Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගිනි කන්නන්ගේ රැජින ජෝ ගිරාඩෙලි

ඇස් බැන්දුමක් යනු කුමන ආකාරයකින් හෝ ඇස් රැවටීමට ලක් කිරීමක් බව අපි දනිමු. නමුත් ඇස් රැවටීමකින් තොරව ඇස් බැන්දුම් සිදුකළ හැකි පුද්ගලයන්ද මේ ලෝකයේ ජීවත් වන බව ජෝ ගිරාඩෙලිගේ කතාවෙන් පසු ඔබ විශ්වාස කරනු ඇත.
නිශ්චිතවම දින වකවානු ගැන සඳහනක් නොවුණ ද ජෝ ගිරාඩෙලි උපත ලබා තිබුණේ 1780 දශකයේ ඉතාලියේය. ඇගේ මව්පියන් ගැන හෝ ඥාතීන් ගැන පවා කිසිම සඳහනක් නැත. එපමණක්ද නොව ඇගේ බාල කාලය හෝ තරුණ විය ගැනද කිසිදු විස්තරයක් ලබාගත හැකි නොවේ. ජෝ ගිරාඩෙලි නම් කාන්තාව කරලියට පැමිණෙන්නේ 1810 වසරේදී පමණ බ්‍රිතාන්‍යයෙනි. එහෙයින් ඇය ආසන්න වසරකදී බ්‍රිතාන්‍යයට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇඳුම් කඩමාලු කීපයක් සමග බ්‍රිතාන්‍යයට පැමිණි ඇය වසර තුනක් තුළ කෝටිපතිනියක් බවට පත් වන්නේ ඇය සතු පුදුමාකාර හැකියාව නිසාය.
 බ්‍රිතාන්‍යයට පැමිණි මුල් කාලයේ ඇය පදික වේදිකාවේ එහා මෙහා ගමන් කරන පදිකයන්ට ඇස් බැන්දුම් ඉදිරිපත් කළාය.  ඒ රත්වූ විවිධ වස්තූන් කිසිම වේදනාවකින් තොරව පහසුවෙන් ස්පර්ශ කරමිනි. ඇගේ ඇස් බැන්දුම් දුටු පදිකයන් ඇය වෙත කාසි විසි කරමින් යන්නට ගියහ. මුල් කාලයේ මෙය එතරම් ප්‍රසිද්ධ ඇස් බැන්ඳුමක් නොවුණද ඇය දිනකට වේල් කීපයක් පිරිමසා ගත හැකි වන ආකාරයේ ප්‍රමාණවත් මුදලක් ඉන් ඉපයුවාය. පසුව ඇය බ්‍රිතාන්‍යයේ පදිකයන් ගැවසෙන දුම්රියපල, අශ්ව රථගාල් ආශ්‍රිතව මෙම ප්‍රයෝග ඉදිරිපත් කරන්නට පටන් ගත්තාය. ඉන් ඇය කුලියට කාමරයක් ගැනීමට තරම් මුදලක් ඉතිරි කරගන්නට සමත්විය. මේ ආකාරයට මාස කීපයක් ගත වන විට ඇගේ මෙම ඒකාකාරී ඇස්බැන්දුම් බැලීමට පැමිණෙන පිරිස අඩු වූයෙන් ඇය නව ප්‍රයෝගයක් අත්හදා බැලුවාය. ඒ රත්වූ විවිධ වස්තූන් සිය මුඛය තුළට දමා ගැනීමය. එසේ මුව තුළට දමා ගත් ද්‍රව්‍ය අතර රත්වූ ඊයම් කැබලි, යකඩ කාසි, පැන්සයේ කාසි ආදියද තිබිණි.

ඒ වන විට ඇස් බැන්දුම් නිසා මාර්ග පවා අවහිර වීම හේතුවෙන් ‍පොලිස් භටයන් යොදා වාහන හසුරුවන්නට ‍පොලීසියට සිදුවිය. තත්ත්වය පාලනය කළ නොහැකි තැන ඇය අත්අඩංගුවට ගෙන මහා මාර්ගයේ සිදුකරන ක්‍රියාව නතර කරන ලෙසත්, එය සිදුකළ යුතුම නම් ඒ සඳහා පදික වේදිකාව හැර වෙනත් ස්ථානයක් යොදා ගන්නා ලෙසත් අවවාද ලැබිණි. සංවිධානාත්මක සංදර්ශනයක ආකාරයට මෙම ඇස්බැන්දුම් ඉදිරිපත් කරන්නට පටන් ගැනීමේ මූලික පියවර වූයේ එයයි.

