Coss Ear2
lakbima.lk
COSS Ear 1

1994 අවුරුද්දේ ආරම්භ කරපු ඇමසෝන් සමාගමට දැන් වයස අවුරුදු 23 ක් වෙනවා. එහි නිර්මාතෘ තමයි ජෙෆ් බේසස්. ඔහු ලෝක ධනවතුන් අතර ඉදිරි පෙළ සිටිනා කෙනෙක්. කොහොම වුණත් දවසින් දවස ලාභ ඉපැයීම අතින් ඉදිරියට යන ඇමසෝන් සමාගම 
පහුගිය වසරේ වාර්තා කරලා තිබෙන ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙක ඉක්මවලා තියෙනවා කියලා Yahoo Finance වෙබ් අඩවිය පවසනවා. ඇමසෝන් සමාගම හරහා සිදුවෙලා තියෙන ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 60 ඉක්මවලා තියෙනවා. මේ අගය 2016 අවුරුද්දේ ලාභයට වඩා සියයට 38ක වර්ධනයක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඇමසෝන් සමාගමෙන් ලෝකයේ  ඕනෑම තැනක ඉන්න කෙනෙකුට  ඕනෑම භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් මිනිස් සිරුර පරිභෝජනය කරන ශක්තියෙන් සියයට 20ක් පරිභෝජනය කරන්නේ මිනිස් මොළය. ඒ කියන්නේ මිනිස් සිරුරට වොට් 100ක ශක්තියක්  ඕනෑ වෙනවා නම් ඉන් වොට් 20ක් ලබා ගන්නේ මොළයටයි. මේ වනවිට ලෝකයේ නිර්මාණය කරලා තියෙන බලවත්ම පරිගණකයට කියන්නේ super computer කියලා.
මේ පරිගණකයට මෙගා වොට් 1.4ක ශක්තියක්  ඕනෑ වෙනවා. ඒ කියන්නේ මිනිස් මොළය වගේ හැත්තෑ දහස් ගුණයකින් ශක්තිය වුවමනා වෙනවා. එච්චර ලොකු ශක්තියක් වුවමනා වුණත්  super computer එක මිනිස් මොළයට සමාන කරන්න බැහැ. මොකද මිනිස් මොළය super computer එකකට වඩා බොහොම බලවත්.
 

