Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විරාත්-අනුෂ්කා ඉන්දියාවේදී විවාහ නොවුණේ ඇයි?

මේ දිනවල පැවැත්වෙන ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ එක්දින සහ විස්සයි විස්ස තරගවලින් විරාත් කෝලි නිවාඩු ගැනීම මුලපටන්ම බොහෝ දෙනකු තුළ මහත් කුතුහලයක් ජනිත කළ සිදුවීමක් විය. එයට ප්‍රධානම හේතුව වූයේ විරාත් මේ ආකාරයෙන් නිවාඩු ගත්තේ ඔහුගේ පෙම්වතිය වූ, සිනමා නිළි අනුෂ්කා ෂර්මා සමග විවාහ වීම සඳහාය යන කටකතාවක් විවිධ මාධ්‍ය තුළ සැරිසරන්නට පටන් ගැනීමයි. නමුත් මෙය ඇත්තක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් ලොකු අවිනිශ්චිතතාවක් පැවැතියේ එවැනි විවාහයක් පිළිබඳ අදහසක් නැති බව අනුෂ්කාගේ වෘත්තිය කටයුතු කළමනාකරණය කරන ආයතනයේ ප්‍රකාශකයින් මාධ්‍ය වෙත පැවැසීම නිසාය. නමුත් ඉහත කී ආරංචි සත්‍ය බව මේ වනවිට සනාථ වී අවසන්ව ඇති අතර විරාත් සහ අනුෂ්කා පසුගිය 11 වෙනිදා ඉතාලියේ ඉතා සුන්දර ප්‍රදේශයක් වන ටස්කනි හිදී යුග දිවියට ඇතුළත් වූහ. 
සම්ප්‍රදායික ඉන්දියානු විවාහ උත්සවයක් ලෙස පැවැති මෙම අවස්ථාව සඳහා සහභාගි වී ඇත්තේ ඔවුන්ගේ පවුල්වල කිට්ටුම ඥාතීන් ඇතුළු සමීපතමයින් 45 දෙනකු වැනි සුළු පිරිසක් පමණක් බවද සඳහන් වේ. මෙම සුපිරි තරු දෙපළ සිය විවාහ උත්සවය ඉන්දියාවේ නොපවත්වා ඉතාලියේ පැවැත්වීමට තීරණය කිරීමට ප්‍රධාන හේතුව මාධ්‍යවලින්, පැපරාසීන්ගෙන් සහ සිය රසික රසිකාවියන්ගේ උදේ‍යාගය නිසා  ඇති විය හැකි පීඩනය අවම කිරීම විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. මෙය ඉන්දියාවේ පැවැත්වී නම් දැවැන්ත මාධ්‍ය අවධානයක් සහ රසික ආකර්ෂණයක් එල්ල වීම නිසා තමුන්ට නිස්කලංකව මෙම අවස්ථාව සමරන්නට ඉඩක් නොලැබෙනු ඇතැයි යන හැඟීමක් විරාත් සහ අනුෂ්කා තුළ තිබුණා විය හැකිය. ඔවුන්ට ඉතාලිය පිළිබඳ යෝජනා කර ඇත්තේ ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයෙකු වන ආදිත්‍ය චොප්රා බවටද කතාවක් තිබේ. (ඔහු සහ සිනමා නිළි රාණි මුඛර්ජි දෙදෙනා අතර විවාහය සිදු වූයේ ද ඉතාලියේදීය.)
