Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ප්‍රසව හා නාරිවේද විෂයෙහි පීතෘවරයා ලෙස විරුදාවලියෙන් පිදුම් ලැබූයේ 19 වන ශතවර්ෂයේ විසූ ඇමෙරිකානු ජාතික ජේ.මැරියන් සිම්ස් වෛද්‍යවරයායි. වෛද්‍ය ඉතිහාස ‍පොතේ රන් අකුරෙන් ලියැවුණු ඔහුගේ නම අකාමකා දැමීමට පසුගිය සතියේ නිව්යෝක්හි සෙන්ට්‍රල් පාර්ක් උද්‍යානයේ සිම්ස්ගේ ප්‍රතිමාව අභියසට රැස් වූ ඇමෙරිකානු අප්‍රිකානු කාන්තාවෝ නිව්යෝක් බලධාරීන්ට බලකර සිටියහ. තඹ ලෝහයෙන් නිම වූ එම ප්‍රතිමාව 1892 වසරේ ස්ථාපිත කරනු ලැබූවකි.
ඊට අමතරව වෛද්‍ය විද්‍යාවේ හා මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් සිදුකළ අමරණීය සේවාවට ගෞරවයක්  වශයෙන් ආරෝග්‍යශාලා, විශ්වවිද්‍යාල, පුස්තකාල ඇතුළු අනෙකුත් ‍පොදු ස්ථානයන් හි ස්ථාපිත කරනු ලැබ ඇති මැරියන් සිම්ස් වෛද්‍යවරයාගේ ප්‍රතිමා සියල්ල ද ඉවත් කිරීමට වහා පියවර ගන්නැයි කාන්තාවෝ නිව්යෝක් බලධාරීන් වෙත ප්‍රබල ඉල්ලීමක් කළහ.
වසර 172කට පසු කාන්තාවන් විසින්ම නිව්යෝක් නගරයේ පෙළපාළි යමින් සිදුකරන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කෙතරම් දුරට සදාචාරාත්මක ද යන්න ඇමෙරිකානු බලධාරීන්ට විසඳා ගත නොහැක ගැටලුවක් බවට පත්ව ඇත.
ප්‍රසව හා නාරිවේද විෂයට අදාළ ජේ. මැරියන් සිම්ස් වෛද්‍යවරයාගේ පර්යේෂණ කටයුතුවල දී කළු ජාතික වහල් කාන්තාවන් පමණක් යොදාගමිනින් ඔවුන්ට අමානුෂික ලෙස වදහිංසා පමුණුවමින් සිදුකළ  පර්යේෂණ කටයුතු කළු සුදු භේදයේ තවත් එක අඳුරු පැතිකඩක් හෙළි කරන්නක් බව වෛද්‍යවරයාට එරෙහි වූ ඔවුන්ගේ එක් චෝදනාවකි.
කිසිදු නිර්වින්දන ක්‍රියාවලියකින් තොරව කාන්තාවන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය හා බැඳුණු ශල්‍යකර්මයන් සිදුකළ අමානුෂික පිළිවෙත දැඩිලෙස හෙලා දැකීම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ මූලික අරමුණ වී ඇත. ඔපියුම් (අබිං) භාවිතය හැර දරු උපත් හෝ ගර්භාෂ ආශ්‍රිත ශල්‍යකර්ම සඳහා වෙනත් දියුණු නිර්වින්දන ක්‍රමවේදයක් ද එවක තිබි නැත. උද්ඝෝෂකයින් සිය දැඩ විරෝධය පානු ලැබූයේ ඇඳුම් ආයිත්තම් රත් පැහැයෙන් වර්ණගන්වා සිය විරෝධය කුමණ අරමුණක් සඳහා ද යන්න ප්‍රති නිරූපණය කරමිනි.
දරු උපත් ඉතිහාසය අතිශයින්ම කටුක හා විශ්මයජනක සිදුවීම්වලින් ගහන වුවකි. එවකට ගමේ වින්නඹු අම්මා පාරම්පරික දැනුමින් සන්නද්ධ ප්‍රසව හා නාරිවේදනීය ලෙස ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළද නොදන්නා සෞඛ්‍යමය ගැටලු මත ළදරුවන්ගේ හා ගැබිනි මව්වරුන්ගේ මරණ අනුපාතය නොසිතූ විරූ ඉහළ අගයක් ගෙන තිබූ බව සමාජ විද්‍යාඥයින්ගේ මතයයි.
