Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නෝර්වේ රාජ්‍යයම කම්පාවට පත් කරමින් 2011 වසරේදී ස්ථාන දෙකකදී ත්‍රස්ත ප්‍රහාරයන් සිදුකොට හැත්තෑ හත්දෙනෙක් ඝාතනය කළ අන්ද්‍රේ බ්‍රෙවික් තම නම වෙනස් කොට ඇති බව ඔහුගේ නීතිඥයා සනාථ කොට තිබේ. ජොටොල්ෆ් හැන්සෙන් ලෙස ඔහු තම නම වෙනස් කොට ඇත. නට්සිවාදියෙකු වන මොහු තමාව අමානුෂික තත්ත්වයන් යටතේ බන්ධනාගාර ගතකොට ඇති බවට ඇපෑලක් පසුගියදා ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාග කිරීම ප්‍රතික්ෂේප කළේය. ඉහත නම සහ වාසගම තෝරා ගන්නට බ්‍රෙවික් තීරණය කළ හේතුව පැහැදිලි නැත. මෙම වාසගම නෝර්වේ රාජ්‍යයේ සුලභ වන අතර නම දුලබය. මෙම නම සහ වාසගම තෝරා ගැනීමට හේතුව තම සේවාදායකයා තමාට පැවැසුවද එය තමා හෙළි නොකරන බව ඔහුගේ නීතිඥයා පවසා තිබේ.

නිශානි දිසානායක{jcomments on}

සුපුරුදු පරිදි නැවතත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  දැවැන්ත ආන්දෝලනයකට මැදිව සිටියි. එමෙන්ම මේ වනවිට ඔහුට එරෙහිව ලොව පුරා රාජ්‍ය නායකයන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, මාධ්‍යවේදීන්, පරිසරවේදීන් ආදී පාර්ශ්ව රැසක අප්‍රසාදය සහ විරෝධය ගොනු වෙමින් ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි. ට්‍රම්ප්ට එරෙහිව මුළු ලෝකයම එක් පිලකට එකතු වන අවස්ථාවක් ලෙස මෙය හැඳින්වීම වුවද වරදක් නොවේ.
මෙම මහා ආන්දෝලනයට හේතු වූයේ පසුගිය සතියේ ට්‍රම්ප් විසින් ගන්නා ලද ඉතා බැරෑරුම් තීරණයකි. එනම්, ඇමෙරිකාවද ඇතුළුව ලෝකයේ රටවල් 195ක් විසින් 2015 වසරේ අත්සන් කරන ලද ඉතා වැදගත් ගිවිසුමක් වන පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් ගත් තීරණයයි.
 
මොකක්ද මේ පැරිස් සම්මුතිය?
 
