Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවුරුදු පතා ස්පාඤ්ඤයේ පවත්වන තක්කාලි උත්සවය මේ අවුරුද්දෙත් අගෝස්තු මාසේ 30 වැනිදා මුළු රට පුරාම පැවැත්වීමට නියමිතයි. 1945 අවුරුද්දේ පටන්ගත්තු මේ තක්කාලි උත්සවය අගෝස්තු මාසේ අන්තිම බදාදා තමයි පැවැත්වෙන්නේ. ස්පාඤ්ඤයේ සෑම ගමකම සහ නගරයකම දෙපිලකට බෙදුණු පිරිස් තක්කාලිවලින් එකිනෙකාට ගසා ගැනීම තමයි තක්කාලි උත්සවයෙදී සිදු වෙන්නේ.

ඛ් එදප්එසබ් කියලා හඳුන්වන මේ උත්සවයේදී තක්කාලි ටොන් ලක්ෂ ගණනක් විනාශ වෙනවා. නමුත් ඒක විනාශයක් කියලා ස්පාඤ්ඤ වැසියන් හිතන්නෙ නැහැ. ඉන් මුළු අවුරුද්ද පුරාම තමන් අතින් සිදුවුණු වැරදිවලට සමාවක් ලැබෙනවා කියලා අතීත ස්පාඤ්ඤ වැසියන්ගේ  විශ්වාසයක් තියනවා.{jcomments on}