මේ තත්ත්වය මානව හිමිකම් අහිමි ඇමෙරිකානු අප්‍රිකානු වහල් සමාජය තුළ වඩාත් බැරෑරුම් ගැටලුවක් ලෙස ඉස්මතුව දැනෙන්නට විය. විසඳුම් සොයාගන්නට තරම් මෝරා වැඩුණු විෂයානුබද්ධ දැනුම් හා සෞඛ්‍ය පුරුදු පිළිබඳ කියාදෙන දියුණු හා පිළිගත් ප්‍රසව හා නාරිවේද ප්‍රතිකාර සඳහා ක්‍රමවේදයක් සොයා ගැනීමට කිසිදු කළු හෝ සුදු ජාතික වෛද්‍යවරයකු උනන්දු වූයේ ද නැත.
මෙම ඛිෙදවාචකය පිළිබඳ අකම්පාල වූ එක් සුදු ජාතිකයෙක් පසුකලකදී ඇමෙරිකාවේ ලැන්කැස්ටර් නම් ගම් පියසේ උපත ලැබූවේ 1813 වසරේදීය. ළමා කල සිටම වෛද්‍ය විද්‍යාව පිළිබඳ උනන්දුවක් දැක් වූ ඔහු ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව 1834 දී පෙන්සිල්වේනියාහි ජෙෆසන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ද දිනාගත්තේය. වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ දී ඔහු වඩාත් අවධානය යොමු කොට තිබුණේ ප්‍රසව හා නාරිවේද විෂයන් කෙරෙහි වීමද විශේෂත්වයකි. ජේ. මැරියන් සිම්ස් නම් නමින් ඔහු වෛද්‍යවරයෙකු ලෙස සිය ප්‍රථම රාජකාරියේ දීම ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් පළමු කළු ජාතික ගැබිනි මව්වරුන් දෙදෙනාටම ජීවිතවලින් සමුගන්නට සිදු විය.
මොවුන්ගේ මරණ පිළිබඳව වගකීම් භාරගත් සිම්ස් වෛද්‍යවරයා කියා සිටියේ ගැබිනි මවකගේ දරු උපත් ක්‍රියාවලිය ආශ්‍රිත ශාරීරික අඟපසඟයන් හි ඇතිවන සංකූලතා හෝ රෝග නිධානයන් පිළිබඳ තමාට හෝ ගැබිනි මව්වරුන්ට තිබූ අවබෝධය ඉතාමත් දුර්වල හා අවම මට්ටමක පැවැතීම එම මරණවලට හේතු වූ බවයි.
එමෙන්ම සමකාලීන සෙසු වෛද්‍යවරුන්ද ප්‍රසව හා නාරිවේද සංකූලතා පිළිබඳ කිසිදු ප්‍රායෝගික දැනීමකින් සන්නද්ධ වූවන් නොවූ බවද වෛද්‍ය ජේ. මැරියන් සිම්ස් ස්වයං චරිතාපදානය ලියමින් කියා සිටී. එම සිදුවීමෙන් අධෛර්යමත් නොවුණු මැරියන් සිම්ස් වෛද්‍යවරයා සිය පර්යේෂණ කටයුතුවල දිගින් දිගටම නියැළෙමින් දරු උපත්වලදී ලොවට අහිමිවන ජීවිත බේරාගැනීමෙහිලා විසඳුමක් සොයමින් දිවා රෑ වෙහෙසුණේය. 
එවන් පර්යේෂණ සඳහා අවශ්‍ය ශල්‍යවෛද්‍ය උපකරණ කිසිවක් නොවීය. සිම්ස් වෛද්‍යවරයා විසින්ම නිපදවාගත් ස්පෙකෙයුලම් හෙවත් දර්පන තලයක් හා ශල්‍යකර්මයෙන් පසු මැහුම් ගෙතුම් සඳහා රිදී රැහැන් උපයෝගී කරගනිමින් සාර්ථක ශල්‍යකර්ම 12ක් සිදුකළ බැව් වාර්තා වී ඇත සිග්මාකාර කැතීටරය ද  සිම්ස් වෛද්‍යවරයාගේ හඳුන්වාදීමකි. එම කැතීටරය සිම්ස් සිග්මොයිඩ් කැතීටරය නමින් භාවිතා කරනු ලැබේ.
ප්‍රසව හ නාරිවේද විෂයට අදාළ රෝගීන් පරීක්ෂා කිරීමේදී හා ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවේදී රෝගියා සිටිය යුතු ඉරියව් හා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සිමස් න්‍යාය ලෙස අදටත් භාවිත කෙරේ.
19 වන ශත වර්ෂයේ ඔහු විසින් කළු ජාතික වහල් කාන්තාවන් හා සිදුකෙරුණු නාරි හා ප්‍රසවවේද විෂයට අදාළ පර්යේෂණ කටයුතු නොවන්නට 19 වන ශත වර්ෂයේ කෝටි සියයක් වූ ලෝක ජනගහනය 21වන ශත වර්ෂය වනවිට කෝටි 750ක් නොවන්නට ඉඩ තිබුණි.
 