පැරිස් සම්මුතිය යනු ලෝකයේ කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් එළැඹෙන ලද ඉතා වැදගත් ගිවිසුමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුග්‍රහය යටතේ අත්සන් තැබුණු එහි ප්‍රධාන අරමුණක් වූයේ ලෝකයේ සහ මිනිස් සංහතියේ අනාගත පැවැත්මට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා ලෝකයේ සියලු රටවල සහභාගිත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමයි. අද ලෝකය අත්දකින මහා පරිමාණ ස්වාභාවික විපත් ඇතුළු ව්‍යසනයන් රැසකට මුල්වන කාලගුණික විපර්යාසයන්ට ප්‍රධාන හේතුවක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මේ නිසා අධික වැසි, ගංවතුර ආදිය මෙන්ම  අනික් අතට දැඩි නියඟ වැනි තත්ත්වයන්ද වර්ධනය වීම හේතුවෙන්  විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බව රහසක් නොවේ. මිනිසුන්ට මෙන්ම දේපළවලට සිදුවන හානිද, කෘෂිකාර්මික කටයුතු වැනි කාරණාවලට ඇති වන බලපෑම නිසා හටගන්නා ආහාර අහේනියද, අයිස් කඳු දියවීමෙන් සාගර ජල මට්ටම් ඉහළ යාම නිසා ඇතැම් රටවල් සඳහටම ගිලී යාමට පවා ඇති 
තර්ජනයද ආදිය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විශාල අවධානයක් යොමු විය. මේ නිසා පැරිස් සම්මුතියෙන් එළැඹෙන ලද වැදගත් තීරණයක් වූයේ ලෝකයේ සියලු රටවල් එක්ව ගෝලීය උෂ්ණත්වය වැඩි වීම පාලනය කිරීම සඳහා පියවර ගැනීමයි.
මෙහිදී සැලකිල්ල යොමු වුණු එක් ප්‍රධාන පියවරක් වූයේ කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායූන් පරිසරයට මුදාහැරීම අවම කිරීමයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට මෙය ප්‍රධාන හේතුවක් ලෙස සැලකුණු බැවිනි. මෙම වායූන් පරිසරයට මුදා හරින ප්‍රධාන කර්මාන්තයක් වූයේ බලශක්තිය නිපදවීම සඳහා ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන දහනය කිරීමයි. මෙම පසුබිම තුළ ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභවයන්ගෙන් ඈත් වෙමින් වඩාත් පරිසර හිතකාමී සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය වැනි 
ක්‍ෂේත්‍ර වෙත අවතීර්ණ වීම මෙයින් අවධාරණය කෙරිණි.
ඉහත කී කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායූන් වැඩිපුරම පරිසරයට මුදාහරින රටවල් ලෙස සැලකුණේ දියුණු කාර්මික රටවල්ය. ඒ අතරින්ද ඇමෙරිකාව, චීනය වැනි රටවල් ඉදිරියෙන්ම සිටියේය. ඒ රටවල බලශක්තිය නිපදවීම සඳහා ගල් අඟුරු යොදා ගැනීම ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වූ හෙයිනි. මේ අනුව බලන කළ පැරිස් සම්මුතිය එක්තරා ආකාරයකින් මෙම රටවල ගල් අඟුරු කර්මාන්තයට, බලශක්ති කර්මාන්තයට විරුද්ධ සම්මුතියක් ලෙසද සැලකිය හැකිය. මෙම රටවල ආර්ථිකයන් සැලකිය යුතු මට්ටමින් මෙකී කර්මාන්තයන් මත රඳා පැවැතීම නිසා එම කර්මාන්තවලින් ඈත් වීමට සිදුවීම සෘජුවම ඔවුන්ගේ ආර්ථිකයන්ට බලපාන්නක් විය.
 
ට්‍රම්ප්ගේ තීරණයට හේතුව කුමක්ද?
 
ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ගත් ආන්දෝලනාත්මක තීරණයට ප්‍රධාන වශයෙන්ම පසුබිම සැපයුවේ මෙම කාරණයයි. ගල් අඟුරු කර්මාන්තය සහ ඒ හා බැඳුණු බලශක්ති කර්මාන්තය බිඳ වැටීම ඇමෙරිකානු ආර්ථිකයේ වර්ධනය හකුළුවන්නක් ලෙස මෙන්ම එම ක්‍ෂේත්‍රවල රැකියා අවස්ථා අහිමි කරන්නක් ලෙසද සැලකිණි. පසුගිය ජනාධිපතිවරණයේදී මෙම ගල් අඟුරු කර්මාන්තය සිදු කෙරුණු ප්‍රාන්තවල ජනතාව වැඩි වශයෙන් ඡන්දය දුන්නේ ට්‍රම්ප්ටය. ඊට හේතු වූයේ ඔහු පැරිස් සම්මුතියෙන් ඉවත් වන බවටත්, නැවත ගල් අඟුරු කර්මාන්තය වැඩි දියුණු කරමින් රැකියා අවස්ථා ඇති කරන බවටත් ජනාධිපතිවරණ සටන තුළ ‍පොරොන්දුවක් ලබා දීමයි. දැන් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ඔහුගේ මෙම ‍පොරොන්දුවයි. එය ‘ඇමෙරිකාව නැවත ශේ්‍රෂ්ඨත්වයට පත් කිරීමේ’ වැඩසටහනේද එක් පියවරක් ලෙසිනි ට්‍රම්ප් හඳුන්වා දෙන්නේ.
නමුත් සෙසු ලෝකය මෙය දකින්නේ ඇමෙරිකාව ගත් ආත්මාර්ථකාමී පියවරක් ලෙසිනි. ඇමෙරිකාව ගැන පමණක් සිතමින් ලෝකයේම අනාගත පරම්පරා අනතුරේ හෙළන තීරණයක් ලෙස මෙය බොහෝ දෙනාගේ අප්‍රසාදයට සහ විවේචනයට ලක් වනු දැකගත හැකිය. ලෝකයේ ප්‍රධාන රටවල් අතර මෙම සම්මුතියට අත්සන් නොකර සිටියේ සිරියාව සහ නිකරගුවාව පමණි. දැන් ඇමෙරිකාවද සිටින්නේ එම රටවල් සමගය. සියගණනක් වන සෙසු සියලු රටවල් ඇමෙරිකාවට එරෙහිව බලමුළු ගැන්වෙන ආකාරයක් දැන් දැකගත හැකි වෙයි. බොහෝ දෙනා මෙය දකින්නේ ඇමෙරිකාව පවත්වාගෙන ගිය ‘ලෝකයේ නායකයා’ යන ප්‍රතිරූපයට දැවැන්ත හානියක් සිදු කර ගනිමින් ලෝකයෙන් හුදෙකලා වීමේ, කොන් වීමේ  දිශාවට ගමන් කිරීමක් ලෙසිනි. අනාගතය දිශාවට නොව අතීතය පැත්තට ආපසු යාමක් ලෙසිනි. ලෝකය දැන් ගමන් කරමින් සිටින්නේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් වැඩි දියුණු කරමින් භාවිතයට ගැනීමේ දිශාවට බව මෙහිදී අමතක කළ නොහැක්කකි.
 