ඉන්පසු ඇය සහායක සහායිකාවන් කීපදෙනකු සේවයට බඳවාගෙන කුලී පදනම මත ලබා ගත් විශාල ශාලා තුළ සිය ඇස්බැන්දුම් ඉදිරිපත් කරන්නට වූවාය. ඒ සඳහා ටිකට් ‍පොත්ද අච්චු ගැසිණි. රත්වූ ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් සහ රත්වූ ද්‍රව්‍ය මුව තුළට දමා ගැනීමෙන් පමණක් සීමා නොවූ ඇය රත් වී ද්‍රව බවට පත්වූ ඉටි පානය කළාය. බුබුළු දමන්නට තරම් උණුසුම් තෙල් පානය කළේ වතුර බොන්නාක් මෙනි. සමහර දිනවල රත්වූ තෙල් විනාඩි කීපයක් මුව තුළ තබාගෙන ඒවා ගින්දර මතට දැමුවේ කුඩා ගින්න මහා විශාල ගින්නක් බවට පත්කරමිනි. වරක් ඇය රත්වී ගිනියම් වූ කුඩා ප්‍රමාණයේ සවලක් ගෙන දෑතින්ම අල්ලා සිප ගත්තාය. නමුත් ඇය ඉන් පිළිස්සුණේ හෝ වේදනාත්මක බවක් පවා හැඟවූයේ නැත. ඉන්පසු ගිනියම් වී රත්වුණු සවල දිවෙන් ස්පර්ශ කළේ නරඹන්නන් මවිතයට පත් කරවමිනි.

වසර දහයක් පමණ මේ ආකාරයේ පුදුමාකාර ඇස් බැන්දුම් සිදුකළ ඇය මෙවැනි දෑ සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට විවිධ වෛද්‍ය පර්යේෂකයන්ට අවස්ථාව ඉල්ලුවද ඇය ඒවා ප්‍රතික්ෂේප කළේ 'ඔබට අයිති දේ පමණක් කරන්න' යැයි පවසමිනි. මේවා ඇස් බැන්දුම් නොහොත් ප්‍රයෝග නොවන බවත් ඇය ඒවා ඇත්තටම සිදුකරන බවත් ඇගේ සහායක සහායිකාවන් හොඳින්ම දැන සිටියහ. නමුත් ඇගේ මෙම අසාමාන්‍ය හැකියාව පිරික්සීමට වෛද්‍ය පර්යේෂකයන් වැඩි වැඩියෙන් ඉදිරිපත් වීමත් සමග ඇය සිය සංදර්ශන පැවැත්වීම සීමා කළාය. එක් මසකට දින 20ක් පැවැති සංදර්ශන පසු කාලයේ පැවැත්වුණේ මසකට දෙකක් හෝ තුනක් වශයෙනි. ඉන්පසු ඇය සහායක සහායිකාවන්ටද විශාල ලෙස මුදල් ගෙවා ඔවුන්ගේ සේවය සමාප්ත කළාය. 1822 වසරෙන් පසු ඇගේ සංදර්ශන පැවැත්වුණු බවට කිසිම වාර්තාවක් නැත. එපමණක් නොව ඇය කොහෙ ගියාදැයි කිසිවකු දැන සිටියේ නැත. ගිනි කන්නන්ගේ රැජින ලෙස ඇස් බැන්දුම් ලෝකය කැලඹූ ජෝ ගිරාඩෙලි අතුරුදන් වූයේ ඒ ආකාරයෙනි. ඇය පිළිබඳව එක් වෛද්‍ය පර්යේෂකයකු විසින් වාර්තා කර තිබුණේ මෙසේය. ඒක ඇස් බැන්දුමක් ‍නෙවෙයි. ඇය උණු තෙල් පානය කරන වෙලාවේ මම හිටියෙ මීටර් 30ක් විතර දුරින්. මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඇය මේ ලෝකෙ කෙනෙක් වෙන්න බැහැ. එහෙම කෙනෙක්ට උණු තෙල් බොන්න තියා උණු තෙල් අවුන්ස කාලක් අල්ලට ගන්නවත් පුළුවන්ද? ඇයව පරීක්ෂා කිරීමෙන් මේ ලෝකෙ නැති රහසක් හෙළි කර ගනී කියලා ඇයට බයක් ඇතිවෙන්න ඇති. ඒක අතුරුදන් වෙන්න හේතුවක් වෙන්න බැරි නැහැ.

දුලංජලී මුතුවාඩිගේ{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3828

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2935

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4405

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5038

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5823

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3510

Please publish modules in offcanvas position.

X

Right Click

No right click