lakbima.lk

ලොවට උපන් එකම පුංචි යකඩ කෙල්ල

එක්සත් රාජධානියේ  මේ වන විට සත් හැවිරිදි වියේ පසුවන ඔලීවියා ෆ්‍රාන්ස්වර්ත් යනු උපතින් ම අන් ළමුන්ට වඩා වෙනස්ව උපන් අපූරු කෙල්ලකි.  වෛද්‍යවරුන් පවසනුයේ ඇයට හිමි යාන්ත්‍රික ශරීරයක් බවයි. පෙනුමෙන් අන් කුඩා ළමුන් මෙන් වුව ද ගතින් නම් ඇත්තේ සියල්ලන් පරයන අසාමාන්‍ය ශරීර ශක්තියකි.

 ඇයට මෙය උරුම වී ඇත්තේ ජානමය රෝගයක් හේතුවෙනි.  වෙනත් ළමුන්ට මෙන් නොව දින ගණනාවක් වුව ද කුසගින්නේ සිටීමටත්, කෙතෙක් වැඩ කළත් කිසිදු මහන්සියක් ඇයගේ ශරීරයට  නොදැනෙයි. එමෙන්ම ඕනෑම අනතුරක් සිදු වුව ද ඇයට ඒ කිසිදු වේදනාවක් නොදැනීම ද සුවිශේෂී ලක්ෂණයකි.   

ඇයගේ මව වන 32 හැවිරිදි නිකී පවසනුයේ කුඩා කාලයේ සිටම ඇය වෙනත් ළමුන්ගෙන් කැපී පෙණුනු බවයි. ආරම්භයේ දී කුඩා ඔලීවියාගේ කෙස් වැඩීම සෙමින් සිදු විය. ඒ කෙතරම් සෙමින් ද යතොත් වසර හතර හමාරක් මුළුල්ලේ ඇය සතුව තිබුණේ පිරිමි ලමයෙකු   වන් කුඩා කෙස් කළඹකි.

නමුදු එක් දිනක් අහඹුවෙන් මෙන් වූ සිදුවීමකින් ඔලීවියා යනු අසාමාන්‍ය දරුවෙකු බව ලොවට හෙළි විය.  ඒ අනපේක්ෂිතව වූ රිය අනතුරකට මුහුණ දුන්න ද  ඔලීවියා එයින් කිසිදු තුවාලයක් නොමැතිව සාමාන්‍ය පරිදි සිටීමෙනි. බියට පත් නිකී වහා සිය කුඩා දියණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ අතර ඉන් සොයා ගැණුනේ ඇය අතිශය ජානමය දුර්ලභ රෝගයක් වන Chromosome 6 වින්දිතයෙකු බවයි.  

වෛද්‍ය සොයා ගැනීම් වලට අනුව මෙම ජානමය රෝගය ඇත්තේ කුඩා ඔලීවියාට පමණී. ඔලීවියාගේ මව ආඩම්බරයෙන් පවසා සිටින්නේ ඇය යකඩින් සුසැදි අපූරු දරුවෙකු බවයි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.