lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

මගේ ජීවිතය ගලවාගත් සුනඛයා

ජෙෆ් ඩී යංග් ඇමෙරිකානු මැරීන් බළකායේ සෙබළෙකි. හමුදා සේවයට බැඳී මාස පහළොවකට පසු යුද ගිනි දැල් ඇවිළුණු ඇෆ්ගනිස්තානයේ සේවයට යාමට ඔහුට සිදුවිය. සෑම අතම බෝම්බ අවදානමින් වැසී තිබූ බැවින් ඔහුගේ සහයට පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ සුනඛයකු ලබාදුනි. නමින් සීනා එන් 641 වූ මේ කළු පැහැ සුනඛයා ලැබ්‍රඩෝර් වර්ගයට අයත් වූවේය. යුද ගිනි දැල් සහ බෝම්බ භිතිය මැද ගෙවී ගිය කාලයේදී මේ සොල්දාදුවා සහ සුනඛයා අතර අපූරු වෙන්කළ නොහැකි බැඳීමක් ඇතිවිය. මෙම අපූරු මිතුදම පිළිබඳ ජෙෆ් පවසන කතාවයි මේ.
අවුරුදු දහ අට සපිරෙද්දී මම මැරීන් සෙබළකු ලෙස සේවයට බැඳුණෙමි. ඉන් මාස පහළොවකට පසු ඇෆ්ගනිස්තානයේ සේවයට යාමට මට සිදුවිය. ඒ 2009 වසර විය.
එහිදී අපට පෞද්ගලික මටටමින් සුනඛයකු බැගින් ලැබිණි. මට ලබාදුන් සුනඛ මිතුරා වූ සීනා තරමක් මෝඩ පෙනුමක් ඇති නිහඬ සතෙකු විය. මමද එවැන්නකු වූ බැවින් අප අතර යම් හැඳුනුම්කමක් ඇතිවන්නට විය.
සියලු දෙනා අප හඳුන්වන ලද්දේ ‘ළමයා සහ කුකුළු පැටවා’ ලෙසිනි. ඒ වනවිට මා 19 වැනි වියෙහි පසු වූවද මගෙන් දිස්වූයේ අවුරුදු 12ක පමණ පෙනුමකි. මගේ දැලි රැවුළ වැවී තිබුණේද නැත. මගේ වයස තහවුරු කරන්නට මැරින්
බළකාය විසින් මගේ මව ලවා ලියවිල්ලක් අත්සන් කරගෙන එන්නට සිදුවූ බවට කවට කතාවක්ද පැතිර ගියේ මේ නිසාය.  
සුනඛයන්ගේ නාස් අපගේ ඒවාට වඩා ඉතා බලසම්පන්නය. අපට කිසිදා නොදැනෙන සුවඳ ඔවුන්ට හොඳින් දැනේ. සීනාද එසේය. එකිනෙකට වෙනස් පුපුරණ ද්‍රව්‍ය තුන්සියයකට වැඩි ප්‍රමාණයක් හොඳින් ඉවකර හඳුනාගන්නට සීනාට පුහුණුව ලබාදී තිබිණි. යම් පුපුරණ ද්‍රව්‍යයක ඉවක් වැටුණු සැණින් සීනා කරන්නේ බිම වැතිරී ඒ බව මට දන්වා සිටීමය. එවිට මම කරන්නේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයකු එතැනට කැඳවීමය.
අප දෙදෙනාට දෙදෙනා ඉතා දැඩි විශ්වාසයකින් පසුවීමු. අප පසුපසින් මැරීන් සෙබළුන් විසිහතර දෙනෙකු පමණ පැමිණි අතර සුළු හෝ වැරදීමකින් මහත් විනාශයක් වන්නට ඉඩ තිබිණි. සියලු පුපුරණ ද්‍රව්‍යවලින් මා ආරක්ෂා කරදෙන්නට මුල්වූයේ සීනාය.