ලොව විශිෂ්ටතම චිත‍්‍ර ශිල්පියා ලෙස නම් කර ඇති මයිකල් ආන්ජිලෝ විසින් සිය ජීවිත කාලය තුළ නිර්මාණය කර ඇති සිතුවම් රැුසක් වන අතර ලෝක ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉන් සීමිත ප‍්‍රමාණයක් පමණි. ඒ අතරින් ඇපොස්ටලික් මන්දිරය හෙවත් වතිකානුවේ සිස්ටින් චැපල් මන්දිරයේ සිවිලිම මත නිර්මාණය කර ඇති සිතුවම් ඔහුගේ විශිෂ්ට නිර්මාණ ලෙස හඳුන්වා දිය හැකිය. සිස්ටින් මන්දිරයේ ඇති සිතුවම් අතරින් ද ඉතාම ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ක‍්‍රියේෂන් ඔෆ් ඇඩම් Creation of Adam නොහොත් ආදම්ව මැවීම නම් වූ සිතුවමයි. මෙය 1512 වසරේ පමණ අඳින ලද්දක් වූ අතර ඉන් දෙවියන් 
වහන්සේ විසින් පළමු වරට මිනිසෙකු නිර්මාණය කිරීම නිරූපණය වන බව විචාරකයෝ පවසති.
දෙවියන් වහන්සේ විසින් මවන ලද ප‍්‍රථම මිනිසා ‘ආදම්’ ලෙසත් ආදම්ගේ අස්ථි කොටසක් භාවිතයෙන් ‘ඒවා’ නම් වූ කාන්තාව මවා ඇති බවත් අප අසා ඇත්තෙමු. මේ අනුව ආන්ජලෝ විසින් නිර්මාණය කර ඇති ආදම් මැවීමේ සිතුවමේ දැක්වෙන්නේ ආදම් නම් වූ ලොව පළමු මිනිසාට ජීවය ලබා දෙන අවස්ථාව බව සිතිය හැකිය. ආන්ජලෝගේ සිතුවම් සහ නිර්මාණ බොහොමයක් විද්‍යාව සමග සමීප සබඳතා සහිත නිර්මාණ බව විවිධ කාල වකවානුවල වාර්තා විය. ආදම් මැවීමේ සිතුවම ද එවැනි විද්‍යාවට සමීප නෑකම් කියන සිතුවමක් ලෙස හඳුන්වා දිය හැකිය.
මෙම සිතුවමෙහි වම් පස දැක්වෙන්නේ ආදම් නම් වූ ලොව පළමු පුද්ගලයාය. ලේ, මස්, නහරවලින් නිර්මාණය වූ මෙම පුද්ගලයාට ජීවය ලබා දීම සඳහා දෙවියන් වහන්සේ යොදා ගත් ක‍්‍රමෝපාය මෙම සිතුවමෙහි මැනවින් පැහැදිලි කර තිබේ. මෙම සිතුවමෙහි දෙවියන් වහන්සේ ලෙස දක්වා ඇත්තේ සුදු පැහැ දුහුළු ඇඳුමකින් සැරසුණු රුවය. රූපයේ ඇඳුම් සහිතව සිටින බැවින් අනිත් පුද්ගලයන් අතර විශේෂත්වයක් එම රූපයේ ලබා දී තිබේ. දෙවියන් වහන්සේට පිටුපසින් මිනිස් රූප කීපයක් දක්වා ඇති අතර සිතුවම් පිළිබඳ විචාරකයන් පවසන්නේ මෙම මිනිස් රූ සියල්ල එකට එක් කළ විට නිර්මාණය වී ඇති හැඩය මිනිස් මොළය ව්‍යුහාත්මක වශයෙන් ඉතා නිවැරදිව දක්වා ඇති බවයි. එමෙන්ම මිනිස් රූ වෙන් වෙන්ව සලකා බැලීමේ දී මොළය තුළ ඇති මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, පිටියුටරි ග‍්‍රන්ථිය, වැරෝලි සේතුව, සුෂුම්නා ශීර්ෂකය ආදියද වෙන් කර හඳුනා ගත හැකි බවයි.
දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ පිටුපසින් සිටින මිනිසුන් ආවරණය වී ඇති රතු පැහැති ආවරණය කාන්තා ගර්භාෂයක හැඩය ගන්නා බවට ද මතයක් තිබේ. නමුත් එහි සත්‍ය අසත්‍ය බව පැහැදිලි නැත. එමෙන්ම මෙම මිනිස් පිරිසට යටින් කොළ පැහැති සේලයක් වැනි යමක් තිබෙනු දැකිය හැකිය. සිතුවම් පිළිබඳ විචාරකයන් පවසන්නේ මයිකල් ආන්ජෙලෝ මෙම නිර්මාණයෙන් ඉදිරිපත් කර ඇති ජීවය ලබා දීම නම් සංකල්පය තව දුරටත් සාක්ෂාත් කිරීම සඳහා ‘පෙකණිවැල’ එසේ නිර්මාණය කර ඇති බවයි. 
එසේම මෙම සිතුවමෙහි ඇති සුවිශේෂී අඩුපාඩුවක් පිළිබඳව ද විචාරකයන් පෙන්වා දෙති. එනම් ආදම් යනු දෙවියන් විසින් මවන ලද පුද්ගලයෙකු නම් හෝ මව් කුසින් උපත නොලැබූ පුද්ගලයෙකු නම් ඔහුට නාභියක් තිබෙන්නේ කෙසේද යන්න පැටලිලි සහගත බවයි. මේ පිළිබඳව වැඩිදුර තර්ක කරන විසි වන සියවසේ සිතුවම් විචාරකයන් පවසන්නේ මයිකල් ආන්ජෙලෝ මෙම සිතුවම නිර්මාණය කර ඇත්තේ මිනිස් සිරුරේ විද්‍යාත්මක ක්ෂේත‍්‍රය පිළිබඳව කිසිම දැනුමක් නොමැතිව බවය එවැනි දැනුමක් තිබුණේ නම් ඔහු ආදම්ගේ උදරය මත නාභියක් ඇඳිය යුතු නැති බවංග
 
දුලංජලී මුතුවාඩිගේ

නායකයෙක් වන්නට නම් බොහෝ ජීවිත අත්දැකීම් තිබිය යුතුය. රටක නායකයෙක් පිළිබඳ සැලකීමේදී මෙය අනිවාර්යය. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්වීමේදී වයස සලකා බැලෙන්නේ මේ නිසාය. අප රටේ වුවද ජනපති ධුරය සඳහා තරුණ වියෙහි පුද්ගලයකු ඉදිරිපත් වන්නේ කලාතුරකින් වන අතර යම් හෙයකින් ඉදිරිපත් වුවද ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්නට බොහෝ දෙනෙකු තුළ එතරම් කැමැත්තක් නැත. නමුත් සෑම විටම එසේ වන්නේද නැත. තරුණයෝද ලෝකයේ රාජ්‍ය නායකයන් බවට පත්වෙති. වර්තමානයේද එවැන්නෝ සිටිති. වර්තමාන ප්‍රංශ ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්‍රෝන් එවැන්නෙකි. ඔහු තිස්නව වැනි වියේදී ජනපති පදවියට පත් විය. ඔහුගේ සම්ප්‍රාප්තියෙන් පසු තරුණ රාජ්‍ය නායකයන් පිළිබඳ ලෝකයේ කතාබහට ලක් වන්නට පටන් ගත් බවක් පෙනුණි. තරුණ රාජ්‍ය නායකයන් සිටින්නේ ඔහු පමණක්ම දැයි ඇතැමෙක් අසන්නට වූහ. මේ එයට පිළිතුරක් වන්නට පුළුවන. 
 