ස්ටෑන් හර්ඞ් යනු වගාවෙන් සිත්තම් මැවීමට සමත් අපූරු කලා ශිල්පියෙකි. ඔහුගේ කැන්වසය මහ පොළොවයි. විසල් බිම් පෙදෙසක වගාවෙන් ඔහු මවන චමත්කාරජනක චිත‍්‍ර නිසි අයුරින් නෙතට ග‍්‍රහණය කර ගැනීමට නම් ගුවනින් ගොස් බැලිය යුතුය.
වගාවෙන් භූමි අලංකරණය කරන ශිල්පීන් බොහෝ සිටියත් සමස්ත වගා බිමම එකම සිතුවමක් බවට පත්කිරීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ස්ටැන්ය. කැන්සාස් පෙදෙසේ වෙසෙන ඔහු වසර 40ක් තිස්සේ මේ කාර්යයේ යෙදී සිටී.
වැන් ගෝ නමැති චිත‍්‍ර ශිල්පියාගේ ප‍්‍රකට නිර්මාණයක් වන ‘ඔලිව් ගස්’ නමැති චිත‍්‍රය ස්ටෑන් ශාක ඇසුරින් නිම කිරීමට සමත්ව ඇත. ඒ මනස්කාන්ත නිමැවුම වෙනුවෙන් හෙතෙම සම්මානයටද පාත‍්‍ර වූයේය.
තම නිර්මාණ කාර්යය ප‍්‍රායෝගික වටිනාකමක් සහිත බවත් එය මිහිතලය මත කෙරෙන සජීවී නිර්මාණයක් බවත් ඔහු පවසන්නේය. ළමුන්, කලාකරුවන්, ගොවීන් ආදී විශාල පිරිසක් සමග එක්ව සැලසුම් කර නිර්මාණය කරන  මෙම කලා කෘතියෙන් අවසන සිදුවන්නේ වගා කිරීමයි. අවසාන ප‍්‍රතිඵලය කෘෂි අස්වැන්නයි.
භූමි නිර්මාණ කිරීමේදී ස්ටෑන්ට ගොවිබිමේ පස් පෙරළීම, පැළ සිටුවීම, වල් නෙළීම ආදී කටයුතු රැසක නියැලීමට සිදුවේ. මෙසේ ඔහු අතින් සිදු කෙරෙන්නේ අත්හැරදමන ලද ප‍්‍රදේශයකට සජීවී අගයක් දීමයි. කලාත්මකව රටා මැවුණු වගාබිමක වැඩකිරීමේ සතුට මේ කාර්යයේ යෙදෙන සියලූ දෙනාට හිමි වනු ඇත.
‘මෙය සාර්ථක වුවහොත් වසර දෙකක් ඇවෑමෙන් ජනතාවට භාර කරනවා. මගේ කලාව ඒකයි.’ ස්ටෑන් පවසයි.
මේ දිනවල ස්ටෑන් සිටින්නේ චීනයේය. ඔහු එහි තවත් වගා චිත‍්‍රයක නිර්මාණ කටයුතුවල නියැලෙමින් සිටී. අනතුරුව අක්කර ගණනාවක භූමියක් වගාවෙන් විචිත‍්‍ර කිරීමට ඔහු ආපසු කැන්සාස් වෙත පැමිණිය යුතුවේ. ස්ටෑන් ලවා සා ඕ පාලෝහි භූමියක සුවිසල් උඩුකය සිතුවමක් නිර්මාණය කිරීමටද යෝජනා වී ඇති අතර ආර්ථික හා දේශපාලනමය ගැටලූ කිහිපයක් නිසා එය නවතා ඇති බව සඳහන් වෙයි. 
 