චීනයට වාසියක්
 
චීනයද ඇමෙරිකාව මෙන්ම විශාල වශයෙන් ගල් අඟුරු කර්මාන්තය මත රඳා පවතින රටකි. නමුත් ඔවුන් මේ වනවිට ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභවයන්ගෙන් ඉවත් වෙමින් වඩාත් අනාගතවාදී ලෙස පරිසර හිතකාමී වෙනත් ප්‍රභවයන් වෙත මාරුවෙමින්, ඒ වෙනුවෙන් දැවැන්ත ආයෝජන සිදු කරමින් සිටියි. මේ අනුව ඇමෙරිකාවෙන් ගිලිහෙන ‘ලෝක නායකයාගේ’ ප්‍රතිරූපය තමුන් වෙත පවරා ගැනීමේ කටයුත්තේදී මෙම සිදුවීමද ඔවුන් තමුන්ගේ වාසියට යොදා ගැනීමට පියවර ගනිමින් සිටිනු දැකිය හැකි වෙයි. ට්‍රම්ප් ගත් ඉහත තීරණය විවේචනය කිරීමට පෙරමුණ ගත් රටවල් අතර චීනයද විය. එමගින් තමුන් ඇමෙරිකාව මෙන් ආත්මාර්ථකාමී සහ අතීතවාදී, යල් පිනූ රටක් නොව මිනිස් වර්ගයාගේ අනාගත සුබ සිද්ධිය ගැන සිතන, වඩාත් පරාර්ථකාමී සහ අනාගතවාදී රටක් ලෙස ඉදිරියට ඒමට ඔවුන්ට හැකි වී තිබේ. 
යුරෝපය, ඉන්දියාව වැනි බලවත් රටවල්ද මෙම කාරණයේදී සිටින්නේ ඇමෙරිකාවට විරුද්ධ කඳවුරේය. ඔවුහු සියලු දෙනා පැරිස් සම්මුතිය ආරක්ෂා කිරීමට කැපවන බව ප්‍රකාශ කර සිටිති. මෙම රටවල් සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ හිතවතුන් වුවද මෙම කාරණයේදී ඔවුහු ඇමෙරිකාව තනි කරති. ඒ වෙනුවට ඔවුන් සහ චීනය අතර බැඳීමක් ගොඩ නැගෙමින් ඇති ආකාරයද දැකිය හැකි වෙයි. මේ ආකාරයෙන් බලන කළ ‘ලෝකයේ නායකත්වයට’ පත්වීමට චීනයේ ඇති 
අභිලාෂයන් තවත් පියවරකින් සාර්ථක වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකිය හැකිය. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ගත් තීරණය හරහා වක්‍රාකාරයෙන් චීනයට වාසිදායක තත්ත්වයක් ඇති කර තිබෙන බවටද මේ වනවිට චෝදනා එල්ල වන්නේ මෙම පසුබිම තුළය.
ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය එල්ල වන්නේ ලෝක ප්‍රජාව තුළින් පමණක් නොවේ. පැරිස් සම්මුතිය නිසා ඇමෙරිකානු ආර්ථිකයට අවාසියක් වන බව ට්‍රම්ප් පැවැසුවද එරට ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ව්‍යාපාරික සමාගම් රැසක් ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් දක්වන්නේ විරෝධයකි. මෙහිදී ඔහුගේ සහයට සිටින්නේ ගල් අඟුරු කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාර පමණක් බවද දැකගත හැකිය.
පැරිස් සම්මුතිය නිසා ඇමෙරිකාවේ ගල් අඟුරු කර්මාන්තයට සහ ඒ ආශ්‍රිත රැකියා කරන්නන්ට ඇති වන ගැටලු විසඳීම ට්‍රම්ප්ගේ වගකීමක් වුවද වඩාත් පුළුල් ගෝලීය අවශ්‍යතා සහ ප්‍රවණතා සමග එය තුලනය කරගනිමින් කළමනාකරණය කිරීමේ අභියෝගයද ඔහු හමුවේ මතුව ඇති බව පෙනේ. ඒ නිසා මේ මොහොතේ වැදගත්ම ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ  මොන තරම් බුද්ධිමත් ආකාරයෙන් එය ඉටු කිරීමට ඔහුට හැකි වේවිද යන්නය. 
 