ජිග්මේ ඛිෙසාර් නාම්ග්යෙල්වන්ග් චුක්
 
1980 පෙබරවාරි 21 උපන් දැනට 37 වන වියෙහි පසුවන ජිග්මේ, භූතානයේ රජුය. වජ්‍රායන බෞද්ධයකු වූ ඔහු එහි රාජ්‍යත්වයට පත්වන්නේ සිය පිය රජු වූ ජිග්මේ සිංග් යේවන්ග් චුක්ගේ ඇවෑමෙන් පසුවය. සිය ද්විතීක අධ්‍යාපනය භූතානයේදී හැදෑරීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේදී, එක්සත් රාජධානියේදී උසස් අධ්‍යාපනය හැදෑරුවේය. ඔහු එහිදී විදේශ සේවය, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සිය දැනුම දියුණු කරගත්තේය. එමෙන්ම ඉන්දියාවේ ලාල්බහදුර් ශාස්ත්‍රී ජාතික පරිපාලන ඇකඩමියේදී පරිපාලනය පිළිබඳ පාඨමාලාවක්ද සම්පූර්ණ කොට තිබේ. 
 
තමිම්බින් හමාඩ් අල් ථානි
 
ඔහු කටාර්හී එමීර්වරයා වේ. එමීර් යනු කටාරයේ රාජ්‍ය නායකයාය. 1980 ජුනි 5 වැනිදා උපන් ඔහු දැනට 37 වැනි වියෙහි පසුවෙයි. ඔහු මෙයට පෙර සිටි එමීර් වරයා වූ හමාඩ් බින් ඛලීෆා අල්ථානිගේ සිව්වැනි දරුවාය. සිය පියාගේ ඇවෑමෙන් අනතුරුව ඔහු මෙම තනතුරට සුදුසුකම් ලද්දේය. 
 
කිම් ජොන් උන්
 
කිම් ජොන් උන් යනු උතුරු කොරියාවේ උත්තරීතර නායකයා වේ. විකිපීඩියාව ඔහුගේ උපන්දින දෙකක් ගැන සඳහන් කරයි. ඉන් එකක් 1984 ජනවාරි 8 වැනිදා වන අතර අනෙක 1984 ජූලි 5 වැනිදාය. කෙසේ වුවත් ඔහු දැනට 33 වැනි වියෙහි පසුවෙයි. උතුරු කොරියාව යනු ලෝකයේ වැසුණු රටක් බැවින් ඔහු පිළිබඳ දැනගන්නට ලැබෙන තොරතුරු ස්වල්ප වන අතර ඒවාද කෙතරම් දුරකට නිවැරදි දැයි කිව නොහැකිය. සිය පියා වූ කිම් ජොන්ග් ඉල්ගේ අවමංගල්‍යය දා ඔහු උතුරු කොරියාවේ රාජ්‍ය නායකත්වයට පත්විය.
 
වැනෙස්සා ඩි ඇම්බ්‍රාසියෝ 
 
වැනෙස්සා යනු ඉතාලි අර්ධද්වීපයේ පිහිටි ස්වාධීන රාජ්‍යයක් වූ සැන්මැරීනෝ ජනරජයේ රාජ්‍ය නායිකාව වේ. එහි රාජ්‍ය නායිකාව හඳුන්වනු ලබන්නේ ‘කැප්ටන් රීජන්ට්’ යන නමිනි. 1988 අප්‍රේල් 26 වැනිදා උපන් ඇය දැනට 29 වැනි වියෙහි පසු වන්නීය. ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ඇය සැන්මැරීනෝවේ මතෛක් පත් වූ, ළබාලතම රාජ්‍යනායිකාව වේ.
 
