෝධ පිම්මක් ඉදිරියට පැන්නේය. මෙවර ට්‍රම්ප් නත්තලෙහි තවත් විශේෂත්වයක් වනු ඇත්තේ ධවල මන්දිර සුරතල් සතුන් නොමැතිවීමය. වසර සියයක කාලයක් තුළ ධවල මන්දිර සුරතලෙක් නොමැති පළමු ජනපතිවරයා ට්‍රම්ප් වන අතර එබැවින් මෙවර ධවල මන්දිර නත්තල් සුබ පැතුම් ඡායාරූපවලින් සුනඛ හෝ බළල් සුරතල් දැකිය නොහැකි වනු ඇත. පෘතුගාල ජල සුනඛයින් වර්ගයට අයත් බෝ සහ සනී ඔබාමා යුගයේ නත්තල් සුබ පැතුම් පත් සැරසු අතර ජෝර්ජ් බුෂ් ජනපති පදවිය දරන කාලයේ සුබපැතුම්පතක් සැරසුනේ ස්කොටිෂ් ටෙරියර් වර්ගයට අයත් බානි නම් සුනඛ සුරතලා නත්තල් ගස යට තබා ඇති තෑගි ඉවකර බලන ඡායාරූපයකිනි. බිල් ක්ලින්ටන්ගේ කාලයේ නත්තල් තොප්පියක් පැලඳගෙන සිටියේ සොක්ස් නම් වූ ඔවුන්ගේ සුරතල් බළලාය.
දෙසැම්බර් මුලදී මාධ්‍ය හමුවක් පැවැත්වීම පෙර ජනපතිවරුන්ගේ සාම්ප්‍රදා යක් වුවද ට්‍රම්ප් එසේ කරන බවක් පෙනෙන්නට නැත. සාම්ප්‍රදායිකව මාධ්‍ය හමුවක් පවත්වනු වෙනුවට තම එයාර්ෆෝස් වන් ගුවන්යානය තුළ හෝ ධවල මන්දිරයේ ඕවල් රූම් නම් කාමරය තුළ මාධ්‍යවේදීන් හමුවීම වැනි තමාට පහසු කටයුත්තක ඔහු යෙදෙනු ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම මාධ්‍යවේදීන් කිහිපදෙනකුට පමණක් ධවල මන්දිරයට පැමිණ නත්තල් නිවාඩුව සැමරීමේ උත්සවයට එක්වන ලෙස ජනපතිවරයා ආරාධනා කොට තිබුණි. කෙසේවුවද ආරාධනා ලැබුණද තම ආයතනයට දිගින් දිගටම ජනපතිවරයා එල්ල කරන ප්‍රහාරයන් හේතුවෙන් තමා මෙයට සහභාගිනොවන බව සී.එන්.එන්.සේවයේ ප්‍රකාශකයෙක් පවසා තිබේ. මෙයට පිළිතුරක් දෙමින් ධවල මන්දිරයේ ට්‍රම්ප්ට බෙහෙවින් හිතවත් මාධ්‍ය ‍ලේකම් සේරා හකබි සෑන්ඩර්ස් පවසා තිබුණේ “නත්තල වෙනදාට කලින් ඇවිත් සී.එන්.එන්. ආයතනයෙන් හොඳ ආරංචියක්,”යනුවෙනි.

Chrismas1

Chrismas2

නිශානි දිසානායක

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 38

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 194

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6921

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4538

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6028

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6715

Please publish modules in offcanvas position.

X

Right Click

No right click