Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මාධ්‍යවේදිනියගේ ඝාතනයට එරෙහිව දහස් ගණන් වීදි බසිති

මාධ්‍යවේදීන් යනු සමාජයට සුවිශේෂී මෙහෙයක් ඉටු කරන පිරිසක් වුවද ඔවුන් මර්දනය කිරීමට විවිධ අධිපති පාර්ශ්ව දරන උත්සාහයන්හිදී එම මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙරට එන පිරිස බොහෝ විට ඉතා අල්පය. නමුත් ඊට වඩා බෙහෙවින් වෙනස් තත්ත්වයක් මේ දිනවල මෝල්ටාව තුළ මතුවෙමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. ඒ පසුගිය සතියේ කුරිරු ලෙස මරා දමන ලද ඩැෆ්නි ගලිසියා නමැති සුප්‍රකට මාධ්‍යවේදිනියගේ ඝාතනය පසුබිම් කර ගනිමිනි. 
53 හැවිරිදි ඩැෆ්නි ගලිසියා ඝාතනය කෙරුණේ ඇය ගමන් ගත් මෝටර් රිය පුපුරුවා හැරීම මගිනි. ඇයගේ රියෙහි යටි පැත්තේ සවි කර තිබූ බෝම්බ දෙකක් දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැරීමෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට මේ වනවිට සැක පළ වී තිබේ. ඇයගේ මෝටර් රිය මේ ආකාරයෙන් පුපුරා ගියේ උදෑසන ඇය නිවසින් පිටත්ව ඉතා සුළු වේලාවකට පසුවය. ගලිසියාගේ සිරුරේ කොටස් එම ස්ථානය අවට විසිරී තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෙකු පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. මෝල්ටාවේ අගමැතිවරයා වන ජෝසෆ් මස්කැට්, ඔහුගේ බිරිඳ මිචෙල් මස්කැට් සහ ඔවුන්ගේ සමීපතමයන් බොහෝ දෙනෙකුට අදාළ වංචා දූෂණ චෝදනා පිළිබඳව දැන් කාලයක සිටම ගලිසියා විශාල හඬක් නගමින් සිටින අතර ඇගේ බ්ලොග් අඩවිවල පලවෙන ලිපි  මෝල්ටාවේ වැසියන් අතර ඉතාම ජනප්‍රිය බව සඳහන් වෙයි. ගලිසියාගේ නිර්දය විවේචනයට ලක් වූයේ ආණ්ඩු පක්ෂයේ නායකයන් පමණක් නොවේ. එරට විපක්ෂයේ සාමාජිකයන්ගේ  වංචා දූෂණ සම්බන්ධයෙන්ද ඇය නිරන්තරයෙන් චෝදනා එල්ල කළ බව සඳහන් වෙයි. මේ නිසා ඇය එරට ඉහළම පෙළේබලවතුන් බොහෝ දෙනෙකුට දැඩි හිසරදයක් බවට පත්ව සිටි මාධ්‍යවේදිනියකි. 
පසුගිය 16 වෙනි දින සිදු වූ ඇයගේ ඝාතනය මෝල්ටාව පුරා මේ වනවිට විශාල කම්පනයක් ඇති කරන්නට සමත්ව තිබේ. සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙකුගේ, මාධ්‍යවේදිනියකගේ  ඝාතනයකදී දක්නට නොලැබෙන ආකාරයේ දැවැන්ත විරෝධතාවක් ගලිසියාගේ ඝාතනයට එරෙහිව මෝල්ටාව තුළ මතු වෙමින් ඇති අයුරු දැකිය හැකි වෙයි. දස දහස් ගණනින් ජනතාව වීදි බසිමින් මෙම කුරිරු සිදුවීම හෙලා දකින්නටත්, ඒ පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින්නටත් පටන්ගෙන ඇති අතර මෝල්ටා අගමැති මස්කැට් ඉල්ලා අස්විය යුතු බවටද උද්ඝෝෂණය කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී ගලිසියාගේ සහෝදර මාධ්‍යවේදීහුද පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටිති. ඇයගේ ඝාතනයට එරෙහිව නැගෙන මෙම ජන රැල්ල වංචා දූෂණ ඇතුළු ජනතා විරෝධී කටයුතුවල නිරත අධිපති පාර්ශ්වයන්ට විරුද්ධව පෙරමුණ ගන්නා මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රියාකාරීන් ධෛර්යමත් කරන කාරණයක් වනු ඇතැයි පැවැසිය හැකිය.
මේ සම්බන්ධයෙන් තවත් විශේෂ සිදුවීමක් පසුගිය දිනවල සිදුවිය. එනම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවා ගලිසියාගේ මරණය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කිරීමයි. සාමාන්‍ය පුරවැසියෙකුගේ මරණයක් පිළිබඳව පාප්වහන්සේ මේ ආකාරයෙන් ශෝකය ප්‍රකාශ කිරීම සැලකෙන්නේ ඉතා දුර්ලභ සිද්ධියක් වශයෙනි. ගලිසියාගේ පවු‍ලේ උදවිය සහ මෝල්ටාවේ ජනතාව පත්ව සිටින මෙම දුෂ්කර අවස්ථාවේ තමා ඔවුන් වෙනුවෙන් යාඥා කිරීමට එක්වන බවත්, මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් මහත් කනගාටුවට පත්ව සිටින බවත් උන්වහන්සේ එම පණිවුඩයෙහි සඳහන් 
