Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජසින්ඩා උන්මාදය නවසීලන්තයේ ඊළඟ අගමැතිවරිය ඇයද?

ඇමෙරිකානු සංගීත ලෝලීන් තුළ මැඩෝනා උන්මාදය පැතිරුවිනාක් මෙන්, නවසීලන්තයේ පසුගියදා 'ජසින්ඩා' උන්මාදය පැතිරුණි. ඒ නවසීලන්ත ඡන්දදායකයන් අතරේය.
නවසීලන්තයේ පනස් දෙවැනි පාර්ලිමේන්තුව සඳහා වූ මැතිවරණය පසුගිය විසිතුන් වෙනි සෙනසුරාදා පැවැත්වුණු අතර, එය නවසීලන්ත කම්කරු පක්ෂයේ අලුත් තරුණ නායිකාව වූ ජසින්ඩා ආඩන්ගේම මැතිවරණ ව්‍යාපාරයක් බවට පත්විය. තිස් හත් හැවිරිදි ජසින්ඩා අලුත් පරම්පරාවේත්, පරණ විශ්‍රාමිකයන්ගේත්, මාධ්‍යවලත් හදවත් දිනාගනිමින් තරුවක් බවට පත්වූ අතර, ඒ සඳහා ඇයට ගත වුණේ සති හයක පමණ කෙටි කාලයක් පමණි. ඇය කම්කරු පක්ෂ නායකත්වයට පත්වුණේ මැතිවරණයට ඔන්න මෙන්න කියා අගෝස්තු පළමු වැනිදාය.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ආණ්ඩුක්‍රම උපදේශකවරියක ලෙස කටයුතු කර ඇති ජසින්ඩා කෙතරම් ජනතා ආකර්ෂණය දිනාගත්තාද කිවහොත් නවසීලන්තයේ බිහිවන ළාබාලම අගමැතිවරිය ඡන්ද සටනේ සිටින බවට මාධ්‍ය වාර්තා කළේය. මැතිවරණ පූර්ව දේශපාලන අනාවැකි ද පළ විය. පිට පිට තුන් වතාවක් බලයේ සිටින නවසීලන්ත ජනතා පක්ෂයද වෙව්ලුම් කා ගිය බවක් පෙනෙන්නට තිබුණි.
ක්‍රිකට් සහ දේශපාලනය නොසිතූ ලෙස වෙනස් ප්‍රතිඵල පෙන්වයි. නවසීලන්ත මැතිවරණ ප්‍රතිඵලයද ප්‍රේක්ෂක බලා‍පොරොත්තු හා හැඟීම් සැනසුවේ නැත. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ප්‍රමාණය මේ වන විට දිනා සිටින්නේ බිල් ඉන්ග්ලිෂ් නායකත්වය දරන ජාතික පක්ෂයයි. එහෙත් එය නවසීලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය නොවේ.
එකසිය විස්සක ආසන සංඛ්‍යාවක් ඇති පාර්ලිමේන්තුවේ බලය දිනාගැනීමට ආසන හැට එකක් අවශ්‍යය. ජාතික පක්ෂය දිනාගත්තේ ආසන පනස් අටක් පමණි. ඔවුනට කලින් වතාවේ හිමිව තිබූ අසුනක්ද අහිමිව ගොස් තිබුණි. 
කම්කරු පක්ෂ මැතිවරණ සටනට ජසින්ඩාගේ රුව මතුවීමේ ප්‍රතිඵලය වුණේ ඔවුන්ගේ ආසන ප්‍රමාණය ආසන දහ තුනකින් ඉහළ යාමය. දැන් කම්කරු පක්ෂය සතුව ආසන හතළිස් පහක් ඇත. කම්කරු පක්ෂයේ ආසන ඉහළ යද්දී විපක්ෂයේ මතෛක් බලවත්ව සිටි පළමුව නවසීලන්තය නමැති අන්තවාදී පක්ෂයට ආසන තුනක් අහිමිව ආසන නවයකට සීමා වූ අතර, ආසන දහහතරක් හිමිව තිබූ හරිත පක්ෂයට ආසන හතක් අහිමි විය. මෝරී නමැති පක්ෂය පාර්ලිමේන්තුවෙන් විසිවී ගියේ තිබුණු ආසන දෙකම අහිමි වෙමිනි. මේ අනුව 'ජසින්ඩා උන්මාදය යෝධ උදම් රළක් මෙන් විපක්ෂයේම ඇතැම් පක්ෂ සෝදා හරින්නට සමත්ව ඇත.
නවසීලන්ත පාර්ලිමේන්තුවට තරග වදින ප්‍රධාන පක්ෂ හතරක් අතරේ ආසන බෙදී යන නිසා, වැඩි ආසන ප්‍රමාණයක් ලබාගන්නා පක්ෂයට සෑම විටම පාහේ සුළු පක්ෂයක් සමග සන්ධානගත වන්නට සිදුවේ. මෙවරද මතු වී ඇත්තේ එබඳුම පරිසරයකි. තවත් ආසන තුනක් තම පිලට එකතු කරගත්විට ජනතා පක්ෂයට බලයට ඒමට හැකි වුවත්, ඉලක්කම්වලින් පෙනෙන පහසුව සැබෑ දේශපාලන ලෝකය තුළ ඔවුනට නැත. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන ආකාරයට ජනතා පක්ෂයේ දක්ෂිණාංශික පාලනයට පහසුවෙන් එකඟ කරවා ගැනීමට හැකියාව ඇත්තේ එක් අසුනක් දිනාගත් දක්ෂිණාංශික ඒසීටී පක්ෂයේ ඩේවිඩ් සේමර් පමණි.
නවසීලන්ත මාධ්‍ය සහ දේශපාලන විචාරකයන් තවමත් බලා‍පොරොත්තු තබා සිටින්නේ තරුණ ජසින්ඩා වෙතය. ආසන හතක් සහ නවයක් දිනාගත් වාමාංශික විපක්ෂ දේශපාලන පක්ෂ දෙකත් ජසින්ඩාත් මැතිවරණ තේමා පාඨය කරගත්තේ පාලනයේ වෙනසක් යන්නය. මේ නිසා එක අත්තේ වසන කුරුල්ලන් මෙන් ඔවුන් අවසාන මොහොතේ එක්වනු ඇතැයි බොහෝ විචාරකයෝ අනාවැකි පළකරති.
කෙසේ වෙතත් නවසීලන්ත මැතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් සියයට පහළොවක් පමණ තවමත් ගණන් බලා නැත. එම ඡන්ද ප්‍රමාණය විදේශගත වූවන්ගේ හා මැතිවරණයට ආසන්න කාලයේ ඡන්ද කොට්ඨාසයෙන් බැහැරව සිටි ඡන්දදායකයන්ගේය. බොහෝ දේශාලන විචාරකයන් මෙම ඡන්ද ප්‍රතිඵලවලින් ජසින්ඩා තවත් ආසන දෙකක්වත් හිමි කරගන්නා බවට අනාවැකි පළ කරයි. මෙම අනාවැකිවල ඇත්ත නැත්ත සහ නවසීලන්ත දේශපාලන ඉතිහාසයේ ළාබාලම අගමැතිවරිය ජසින්ඩා වේදැයි දැනගන්නට හැකිවන්නේ ඔක්තෝබර් හත්වැනි දායින් පසුවය.
 
දමින්ද ජීවාන් රණසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 278

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 889

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 989

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1115

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1558

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2519

Please publish modules in offcanvas position.