සරත් අමරකෝන් 

දත්ත මධ්‍යස්ථානයක් යනු ඔබට ඇතැම් විට දුලබ අත්දැකීමක් නොවනු ඇත. එහෙත් මේ කියන්නට යන්නේ, සාමාන්‍ය දත්ත ගබඩාවක් පිළිබඳව නොවේ. සැලසුම් කර ඇති පරිදි, සකසා අවසන් වන විට, එය ලොව මතෛක් බිහි වූ විශාලතම දත්ත ගබඩාව වනු ඇත. වාර්තාගත ප්‍රමාණයේ මෙකී දත්ත ගබඩා පහසුකම නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත්තේ, ආර්ක්ටික් කවය තුළ පිහිටා ඇති, බෝලැංගන් නෝර්වේජියානු නගරයේදීය.
බෝලැංගන් යනු, ජලයෙන් හා කඳුවලින් වටවූ, ඕනෑම බාහිර අවදානමකින් ආරක්ෂා වීමට හැකි ස්වභාවික දිග අගලකින් සමන්විත ප්‍රදේශයකි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ කොලොස් (kolos) සමාගම පවසන්නේ, මෙම ප්‍රදේශයේ පවතින ශීත දේශගුණික කාලගුණය විසින් මෙහි බලශක්ති පිරිවැය සියයට හැටකින් පමණ අඩුකරනු ඇති බවය. එමෙන්ම මෙය ලොව පවතින “දත්ත බලකොටුවක්” වනු ඇති බවද එම සමාගමේ අදහසයි. 
අදාළ ව්‍යාපෘතිය සඳහා දැනටමත්, නෝර්වේජියානු පෞද්ගලික ආයෝජකයන්ගෙන් ඩොලර් මිලියන ගණනක් රැස් කර ඇති අතර, තවදුරටත් එක්සත් ජනපදයේ ආයෝජන බැංකුවක් සමග එක්වී ඊට අවශ්‍ය අරමුදල් රැස් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම දත්ත ගබඩාව තුළින් මූලික වශයෙන් මෙගා වොට් හැත්තෑවක පමණ ධාරිතාවක් ලබා දෙනු ඇති බවත්, පසුකාලීනව මෙගා වොට් දහසක පමණ ධාරිතාවකින් යුක්තව දත්ත ගබඩා කිරීමේ පහසුකම ඇති කිරීමට හැකි වනු ඇති බවත්, කොලොස් සමාගම පවසයි.
එය එදා මෙදා තුර කාලයේ බිහි වූ විශාලතම ධාරිතාව වන අතර, මීට පෙර නිර්මාණය වී ඇති දත්ත ගබඩාවල උපරිම ධාරිතාව පෙන්නුම් කර ඇත්තේ, මෙගා වොට් සියයත්, දෙසීයත් අතර ප්‍රමාණයක පමණි. දෙදහස් දහතුන වසරේදී ස්වීඩනයේද මෙවැනි දත්ත ගබඩාවක් නිර්මාණය වී ඇති අතර, එහි ධාරිතාව වන්නේ මෙගා වොට් එකසිය විස්සක් පමණි. 
එමෙන්ම මෙම දත්ත මධ්‍යස්ථානය නිර්මාණය කිරීම තුළින් සෘජු නව රැකියා දෙදහසත්, තුන්දහසත් අතර ප්‍රමාණයකින් බිහිවනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළ කරති. ඊට අමතරව ප්‍රදේශයේ දැනට පවතින රැකියා දසදහසත්, පහළොස් දහසත් අතර ප්‍රමාණයකට අනුබල සපයන ස්ථානයක් බවටත්, මෙම දත්ත මධ්‍යස්ථානය පත්වනු ඇත.
 