නිහාල් පීරිස්{jcomments on}

අධි සුඛෝපභෝගී දුම්රියක් ඉන්දියාවේ මේ නිෂ්පාදනයකොට ඇත්තේ පළමුවරටය. තේජාස් එක්ස්ප්‍රස් නම් වන මෙහි වයි ෆයි පහසුකම, පරිගනක ක්‍රීඩා හා රූපවාහිනිය නැරඹීමේ පහසුකම් ඇතුළු සුවපහසු ගමනකට අවශ්‍ය සියඵ අංගෝපාංග තිබේ. සී.සී.ටී.වී. ඇතුළු ආරක්ෂක උපකරණවලින්ද එය සමන්විතය. වායුසමීකරණය කොට ඇති තේජාස් එක්ස්ප්‍රස්හි නැගී මුම්බායේ සිට ගෝවා බලා බොලිවුඩ් චිත්‍රපට නරඹමින් හා කමින්, බොමින් යන අතරේ එහි ඇති විශේෂ දුම්රිය මැදිරිය වෙන්කරවා ගතහොත් වාඩිවී සිටින අසුනම දිගහැර අවශ්‍යනම් නිදාගනිමින් අපූරු අත්දැකීමක් ලැබිමේ අවස්ථාව දැන් දෙස්, විදෙස් සංචාරකයින්ට ලැබෙයි. අනෙක් දුම්රියට වඩා තරමක් ඉක්මනින් පැය අට හමාරක කාලයක් තුළ තේජාස් එක්ස්ප්‍රස් මුම්බායේ සිට ගෝවා බලා ළඟාවනු ඇත.
 
ස්වයංක්‍රීය දොරවල් හා පෙට්ටියෙන් පෙට්ටියට ගමන අතරේ යාමේ පහසුකම පළමුවරට ඉන්දියාවේ දුම්රියකට ඇත්නම් ඒ තේජාස් එක්ස්ප්‍රස් දුම්රියේය. පැයට කිලෝමීටර් දෙසීයක් වේගයෙන් ගමන්කිරීමට මෙම දුම්රියට හැකිවුවද ඒ ඒ ස්ථානවලදී යායුතු සාමාන්‍ය වේගය ඉක්මවා ගමන් නොකිරීමට තේජාස් එක්ස්ප්‍රස් වගබලාගනියි. සතියකට පස්වරක් තම ගමන යන තේජාස් එක්ස්ප්‍රස් ඉන්දියාවේ මෝසම් වැසි කාලයට සතියකට තුන්වරක් පමණක් ගෝවා බලා යාමට තීරණයකොට තිබේ.
දුම්රිය තුළ ආහාරපාන සහිතව කරත්තයක් විටින්විට එහාමෙහා යන අතර මුදල් යන්ත්‍රයට දමා තේ හා කෝපි ලබාගත හැකි වෙන්ඩින් යන්ත්‍රද එතුළ වෙයි. මේ දුම්රියේ යනවිට දැනෙන්නේ ගුවන්යානයක යන්නාක් වැනි හැඟීමක් බව එහි මේ වනවිට ගමන් කොට ඇති මගීන්ගේ අදහසයි. දුම්රියේ දෙවන පන්තියේ ටිකට් පතක් ඉන්දීය රුපියල් එක්දහස් එකසිය අනූවක් වන අතර පළමු පන්තියේ ටිකට් පතක් ඉන්දීය රුපියල් දෙදහස් පන්සිය අනූවකි. පෙට්ටි දහතුනකින් යුතු දුම්රියේ නමසිය අනූදෙනෙකුට අසුන් පනවා තිබේ. තේජාස් එක්ස්ප්‍රස් සාර්ථක වුවහොත් ක්‍රමයෙන් වෙනත් ප්‍රාන්තවලටත් මෙවැනි අධිසුඛෝපභෝගී දුම්රිය යැවීමේ සැලසුමක් ඇති අතර මීළඟ දුම්රිය ගුජරාත් බලා යාමට සැලසුම්කොට තිබේ.
මේ සියල්ල අතරේ වැඩි මිලක් ගෙවා මෙවැනි දුම්රියක ගමනක් යාහැකි මට්ටමේ පිරිසක් මෙහි ගියද පළමු ගමන්වාර හතර තුළ හෙඩ් ෆෝන් තුන්සිය තිස්හතක් මගීන් විසින් සොරකම් කරගෙන ගොස් තිබිණි. මේ නිසා පස්වැනි ගමන්වාරයේ සිට එකක් ඉන්දීය රුපියල් තිහක් වන සාමාන්‍ය තත්ත්වයේ හෙඩ් ෆෝන් තේජාස් එක්ස්ප්‍රස් දුම්රිය මගීන් වෙනුවෙන් මිලදී ගන්නට දුම්රිය බලධාරීන් තීරණය කොට තිබේ. ඊට අමතරව ඇතැම් මගීන් රූපවාහිනී තිර හා වෙනත් අංගෝපාංගවලට හානි සිදුකර තිබූ බවද වාර්තා විය.
 