කර ඇත.
මාධ්‍යවේදිනියගේ මරණය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් මෝල්ටා රජය වෙත එල්ල වෙමින් ඇති පීඩනයද දිනෙන් දින උත්සන්න වෙමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. ඒ මෙම සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාව අවධාරණය කරමිනි.
අගමැති මස්කැට් ගේ බිරිඳ සහ සමීපතමයන් කිහිප දෙනෙකුට සම්බන්ධකම් ඇති බව පැවැසුණු විදේශීය සමාගම් සහ ගිණුම් වගයක් පිළිබඳව ගලිසියා නිතර සිය අවධානය යොමු කළ බව සඳහන් වෙයි. මෙම සමාගම් සහ ගිණුම් සම්බන්ධ තොරතුරු මුල්වරට අනාවරණය කර ඇත්තේ කලකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කරමින් ප්‍රකාශයට පත් වූ පැනමා ‍ලේඛන (Panama Papers) මගිනි. ලෝකයේ දේශපාලන නායකයන්, ඔවුන්ගේ පවුල්වල අය ඇතුළු ප්‍රභූන් රැසක්  විදේශයන්හි පවත්වාගෙන ගිය සමාගම් සහ ගිණුම් සම්බන්ධයෙන් පැනමා ‍ලේඛන මගින් හෙළිදරව් කරන ලදී. මෙම සමාගම් සහ ගිණුම්වලින් සමහර ඒවා මුදල් විශුද්ධිකරණය හෙවත් කළු සල්ලි සුදු කිරීමේ කටයුතු සඳහාද, මුදල් සඟවා තබමින් බදු වංචා කිරීම සඳහාද උපයෝගී කරගත් ඒවා බවට චෝදනා එල්ල විය. මෝල්ටා අගමැතිවරයාගේ බිරිඳ ඇතුළු සමීපතමයන්ට එරෙහිවද මෙවැනි චෝදනා එල්ල වූ අතර ගලිසියා නිතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒවාට එරෙහිව හඬ නැගූ බව පැවැසිණි. 
මේ අතර මෝල්ටාව සහ තවත් රටවල් කිහිපයක් හරහා ක්‍රියාත්මක වූ නීති විරෝධී තෙල් ජාවාරමක් සම්බන්ධයෙන්ද මේ වනවිට අවධානය යොමු වෙමින් තිබේ. එයට අදාළව මේ වනවිට විමර්ශනයක් ආරම්භ වී ඇති අතර ගලිසියාගේ මරණය සහ මෙම විමර්ශන අතර යම් සම්බන්ධයක් තිබිය හැකිද යන්න පිළිිබඳවද සැක පලවෙන්නට පටන් ගෙන තිබේ. කෙසේ හෝ වේවා මතෛක් ප්‍රසිද්ධියට පත් නොකළ කිසියම් රහසක් ඇය දැනගෙන සිටීම ඇගේ ඝාතනයට හේතු වන්නට ඇතැයි යන අදහසද මේ වනවිට බොහෝ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වීමට පටන්ගෙන ඇත. 
ඩැෆ්නි ගලිසියාගේ ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කිරීමට රජය පියවර නොගනු ඇතැයි යන්න ඇයගේ පුතුන් ඇතුළු පවු‍ලේ අයගේද, ජනතාවගේද  දැඩි විශ්වාසය වී තිබේ. එම නිසා ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් සඳහා යෝජනා දියත් වෙමින් ඇති අතර වීදි බැස සිටින දහස් සංඛ්‍යාත ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක්ව ඇත්තේද එයයි. මෙයට පෙර කිහිප වරක්ම ගලිසියා වෙත මරණ තර්ජන එල්ල වී තිබූ අතර ඇය මේ පිළිබඳව පැමිණිලි කර තිබූ බවද අනාවරණය විය. කෙසේ වෙතත් ඇගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවලට නොහැකි වීම ගැන එම අංශවලට එරෙහිවද විශාල විරෝධයක් නැගෙමින් තිබේ.  විරෝධතාකරුවන් අත වූ බැනර සහ පුවරුවල සඳහන්ව තිබූ ප්‍රධාන වැකියක් වූයේ  ගලිසියා අවසන් වරට ඇගේ ටුවිටර් ගිණුමේ ලියා තිබූ සටහනකි. ‘බලන බලන අත සිටින්නේ වංචනිකයන්ය. තත්ත්වය ඉතාම භයානකයි‘ යනුවෙන් ඇය එහි සඳහන් කර තිබිණි. මෙම සටහන ලියා පැය භාගයකට පසු ඇය ඇගේ නිවසට යාර කිහිපයකට ඔබ්බෙන් ඝාතනයට ලක් වූවාය.
 
නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2495

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1638

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 875

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1898

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5539

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3476

Please publish modules in offcanvas position.

Web Analytics