ගයාත්‍රි ගීගනආරච්චි

ඇසළ සඳ මෝදු වේගෙන එන හෝරාවේ හැන්දෑ අහස මෙන් විසිතුරු ලෙස ඇඳ පැළඳ ගත් 21 හැවිරිදි ලුයිසා හාග්ර් කාර්ය බහුල නිව්යෝක් නගරයේ මං මාවත් ඔස්සේ ''ඇට්ලාන්ටික් මාවතේ පිහිටි උමං දුම්රිය ස්ථානයට පිය නැගුවේ මොහොතකින් උදාවන ඒ සොඳුරු මොහොතේ සිය පෙම්වතා හා මිමිණීමට ඇති දහසක් දේ සිත්හි ගොනු කරගනිමිනි. සතියකට වරක් උදාවන ඒ මිහිරි හෝරා කිහිපය කල්පයක් මෙනි. 
බ්‍රසීල ජාතික ඈ ගෘහ නිර්මාණ ශිල්ප හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. පෙම්වතා වන ඉංග්‍රීසි ජාතික ''ජෝර්ජ් බ්‍රවුන් ද නිව්යෝක් හි ඉගෙනීම ලබන ශිෂ්‍යයෙකි. කොයි මොහොතක හෝ ලුයිසා මගීින් අතරින් මතුවෙතැයි යන අපේක්ෂාවෙන් ඔහු උමං දුම්රිය ස්ථානයට වී නොඉවසිලිමත්ව බලා සිටියි. 
මුණගැසුණු සැනෙන් උණුසුම් ලෙස සිප වැළඳ ගත් දෙපළ නිවැරදි තත්පරයට හරියටම සවස 7 කණිසමට වේදිකාවට ළඟාවන උමං දුම්රිය මැදිරියට ගොඩ වැදීමේ ‍පොරයට සූදානමින් සිටියහ. ජෝජ්ගේත් ලුයිසාගේත් දෑත් කිටි කිටියේ එකට බැඳිණි. දුම්රිය ළඟාවන තුරු ප්‍රේමාර්ද්‍ර දෑස් ලොකු කතාවක පැටලිලාය. බෘෘක්ලින් නගරයේ සාප්පු සවාරියක් සහ වීදි භෝජනාගරයකට ගොඩ වැදීම ඒ කතාවේ ප්‍රධාන මාතෘකා විය. 
නගරාන්තර ප්‍රවාහන අධිකාරිය නිව්යෝක් නාගරිකයන්ගේ ප්‍රවාහන පහසුකමෙන් 50 ක වගකීම් දරන අතර දිනකට මිලියන 11 මගීන් වෙනුවෙන් සිය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීමට නීතියෙන්ද බැඳී සිටියි. එහි සේවකයෝද සිය රාජකාරියෙහි ගුණාත්මක අගය රඳවා ගැනීමට අපමණ වෙහෙසක් ගනිති. 
හරියටම හතරට බෘක්ලින් බලා බි පථයට ඇදෙන උමං දුම්රිය වේදිකාවට ළඟාවීමත් සමග ලුයිසා සිය ග්‍රහණයෙන් මිදෙන බවක් ජෝජ්ට නොතේරුනේ මගීන් එක ‍පොදියට දුම්රිය මැදිරියට ගොඩවැදීමේ ‍පොරයට ලකලෑස්තිවීමත් සමගය. 
ලුයිසා කියමින් හඬ තැලුවද ඒ වන විටත් ඈ ඔහුගේ අතින් ගිලිහී ගොස්ය. දුම්රිය වේදිකාවටත් සීරුමාරුවට වේදිකාවට ළඟාවන දුම්රියටත් අතර ඇති හිඩැසට ඇය පය ලිස්සා වැටී ඇති බැව් දැන ගන්නා විට සියල්ල සිදුවී හමාරය. යමෙක් වේදිකාවෙන් ලිස්සා ඇද වැටෙනු දුටු රියැදුරුද දුම්රියේ වේගය අඩාල කළද ඉන් පලක් නොවීය. සෙසු මගීන්ගේ ලතෝනියත් අනතුරක් වූ සැනින් දුම්රිය අක්‍රීය වීමේ ක්‍රමවේදයත් එක්වරම ක්‍රියාත්මක විය. 
තෙරපීමත් සමග ඈට ක්ලාන්තයක් හැදී දුම්රිය මගට ඇද වැටී ඇති බැව් පසුව උසාවි වාර්තා අතර ලියැවී තිබුණි. 
දුම්රියටත් වේදිකාවටත් අතර හිර වූ ඇගේ දකුණු අතත් පාදයත් ඇඹරී ගොස් මුළු ගතම ලෙයින් නැහැවී ගොසිනි. ගත කීරි ගැසෙන ඉවසුම් නොදෙන වේදනාවෙන් අසරණ වූ ඇගේ අඩවන් දෙනෙත් ජෝජ්ගේ දෙනෙත් ළඟ නැවතිණි. ඒ මොහොතේ සිටින එකම නෑයා හිතවතා ආරක්ෂකයා වන ජෝජ් තමා ළඟින්ම සිටිනු දුටු ලුයිසාගේ වේදනාව විඳ දරා ගැනීමේ ශක්තිය හා විශ්වාසය මහමෙරක් තරම් බලවත් විය. 
දෑස් අදහා ගත නොහැකිව ජෝජ් මොහොතක් ගල් ගැසී බලා සිටියේය. ලුයිසාගේ දකුණු අතත්, පාදයත්, කෑලි වලට ඇඹරී ගොසිනි. ඇගේ දෑස් අඩවන්ව තිබිණි. ඇගේ පණ නල රැක දීම පිළිබඳව දෙවියන්ට ස්තූති කල ජෝජ් කිසිදු කලබලයකින් තොරව ලුයිසා අස් වැසීමට සිය හද පත්ලෙන්ම සූදානම්ව සිටියේය. 
වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීහු සිඳී බිඳී ගිය අතපය සමග ලුයිසා හාගර් ඒ ආසන්නයේම පිහිටි බෙල්ලෙව් ආරෝග්‍ය ශාලාවට ඇතුළත් කෙරිණි. 
සැත්කම් රාශියකින් අනතුරුව දින 24කට පසු සුවය ලැබූ 21 හැවිරිදි ලුයිසාට දැක ගන්නට ලැබුණේ උපතින් හිමි වී තිබූ දකුණු අතත් පාදයත් තමාට අහිමි වී ඇති බවයි. ෙදෙවයට ජීවිතය භාර නොකළ ඈ නිව්යෝක් උමං දුම්රිය බලාධිකාරියට හා නගරාන්තර ප්‍රවාහන සේවාවට එරෙහිව නඩුවක් ගොනු කරමින් පවසා සිටියේ ප්‍රවාහන අධිකාරීන් මගීන්ගේ ආරක්ෂාවට පස්ස හරවා සිටින බවයි. 
