lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

භූත නිවහනක් ලෙස ප්‍රසිද්ධියට පත් ඇමිටිවිලාවේ අද තත්ත්වය

මුළු ලෝකයේම ප‍්‍රසිද්ධියට පත් වුණු ඛේදජනක මිනීමැරුම් සිද්ධියක් හේතුවෙන් ඇමිටිවිලා නිවස ප‍්‍රසිද්ධියට පත් වූයේ 1974 වසරේ දී ය. ඒ රොනල්ඞ් ඩිෆියෝ නම් වූ තරුණයෙකු ඔහුගේ මවත්, පියාත්, සහෝදරියන් දෙදෙනා සහ සහෝදරයින් දෙදෙනාත් ඔවුන්ගේ නිදන කාමර තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුවය. හරියටම 1974 වසරේ නොවැම්බර් මස 13 වන දා පාන්දර 3ට සිදු වූ මෙම සය පුද්ගල ඝාතනයෙන් පසු ඇමිටිවිලා නිවස වසා දමා තිබුණේ රොනල්ඞ් බන්ධනාගාර ගතවීම නිසා ය. ඉන්පසු මෙම නිවස පිළිබඳව ප‍්‍රදේශවාසීන්ගේ අවදානයට ලක් වූයේ හොල්මන් ගෙයක් ලෙස පමණි. කිසිවෙකුත් රාත‍්‍රී කාලයේ මෙම නිවස අසලින් ගමන් කිරීමට පවා මැලි වූහ. නිදන කාමර පහක් සහ නාන කාමර තුනක් සහිත දෙමහල් නිවසක් වූ මෙය ඉන්පසු අලෙවි වී තිබුණේ ඉතා අඩු මුදලකටය. ඇමෙරිකන් ඩොලර් 850000 කට මෙම නිවස මිලදී ගනු ලැබුවේ ලට්ස් පවුල විසිනි.
ලට්ස් පවුලේ සාමාජිකයන් ගණන 5කි. ජෝජ් සහ කැතී නම් වූ තරුණ අඹු සැමි යුවළට සිටි දරුවන් ගණන තිදෙනෙකි. ඔවුන් ඇමිටිවිලාවේ පදිංචියට පැමිණි මුල් දින කීහිපයේ ඉතා සුවදායී දිවියක් ගත කළ ද පළමු සතියෙන් පසු විවිධ අද්භූතජනක දෑවලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවිය. නිවසේ ප‍්‍රධානියා වූ ජෝජ්ට දිනපතාම පාන්දර යාමයේ යම් යම් ශබ්ද ඇසී අවදිවන්නට සිදුවීම පුරුද්දක් වූ අතර ඒ හරියටම පාන්දර 3 ට බව ඔහු සලකුණු කර තිබිණි. නිවසේ යම් යම් කාමරවලින් සහ කුස්සියේ යම් යම් ස්ථාවලින් අමුතුම ආකාරයක සීතලක් දැනෙන බව කැතී විසින් සලකුණු කරගෙන තිබිණි. ඔවුන්ගේ පස් හැවිරිදි පුංචි දියණිය නොපෙනෙන මිතුරෙකු සමග කතා කරන ආකාරයත් එම මිතුරා විසින් ජෝජ් සහ කැතීට මෙම නිවසින් පිටවන ලෙස බල කරන බවත් පුංචි දැරිය සිය මවට අවස්ථා කීපයකදීම කියා තිබිණි.
ඇමිටිවිලාවේ ඇති තවත් අද්භූත සිදුවීම්වලින් පසු නිවසට ආශිංසනය කිරීම සඳහා පැමිණි දේවගැතිවරුන්ට පවා පුදුමාකාර සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදු වී තිබිණි. කැතී විසින් අස්වාභාවික සිසිලසක් දැනෙන බවට පැවැසූ සෑම ස්ථානයකම නිවස තුළ මියගිය අයගේ ආත්ම සැරිසරන බවත්, දිනපතා පාන්දර තුනට විවිධ ශබ්ද ඇසී නිවසේ ප‍්‍රධානියාව අවදි කරනු ලබන්නේ මෙම ආත්ම විසින් බවත්, කුඩා දැරියගේ මිතුරෙකු බවට පත් වී සිටින්නේ මෙම නිවසේ ජීවත්ව ඝාතනයට ලක් වූ පාදයක ආබාධයක් සහිත අවුරුදු 9ක් වයසැති ජෝන් මතෙව් නම් දරුවා බවත් දේවගැතිවරයා විසින් පවසා තිබිණි.
