Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ට්‍රම්ප් ලෝකයෙන් කොන් කරන්නට සමත් වූ තීරණයක්

සුපුරුදු පරිදි නැවතත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  දැවැන්ත ආන්දෝලනයකට මැදිව සිටියි. එමෙන්ම මේ වනවිට ඔහුට එරෙහිව ලොව පුරා රාජ්‍ය නායකයන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, මාධ්‍යවේදීන්, පරිසරවේදීන් ආදී පාර්ශ්ව රැසක අප්‍රසාදය සහ විරෝධය ගොනු වෙමින් ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි. ට්‍රම්ප්ට එරෙහිව මුළු ලෝකයම එක් පිලකට එකතු වන අවස්ථාවක් ලෙස මෙය හැඳින්වීම වුවද වරදක් නොවේ.
මෙම මහා ආන්දෝලනයට හේතු වූයේ පසුගිය සතියේ ට්‍රම්ප් විසින් ගන්නා ලද ඉතා බැරෑරුම් තීරණයකි. එනම්, ඇමෙරිකාවද ඇතුළුව ලෝකයේ රටවල් 195ක් විසින් 2015 වසරේ අත්සන් කරන ලද ඉතා වැදගත් ගිවිසුමක් වන පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් ගත් තීරණයයි.
 
මොකක්ද මේ පැරිස් සම්මුතිය?
 
පැරිස් සම්මුතිය යනු ලෝකයේ කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් එළැඹෙන ලද ඉතා වැදගත් ගිවිසුමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුග්‍රහය යටතේ අත්සන් තැබුණු එහි ප්‍රධාන අරමුණක් වූයේ ලෝකයේ සහ මිනිස් සංහතියේ අනාගත පැවැත්මට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා ලෝකයේ සියලු රටවල සහභාගිත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමයි. අද ලෝකය අත්දකින මහා පරිමාණ ස්වාභාවික විපත් ඇතුළු ව්‍යසනයන් රැසකට මුල්වන කාලගුණික විපර්යාසයන්ට ප්‍රධාන හේතුවක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මේ නිසා අධික වැසි, ගංවතුර ආදිය මෙන්ම  අනික් අතට දැඩි නියඟ වැනි තත්ත්වයන්ද වර්ධනය වීම හේතුවෙන්  විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බව රහසක් නොවේ. මිනිසුන්ට මෙන්ම දේපළවලට සිදුවන හානිද, කෘෂිකාර්මික කටයුතු වැනි කාරණාවලට ඇති වන බලපෑම නිසා හටගන්නා ආහාර අහේනියද, අයිස් කඳු දියවීමෙන් සාගර ජල මට්ටම් ඉහළ යාම නිසා ඇතැම් රටවල් සඳහටම ගිලී යාමට පවා ඇති 
තර්ජනයද ආදිය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විශාල අවධානයක් යොමු විය. මේ නිසා පැරිස් සම්මුතියෙන් එළැඹෙන ලද වැදගත් තීරණයක් වූයේ ලෝකයේ සියලු රටවල් එක්ව ගෝලීය උෂ්ණත්වය වැඩි වීම පාලනය කිරීම සඳහා පියවර ගැනීමයි.
මෙහිදී සැලකිල්ල යොමු වුණු එක් ප්‍රධාන පියවරක් වූයේ කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායූන් පරිසරයට මුදාහැරීම අවම කිරීමයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට මෙය ප්‍රධාන හේතුවක් ලෙස සැලකුණු බැවිනි. මෙම වායූන් පරිසරයට මුදා හරින ප්‍රධාන කර්මාන්තයක් වූයේ බලශක්තිය නිපදවීම සඳහා ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන දහනය කිරීමයි. මෙම පසුබිම තුළ ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභවයන්ගෙන් ඈත් වෙමින් වඩාත් පරිසර හිතකාමී සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය වැනි 
ක්‍ෂේත්‍ර වෙත අවතීර්ණ වීම මෙයින් අවධාරණය කෙරිණි.
ඉහත කී කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායූන් වැඩිපුරම පරිසරයට මුදාහරින රටවල් ලෙස සැලකුණේ දියුණු කාර්මික රටවල්ය. ඒ අතරින්ද ඇමෙරිකාව, චීනය වැනි රටවල් ඉදිරියෙන්ම සිටියේය. ඒ රටවල බලශක්තිය නිපදවීම සඳහා ගල් අඟුරු යොදා ගැනීම ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වූ හෙයිනි. මේ අනුව බලන කළ පැරිස් සම්මුතිය එක්තරා ආකාරයකින් මෙම රටවල ගල් අඟුරු කර්මාන්තයට, බලශක්ති කර්මාන්තයට විරුද්ධ සම්මුතියක් ලෙසද සැලකිය හැකිය. මෙම රටවල ආර්ථිකයන් සැලකිය යුතු මට්ටමින් මෙකී කර්මාන්තයන් මත රඳා පැවැතීම නිසා එම කර්මාන්තවලින් ඈත් වීමට සිදුවීම සෘජුවම ඔවුන්ගේ ආර්ථිකයන්ට බලපාන්නක් විය.
 