ඒ.ජී.රේණුකා ප්‍රියදර්ශනී

වාර්තාවන අන්දමට ලොව පුරා මිලියන ගණනක් වූ සමරිසි (සමලිංගික) සාමාජිකයන් අයිරිස් ජාතීන්ගේ සංගමය මගින් සිය ඉල්ලීම් සඳහා නීත්‍යනුකූල අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් 2015 වසරේ පැවැත් වූ මනාප ඡන්දයෙන් 60ක මහජන මනාපයක් ලබාගැනීමට සමත් වුවද ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නීතිමය අනුමැතිය ඊට නොලැබිණි. ඒ හා සමානවම 2004 හා 2013 වසරවල දී ද ඕස්ට්‍රේලියානු සමරිසියන් විසින්ද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී.
උත්සාහය අත නෑරී ඕස්ට්‍රේලියානු සමරිසියන් විසින් 2017 නොවැම්බර් මස සිය අයිතිවාසිකම් වෙනුවෙන් මහජන මතය උරගා බැලීමේ අරමුණින් ඔව්/නෑ (Yes/No) යන බැනරය යටතේ ඕස්ට්‍රේලියානු මහද්වීපය පුරා තැපැල් ඡන්ද විමසීමක් සිදු කරනු ලැබූහ. සමස්ත ලියාපදිංචි ඡන්දායකයන් 80 ගෙන් 61.6 ක් ඔව් කී අතර 38.4ක් නෑ කීහ.
ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලැබූ තැපැල් ඡන්ද විමසීමට ඩොලර් මිලියන පහක පිරිවැයක් මුදා හරිනු ලැබූහ. මෙම උත්සාහය මිනිසුන් අතර ශීලාචාර හැසිරීමකට යොදවනු ලැබූ ආයෝජනයක් යැයි සලකා ඔවුන්ගේ උත්සාහයකට අතහිත දීමක් යැයි පවසමින් සමරිසියන්ගේ ඉල්ලීමට රාජ්‍යමය වටිනාකමක්ද මුසු කරනු ලැබිය. ජාත්‍යන්තර නියෝජනය සඳහා යොදාගනු ලැබූ සංකේතය වූයේ දේදුනු වර්ණයෙන් හැඩගැන්වුණු වෛවර්ණ ධජයයි.
දැනට බලපැවැත්වෙන විවාහ පනත සංශෝධනය කොට ගැහැනු - ගැහැනු (Miss & Miss) හා පිරිමි- පිරිමි (Mr & Mr) අතර විවාහයන් සඳහා නීත්‍යනුකූල අයිතිය ලබා දෙමින් 2017 දෙසැම්බර් 7වනදා පාර්ලිමේන්තුව විසින් වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කරනු ලැබූහ. ඊට මසකට පසු එනම් ජනවාරි 7වන දින මැදියම් රාත්‍රී 12 කණිසම හැඬවෙනවාත් සමග ඕස්ට්‍රේලියානු සමරිසියෝ උත්සවාකාරයෙන් නීත්‍යනුකූල සරණ බන්ධනයට ඇතුළත් වූහ. මෙම සංහිඳියාවට අමතරව මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ලබාදුන් අසීමිත ප්‍රසිද්ධිය සමරිසියන්ගේ විජයග්‍රහණයට ප්‍රබල හේතුවක් විය.
මෙම ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රේලියානු රජය නොපැතූ සාමාජික හා දේශපාලනික ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ. ඉංග්‍රීසි සම්භවයක් සහිත ජ්‍යෙෂ්ඨ ඕස්ට්‍රේලියානුවෝ මෙම තීන්දුවට දැඩි විරෝධය පළ කර සිටිති. සිය දරු මුනුපුරන් හා සමරිසියන්ගේ විවාහ දිවිය ගැන කතාබහ කිරීමට ඇති සංස්කෘතිමය අපහසුතාව පිළිබඳ මැසිවිල වැඩිවෙමින් පවතී.
රට පුරා විසිරී සිටින මිලියන දෙකක සමරිසියන් ජනවාරි 7 වනදා නීත්‍යනුකූල විවාහ දිවියකට සැපත් වීමත් සමග නුදුරු අනාගතයේදීම ඕස්ට්‍රේලියානු ජනානුපාතය 15කින් පමණ අවපාතයකට ලක්වන අතර එහි වාසිය චීන එක්දරු පවුල් සංකල්පයට එරෙහි චීන සංක්‍රමණිකයන් විසින් අත්පත් කරගනු ඇත. ජන හා සංගණන බියුරෝවට අනුව මේ වනවිටත් ස්ථිර පදිංචි චීන ජනගහනය ඕස්ට්‍රේලියානු ජන අනුපාතයට සාපේක්ෂකව 44 දක්වා වර්ධනය වී ඇත. ඕස්ට්‍රේලියානුවෝ සිය නිජබිම තුළ සුළු ජන කොටසක් බවට පත්වීමේ අවදානමෙන් ගැලවීමට අ‍පොහොසත් වනු ඇති බව සමාජ විද්‍යාඥ මතයයි.
ඡන්ද ප්‍රතිශතය පිළිබඳ විවිධ නිර්වචනයන් ඉදිරිපත් කෙරෙන සමාජ සංවිධාන ඉස්මතු කරනුයේ සමරිසියන්ගේ ජයග්‍රහණය සමස්ත සමාජයේම අදහස නොවන හෙයින් සමරිසියන්ගේ ඉල්ලීමට රජය අනුග්‍රහය දැක්වූයේ හුදු ජනප්‍රියත්වය සඳහා පමණක් බවයි.
සමසිරිසියන් වයස්ගත වන විට රැකබලාගැනීමේ පූර්ණ වගකීම රජය සතුවන බැව් පෙන්වාදෙන සමාජ විද්‍යාඥයන් ඒ සඳහා මහජනයාගේ බදු මුදල් වැයකිරීමට සිදුවීමෙන් අනාගත අයෝජන පිළිබඳ ආර්ථික ගැටලු රැසක් මතුවන බව පෙන්වා දීමට වෑයම් කරති.
 
