Coss Ear2
lakbima.lk
COSS Ear 1

ස්විට්සර්ලන්තයේ අද්භූත රූපයේ හිමිකරු කවුද?

Pix

මේ ලෝකය අද්භූත සිදුවීම්වලින් සහ සිතාගත නොහැකි සිදුවීම්වලින් ගහණ ස්ථානයක් බව ඔප්පුවන කරුණු කාරණා දිනපතාම වාගේ වාර්තා වෙමින්  තිබේ. මෙවැනි අද්භූත සිදුවීම්වලින් සියයට අනූවක් පමණ කිසිදා විසඳා ගත නොහැකි වන ආකාරයේ ඒවාය. ඉන් සියයට පහක් පමණ කුමන ආකාරයකින් හෝ විසඳුමක් ලබාගත හැකිවන ආකාරයේ ඒවා වන අතර ඉතිරි සියයට පහ කාලයත් සමග ඉබේම විසඳුම් ලැබෙන ඒවා ලෙස වර්ග කර තිබේ. ඉදිරි කාලයේ කෙදිනක හෝ විසඳුමක් ලැබේය යන සිතිවිල්ල ඇති සිදුවීමක් මේ වනවිට බටහිර ස්විට්සර්ලන්තයේ මෝලස් නම් වූ වනාන්තරයේ සිදුවෙමින් පවතී.

මීට වසර 10ක පමණ සිට දිනපතාම එක්තරා පුද්ගලයෙකු මෝලස් වනාන්තරයේ පටුමගක් ඔස්සේ වනාන්තරය තුළට ඇවිද යනු වනාන්තරය අවට නිවෙස්වල සිටින වැසියන්ට දකින්නට ලැබි තිබේ. අඩි 6.6ක් පමණ උසැති මෙම පුද්ගලයා හමුදා නිල ඇඳුමක් ඇඳ බූට්ස් සපත්තු පැළඳ සිටින අතර පිටුපසින් ඔහුගේ උරහිසේ සිට බූට්ස් දක්වා එල්ලෙන ආකාරයට දිගු ලොම් කබායක් ද පැළඳ සිටී. එපමණක් ද නොව ඔහු ගැස් මාස්ක් නමින් හඳුන්වන ආවරණයක් මුහුණට පැළඳ සිටී. වනාන්තරයට යන එන ගම්වැසියන් ඔහුගේ ඉදිරියට හමුවුවහොත් ඔහු බිම බලාගෙන යනවා විනා පසුගිය වසර දහයටම එකම වචනයක් හෝ කතා කර නැත. ඔහු සමග කතාකරන්නට උත්සාහ කළවිට ඔහු එය නෑසුණාක් මෙන් වනාන්තරය තුළට ගමන් කරනවා මිස හැරී බලන්නේ පවා නැත. ගෙහිමියන් මෙම පුද්ගලයා හඳුන්වා තිබුණේ ‘ල ලොයොන්’ යන අන්වර්ථ නාමයෙනි. එහි අරුත ‘අද්භූත රූපය’ යන්නයි. 

අවට ගෙහිමියන් මෙම අද්භූත පුද්ගලයා පිළිබඳව එම පළාතේ ෂෙරිෆ්වරයාට දැනුම් දී තිබුණේ ඉන් පසුවය. නමුත් ෂෙරිෆ්වරයාට පවා මෙම අද්භුත පුද්ගලයා පිළිබඳ නිශ්චිත තොරතුරක් සොයාගත හැකිවූයේ නැත. අවස්ථා කීපයකදීම ෂෙරිෆ්වරයා ඔහු පසුපසින් ගිය ද ඔහු ගිය පැත්තක් සොයාගන්නට ෂෙරිෆ්වරයාට හැකිවූයේ නැත. ‍පොලිස් සුනඛයන් යොදවා පරීක්ෂණ සිදුකළද ඉන් ද වැඩක් වී තිබුණේ නැත. ඔහු කවුරුන්ද, දිනපතාම ඔහු වනාන්තරය තුළට යන්නේ මන්ද, එසේ යන ඔහු නැවතත් ඉන් පිටතට පැමිණෙන්නේ කොයිවේලාවකද? ඔහු සිය මුහුණු ආවරණය කරමින් ගෑස් වෙස් මුහුණක් පැළඳ සිටින්නේ මන්ද යන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමටද මේ දක්වා හැකිවී නැත.