අනතුරින් වසරකට පසුව එනම් 2017 අගෝස්තු 2 වන දින අනතුර පිළිබඳ පැවැති නඩු විභාගයේදී ද ඈ පවසා සිටියේ බිඳුණු මගේ දකුණු අත සහ පාදය දෑතින් ගත් ජෝජ් කිසිසේත් කබලබල වූ බවක් නොපෙන්වූයේ අත් පා බිඳී ගොස් සිටි මගේ ආත්ම ධෛර්ය සිඳී බිඳී යා නොදී රැක ගැනීමටයි. ඔහු ඒ  තරමටම ශක්තිමත්ව නොසැලී සිටියා. ඒ මොහොත ඔහු බුද්ධිමත් ලෙස හැසිරීම පිළිබඳව මට අද තියෙන්නේ ලොකු සතුටක්. එසේ නොවුණා නම් අද මේ ලබපු ජයග්‍රහණය නොලැබි යන්නට ඉඩ තිබුණා. ඔහුගේ ආදරය මිනිත්තුවෙන් මිනිත්තුවට පවසමින් මා අස්වසාලීමට ඔහුගේ භාෂාවේ ඔහු දන්නා සෑම වචනයක්ම පාවිච්චි කළා. ජෝජ්ගේ ආත්ම ශක්තිය මා දිරිමත් කළා. මගේ ජීවිත බලා‍පොරොත්තු තව තවත් ඉහළට නැංවුණා. ජෝජ්ගේ බලා‍පොරොත්තු සහිත මුහුණ මගේ ගතේ සහ හිතේ සියලු වේදනාවන් යටපත් කරමින් මා මුවගට සිහින් සිනහවක් ගෙන ඒමට සමත් වුණා. 
වසරකට අවම වශයෙන් වටිනා ජීවිත පනහක් පමණ මේ අයුරින් දුම්රිය හා ගැටීම නිසා අහිමි වන බව පෙන්වා දෙන ලුයිසා එවන් අනතුරු වළක්වා ගැනීමට නම් දුම්රිය වේදිකා කෙළවර කිසියම් ආරක්ෂක වැටක් හෝ වෙනත් සුදුසු ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය බවයි. 
පසුගිය වසර 15ක් පමණ කාලයක් තුළ මෙවැනි බරපතළ ආපදාවන් 750ක් පමණ සිදුවී ඇති බව දුම්රිය අනතුරු ‍පොතේ සටහන් වී ඇති අතර දහසකට ආසන්න සාමාන්‍ය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති මුත් බලධාරීහු නෑසූ කන්ව සිටිතැයි පැවැසුවාය. 
ඈ තවදුරටත් කරුණු ගෙනහැරපාමින් කියා සිටියේ නිව්යෝක් ප්‍රවාහන අධිකාරිය හා නගරාන්තර දුම්රිය අධිකාරියේ නොසැලකිලිමත් බව නිසා සිදුවන ජීවිත හානි සහ මගීන් අබ්බගාතයන් ලෙස සමාජ ගත වීමේ භයංකර උවදුර ලෙහෙසියෙන්ම මගහැර සිටින බවයි. එසේ අනතුරට පත්වන මගීන්ගේ ජීවිතවල අනාගතයට වගකියන්නේ කවරෙක්දැයි අධිකරණය හමුවේ ලුයිසා දැඩිව ප්‍රශ්න කර සිටියාය. 
නිව්යෝක් ‍පොස්ට් පුවත්පත හා ඩේලි මේල් වබේ අඩවිය යන මාධ්‍ය මෙම නඩුව පිළිබඳ වාර්තා කරමින් කියා සිටියේ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු කිරීම අනිවාර්ය සාධකයක් වී ඇති බවයි. ලුයිසා හැග්ර් තවදුරටත් උදාහරණයක් ගෙනහැරපාමින්  පැවැසුවේ බැරියර් (ආරක්ෂක වැටවල්) යොදා ඇති ජෝන් එෆ්. කෙනඩි ගුවන් පර්යන්තයට සම්බන්ධ වන ජැමෙයිකා උමං දුම්රිය ස්ථානයෙන් මතෛක් කිසිදු අනතුරක් වාර්තා වී නැති බවයි. 
නොසැලකිලිමත් බව නිසා වසරකට අහිමි වන ජීවිත හා අසරණ වන මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වූ බ්‍රසීල ජාතික ලුයිසා හාර්ගර් ද සිල්වා ශිෂ්‍යාව උසාවිය ඉදිරියට පැමිණීමට ධෛර්යමත් වූයේ තමාට අහිමි වී ගිය අත් පා නිසාම නොවේ. ‍පොදුවේ මග මානවක සංහතියටම අකා‍ලේ්  අහිමි වන අහිංසක ජීවිතවලට කිසියම් හෝ පිළිසරණක් සොයා ගිය ගමනක් ලෙස නීති ‍පොතට ඇතුළත් කිරීමටයි. 
අවසානයේ ඇගේ ඉල්ලීම ඉවතලිය නොහැකි වූ තැන සමස්ත ඇමෙරිකාවේම දුම්රිය වේදිකා සඳහා ආරක්ෂක වැට යෙදීමට පිරිවැය වශයෙන් ඇමෙරිකානු ඇමෙරිකානු ඩොලර් බිලියනයක් අවශ්‍ය බැව් ප්‍රවාහන අධිකාරිය විසින් උසාවියට පෙන්වා දෙන ලදී. 
දැනට ක්‍රියාත්මක වන ප්‍රවේශපත් ගාස්තුවල මිල ගණන් වල සංශෝධනයක් කිරීම අත්‍යවශ්‍ය වන අතර කේවල ප්‍රවේශ පත්‍රයක් සඳහා   2.50 සිට 2.75 දක්වාත් ශීඝ්‍රගාමි සේවා පත්  6.00 සිට 6.50 දක්වාත් මාසික මෙටේ‍රා් කාර්ඩ් සඳහා   112 සිට 116 දක්වාත් වැඩිකොට එම ඉල්ලීම් ඉටු කිරීමට පිඹුරුපත් සැකසීමට තීරණය විය. 
 