සරත් අමරකෝන් ඕස්ට්‍රේලියාවේ සිට

හමෙල් පටෙල් කියන්නේ උතුරු කැරොලිනාවේ ජීවත් වෙන ඉන්දියානු ජාතික රූපලාවන්‍ය ශිල්පිණියක්. මේ ඡුායාරූපවලින් පේන්නේ   හමෙල් කරපු අපූරු වැඩක්. ඒ තමයි ‘ඉන්දියානු ඩිස්නි කුමරියෝ’ කියලා නමකුත් දාගෙන ඩිස්නි කුමරියන්ගේ පෙනුම එන විදියට තමන්වම මේක්අප් කරගෙන පින්තූර අරගෙන ඒ පින්තූර සමාජ ජාල ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කරවීම. මේ වැඬේ නිසා හමෙල්ට අලූතින් එකතු වුණු ෆොලොවර්ස්ලා ගණන 35000ක් විතර වෙනවාලූ. මේ වැඬේට හමෙල්ට සති තුනක් විතර ගත වුණා කියලා තමයි ඇය කියන්නේ.

නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් බටහිර රටවල රාජ්‍ය නායකයන් නිල වශයෙන් එකිනෙකා අතර තෑගි හුවමාරු කරගැනීම ඉස්සර ඉඳලා පැවැත එන සිරිතක්. මේ පාරත් ඒක ඒ විදියටම සිදු වුණා. ගිය අවුරුද්දේ බටහිර රටවල් බොහොමයක් ඇමෙරිකාවට යවන අවුරුදු තෑග්ග කාට යවන්නද කියලා හිතා ගන්න බැරුවයි හිටියේ. ඒකට හේතු වුණේ ඒ වෙද්දී හරියටම ජනපති කෙනෙක් ඇමෙරිකාවට පත් වෙලා නොසිටීම. ට්‍රම්ප් ඡන්දය දිනලා හිටියත් ඔහු ජනපති විදියට දිව්රුම් දීලා තිබුණේ නෑ. ඒ නිසා තෑගි යැවුණේ හිටපු ජනපති බැරක් ඔබාමා නමට. එදා ඔහු ඒවා භාරගන්න කැමති වුණේ නෑ. හේතුව ඒ වෙද්දී ඔහු ජනපති ධුරයෙන් විශ්‍රාම ගෙන තිබුණු නිසා. ඒත් ඔහු ඒවා භාරගෙන තිබුණා. ඔන්න මේ පාරත් ඒ වැඩේම වෙලා. ට්‍රම්ප් ගැන කලකිරුණු බොහොමයක් රටවල රාජ්‍ය නායකයන් මේ පාරත් අවුරුදු තෑගි යවලා තිබුණේ ඔබාමාට. හැබැයි මේ වතාවේ නම් ඔබාමා ඒ කිසිම තෑග්ගක් භාරගෙන තිබුණේ නැහැ. ආපහු හරවා යවන්න කටයුතු කරලා තිබුණා. ඒ තෑගි අතර දියමන්ති එබ්බවූ ෆවුන්ටන් පෑනක්, ඓතිහාසික දිය සායම් සිතුවමක්, විවිධ රටවල සම්ප්‍රදායන් අනුව සැකසූ සාම්ප්‍රදායික මූර්ති කීපයක්  තිබුණාලු.

Page 1 of 7

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2214

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1233

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5391

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3117

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5211

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6471

Please publish modules in offcanvas position.