Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දූෂණ විරෝධී සටනට එක් වූ කමල් හසන්

දේශපාලනඥයන්ගේ දූෂණ වංචාවලට එරෙහිව මේ දිනවල ලෝකයේ බොහෝ තැන්වල විරෝධතා, උද්ඝෝෂණ සිදුවන අයුරු නිතර දකින්නට ලැබෙන්නකි. අපේ අසල්වැසි ඉන්දියාවද මෙවැනි වංචා දූෂණ සම්බන්ධයෙන් ලොකු ප්‍රසිද්ධියක් උසුලන තැනක් බව රහසක් නොවේ. ඉන්දියාවේ වංචා  දූෂණවලට එරෙහිව හඬ නගන්නන් අතරට දැන් අලුතෙන්ම එකතු වී සිටින චරිතයක් බවට පත්ව සිටින්නේ දකුණු ඉන්දියාවේ සුප්‍රකට නළු කමල් හසන්ය.
කමල් හසන් දැන් ටික කලක සිට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු දේශපාලනඥයන්ගේ වංචා දූෂණවලට එරෙහිව හඬ අවදි කරන්නට පටන්ගෙන ඇති අතර මේ නිසාම විවිධ පාර්ශ්වවලින් එල්ල වන ප්‍රහාරයන්ට මුහුණ දෙන්නටද ඔහුට සිදුව ඇති බව පෙනේ. කමල්ගේ විරෝධය වැඩි වශයෙන්ම එල්ල වී ඇත්තේ තමිල්නාඩුවේ බලය හොබවන ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කයාගම් (AIADMK) පක්ෂයේ නායකයන් වෙතය. අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කයාගම් යනු කලකට පෙර ජයලලිතා ජෙයරාම් නායකත්වය දැරූ පක්ෂයයි. මේ වන විට තමිල්නාඩුවේ මහ ඇමැති ධුරය දරන්නේද මෙම පක්ෂයේ කේ. පලනිස්වාමිය. තමිල්නාඩුව වසාගෙන ඇති වංචා දූෂණවල තරම කෙතරම්ද යත් පලනිස්වාමි මහ ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතු බවක් ඇඟවීමට පවා කමල් එඩිතර වී සිටි අයුරු පසුගිය දිනවල දැකගත හැකිවිය. මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි රෝහලක ඇති වූ ගැටලුවක් හේතුවෙන් කුඩා දරුවන් හැට දෙනෙකු පමණ මිය ගිය අවස්ථාවේ එහි මහ ඇමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස විශාල තෙරපුමක් ඇති විය. උත්තර් ප්‍රදේශ්හි මහ ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව කියන්නාක් සේ කිසිවෙකුත් තමිල්නාඩුවේ අයට ඉල්ලා අස්වන ලෙස නොකියන්නේ මන්දැයි කමල් හසන් ප්‍රශ්න කළේය.
දේශපාලනඥයන්ගේ වංචා දූෂණ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් හඬ නගන අතර කමල් හසන් පසුගිය දිනක තමිල්නාඩුවේ තවත් ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ද්‍රවිඩ මුන්නේත්‍ර  කයාගම් (DMK) පක්ෂයේ උත්සවයක් සඳහාද සහභාගි වී සිටිනු දැකිය හැකි විය. ද්‍රවිඩ මුන්නේත්‍ර කයාගම් යනු ඉහත කී අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කයාගම් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියාය. එම්. කරුණානිධි එහි නායකත්වය දරන අතර ඔහු වියපත්ව, ඉතා දුර්වල තත්ත්වයක පසුවන නිසා මේ වනවිට පක්ෂයේ වගකීම් කරට ගෙන සිටින්නේ ඔහුගේ පුත් එම්.කේ. ස්ටාලින් ය. මෙම උත්සවයේදී කමල්ද ස්ටාලින් සමග එකම වේදිකාවේ අසුන් ගෙන සිටීමද විශේෂත්වයක් විය. මෙම සිද්ධි දාමයත් සමග දැන් තමිල්නාඩුව තුළ පැතිර යමින් ඇති කතාවක් බවට පත්ව ඇත්තේ කමල් හසන් ළඟදීම දේශපාලනයට අවතීර්ණ වීමට සැලසුම් කරමින් සිටිනවා විය හැකි බවයි. කමල් ද තමා දේශපාලනයට පිවිසීමට ඇති හැකියාව සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කර නොමැති බවටද තොරතුරු වාර්තා වී තිබිණි.