සරත් අමරකෝන් 

බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්වවිලයේ අධ්‍යාපනය ලබමින් සිටි 22 හැවිරිදි කැනේඩියානු ජාතික එලයිසාට කොපමණ මිතුරු මිතුරියන් සිටිය ද ඇය හිටිහැටියේ අතුරුදන් වූයේ මහා දවාලේ පුදුමාකාර ආකාරයටය. ඒ ඇයත් ඇගේ මිතුරු මිතුරියන් පිරිසකුත් විශ්වවිiාලයේ චාරිකාවක් සඳහා පැමිණ ලැගුම් ගත් ලොස් ඇන්ජලිස් නගරයේ සෙසිල් හෝටලයේදීය. 2013 වසරේ ජනවාරි 31 වනදා උදෑසන මිතුරු පිරිස සමග ලොස් ඇන්ජලිස් නගරයේ වීදි ඔස්සේ සංචාරය කරමින් සිටි එලයිසා දහවල් ආහාරය සඳහා නැවතත් හෝටලයට පැමිණියේද ඔවුන් සමගය. සිය ජංගම දුරකථනයට සවිකර ගැනීම සඳහා අමතර බැටරිය ගෙන ඒමට ඇය නවාතැන් ගෙන සිටි උඩුමහලේ පිහිටි කාමරය වෙත එලයිසා පැමිණියේ ඇගේ මිතුරු පිරිස හෝටලයේ දිවා ආහාර ගනිමින් ඉන්නා අතරේදීය. කිසිවකු විසින් එලයිසා දැක තිබූ අවසාන අවස්ථාව වූයේද එයයි.
බැටරිය ගෙනඑන්නට කාමරය වෙත ගිය ඇය නැවත පැමිණියේ නැත. මිතුරන් ඇය එනතුරු අඩ පැයක් පමණ බලා සිටියද ඇය ආවේ නැත. ගමන් මහන්සිය නිසා නින්ද යන්නට ඇතැයි සිතූ ඇගේ මිතුරියක එලයිසාගේ කාමරයට ගියද එලයිසා එම කාමරයට ගිය බවට කිසිදු සාක්ෂියක් එහි නොතිබිණි. මන්දයත් ඇය රැගෙන එන්නට ගිය දුරකථන අමතර බැටරිය පවා ඇගේ ඇඳ මත ඒ වනවිටත් තිබුණු බැවිනි. ඉන්පසු එලයිසාගේ අතුරුදන්වීම ගැන හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දුන් මිතුරන් හෝටලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇයව සොයන්නට විය. අවසානයේ පහළ මාලයේ සිට ඉහළට එන්නට තිබූ විදුලිසෝපානවල සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී ඔවුන්ට එලයිසාව දැකගත හැකිවිය. නමුත් ඒ අසාමාන්‍ය ආකාරයකටය.
එලයිසා විදුලිසෝපානයට ඇතුළු වනවිට එහි කිසිවකුත් සිට නැත. ඇය ඊට ඇතුළුවී දොර වසන්නට බොත්තම එබුවද එය වැසුණේද නැත. යම්කිසි පිරිසක් විදුලිසෝපානයට ඇතුළු වනවිට දොර ඇරෙන වැසෙන ආකාරයට දොර එහා මෙහා ගියද  එය තුළට කිසිවෙකුත් ඇතුළු වෙන බවක් කැමරාවේ සටහන්ව තිබුණේද නැත. එහි සිටියේ එලයිසා පමණි. මේ ආකාරයට ඇය තමන්ට යා යුතු හතරවන මහලේ බොත්තම තදකරන ආකාරයද එහි සටහන්ව තිබිණි. ඒත් දොර වැසුණේ නැත. ඉන්පසු ඇය සෝපානයෙන් පිටතට පැමිණ කොරිඩෝව දෙස බලන අයුරුද කවුරුන් හෝ සමග කතාකරන අයුරුද දකින්නට තිබිණි. ඉන්පසු ඇය කතා කළ පුද්ගලයා සිටි දෙසට ගමන් කළ අතර විදුලි සෝපානයේ දොර වැසී එය ඉහළට යන්නට පටන්ගත්තේ කිසිවකුත් ඒ තුළ නොමැතිවය. සෝපානය සෑම මහලක් අසලදීම නතරවී දොර විවෘත වුවද කිසිවෙකුත් ඒ තුළට නැගුණේ නැත. නමුත් එය සෑම මහලක් අසලම නතර වූයේ කවුරුන් හෝ සෝපානයෙන් පිටවන්නට සංඥා කර තිබූ ආකාරයකිනි.
කෙසේ වුවද ඉන් අනතුරුව එලයිසා ගැන කිසිදු තොරතුරක් නොලැබුණු අතර ලොස් ඇන්ජලීස්හි පොලීසිය ඇය ගැන තොරතුරු ලබා දෙන ලෙස පවසමින් මෙම සිදුවීම ප‍්‍රසිද්ධියට පත්කරන ලදී. ඉන්ද වැඩක් වූයේ නැත. මෙම සිදුවීමෙන් සති දෙකකට පමණ පසු හෝටලයට ජලය සපයන නල මාර්ගවලින් ගලා ගිය ජලයේ යම්කිසි දුර්ගන්ධයක් ඇති බව හෝටල් සේවකයන්ට දැනිණි. මේ නිසා ජල ටැංකිය සුද්ධ පවිත‍්‍ර කළ යුතු බවට තීරණය විය. 2013 වසරේ පෙබරවාරි 19 වැනිදා ජල ටැංකිය සුද්ධ පවිත‍්‍ර කිරීම සඳහා එයට නැගුණු සේවකයන්ට දකින්නට ලැබුණේ ඒ වනවිටත් නරක්වී දියවී ගිය මළ සිරුරකි. එය එලයිසාගේ බව තහවුරු කරගන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. 
සිරුර පිටතට ගෙන මරණ පරීක්ෂණයට යැවීමෙන් අනතුරුව වාර්තාවූයේ ඇය මියයාමට හේතුව ජල ටැංකිය තුළ ගිලීම බවය. හෝටලයේ ඉහළම මහලේ අඩි 20ක් පමණ ඉහළට කණු හතරක් ඉදිකර නිමවා ඇති ජල ටැංකිය වෙත ළං වීම වයස අවුරුදු 22ක සියුමැලි තරුණියකට පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඉනිමගක් අවශ්‍ය අතර ජල නල කාර්මිකයන් පවා එයට නගින්නේ ඉනිමගේ ආධාරයෙනි. මේ නිසා එලයිසා තනිව එයට නැගුණේ යැයි කිසිසේත්ම සිතිය හැකි නොවේ. එසේනම් කවුරුන් හෝ බලෙන් ඇයව ඒ වෙත රැගෙන යන්නට ඇත. නමුත් ජීවිතයේ පළමු වතාවට ලොස් ඇන්ජලීස් වෙත ගිය ඇයට එහි හතුරන් සිටී යැයි සිතිය නොහැකිය. එසේම ඇය නවාතැන් ගෙන සිටි කාමරය වෙත යන මොහොතේ ඇගේ මිතුරු මිතුරියන් සියලූ දෙනා දිවා ආහාරය ගනිමින් සිටි බවට සාක්ෂි තිබේ. එනම් මෙය ඇගේ මිතුරෙකු විසින් කළ දෙයක් බවට පවතින මතයද බැහැර කළ හැකිය. මේ නිසා පොලීසියේ පරීක්ෂණ යොමුවූයේ හෝටලයේ නවාතැන් ගෙන සිටි අය වෙත සහ හෝටල් කාර්යමණ්ඩලය වෙතය. නමුත් ඒ කිසිම ආකාරයකින් එලයිසාගේ මරණයට වගකිව යුත්තේ කවුද යන බව තහවුරු වූයේ නැත.
ඇය විදුලිසෝපානය අසල සිටියදී කිසියම් කෙනෙකු ඇය සමග කතා කළ බවට කැමරාවල සටහන් වුවද ඒ කවුද යන්න සොයාගන්නට හැකිවූයේද නැත. කොරිඩෝවේ සවිකර ඇති සියලූම කැමරාවල සටහන්ව තිබුණේ ඇගේ රුව පමණි. මෙම සිදුවීම්වලින් පසුව පුවත්පත් මගින් සෙසිල් හෝටලයේ කළමනාකාරීත්වයට දැඩිලෙස චෝදනා එල්ල කිරීම නිසා මාස හතරක් පමණ ගතවනවිට එහි නවාතැන් ගන්නට පැමිණි සංචාරක පිරිස සියයට 90කින් පමණ අඩුවී තිබිණි. ඒ කෙසේ වුවද අද වනතුරුත් එලයිසා ජල ටැංකිය තුළ ගිලී මියගියේ කෙසේද යන්න හෝ සෙසිල් හෝටලයේ කොරිඩෝව අසලදී ඇය කතාකරමින් සිටියේ කවුද යන්න සොයාගන්නට ලැබී නැත.
 