මර්ජා සටන මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. හිරු උදාවට පෙර අපි නගරයට ළඟා වීමු. කිසිවකු කිසිවක් කතා කළේ නැත. සියලු දෙනා සිටියේ ඉමහත් විමසිල්ලකිනි. අප හිසට ඉහළින් වෙඩි වරුසා ඇදී යනු ඇසුණේ නළා හඬක් මෙනි. මා සීනාගේ ජීවිතය ආරක්ෂා කළ යුතු විය. ඇතැම් අවස්ථාවලදී වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කිරීමට මගේ සිරුරෙන් සීනාගේ සිරුර යට වන සේ වසාගෙන සිටියෙමි. තවත අවස්ථාවකදී අයිස් මිදෙන තරම් සීතල දියෙන් පිරි ගඟක් හරහා සීනාව කර තබාගෙන ගියෙමි. එක් අවස්ථාවක සීතල ඉතා අධිකය. සීනාට සීතල ඉවසා ගත නොහැකි බැව් පෙනුණි. ගිනි මැලයක් අවුළන්නට කිසිවක් තිබුණේ නැත. කඩදාසි ලෙස මගේ පසුම්බියේ තිබුණේ ඩොලර් සියයක් පමණි. එය දවා හෝ ගිනි මැලයක් ගසන්නට සිතමින් සිටියදී එතැනට පැමිණි ඇෆ්ගන් සෙබළෙකුට එම මුදල් දී ‍පොරවන ඇතිරිල්ල මිලට ගෙන සීනාට පෙරවූවෙමි. ඒ ඇතිරිල්ල තවමත් මා සතුව තිබේ.
මර්ජාහි සිටි පළමු සතියේදී මගේ හොඳම මිතුරන් දෙදෙනෙකු මට අහිමි විය. දෙවැනි මිතුරාද මිය ගිය පසු මට ඇතිවූ වේදනාව දරා ගත නොහැකිව සීනා බදාගෙන හැඬුවෙමි. මාගේ ආරක්ෂක හිස් වැස්ම තුළ ඇමෙරිකානු ජාතික කොඩියක් තිබිණි. මාගේ යම් මිතුරකු අහිමි වූ විට ලියා තැබිමි. මා සමග සිටි මිතුරන් සත් දෙනෙකුම මට අහිමි විය. මට මෙය තවදුරටත් දරාගත නොහැකි විය. මම හිත හදාගෙන රයිෆලය අතට ගත්තෙමි. එවිටම සීනා මා දෙස බලා කාටූන් චිත්‍රපටයක සේ සිය දෙකන් ඔසවා ගත්තේය. සිනාවෙන්නාක් මෙන් මුවද විවර කරගත්තේය. සීනාගේ වලිගය කෙතරම් වේගයෙන් වැනුණේද කියතොත් උගේ මුළු සිරුරම දෙපසට පැද්දිණි. මට එය දැක සිනා නැගුණි. සිනහව නවතා ගන්නට බැරි තැන අවසානයේ දෑසින් කඳුළු පැන්නේය. මට සීනා තනිකර යන්නට නොහැකි බැව් එවෙලෙහි සිතිණි. සීනාගේ මීළඟ හාම්පුතා මා තරම් ආදරයෙන් ඌ රැකබලා නොගනු ඇතැයි මට හැඟුණි.  එම කාලයේ මෙතරම් සමීපවූ කිසිවකු මාගේ ජීවිතයේ සිටියේ නැත. මම රයිෆලය  ඉවතට ගෙන සිත් වෙනස් කර ගතිමි.
යුද බිමෙන් සමුගෙන නැවත පැමිණි පසු සිතෙහි පවතින මානසික තත්ත්වය විස්තර කිරීම බොහෝ දුෂ්කරය. මා සාමාන්‍ය ජීවිතයෙන් බොහෝ දුරස්වී ඇතැයි සිතුණි. යුදබිමට සමුදී පැමිණි තෙවැනි දවසේදී මම විවාහ වූවෙමි. කෙසේ නමුත් මගේ සිතට සැනසීමක් දැනුණේ නැත. සීනාගෙන් වෙන්වන්නට සිදුවීම මගේ සිතට තදින් බලපෑම් කරන බැව් මට දැනුණි. සීනා මගේ ජීවිතයට මෙතරම් බලපෑමක් කරනු ඇතැයි මම කිසිවිටෙක සිතුවේ නැත.
