lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ගැහැනුන් තරමටම පිරිමි සංවේදීයි

දුක්බර චිත්‍රපටයක් නරඹන විට පපුව හිරවෙන්නේ කාගේද? අමුත්තෙකු තමාව වැළඳ ගත්විට කලබල වන්නේ කවුද? ඥාති සම්බන්ධතාවක් බිඳවැටුණු විට සම්පූර්ණයෙන්ම හිත රිදවාගන්නේ කවුද?
පිළිතුර පිරිමින් යන්නය.
නූතන සමීක්ෂණවලින් පැහැදිලි වී ඇත්තේ පිරිමින්ගේ හැඟීම්බර ජීවිත වඩාත් සංකීර්ණ බවත්, කාන්තාවන් තරමටම එය දැඩි බවත්ය. නමුත් එය රැඳී ඇත්තේ එක් එක් කාන්තාවකගේ සහ පුරුෂයාගේ ස්වභාවය අනුවය.
දිගු කාලයක සිට හැඟීම්බරව ස්ත්‍රීත්වයේ ලක්ෂණයක් වශයෙන් සැලකුණත් පිරිමින්ගේ හැඟීම් දැනීම් කාන්තාවන් ලෙසම බවත් එසේම පිරිමින්ගේ හැඟීම්බර අත්දැකීම් කාන්තාවන්ට සමාන බවත් පැහැදිලිවී ඇත.
හැඟීම්බර බව දැනීම පිළිබඳව වැඩිහිටියන් පනස්දාහක් සමග කළ පර්යේෂණයකදී පැහැදිලි වූයේ හැඟීම්බර බව පිළිබඳව ඉතාමත් ඉහළ සන්නිවේදනයක් ඔවුන්ට ඇති බවය. විවාහක යුගල් පිළිබඳව සිදුකළ පර්යේෂණයකදී පැහැදිලි වූයේ ඔවුන්ගේ සහකාරියන්ගේ ආතති මට්ටම පිළිබඳව ඔවුන්ට වටහාගෙන ඒ සඳහා සහයවීමට හැකි බවය.
ලැජ්ජාව, වේදනාව, සන්තෝෂය, අමනාපය වැනි අවස්ථාවලදී ගැහැනුන් සහ පිරිමින් තම හැඟීම් ප්‍රකාශ කරන පිළිවෙළ විවිධය.
“හැඟීම්බර බව පිරිමින්ගේ පසුපසින් සිටින අතර කාන්තාවන්ගේ ජීවිතයෙහි එය ඉදිරියෙන් සිටියි“ මනෝවිද්‍යාඥ ජෝස් කොල්මන් පවසයි. “පිරිමින්ගේ හැඟීම්බර බුද්ධි විෂය සඳහා දායකවන්නේ ටෙස්ටෙස් ටරෝන් හෝර්මෝනයය. කාන්තාවන් ස්වභාවයෙන්ම අනික් අය හා සමීප වන හෘදයාංගම වදන්, වැඩුණු පිරිමින් පවසන්නේ ඉතාමත් අඩුවෙනි. තමන්ගේ මිතුරන් සමග පවා ඔවුන් කතාකරන්නේ පරිගණක ක්‍රීඩා ආදිය පිළිබඳවය. “කාන්තාවන් කතාකරන්නේ තමන්ගේ හිස තුළ ඇති දෙය හිස් කිරීමටය.” මනෝවිද්‍යාඥ මාර්ක් ගල්ස්ටන් පවසයි. “පිරිමි තමන් පවසන දෙයින් අවදානමක් ගැනීමට සූදානම් නැත. තමන්ගේ වචනවලින් අනික් අයට පහර වැදීම පිළිබඳව ඔවුන් වැළකෙති. කිසිවක් නොකියා ඔවුන් ආරක්ෂා වෙති.”
පිරිමින්ගේ මෙම නිහඬතාව පිටුපසින් සැඟවී තිබෙන්නේ කුමක්ද? පහසුවෙන් පීඩාවට පත්කළ හැකි දැමුණු ඉඳුරන්ගේ මුහුණක්ද?
විශේෂඥයන් පවා පවසන්නේ බොහෝ පිරිමින් තමන් පිළිබඳව දැඩි අනාරක්ෂිත හැඟීමකින් පසුවන බවය.. බිරින්දෑවරුන් පවා තමන්ගේ සැමියන් මෙතරම් අනාරක්ෂිත හැඟීමකින් පසුවන බව තේරුම් නොගනිති. පිරිමියෙකු සතුවූ චරිත ස්වභාවය සහ චර්යාවන් හීන වූ විට ඔවුන් ඔවුන්ගේ මෘදු හැඟීම් පෙනීමට සලස්වයි.

පීටර් කැනියුට් පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 9

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2886

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1477

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9693

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4253

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1553

Please publish modules in offcanvas position.