දුලංජලී මුතුවාඩිගේ

අවුරුදු පතා ස්පාඤ්ඤයේ පවත්වන තක්කාලි උත්සවය මේ අවුරුද්දෙත් අගෝස්තු මාසේ 30 වැනිදා මුළු රට පුරාම පැවැත්වීමට නියමිතයි. 1945 අවුරුද්දේ පටන්ගත්තු මේ තක්කාලි උත්සවය අගෝස්තු මාසේ අන්තිම බදාදා තමයි පැවැත්වෙන්නේ. ස්පාඤ්ඤයේ සෑම ගමකම සහ නගරයකම දෙපිලකට බෙදුණු පිරිස් තක්කාලිවලින් එකිනෙකාට ගසා ගැනීම තමයි තක්කාලි උත්සවයෙදී සිදු වෙන්නේ.

ඛ් එදප්එසබ් කියලා හඳුන්වන මේ උත්සවයේදී තක්කාලි ටොන් ලක්ෂ ගණනක් විනාශ වෙනවා. නමුත් ඒක විනාශයක් කියලා ස්පාඤ්ඤ වැසියන් හිතන්නෙ නැහැ. ඉන් මුළු අවුරුද්ද පුරාම තමන් අතින් සිදුවුණු වැරදිවලට සමාවක් ලැබෙනවා කියලා අතීත ස්පාඤ්ඤ වැසියන්ගේ  විශ්වාසයක් තියනවා.