නිශානි දිසානායක 

ඩයිනසෝරයින් මේ ලෝකයෙන් වඳවී ගොස් මේ වන විට වසර මිලියන 66 කට ආසන්න වෙතැයි සැලකෙන මුත් තවමත් ඔවුන් ගැන ඇති වන කතා බහනම් අඩුවක් නැත. දැනට වුවද ඩයිනසෝරයින් ගැන කතා අහන්නට ලොව බොහෝදෙනා, විශේෂයෙන් කුඩා දරුවන් මහත් රුචියක් දක්වන බව රහසක් නොවේ.අදටත් මේ දැවැන්ත සත්වයින් මහ‍පොළොවේ සැරසරමින්  ජීවත් වූවා නම් එය අමුතුම ආකාරයේ අත්දැකීමක් වන්නට ඉඩ තිබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඩයිනසෝරයින් ලෝකයෙන් වඳවී ගියේ ඉතා සුළු ප්‍රමාදයක් හේතුවෙන් බව කියැවෙන ආකාරයේ තොරතුරක් පසුගියදා මාධ්‍ය හරහා ප්‍රකාශයටපත් විය. එමපමාව නොවන්නට අදටත් මේ යෝධ සත්ත්වයින් මහ ‍පොලොවේ ජීවත් වන්නට ඉඩතිබුණු බව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. මේ සොයා ගැනීමට පදනම් වූයේ මෑතකදී විද්‍යාඥයින් කරන ලද පර්යේෂණයකින් හෙළි වූ කාරණා වාගයකි.
ඩයිනසෝරයින් පෘථිවියෙන් සදහටම වඳවී ගියේ  දැවැන්ත උල්කාපාතයක් මහ ‍පොළොවේ ගැටීම නිසා ඇති වූ අතුරු ප්‍රතිඵලවල බලපෑමෙන් බව මේ වනවිට පිළිගත් මතයයි. කි.මී. 14 ක් පමණ විශ්කම්භයෙන් යුතු මේ යෝධ උල්කාපාතය පෘථිවියේ ගැටීම නිසා අහසට නැගුණු දූලි සහ අළු වළාවන් විසින් අහස වසා ගනු ලැබිම නිසා කාලයක් තිස්සේ හිරු එළිය පෘථිවිය මත නොවැටුණු බවත්, එයින් ගහකොළ මිය ගොස් ජල ප්‍රභවයන් පවා දූෂණය වූ බවත්, ඒ නිසා පෘථිවිය මත ජීවත් වූ සත්වයින් ආහාර ආදිය නොමැතිව මරණයට පත්ව වඳ වී ගිය බවත් මෙම මතය අනුව පැවසෙයි. මෙම උල්කාපාතය පෘථිවිය හා ගැටෙද්දී එය පැයට කි. මී. 65,000 ක තරම් වේගයකින් ගමන් කරමින් තිබි ඇතැයිද පැවසේ. 
මෙම දැවැන්ත උල්කාපාතය මහ ‍පොළොවේ ගැටුණු ස්ථානය පිහිටා ඇත්තේ මෙක්සිකෝවේ යුකටාන් නැමැති ප්‍රදේශයේය. මේ ගැටීමෙන් ‍පොළොවේ හෑරුණු ආවාටය කි.මී.175 ක් පමණ දිග කි.මී. 20 ක් පමණ ගැඹුර ආවාටයක් බව සඳහන් වෙයි.  පසුගිය දිනවල විද්‍යාඥයින් පිරිසක් මෙම ආවාටය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණ කටයුත්තක නිරත වූවෝය. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ මෙම ආවාට බිමේ ඉතා විශාල වශයෙන් සල්ෆර් නැමැති ද්‍රව්‍යය ගැබ්ව තිබෙන බවයි. මේ අනුව අර යෝධ උල්කාපාතය පතිත වී ඇත්තේ ඉතා විශාල සල්ෆර් කලාපයක්  මත බව විද්‍යාඥයින්ට සොයාගත හැකිවිය. මෙම ගැටීම හේතුවෙන් සල්ෆර් අඩංගු ද්‍රව්‍ය ටොන් බිලියන 100 ක් පමණ වාෂ්ප වී අහසට නගින්නට ඇතැයි ඔවුහු අනුමාන කරති.
සල්ෆර් යනු විශාල වශයෙන් හිරු එළිය මුවා කිරීමේ හැකියාව ඇති ද්‍රව්‍යයකි. දශක ගණනාවක් යනතුරු හිරු එළිය පෘථිවිය මත වැටීම වැළැක්වීමට මෙම සල්ෆර් අඩංගු වන හැකි වන්නට ඇති බව මේ විද්‍යාඥයෝ විශ්වාස කරති. පෘථිවියෙහි ජීවයෙන් හතරෙන් තුනක පමණ වඳකර දමන්නට ඊට හැකි වූ අතර ඩයිනසෝරයින්ද එම අවාසානාවන්ත ඉරණමට ගොදුරු වූ එක් සත්ව විශේෂයකි.
ඉහත විද්‍යාඥයින් පවසන්නේ උල්කාපාතය පෘථිවියේ ගැටී ඇති ස්ථානය ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. තව තත්පර තිහකට කලින් හෝ තත්පර තිහකට පසුව මෙම ගැටීම සිදු වී නම් අදටත් ඩයිනසෝරයින් මහ ‍පොළොවේ සැරිසරන්නට ඉඩ තිබුණු බව ඔවුන්ගේ අදහස වෙයි. තත්පර කිහිපයකට කලින් හෝ පසුව හෝ  ගැටීම සිදුවී නම් උල්කාපාතය වැටෙන්නට තිබුණේ මෙම සල්ෆර් කලාපයේ නොව ඒ ආසන්නයේ පිහිටි අත්ලාන්තික් හෝ පැසිෆික් සාගරය මත බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ පෘථිවියේ භ්‍රමණය (කරකැවීම)  හේතුවෙනි. එසේ වී නම් ඉහත කී ආකාරයෙන් සල්ෆේට වියනක් මහ ‍පොළොවට ඉහළින් නිර්මාණය වන්නට ඉඩ නොතිබුණු බවත්, මේ තරම් විනාශයක් වන්නට ඉඩ නොතිබුණු බවත් ඔවුහු සඳහන් කරති.
කෙසේ නමුත් විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට මිනිස් වර්ගයාට මහ ‍පොලොවේ ආධිපත්‍යය දරන්නට හැකියාව ලැබුණේ ඩයිනසෝරයින් වැනි දැවැන්තයින්ව ඳවී යාම නිසාය. යම් හෙයකින් ඉහත කී උල්කාපාතය පෘථිවියේ නොගැටුණි නම් ඩයිනසෝරයින් තවමත් මහ ‍පොළොවේ ජීවත් වන්නට ඉඩ තිබුණත් මිනිස් වර්ගයා එහි නොපවතින්නට ඉඩ තිබුණි.
 