නිරංජන් චාමින්ද

යම් කිසි ඇඳුමකට ඉතා ඉහළ වටිනාකමක් ලැබෙන්නට හේතු වන ප‍්‍රධාන කරුණු දෙකක් තිබේ. ඉන් එකක් ඇඳුම නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය හෝ එයට සවිකර ඇති අගනා මුතු, මැණික් සහ රන් නූල් ආදියයි. අනෙක් කරුණ එම ඇඳුමට ඇති පෞරාණික වටිනාකම හෝ එය අඳින ලද පුද්ගලයන් පිළිබඳව සමාජයේ ඇති ආකල්ප ආදියයි. අතීත රජවරුන් හෝ අධිරාජ්‍යවරුන් විසින් ඇගලූ ඇඳුම් සහ නළු නිළියන් විසින් විශේෂ උත්සව අවස්ථාවලදී අඳින ලද ඇඳුම් ආදියට ලැබෙන්නේ මෙකී දෙවැනි වටිනාකමයි.
මේ ආකාරයට මෙතෙක් ලොව වැඩිම වටිනාකමක් ලද ඇඳුම ලෙස සැලකෙන්නේ පසුගිය දිනක වෙන්දේසියක දී අලෙවි වූ එක්තරා ගවුමකි. එය ප‍්‍රවීන හොලිවුඞ් රංගන ශිල්පිනියක වූ මැරිලින් මොන්රෝ විසින් ඇඟලන ලද්දකි. ඇය එම ගවුම ඇඳ තිබුණේ හරියටම පැය 4කුත් විනාඩි 40ක් පමණි. ඒ 1962 වසරේ මැයි මස 19 වැනි සෙනසුරාදා සවස්වරුවේය. 
මොන්රෝ මෙකී ඇඳුමින් සැරසී තිබුණේ එවකට ඇමෙරිකානු ජනපතිවරයා මෙන්ම මොන්රෝගේ පෙම්වතා ලෙස සැලකුණු ජෝන් එෆ්. කෙනඩිගේ 44 වැනි උපන් දින උත්සවයට සහභාගි වීම සඳහාය. මෙම උපන් දින උත්සවය පැවැත්වුණේ මැයි මස 19 වැනි දිනක වුවද කෙනඩි ජනපතිවරයාගේ උපන් දිනය යෙදී තිබෙන්නේ මැයි 29 වනදාටය. එම උත්සවයට ජනපති බිරිඳ ජැක්ලින් කෙනඩි සහභාගි වී තිබුණේ නැත.
මෙම උපන් දින උත්සවය මෙතරම් වැදගත් වීමට හේතු කීපයක්ම තිබිණි. ඉන් එකක් මැරලින් මොන්රෝ ප‍්‍රසිද්ධ උත්සවයකදී කෙනඩි ජනපතිවරයා සමග එකට ගැවසුණු අවසන් අවස්ථාව වීමය. එමෙන්ම ඇය සහභාගි වූ අවසන් උත්සව අවස්ථාව වූයේ ද එයයි. ඉන් මාස තුනට පසු එනම් 1962 වසරේම අගෝස්තු මස පස් වනදා ඇය සියදිවි නසා ගත්තාය. අනික් කාරණය ඇය මෙම උත්සවයේ දී කෙනඩි ජනපතිවරයා වෙනුවෙන් Happy Birthday Mr President යනුවෙන් ගීතයක් ගායනා කිරීමය. මේ නිසා ඇය මෙම උත්සව අවස්ථාවට සහභාගි වීම සඳහා අඳින ලද මෙකී ගවුම නම් කරන ලද්දේ ''Happy Birthday Mr President dress'' යන නමිනි.
මොන්රෝ විසින් මෙම ඇඳුමින් සැරසුණු දිනයට වසර 55කට පසු එනම් 2016 වසරේ නොවැම්බර් 17 වනදා ඇගේ Happy Birthday Mr Presidentඇඳුම ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි පැවැති ජූලියන්ස් ඔක්ෂන් නම් වූ ප‍්‍රසිද්ධ වෙන්දේසියේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 4.8කට එනම් රුපියල් මිලියන 720කට වෙන්දේසි විණි. 1961 වසරේ අවසන් භාගයේ මොන්රෝ වෙනුවෙන්ම මෙම ගවුම නිර්මාණය කර තිබුණේ ඇගේ පෞද්ගලික ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වූ ජීන් ලූවි විසිනි. එය නිර්මාණය කිරීම සඳහා එවකට වැය වී තිබුණේ ඇමෙරිකන් ඩොලර් 62ක පමණ මුදලකි. ඇත්දල පැහැති පබළු සහ රන් පැහැති නූලින් නිම වූ Happy Birthday Mr President ඇඳුම ෆිෂ් ටේල් හෙවත් පසුපස කොටස මාළුවෙකුගේ වරල ආකාරයෙන් නිර්මාණය වූවකි. එය පසුගිය වසර 55ක් පුරා පැවැතුණේ බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේය.
ඇමෙරිකන් ඩොලර් මිලියන 4.8ක් වැය කර Happy Birthday Mr President ඇඳුම මිලදී ගත් පුද්ගලයා තමන් පිළිබඳව මාධ්‍යයට හෙළි නොකරන මෙන් වෙන්දේසියේ සංවිධායකයන්ට පවසා තිබූ බව මෙම වෙන්දේසියෙන් පසු මාධ්‍යවල පළ වුණි. 
දුලාජලී මුතුවාඩිගේ