ඉතාලියේ පැවැති උත්සවය සීමිත පිරිසක් සහභාගි වූ එකක් වී නමුත් සිය සෙසු ඥාතීන්, හිතමිතුරන්, වෘත්තීය සගයින් වෙනුවෙන් ඉන්දියාවේදී තවත් ප්‍රිය සම්භාෂණ දෙකක් පැවැත්වීමට විරාත් සහ අනුෂ්කා සැලසුම් කරගෙන සිටිති. දෙසැම්බර් 21 දින නව දිල්ලියේදීද, 26 වෙනි දින මුම්බායි හිදීද මෙම සාදයන් පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි. විරාත් වාසය කරන්නේ නවදිල්ලියේ වීමත්, අනුෂ්කා මුම්බායි හි පදිංචිකාරියක වීමත් එම ස්ථානවල මෙම සම්භාෂණ පැවැත්වීමට හේතුව විය හැකිය. අනතුරුව ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සඳහා විරාත් දකුණු අප්‍රිකාව බලා යාමට නියමිතව සිටින අතර අනුෂ්කාද ඔහු සමග එහි යනු ඇතැයි සඳහන් වේ. නමුත් දින කිහිපයකින් පසු ඇය පෙරළා ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ ඇය  බාරගෙන ඇති සිනමා නිර්මාණවල කටයුතු සඳහාය. මේ අතර ඇගේම නිෂ්පාදනයක් වන 'පාරි' සිනමා පටයේ ප්‍රචාරක කටයුතු සඳහාද ඇය එම කාලය තුළ සම්බන්ධ වනු ඇත. 
නව යුවළ ඉදිරියේදී අලුත්ම අධි-සුඛෝපභෝගී නිවසක පදිංචිවීමට නියමිතව ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ''ඕම්කාර් ටවර්ස්'' යනුවෙන් හැඳින්වෙන, මුම්බායිහි ඉහළම පෙළේ තට්ටු නිවාස සංකීර්ණයක, මුහුදට මුහුණලා පිහිටා ඇති මෙම නිවස වර්ග අඩි 7000කට ආසන්න, සියලු නව අංගෝපාංගවලින් සමන්විත වූවකි. විරාත් මෙය මිලදී ගෙන ඇත්තේ  2016 වසරේ බවද සඳහන් වෙයි.  මතෛක් කලක් සිය 'උපන් ගම' වන නවදිල්ලියේ වාසය කළ විරාත්ට මේ අනුව දැන් නව පළාතක පදිංචියට ඒමට සිදුවෙයි. අනුෂ්කා  නම් පසුගිය කාලය පුරා දිගටම ජීවත් වූයේ මුම්බාහිය. 
කාලයක් පුරා කාගේත් අවධානය දිනාගෙන තිබූ විරාත්- අනුෂ්කා  ආදර කතාව සුන්දරත්වයෙන් මෙන්ම විවිධ හැලහැප්පීම්වලින්ද සමන්විත වූවකි. මේ දෙදෙනා මුල්වරට එකිනෙකා මුණ ගැසුණේ 2013 වසරේ රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටි අවස්ථාවකය. පසුව පෙම්වතුන් බවට පත් වූ ඔවුන් අතර ඇසුර 2015 සහ 2016 වසරවල දෙවතාවක්ම  බිඳ වැටුණු බවට කතා පැතිරුණු බවද රහසක් නොවේ. එක් අවස්ථාවක කිසියම් සඟරාවක් සඳහා අනුෂ්කා          පෙනී සිටි සරාගී ඡායාරූප වගයක් සම්බන්ධයෙන් ඇති වූ මතගැටුමක් නිසාද ඔවුන් අතර විරසකයක් ඇති වූ බවට කතන්දර පැතිරුණි. කෙසේ වෙතත් පසුකාලයේ මේ සියලු ප්‍රශ්න විසඳාගෙන දෙදෙනා ඉතා සමීප, ආදරණීය ආදරවන්තයින් දෙදෙනකු බවට පත්ව සිටිනු දැකිය හැකි විය. තමාගේ දුෂ්කර අවස්ථාවල අනුෂ්කාගෙන් ලැබුණු සහය සහ ධෛර්යය සම්බන්ධයෙන් විරාත් නිතර ඇය අගය කරමින් කතා කරනුද මාධ්‍ය තුළ දැකිය හැකි විය.
 
කිත්සිරි මල්වත්ත
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4586

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click