කිත්සිරි මල්වත්ත{jcomments on}

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ තේම්ස් නදියට මුහුණලා අලංකාර මන්දිරයක් පිහිටා තිබේ. එය හැම්ප්ටන් කෝට් මන්දිරය ලෙස නම්කර ඇත. 16වන සියවසේ ඉදිකරන ලද මෙය අවසන්වරට වාසස්ථානය බවට පත්කර ගනු ලැබුවේ දෙවැනි ජොර්ජ් රජතුමා විසිනි. ඔහුගෙන් පසු දිගු කාලයක් පාවිච්චියට නොගත් හැම්ප්ටන් කෝට් මන්දිරය මේ වනවිට සංචාරක ආකර්ෂණය දිනාගත් කෞතුකාගාරයක් බවට පත්ව තිබේ.
මෙම හැම්ප්ටන් කෝට් මන්දිරය පිළිබඳව අතීතයේ සිට අසන්නට ලැබුණු විවිධ කටකතා බොහෝය. ඒවා සියල්ලක්ම පාහේ හොල්මන් සහ අවතාර පිළිබඳවය. නමුත් ඒවා විශ්වාසයට ගත් කෙනෙකු හෝ ඇසින් දුටු කෙනෙකු පිළිබඳව පසුගිය සියවස් තුන පුරාම සොයාගන්නට හැකිවූයේ නැත. නවීන තාක්ෂණ ක‍්‍රමවේදත් සමග හැම්ප්ටන් කෝට් මන්දිරයට සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධති සවිකරනු ලැබුවේ 2003 වසරේදීය. නමුත් මෙතෙක් හැම්ප්ටන් කෝට් මන්දිරය වටා තිබූ සියලූම හොල්මන් සහ අවතාර කතා පිළිබඳව මිනිසුන් තුළ අලූත් හැගීමක් ඇතිවෙන්නට පටන් ගනු ලැබුවේ ඉන් අනතුරුවය.
මෙම කැමරා පද්ධතිය සවිකිරීමෙන් පසු දින හතරක් තුළ අවස්ථා හතකදී කැමරා පද්ධති හයකට විවිධ ප‍්‍රහාර එල්ල වුණි. නමුත් ඒවා එල්ල කළ පුද්ගලයෙකු පිළිබඳව එම කැමරාවල පවා කිසිදු ආකාරයකින් සටහන්වී නොතිබීම පුදුමයට කරුණක්ව තිබිණි. දිනක් සවස 7ට පමණ සීසීටීවී ආරක්ෂක කැමරා පද්ධතියේ පාලක පුවරුව අසළ සේවයේ යෙදෙමින් සිටි ආරක්ෂක නිලධාරියෙකුට අමුතුම ආකාරයේ රුවක් දැකගන්නට ලැබිණි. ඒ යම්කිසි කෙසග පුද්ගලයෙකු මන්දිරය පිටුපස දොරටුවෙන් පිටතට පැමිණෙන ආකාරයයයි. සවස හයට කෞතුකාගාරය වසා දමන බැවින් සවස 7ට කිසිදු කෙනෙකුට එහි සිට පිටතට පැමිණිය නොහැකි බව ඒ වනවිටත් මෙම ආරක්ෂක නිලධාරියාට සිහිවී තිබිණි. ඔහු වහාම මන්දිරයේ පිටුපස දොරටුව වෙත ගමන් කරනු ලැබුවේ සොරෙකු ඇතුළුවී ඇතැයි සිතා සිය රිවෝල්වරය ද සූදානම් කර ගනිමිනි. නමුත් ඔහුට කිසිවෙකුත් දකින්නට නොලැබුණු අතර දොරටුව හැර දමා තිබෙන ආකාරය දුටු ඔහු එය වසා දමා නැවතත් පාලක පුවරුව සහිත මැදිරියට ගොස් තිබිණි.