මින් අනතුරුව වනාන්තරය අවට නිවැසියන් සිය දරුවන්ට වනාන්තරය අවට සෙල්ලම් කිරීමට පවා යන්නට අවසර දී තිබුණේ නැත. වරක් ගිනි තපින්නට අවශ්‍ය දර සොයා ගැනීමට වනාන්තරයට පිවිසුණු එක් කාන්තාවක් ඔහු දැක තිබුණේ වෙනස් ආකාරයකටය. ඇය දකිනවිට ඔහු වර්ණවත් විශාල මල් කළඹක් සිය දෑතින්ම තද කර අල්ලාගෙන ඇයට පිටුපා වනාන්තරය තුළට ඇවිද ගොස් තිබිණි. ඇය ඔහුට කතා කළද ඔහු හැරී බලා තිබුණේද නැත. තවත් වරක් ඔහුව දුටු තරුණයෙකු සිය ජංගම දුරකතනයෙන් තමන්ට පිටුපා යන මෙම අද්භූත පුද්ගලයාව ඡායාරූපගතකර තිබිණි. අද්භූත පුද්ගලයා පිළිබඳ සෑම මුද්‍රිත මාධ්‍යයකම පළවූයේ එම තරුණිය විසින් ලබාගෙන තිබූ ඡායාරූපයයි.

කෙසේවුවද මෙම අද්භූත පුද්ගලයාගෙන් කරදරයක් සිදුවූ කිසිවෙකුත් ගැන කිසිම තොරතුරක් මේ දක්වා වාර්තාවී තිපුණේද නැත. මේ නිසා ‍පොලීසියට පවා මෙම අද්භූත පුද්ගලයා පිළිබඳව සොයන්නට වැඩි වුවමනාවක් තිබූ බවක් ද පෙනෙන්නට නොතිබිණි. සිය රාජකාරිය පැහැර හරින්නට නොහැකි ‍පොලිස් නිලධාරීන් අද්භූත පුද්ගලයා පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබෙන්නේ වනාන්තරය අවට නිවැසියන්ගේ බිය සැක දුරු කරනු පිණිසය. ‍පොලීසිය පවසන්නේ අද්භූත පුද්ගලයා යම් ආකාරයක මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවයි. එසේත් නැතහොත් ඔහු යම් ආකාරයක සමේ රෝගයකින් පීඩා විඳින්නෙකු බවයි. සිය රෝගී සම අනිකුත් පුද්ගලයන්ගෙන් සඟවා තබාගත යුතු නිසා දිගු කබායක් සහ ගෑස් වෙස්මුහුණක් මගින් මුහුණ ආවරණය කරගෙන සිටින බවද එක් මතයකි.

කුමන ආකාරයේ මත පළවුවද මෙම අද්භූත පුද්ගලයා මීට වසර දහයක සිට අද දක්වා දිනපතාම බටහිර ස්විට්සර්ලන්තයේ මෝලස් වනාන්තරය තුළට ඇවිද යයි. ඔහු කොහේ සිට එන්නේදැ, කොහේ යන්නේ දැයි කිසිවෙකුත් දන්නේ නැත. අනාගතයේ කවදා හෝ දිනක ඔහු ගැන නිශ්චිත තොරතුරක් දැනගන්නට ලැබේයැයි අවට නිවැසියො බලා‍පොරොත්තුවෙන් සිටිති.

දුලංජලී මුතුවාඩිගේ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1243

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 707

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4108

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2359

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4389

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5545

Please publish modules in offcanvas position.