කෙසේ වුවද ලට්ස් පවුලට මෙම නිවසේ පදිංචි වීමට අවස්ථාව ලැබුණේ දින 28 ක් පමණි. ඉන්පසු එම නිවසේ සැරිසැරූ ආත්මවල හිංසන නිසා ඔවුන් ඇමිටිවිලාව අතහැර ගොස් තිබිණි. ඉන් වසර කීහිපයකට පසු විවිධ පුද්ගලයන් මෙම නිවසේ පදිංචියට පැමිණිය ද ඔවුන්ට කිසිදු ආත්මයකින්  හිරිහැර සිදු වී නොතිබිණි. නමුත් ඔවුන් සියල්ලෝම ඉතාම කෙටි කාලයක් තුළ එනම් අවුරුද්දකටත් අඩු කාලයක් තුළ මෙහි වාසය කිරීම අතහැර ගොස් තිබුණේ සැලකිය හැකි අන්දමේ හේතුවලින් තොරව ය. 
ඇමිටිවිලාවේ සිදු වූ සය පුද්ගල ඝාතනයන් ඇතුළත් කොට හොලිවුඞ් චිත‍්‍රපට තුනක් නිර්මාණය විය. ඇමිටිවිලා අබිරහස නමින් පොත් කීහිපයක් ද ලියවී තිබිණි. ලට්ස් පවුලට මුහුණ දෙන්නට සිදු වූ අද්භූතජනක සිදුවීම් ඇතුළු කොට නිෂ්පාදනය වු චිත‍්‍රපට ගණන තුනකි. මෙතරම් ප‍්‍රසිද්ධියට පත් වූ ඇමිටිවිලාවේ වර්තමාන තත්ත්වය ඉතා ශෝචනීය ය. සාමාන්‍යයෙන් කිසිම ගෘහ නිර්මාණ ශිල්පියෙකු හෝ වාස්තු විද්‍යාඥයෙකු නිවසක් ඉදිකිරීම සඳහා සැලැස්මක් නිර්මාණය කරන විට නිවසේ ඉදිරිපස හෝ පැති පෙනුම සමමිතිකව පෙනෙන ආකාරයට නිර්මාණය නොකරන බව නොරහසකි. නමුත් ඇමිටිවිලා නිවස ඉදිකර ඇත්තේ ඉදිරිපසින් මෙන්ම පැති පෙනුම ද සමමිතිකව පෙනෙන ආකාරයට ය. එවැනි පෙනුමක් සහිත නිවාස වාසයට සුදුසු නැති නිවාස ලෙස හඳුන්වනු ලැබේ. වාස්තු විද්‍යාව පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති ඇමෙරිකාවේ පිහිටා ඇති ඇමිටිවිලා නිවසට මෙවැනි ඉරණමක් ඇති වී තිබෙන්නෙ මෙම අසාමාන්‍ය සමමිතික බව හේතුවෙන්ද විය හැකිය.
වර්තමානයේ පවා මෙම නිවස මිලදී ගන්නට කිසිදු කෙනෙක් ඉදිරිපත් වන්නේ නැත. එය විකිණීම පිණිස ක්‍දකාඇකක  බැංකුව පසුගිය වසර 32 පුරාම පුවත්පත් දැන්වීම් දමනු ලබයි. එපමණක් ද නොව අවස්ථා තුනක දී ප‍්‍රසිද්ධ වෙන්දේසි කිරීම් සඳහා ඇරයුම් කළ ද මේ වෙන්දේසිවලට පැමිණ සිට තිබුණේ ඉල්ලූම්කරුවන් දස දෙනෙකුටත් අඩු පිරිසක් වන බැවින් වෙන්දේසිය ක‍්‍රියාත්මක නොවුණි. ඇමිටිවිලා ඝාතන සිදුවීමටත් ලට්ස් පවුල මුහුණ දුන් අද්භූත සිදුවීම්වලටත් අප‍්‍රමාණ ප‍්‍රසිද්ධියක් ලබාදීම හේතුවෙන් අද වනවිට ක්‍දකාඇකක  බැංකුවට වන්දි ගෙවන්නට සිදු වී තිබීම නම් කනගාටුවට කරුණකි.
 
දුලංජලී මුතුවාඩිගේ

 
IMAGE

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 40

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 205

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1153

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 2506

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 964

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 3130

Please publish modules in offcanvas position.