පාපන්දු ලොව පුරා ජනප්‍රියම ක්‍රීඩාවය. පාපන්දු ලොවේ දස්කම් උරගා බැලෙන ෆිෆා ලෝක කුසලාන තරගාවලිය කාලයට පාපන්දු උණුසුම ලොව පුරා පැතිරෙන්නේ උන්මාදනිය ලෙසය. පාපන්දු ක්‍රීඩකයන්ගේ වත්කම්ද ජනප්‍රිය මාතෘකාවකි. සුපිරි පාපන්දු ක්‍රීඩක පේ‍ලේ විසින් “ද බියුටිෆුල් ගේම් “හෙවත් “ලස්සන ක්‍රීඩාව ලෙස හැඳින්වූ පාපන්දු ක්‍රීඩාව ඊට අමතරව ‍පොහොසත්ම ක්‍රීඩාවද වන බැවිනි. 2014 පාපන්දු ලෝක කුසලාන සමයේ මෙවැනි ලැයිස්තුවක් නිකුත් වූ අතර ලැයිස්තුවේ මුල සිටි  පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය පනහක් වූ අතර දෙවැනි තැන ගත් ආජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව ලියොනෙල් මෙසීගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අසූවක් විය. ලොව එතෙක් මතෛක් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩකයින් අතරින් බහුතරය සැරසී සිටි හා සිටින නොම්මර දහය දරන කමීසයෙන් සැරසී ක්‍රීඩා කරන මෙසී (කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයාට නොම්මර දහය දරන කමිසය අඳින්නට ලැබෙන බවද මේ නොම්මර දහයට ඔවුන් තුළ ඇති උපරිම දක්ෂතා පිටතට ගෙනෙන්නට හැකි බවටද විශ්වාසයක් වෙයි.) කෙතරම් සුපිරි ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන්නේද කියතොත් ඇතැම් පාපන්දු පුහුණුකරුවන් තම කණ්ඩායමේ දක්ෂ සාමාජිකයින් පිටිය මැදට යවන්නේ “මෙසීට වැඩිය දෙයක් කරන්න පුළුවන් බව පෙන්නන්න.” යනුවෙන් කියමිනි.
දඟකාර සිනාවෙන් හා ළමා මුහුණකින් ක්‍රීඩා ලෝලීන්ගේ සිත දිනාගත් ලියෝ යන කෙටි නමින් හැඳින්වෙන ලියොනෙල් මෙසී පසුගියදා නැවත ලොව පුරා මාධ්‍යවල කතාබහට ලක්වුණේ තම විවාහය නිසාය. වයස අවුරුදු පහේදී හඳුනාගත් තම හොඳම මිතුරාගේ ඥාති සොයුරිය සමග වයස අවුරුදු විසි ගණන්වලදී ඇරඹූ පෙම් සබඳතාවය මෙසී නීත්‍යනුකූල විවාහයකින් කෙළවර කළේ වසර ගණනාවක් ඇය සමග එකට පදිංචිව සිට පුතුන් දෙදෙනෙකුද ලැබිමෙන් පසුවය. දෙදෙනාගේ උපන්ගම වන හා හැදුණු වැඩුණු රොසාරියෝහි මෙම විවාහ උත්සවය පැවැත්විනි. පාපන්දු ලොවේ හිටපු හා වත්මන් ජනප්‍රිය තරු මෙන්ම ආජන්ටිනාවේ වෙනත් ප්‍රකට පුද්ගලයින්ද දෙසිය පනස්දෙනෙක් සහභාගි වූ මනරම් විවාහ උත්සවය තුළ කැපී පෙනුණු තවත් කාරණාවක් වුණේ මෙසීගේ මව වන සීලියාද තම ‍ලේලියගේ මංගල ගවුමට බෙහෙවින් සමාන සුදු පැහැති ගවුමකින් සැරසී උත්සවයට සහභාගි වීමය. මංගල උත්සවයකට මනාලිය හැරුනුවිට වෙනත් අය සුදු ඇඳුමින් සැරසී පැමිණ නොආයුතු බවට ඇති ආජන්ටිනාවේ සම්ප්‍රදාය බිඳ දමමින් ඇය මෙසේ පැමිණීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඇයව විවේචනය කර තිබුණේ මනාලියට හිමි අවධානය ලබාගැනීමට උත්සාහ කළ බව