මෙම සිදුවීමෙන් දින කීපයකට පසු ආරක්ෂක සේවයේ යෙදී සිටි තවත් නිලධාරියෙකුද මෙසේ යම් කෙස`ග පුද්ගලයෙකු මන්දිරයේ පිටුපස දොරටුවෙන් පිටවී යන ආකාරය කැමරා පද්ධතිය ඔස්සේ දැක තිබිණි. ඔහු සිය ප‍්‍රධානියාට මේ බව දැනුම් දී සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධතිය රිවයින් කොට මෙම දර්ශනය නැවත නැවතත් නැරඹීම සඳහා අවස්ථාව උදාකරගෙන තිබිණි. පුදුමයකට මෙන් එම දර්ශනයේ රූප රාමු ඉතා පැහැදිලි ලෙස කැමරා පද්ධතියේ සටහන්ව ඇත. ඉන්පසු පළමු නිලධාරියා මෙම අද්භූත පුද්ගලයාව දුටු දිනයද පරීක්ෂා කරබැලීමේදී එදිනද එවැන්නෙකු දොරටුවෙන් පිටතට යන ආකාරය පැහැදිලිව සටහන්වී තිබිණි. නමුත් මෙම පුද්ගලයා කවුද යන්න පිළිබඳව කිසිවෙකුත් දැන සිටියේ නැත. නමුත් පැහැදිලිව දැකගත හැකිවූ කාරණය වූයේ අද්භූත පුද්ගලයා මනුෂ්‍යයෙකු නොවන බවත් මිනිස් ඇට සැකිල්ලක් පමණක් වන බවත්ය.
මෙම අද්භූත පුද්ගලයා මන්දිරය තුළ කුමන ස්ථානයක සිට මතුවන්නේද යන්න පිළිබඳව කැමරාවල සටහන්ව ඇති දර්ශන පරීක්ෂා කිරීමෙන් සොයාගැනීම භාරවූයේ සවුතැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයටය. එහිදී ඔවුන්ට සොයාගත හැකිවූයේ පුදුමාකාර කාරණයකි. එනම් මෙම අද්භූත ඇටසැකිල්ල මතුවන්නේ 17 වන සියවස අග භාගයේ පාලකයා වූ තුන්වන විලියම් රජතුමාගේ ආලේඛ්‍ය ඡුායාරූපය මතින් බවය. තුන්වන විලියම් රජතුමා මාස තුනක් පමණ නිව්මෝනියා රෝගයෙන් පීඩා විඳිමින් සිට මිය යන ලද්දේ 1702 වසරේදීය. ඔහු ඇවිදගන්නට පවා නොහැකිව ඇඳ මතටවී ගත කළ කාලයේ මාලිගයෙන් පිටතට යන්නට අවශ්‍ය බව පවසමින් සේවක සේවිකාවන්ට බැණ වැදුණු ආකාරය පිළිබඳවත්, රෝගී තත්ත්වය නිසා මියයනතුරුම ඔහුගේ ආශාව ඉටුකර ගැනීමට ඔහුට නොහැකි වූ ආකාරය පිළිබඳවත් අතීත කටකතාවල අද පවා අසන්නට ලැබේ.
ඔහු මියයාමෙන් පසුව මාලිගයෙන් පිටතට යන්නට තිබූ ආශාව ඉටුකර ගන්නා ආකාරය මෙය වන්නට ඇති බව කෞතුකාගාරයේ සේවයේ නියුතු ආරක්ෂක භටයන්ගේ අදහසයි. නමුත් කෞතුකාගාර පාලකයන් පවසන්නේ මෙය කැමරාවේ කාචයට වැටුණු ආලෝකය පරාවර්තනය වීම නිසා කෞතුකාගාරය තුළ ඇති විවිධ භාණ්ඩවල පිළිරූ මිනිස් ඇටසැකිල්ලක හැඩය ගෙන පෙනෙන්නට ඇති බව පමණි.
 