ලොව විශිෂ්ටතම චිත‍්‍ර ශිල්පියා ලෙස නම් කර ඇති මයිකල් ආන්ජිලෝ විසින් සිය ජීවිත කාලය තුළ නිර්මාණය කර ඇති සිතුවම් රැුසක් වන අතර ලෝක ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉන් සීමිත ප‍්‍රමාණයක් පමණි. ඒ අතරින් ඇපොස්ටලික් මන්දිරය හෙවත් වතිකානුවේ සිස්ටින් චැපල් මන්දිරයේ සිවිලිම මත නිර්මාණය කර ඇති සිතුවම් ඔහුගේ විශිෂ්ට නිර්මාණ ලෙස හඳුන්වා දිය හැකිය. සිස්ටින් මන්දිරයේ ඇති සිතුවම් අතරින් ද ඉතාම ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ක‍්‍රියේෂන් ඔෆ් ඇඩම් Creation of Adam නොහොත් ආදම්ව මැවීම නම් වූ සිතුවමයි. මෙය 1512 වසරේ පමණ අඳින ලද්දක් වූ අතර ඉන් දෙවියන් 
වහන්සේ විසින් පළමු වරට මිනිසෙකු නිර්මාණය කිරීම නිරූපණය වන බව විචාරකයෝ පවසති.
දෙවියන් වහන්සේ විසින් මවන ලද ප‍්‍රථම මිනිසා ‘ආදම්’ ලෙසත් ආදම්ගේ අස්ථි කොටසක් භාවිතයෙන් ‘ඒවා’ නම් වූ කාන්තාව මවා ඇති බවත් අප අසා ඇත්තෙමු. මේ අනුව ආන්ජලෝ විසින් නිර්මාණය කර ඇති ආදම් මැවීමේ සිතුවමේ දැක්වෙන්නේ ආදම් නම් වූ ලොව පළමු මිනිසාට ජීවය ලබා දෙන අවස්ථාව බව සිතිය හැකිය. ආන්ජලෝගේ සිතුවම් සහ නිර්මාණ බොහොමයක් විද්‍යාව සමග සමීප සබඳතා සහිත නිර්මාණ බව විවිධ කාල වකවානුවල වාර්තා විය. ආදම් මැවීමේ සිතුවම ද එවැනි විද්‍යාවට සමීප නෑකම් කියන සිතුවමක් ලෙස හඳුන්වා දිය හැකිය.
මෙම සිතුවමෙහි වම් පස දැක්වෙන්නේ ආදම් නම් වූ ලොව පළමු පුද්ගලයාය. ලේ, මස්, නහරවලින් නිර්මාණය වූ මෙම පුද්ගලයාට ජීවය ලබා දීම සඳහා දෙවියන් වහන්සේ යොදා ගත් ක‍්‍රමෝපාය මෙම සිතුවමෙහි මැනවින් පැහැදිලි කර තිබේ. මෙම සිතුවමෙහි දෙවියන් වහන්සේ ලෙස දක්වා ඇත්තේ සුදු පැහැ දුහුළු ඇඳුමකින් සැරසුණු රුවය. රූපයේ ඇඳුම් සහිතව සිටින බැවින් අනිත් පුද්ගලයන් අතර විශේෂත්වයක් එම රූපයේ ලබා දී තිබේ. දෙවියන් වහන්සේට පිටුපසින් මිනිස් රූප කීපයක් දක්වා ඇති අතර සිතුවම් පිළිබඳ විචාරකයන් පවසන්නේ මෙම මිනිස් රූ සියල්ල එකට එක් කළ විට නිර්මාණය වී ඇති හැඩය මිනිස් මොළය ව්‍යුහාත්මක වශයෙන් ඉතා නිවැරදිව දක්වා ඇති බවයි. එමෙන්ම මිනිස් රූ වෙන් වෙන්ව සලකා බැලීමේ දී මොළය තුළ ඇති මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, පිටියුටරි ග‍්‍රන්ථිය, වැරෝලි සේතුව, සුෂුම්නා ශීර්ෂකය ආදියද වෙන් කර හඳුනා ගත හැකි බවයි.
දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ පිටුපසින් සිටින මිනිසුන් ආවරණය වී ඇති රතු පැහැති ආවරණය කාන්තා ගර්භාෂයක හැඩය ගන්නා බවට ද මතයක් තිබේ. නමුත් එහි සත්‍ය අසත්‍ය බව පැහැදිලි නැත. එමෙන්ම මෙම මිනිස් පිරිසට යටින් කොළ පැහැති සේලයක් වැනි යමක් තිබෙනු දැකිය හැකිය. සිතුවම් පිළිබඳ විචාරකයන් පවසන්නේ මයිකල් ආන්ජෙලෝ මෙම නිර්මාණයෙන් ඉදිරිපත් කර ඇති ජීවය ලබා දීම නම් සංකල්පය තව දුරටත් සාක්ෂාත් කිරීම සඳහා ‘පෙකණිවැල’ එසේ නිර්මාණය කර ඇති බවයි. 
එසේම මෙම සිතුවමෙහි ඇති සුවිශේෂී අඩුපාඩුවක් පිළිබඳව ද විචාරකයන් පෙන්වා දෙති. එනම් ආදම් යනු දෙවියන් විසින් මවන ලද පුද්ගලයෙකු නම් හෝ මව් කුසින් උපත නොලැබූ පුද්ගලයෙකු නම් ඔහුට නාභියක් තිබෙන්නේ කෙසේද යන්න පැටලිලි සහගත බවයි. මේ පිළිබඳව වැඩිදුර තර්ක කරන විසි වන සියවසේ සිතුවම් විචාරකයන් පවසන්නේ මයිකල් ආන්ජෙලෝ මෙම සිතුවම නිර්මාණය කර ඇත්තේ මිනිස් සිරුරේ විද්‍යාත්මක ක්ෂේත‍්‍රය පිළිබඳව කිසිම දැනුමක් නොමැතිව බවය එවැනි දැනුමක් තිබුණේ නම් ඔහු ආදම්ගේ උදරය මත නාභියක් ඇඳිය යුතු නැති බවංග
 
දුලංජලී මුතුවාඩිගේ

Page 3 of 6

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 182

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3482

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2128

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3822

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6396

Please publish modules in offcanvas position.