කියමිනි. මෙසීගේ මව විශේෂයෙන් කතාබහට ලක්වන්නට වූ හේතුව මෙසී තම මවට දක්වන දැඩි සෙනෙහස ප්‍රකට කරුණක් බැවිනි. ඔහු තම වම් උරහිසේ මවගේ මුහුණ පච්ච කොටාගෙන සිටියි. මේ නිසාම නැන්දම්මා-‍ලේලි අර්බුදයක් නිර්මාණය කිරීමටද මාධ්‍ය උත්සාහ ගත් බවක් පෙනිණි. විවාහයට පෙර තමා අඳින්නේ අඳුරු පැහැති ගවුමක් බව මෙසීගේ මව විසින් පවසා තිබිමද අර්බුදය ඇවිලීයාමට තවත් හේතුවක් විය. ඇන්ටොනල්ලා රොකූසෝ නම් මෙසීගේ බිරිය ඔහුගේ පෙම්වතියව සිටි කාලයේ සිටම මෙසීගේ මව හා ඇය අතර සීතල යුද්ධයක් ඇති බවට කතාවක් පැතිර තිබුණද පවුල් දෙකේම උදවිය මේ කතාව ප්‍රතික්ෂේප කරති.
ආලිංගන නැටුම් නුහුරු ලියොනෙල් මෙසී උත්සවයේ තම දෙපා නුහුරු ලෙස එහා මෙහා තබමින් පෑ රංගනය ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණේ “බූරුවෙකුගේ නැටුමක්” ලෙසිනි. තිස් හැවිරිදි මෙසී පාපන්දු පිටියේදී දෙපා කෙතරම් දක්ෂ ලෙස මෙහෙයෙව්වද අපහසුවෙන් නටන මෙසීගේ නැටුම තත්පර තිහක වීඩියෝවක් ලෙස අන්තර්ජාලයට එකතුව තිබුණේ දකින්නන් මුවගට සිනහවක් නංවමිනි. උත්සව ශාලාව තුළට ජංගම දුරකථන නොගෙනෙන ලෙසට අමුත්තන් ඇතුඵ සියල්ලන්ගෙන්ම ඉල්ලා තිබුණද ජංගම දුරකථන ගෙනා ඇතැමෙක් ලබාගත් ඡායාරූප නිල ඡායාරූපවලට පෙර දසත සැරිසරන්නට විය.
පාපන්දු ලොව දිනූ මෙසී පසුගිය වසරේ තමාට වයස විසි නමයේදී ජගත් පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේ ලොව පුරා පාපන්දු ලෝලීන් හඬවමිනි. ඒ වසර නමයක් තුළ සිව්වැනි වතාවටත් ආජන්ටිනාව ප්‍රධාන පෙළේ තරගාවලියක් පරාජයවීම හේතුවෙනි. දඬුවම් පහරක් නිසි ලෙස එල්ල කිරීමට තමාට නොහැකිවීම හේතුවෙන් සිව්වැනි තරගයේදී එම පරාජය අත්වූ නිසා මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව වාර්තා විය. තමා කළ හැකි සියල්ල කණ්ඩායම වෙනුවෙන් කළ බව සමුගනිමින් මෙසී කියා සිටියේය. ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී පාපන්දු තරගාවලිවල හොඳම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් හෙවත් රන් පන්දුව කිහිප වතාවක් දිනා තිබේ. ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන් ඩි ඕර් සම්මානය පස්වරක් දිනා ඇති මෙසී 2005 දී පාපන්දු පිටියට පිවිසියේය. පවු‍ලේ අයට ඉතා සමීප මෙසීට වයස අවුරුදු දහහතරේ සිටම ඔහුගේ නියෝජිතයා ලෙස පියා කටයුතු කරන අතර ෙදෙනික හා ප්‍රචාරක කටයුතු සැලසුම්කරු ලෙස වැඩිමහල් සොයුරා කටයුතු කරයි. සමාජ සේවය සඳහා පිහිටුවාගත් ඔහුගේ ලියෝ මෙසී පදනම භාරව සිටින්නේ මව හා අනෙක් සොයුරාය.උපන් ගම වන රොසාරියෝහි නෑ, හිතවතුන් සමග සමීප සබඳතාවයක් පවත්වන මෙසී තමා උපන් නිවස මේ වන විට අගුලුදමා තිබුණද එය විකිණීමට පවු‍ලේ අයට ඉඩදී නැත.
 