ට්‍රම්ප්ගේ තීරණයට හේතුව කුමක්ද?
 
ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ගත් ආන්දෝලනාත්මක තීරණයට ප්‍රධාන වශයෙන්ම පසුබිම සැපයුවේ මෙම කාරණයයි. ගල් අඟුරු කර්මාන්තය සහ ඒ හා බැඳුණු බලශක්ති කර්මාන්තය බිඳ වැටීම ඇමෙරිකානු ආර්ථිකයේ වර්ධනය හකුළුවන්නක් ලෙස මෙන්ම එම ක්‍ෂේත්‍රවල රැකියා අවස්ථා අහිමි කරන්නක් ලෙසද සැලකිණි. පසුගිය ජනාධිපතිවරණයේදී මෙම ගල් අඟුරු කර්මාන්තය සිදු කෙරුණු ප්‍රාන්තවල ජනතාව වැඩි වශයෙන් ඡන්දය දුන්නේ ට්‍රම්ප්ටය. ඊට හේතු වූයේ ඔහු පැරිස් සම්මුතියෙන් ඉවත් වන බවටත්, නැවත ගල් අඟුරු කර්මාන්තය වැඩි දියුණු කරමින් රැකියා අවස්ථා ඇති කරන බවටත් ජනාධිපතිවරණ සටන තුළ ‍පොරොන්දුවක් ලබා දීමයි. දැන් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ඔහුගේ මෙම ‍පොරොන්දුවයි. එය ‘ඇමෙරිකාව නැවත ශේ්‍රෂ්ඨත්වයට පත් කිරීමේ’ වැඩසටහනේද එක් පියවරක් ලෙසිනි ට්‍රම්ප් හඳුන්වා දෙන්නේ.
නමුත් සෙසු ලෝකය මෙය දකින්නේ ඇමෙරිකාව ගත් ආත්මාර්ථකාමී පියවරක් ලෙසිනි. ඇමෙරිකාව ගැන පමණක් සිතමින් ලෝකයේම අනාගත පරම්පරා අනතුරේ හෙළන තීරණයක් ලෙස මෙය බොහෝ දෙනාගේ අප්‍රසාදයට සහ විවේචනයට ලක් වනු දැකගත හැකිය. ලෝකයේ ප්‍රධාන රටවල් අතර මෙම සම්මුතියට අත්සන් නොකර සිටියේ සිරියාව සහ නිකරගුවාව පමණි. දැන් ඇමෙරිකාවද සිටින්නේ එම රටවල් සමගය. සියගණනක් වන සෙසු සියලු රටවල් ඇමෙරිකාවට එරෙහිව බලමුළු ගැන්වෙන ආකාරයක් දැන් දැකගත හැකි වෙයි. බොහෝ දෙනා මෙය දකින්නේ ඇමෙරිකාව පවත්වාගෙන ගිය ‘ලෝකයේ නායකයා’ යන ප්‍රතිරූපයට දැවැන්ත හානියක් සිදු කර ගනිමින් ලෝකයෙන් හුදෙකලා වීමේ, කොන් වීමේ  දිශාවට ගමන් කිරීමක් ලෙසිනි. අනාගතය දිශාවට නොව අතීතය පැත්තට ආපසු යාමක් ලෙසිනි. ලෝකය දැන් ගමන් කරමින් සිටින්නේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් වැඩි දියුණු කරමින් භාවිතයට ගැනීමේ දිශාවට බව මෙහිදී අමතක කළ නොහැක්කකි.
 