කෙසේ හෝ වේවා කමල් මේ ආකාරයෙන් කටයුතු කිරීමත් සමගම පාලක අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කයාගම් පක්ෂයේ නායකයන් වෙතින් ඔහුට දැඩි වාග් ප්‍රහාර එල්ල වීමට පටන්ගෙන තිබේ. ඒ අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් වන්නේ මහ ඇමැති පලනිස්වාමිය. කමල් හසන් යනු නළුවෙකු පමණක් බවත්, දේශපාලනය ගැන ඔහු දන්නා දෙයක් නොමැති බවත් ඇඟවෙන ආකාරයෙන් පලනිස්වාමි දෝෂාරෝපණය කර තිබෙන අන්දම ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ජයලලිතා මහ ඇමැතිකම දැරූ කාලයේ ඔහු මේ චෝදනා ඉදිරිපත් නොකළේ මන්ද යනුවෙන්ද එම පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ප්‍රශ්න කර ඇත. ඔහු දැන් හදිසියේ මේ ආකාරයෙන් හැසිරෙන්නට පටන් ගෙන ඇත්තේ ඇයිද යන්න ඔවුන් නගා ඇති තවත් ප්‍රශ්නයකි. තමිල්නාඩුවේ තවත් ඇමැතිවරයෙකු කමල්ට අභියෝග කර ඇත්තේ හැකිනම් දේශපාලනයට පිවිස මේ චෝදනා ඉදිරිපත් කරන ලෙසය. නමුත් එසේ කිරීමට තරම් කමල්ට දහිරියක් නැති බවටද ඔහු චෝදනා කර තිබිණි.
කමල් හසන් කර ඇති චෝදනා ඔප්පු කිරීමට ඔහුට සාක්ෂි තිබේද යන්න තවත් සමහරුන් අසා ඇති ප්‍රශ්නයකි. ඔහුගේ චිත්‍රපටවලින් ඉපැයූ ආදායම් වෙනුවෙන් බදු ගෙවූ ලියකියවිලි පෙන්වීමට කමල් සූදානම්ද යනුවෙන්ද තවත් ඇමැතිවරයෙකු ප්‍රශ්න කර තිබෙනු දැකිය හැකිවිය. ඒ අතර කමල්ට එරෙහිව නඩු පැවැරීමට පවා ඇතැමුන් යෝජනා කර තිබේ. තමිල්නාඩුවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් මෙවැනි අවලාද නැගුණත් එම ප්‍රාන්තයේ විරුද්ධ පක්ෂයේ පාර්ශ්ව නම් ඔහුට සහය දීමට පෙරට විත් ඇති අයුරු දැකිය හැකි වෙයි.
කමල් හසන් පවසන්නේ තමාගේ අරමුණ වඩා යහපත් තමිල්නාඩුවක් බිහිකරගැනීම බවයි. ඒ සඳහා ඇති ලොකුම මෙවලම් දෙක ප්‍රධාන පක්ෂ දෙක වන අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කයාගම් සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කයාගම්  බව ඔහු පවසා තිබේ. නමුත් මෙම පක්ෂ හරහා එය ඉටු කරගත නොහැකිනම් වෙනත් විකල්පයන් සොයාගත යුතුව ඇති බවද කමල් ප්‍රකාශ කර ඇත. දූෂිත දේශපාලනඥයන්ට විරෝධය පළ කරමින් ඔවුන්ගේ ඊමේල් ලිපිනයන්ට පණිවුඩ එවීමේ ව්‍යාපාරයක් අරඹන ලෙසද ඔහු සිය රසික රසිකාවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙණු දැකිය හැකිවිය. 'අපට මේ දූෂණයෙන් නිදහස් වීමට නොහැකි නම් අප සදාකාලිකව වහලුන් බවට පත් වන්නෙමු. නව නිදහස් අරගලයක් සඳහා පෙරමුණ ගැනීමට තරම් එඩිතර අය සිටී නම් එන්න, අපිට ජයග්‍රහණය උදාකරගත හැකියි' යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර ඇත.ඔහු මෙම ප්‍රකාශය කරන්නේ ඉන්දියාව නිදහස ලබා වසර 70 ක් ගත වන අවස්ථාවේ වීමද විශේෂත්වයක් වෙයි.
 
කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2316

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1534

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 812

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1824

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5460

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3407

Please publish modules in offcanvas position.

Web Analytics