නිශානි දිසානායක 

සත්‍ය සහ ව්‍යාජ ඡායාරූපයක් එකිනෙකින් වෙන් කර හඳුනා ගත නොහැකි මට්ටමකට වර්තමානයේ පත්ව තිබෙන්නේ ඡායාරූප වෙනස් කළ හැකි විවිධ මෘදුකාංග පරිගණක ක්ෂේත‍්‍රය තුළ අලූතින් නිර්මාණය වීමත් සමගිනි. නමුත් මෙවැනි මෘදුකාංග හෝ පරිගණක පවා නොතිබුණු යුගයක පවා ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානයේ විවිධ මාධ්‍යවල පළ වෙන්නා වූ අප සත්‍ය ඡුායාරූප ලෙස හඳුන්වන ඡායාරූපවලින් සියයට 40ක් පමණ ව්‍යාජ ඡුායාරූප වන බව බීබීසී සේවය වාර්තා කර තිබේ. ඔවුන් මේ බව පවසන්නේ වසර කීපයක් පුරා මාධ්‍යවල පළ වූ ඡුායාරූප පරීක්ෂා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මේ බව පැහැදිලි කිරීම සඳහා ඔවුන් පළමු (1) ඡායාරූපය උදාහරණ ලෙස පෙන්වා දී තිබේ. 
මෙහි සටහන්ව ඇත්තේ පුද්ගලයන් දෙදෙනකුගේ රුවකි. ඔවුන්ගේ ඉදිරියෙන් ගොඩනැගිල්ලක වීදුරු ආවරණයක් ඇති අතර ඔවුන් දෙදෙනාගේ පිළිබිඹුව එම වීදුරුවෙන් දැක ගත හැකිය. පර්යේෂකයන් පවසන්නේ මෙම ඡුායාරූපය ව්‍යාජ ලෙස සැකසූවක් බවයි. එය පෙන්වා දීම සඳහා ඔවුන් ඡායාරූපයේ සිටින පුද්ගලයන් වෙත එල්ල වී ඇති ආලෝක ප‍්‍රමාණය ගෙන හැර දක්වයි. ආලෝකය එල්ල වී ඇත්තේ මොවුන් දෙදෙනාගේ පිටුපසිනි. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුගේ පිටුපසින් ආලෝක ප‍්‍රභවයක් එල්ල වූ විට එහි සිටින පුද්ගලයන්ගේ කන් දෙක රතු පැහැ විය යුතු ය. නමුත් මෙම ඡුායාරූපයේ සිටින දෙදෙනාගේ කන් එසේ රතු පැහැ ගැන්වී නැත. අනිත් වැදගත්ම කාරණය වන්නේ ඔවුන් දෙදෙනා සිටින ස්ථානයට සහ වීදුරු ආවරණයට අංශක 90ක කෝණයකින් ලබා ගෙන ඇති මෙම ඡුායාරූපයේ වීදුරුවේ පිළිබිඹුවත් ඔවුන් සත්‍ය ලෙසම හිටගෙන සිටින ස්ථානයත් පොළොවට සමාන්තර විය යුතු බවයි. නමුත් ඔවුන්ගේ පාදවල සිට වීදුරුවේ පිළිබිඹුවේ පාද දක්වා සරල රේඛාවක් ඇඳි විට එම රේඛා පොළොවට සමාන්තර වන්නේ නැත. 
සත්‍ය ඡායාරූපයක් හඳුනාගත හැකි තවත් ආකාරයක් වන්නේ ඔවුන්ගේ ඇස් ය. දෙදෙනෙකු හෝ කීප දෙනෙකුගේ ඡායාරූපයක් ලබා ගන්නා අවස්ථාවේ කැමරාවේ ෆ්ලෑෂරයෙන් නිකුත් වන ආලෝකය ඔවුන්ගේ ඇස්වල කළු බෝලය මත සටහන් වීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. සමහර අවස්ථාවල එය ඇස් මත රතු පැහැයෙන් සටහන් වනු ඔබ දැක ඇතිවාට සැක නැත. එසේ සටහන් වීමේ දී සෑම පුද්ගලයෙකුගේම ඇස් මත සටහන් වන ආලෝකයේ තීව‍්‍රතාව, ප‍්‍රමාණය, දීප්තිය ආදිය සමාන විය යුතුය. නමුත් ඡුායාරූපයේ සිටින සෑම කෙනෙකුගේම ඇස් මත මෙම ආලෝකය සටහන් වී නැත්නම් හෝ විවිධ තීව‍්‍රතාවලින් සටහන් වී ඇත් නම් එය ද ව්‍යාජ ඡායාරූපයක් ලෙස සැලකිය හැකිය.
මෙහි දක්වා ඇති දෙවන ඡායාරූපය ද ව්‍යාජ ලෙස සැකසූවක් බව පර්යේෂකයන්ගේ මතයයි. ඔවුන් එසේ පැවැසීමට හේතුව එම ඡායාරූපයේ සිටින පුද්ගලයා අත දරා සිටින ආයුධයේ දිග සහ බරට අනුව ඔහුගේ ශරීරය මේ තරම් සැහැල්ලූ ආකාරයෙන් තිබිය නොහැකි බවයි. එබැවින් පළමුව පුද්ගලයා ඡායාරූප ගත කර පසුව ආයුධය ඡායාරූපගත කර ඉන්පසු එම ඡුායාරූප දෙකෙහි නෙගටිව් එක මත එක තබා මෙය නිර්මාණය කරන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.
වර්තමානයේ මෙවැනි නිර්මාණ සඳහා මෘදුකාංග තිබුණද අතීතයේ භාවිත කර තිබුණේ කැමරා උපක‍්‍රමයි. හිටපු ඇමෙරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් නිරූපණය වන මෙහි දැක්වෙන පළමු ඡායාරූපය ප‍්‍රතිනිර්මාණය කරමින් දෙවන සහ තුන්වන ඡායාරූප ව්‍යාජ ලෙස සකස් කර ඇති ආකාරය සලකා බලන්න. එහිදී මුහුණේ ඉරියව් සමාන වන අතර සිරුරේ ඉරියව් පමණක් වෙනස් වී තිබේ. මෙම ඡායාරූප සකස් කර තිබුණේ 1862 වසරේ දීය. එනම් පරිගණකය පවා නිර්මාණය කර නොමැති කාලයකය. මෙම නිර්මාණ සඳහා යොදා ගෙන තිබුණේ නෙගටිව් සහ කැමරා උපක‍්‍රමයි. පරිගණක නොමැති යුගයක මේ තරම් තාත්වික ආකාරයෙන් ඡායාරූප ව්‍යාජ ලෙස සකස් කළ හැකිව තිබුණේ නම් වර්තමානය වනවිට අප දකින තාත්වික ඡායාරූපවලින් කොපමණ ප‍්‍රමාණයක් ව්‍යාජ ඡායාරූප දැයි හඳුනා ගැනීමට නොහැකි වීම පුදුමයක් වන්නේ නැත.
 
දුලංජලී මුතුවාඩිගේ

Page 6 of 9

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2004

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1096

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5104

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2936

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5020

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6243

Please publish modules in offcanvas position.