චීනයට වාසියක්
 
චීනයද ඇමෙරිකාව මෙන්ම විශාල වශයෙන් ගල් අඟුරු කර්මාන්තය මත රඳා පවතින රටකි. නමුත් ඔවුන් මේ වනවිට ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභවයන්ගෙන් ඉවත් වෙමින් වඩාත් අනාගතවාදී ලෙස පරිසර හිතකාමී වෙනත් ප්‍රභවයන් වෙත මාරුවෙමින්, ඒ වෙනුවෙන් දැවැන්ත ආයෝජන සිදු කරමින් සිටියි. මේ අනුව ඇමෙරිකාවෙන් ගිලිහෙන ‘ලෝක නායකයාගේ’ ප්‍රතිරූපය තමුන් වෙත පවරා ගැනීමේ කටයුත්තේදී මෙම සිදුවීමද ඔවුන් තමුන්ගේ වාසියට යොදා ගැනීමට පියවර ගනිමින් සිටිනු දැකිය හැකි වෙයි. ට්‍රම්ප් ගත් ඉහත තීරණය විවේචනය කිරීමට පෙරමුණ ගත් රටවල් අතර චීනයද විය. එමගින් තමුන් ඇමෙරිකාව මෙන් ආත්මාර්ථකාමී සහ අතීතවාදී, යල් පිනූ රටක් නොව මිනිස් වර්ගයාගේ අනාගත සුබ සිද්ධිය ගැන සිතන, වඩාත් පරාර්ථකාමී සහ අනාගතවාදී රටක් ලෙස ඉදිරියට ඒමට ඔවුන්ට හැකි වී තිබේ. 
යුරෝපය, ඉන්දියාව වැනි බලවත් රටවල්ද මෙම කාරණයේදී සිටින්නේ ඇමෙරිකාවට විරුද්ධ කඳවුරේය. ඔවුහු සියලු දෙනා පැරිස් සම්මුතිය ආරක්ෂා කිරීමට කැපවන බව ප්‍රකාශ කර සිටිති. මෙම රටවල් සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ හිතවතුන් වුවද මෙම කාරණයේදී ඔවුහු ඇමෙරිකාව තනි කරති. ඒ වෙනුවට ඔවුන් සහ චීනය අතර බැඳීමක් ගොඩ නැගෙමින් ඇති ආකාරයද දැකිය හැකි වෙයි. මේ ආකාරයෙන් බලන කළ ‘ලෝකයේ නායකත්වයට’ පත්වීමට චීනයේ ඇති 
අභිලාෂයන් තවත් පියවරකින් සාර්ථක වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකිය හැකිය. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ගත් තීරණය හරහා වක්‍රාකාරයෙන් චීනයට වාසිදායක තත්ත්වයක් ඇති කර තිබෙන බවටද මේ වනවිට චෝදනා එල්ල වන්නේ මෙම පසුබිම තුළය.
ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය එල්ල වන්නේ ලෝක ප්‍රජාව තුළින් පමණක් නොවේ. පැරිස් සම්මුතිය නිසා ඇමෙරිකානු ආර්ථිකයට අවාසියක් වන බව ට්‍රම්ප් පැවැසුවද එරට ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ව්‍යාපාරික සමාගම් රැසක් ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් දක්වන්නේ විරෝධයකි. මෙහිදී ඔහුගේ සහයට සිටින්නේ ගල් අඟුරු කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාර පමණක් බවද දැකගත හැකිය.
පැරිස් සම්මුතිය නිසා ඇමෙරිකාවේ ගල් අඟුරු කර්මාන්තයට සහ ඒ ආශ්‍රිත රැකියා කරන්නන්ට ඇති වන ගැටලු විසඳීම ට්‍රම්ප්ගේ වගකීමක් වුවද වඩාත් පුළුල් ගෝලීය අවශ්‍යතා සහ ප්‍රවණතා සමග එය තුලනය කරගනිමින් කළමනාකරණය කිරීමේ අභියෝගයද ඔහු හමුවේ මතුව ඇති බව පෙනේ. ඒ නිසා මේ මොහොතේ වැදගත්ම ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ  මොන තරම් බුද්ධිමත් ආකාරයෙන් එය ඉටු කිරීමට ඔහුට හැකි වේවිද යන්නය. 
 
නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1698

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2063

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4883

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2904

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1673

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2546

Please publish modules in offcanvas position.

Web Analytics