යුද බිමට සමුදී සිව් වසරක් ගෙවී ගියේය. ඒ සියලු කාලය තුළ මට අනන්ත වාර ගණනක් සීනා සිහිපත් විය. මෙසේ සිටින අතරවාරයේදී දිනක් මට දුරකථන ඇමතුමක් ලැබිණි.
“මේ ඩි යංග් මහත්මයද? මේ ගොඩ්ෆි්‍ර මහත්මිය කතාකරන්නේ. ඔබේ බෝම්බ හොයන බල්ලාව හදාවඩා ගන්න එහෙම කැමැත්තක් තියෙනවද කියල දැනගන්නයි මම මේ කතා කළේ.” මම දෙවරක් නොසිතා ‘කැමැතියි’ යනුවෙන් පැවසීමි. ඒ 2014 අප්‍රේල් 24 වැනිදාවකි. සීනා සහ මා වෙන්වී එදිනට සිව් වසරක් වන්නට අඩුව තිබුණේ එක් දිනකි.
සීනා රැගෙන එන්නට ගිය දිනය මට ජීවිතයේ අමතක නොවන දිනයකි. සීනා මා දැක දිව විත් මගේ ඇඟේ දැවටුණේය. මගේ මුහුණ ලෙව කෑවේය. මගේ දරුවන් උපන් දිනයන් සහ මා විවාහ වූ දිනය හැරුණු විට මා වඩාත්ම සතුටු වූ දිනය වූයේ එදාය. මා ගත කළ සියලු නත්තල් සමයන් එකක් බවට පත්වී යළි මා ඉදිරියේ මැවුණා සේ හැඟීමක් මට දැනුණි.
ඇෆ්ගනිස්තානයේ යුද ගිනි මැද සිටි මගේ මනසේ ඇතිව තිබූ යම් යම් ව්‍යාකූලතාවන් හේතුකොටගෙන මටත් බිරිඳටත් වෙන් වන්නට සිදුවිය. මට දියණියන් තිදෙනෙකු සිටී. සීනා ඔවුන් සමග ඉතා ඉක්මනින් කුලුපග වූවේය. යුද්ධය නිසා අවුල්වූ මනස යළි ගොඩනගා ගන්නට මට හැකිවූයේ සීනා නැවත පැමිණීමත් සමගිනි.
සේවා කාලයේ සිටි සුනඛයා සහ හාම්පුතා කිසිවිටෙක වෙන් නොකළ යුතු බව දැනුවත් කරමින් මම දැන් හමුදා නියෝජිතයකු ලෙස රට පුරා ඇවිදීමි. යුද අත්දැකීම් නිසා ව්‍යාකූල වූ මනස යළි ගොඩනගා ගැනීම සඳහා ඔවුන්ට කෙතරම් සහය වන්නට හැකි දැයි මිනිසුන්ව දැනුවත් කරමි. බිහිසුණු පිපිරීමකින් ඇතිවූ කම්පනය නිසා මට ටැකිකාර්ඩියානා නම් හෘද රෝගය වැලඳී ඇතැයි මෑත දිනකදී වෛද්‍යවරයා මා හා පැවසුයේය. සීනාද යුද සේවයෙන් විශ්‍රාමිකය. ඇයද සිහිනෙන් බියවනු මම දැක ඇත්තෙමි. කෙසේ නමුත් මා අතහැර යන්නේ නැත. සීනා දැන් නව හැවිරිදිය. මා යන සියලු තැනකම සීනාද රැගෙන යන්නෙමි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1657

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1367

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10973

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4879

Please publish modules in offcanvas position.