දුලාංජලී මුතුවාඩියෙග්{jcomments on}

රජ පවු‍ලේ නොවන සාමාන්‍ය පුද්ගලයෙකු හා විවාහවීමට ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ වැඩිමහල් මිනිපිරිය වන මකෝ කුමරිය කිරුළට ඇති අයිතිය අත්හරින බව පවසයි. තමා හා නීතිය හැදැරූ විසිපස් හැවිරිදි තරුණයෙකු හා විවාහ ගිවිසගෙන සිටින කුමරියද විසිපස් වැනි වියෙහි පසුවෙයි.

ජපාන රජ පවු‍ලේ නීතියට අනුව රජ පවු‍ලේ සාමාජිකයෙකු සාමාන්‍ය පුද්ගලයෙකු හා විවාහවුවහොත් ඔහු හෝ ඇය රජ පවුලින් ඉවත්විය යුතුය. ළඟදීම අධිරාජයාද තනතුරින් සමුගැනීම හේතුවෙන් මකෝ කුමරියගේ මෙම තීරණය රජ පවු‍ලේ නීති ගැන විවාදයකට තුඩුදී තිබේ.

බි.බි.සී.{jcomments on}

Page 7 of 8

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5218

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3631

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5115

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5739

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6554

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4051

Please publish modules in offcanvas position.

X

Right Click

No right click