Coss Ear2
lakbima.lk
COSS Ear 1

වතුර කියලා කියන්නේ මිනිස් සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. වතුර බොන තරමට ලෙඩ අඩු වෙනවා විතරක් නෙවෙයි සෞඛ්‍ය සම්පන්න බවත් වැඩි වෙනවා. අපි අහලා තියන විදියට නම් සාමාන්‍යයෙන් දවසකට එක් පුද්ගලයෙක් වතුර වීදුරු අටක්, ඒ කියන්නේ ලීටර් දෙකක් වත් බොන්න  ඕනෙ.
ඔය විදියට වතුර බිව්වොත් මුළු ජීවිත කාලය පුරාවටම කොච්චර වතුර බීලා තියනවාද කියලා හිතාගන්න පුළුවන් ද? ඒ විදියට වතුර බිව්වොත් වයස අවුරුදු 70 ක් ජීවත් වෙන කෙනෙක් මුළු ජීවිත කාලෙදිම වතුර ගැලූම් 13500 ක් බීලා තියනවා.
සාමාන්‍යයෙන් දවස් දෙකකට වතාවක් නාන කෙනෙකුට අවුරුදු 70 ක් ජීවත් වුණොත් නාන්න  ඕනෙ කරන්නේ වතුර ගැලූම් 12000 ක විතර ප‍්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ නානවාට වඩා බොන්නයි වතුර  ඕනෙ කියලා තියෙන්නෙ.
 

ප‍්‍රංශ පොලිනීසියාවට අයත් මරුඑසාස් දුපත්වල හරි අපූරු විවාහ චාරිත‍්‍රයක් තියනවා. ඒක සිද්ධ වෙන්නේ  මේ විදියටයි. විවාහය සාමාන්‍ය ආකාරයට, ඒ කියන්නේ උත්සව අවස්ථාවෙන් පස්සේ අවසන් වෙනවා. ඊට පස්සේ විවාහ උත්සවය පැවැත්වුණු තැන ඉඳලා මනාල යුවළ මධුසමයට යන වාහනය දක්වා වූ දුර මනාලිය විසින් ඇවිදගෙන යන්න  ඕනේ පොළොවට අඩිය තියන්නේ නැතිවයි.
ඒක කරන්න උදව් කළ යුතු වෙන්නේ මනාලිගේ ඥාතීන් විසිනුයි. ඒ ඇයව ඔසවාගෙන යාමෙන් නම් නෙවෙයි. මනාලියගේ ඥාතීන් කරන්නේ අර කියපු දුර ප‍්‍රමාණයේ බිම දිගා වෙනවා. ඊට පස්සේ මනාලිය ඥතීන්ව පාගාගෙන හෙමින් හෙමින් ඉදිරියට ඇවිදගෙන යනවා. මේ විදියට ඇවිදගෙන ගිහින් තමයි වාහනයට නගින්නේ.
 

දකුණු ඉන්දියාවේ, උඩුමල්පැට් නගරය මධ්‍යයේ සිය සැමිය කපා කොටා මරා දැමීමට අණ දුන් පියාට මරණ දඩුවම ලබා දීම සඳහා ක‍්‍රියා කළ 22 හැවිරිදි කාන්තාවක පිළිබඳව බීබීසී සේවය වාර්තා කර තිබේ. කෞෂල්‍යා නම් වූ උසස් යැයි සම්මත කුලයකින් පැවත එන ඇය අඩු කුලයක තරුණයෙකු සමග විවාහ වීම නිසා ඇගේ දෙමාපියන් විසින් මෙම අඹුසැමි යුවළ මරාදැමීමට කුලී මිනීමරුවන් හය දෙනෙකු ලබා ගත් බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට ඉන්දියානු රුපියල් පනස් දහසක මුදලක් ගෙවා තිබූ බවත් මේ පිළිබඳව විභාග වන නඩුවේදී හෙළි වී තිබිණි.
2015 වසරේ දිනක මෙම ඝාතනය සිදු වී තිබුණේ කාර්යබහුල නගරයක් වූ උඩුමල්පැට්හි මගීන් සිය ගණනකගේ දෑස් ඉදිරිපිටදීය. මෙම කුලී මිනීමරුවන් කෞෂල්‍යාට පහර දෙන අතර ‘ඇයි අර මිනිහට ආදරේ කළේ?’ යනුවෙන් දෙතුන් වරක් ඇසූ බව ඇයට මතක තිබිණි. මේ නිසාම මෙම මිනීමරුවන් සිය දෙමාපියන්ගේ අණින් මෙසේ පැමිණි අය බව ඇයට වැටහී ගොස් තිබිණි. මෙම මිනීමැරුම මීට වසරකට පමණ පෙර සිදු වූ සිද්ධිදාමයක එක් සිද්ධියකි.
කෞෂල්‍යා යනු ඉන්දියාවේ උසස් යැයි සම්මත තෙවාර් කුලයේ ඉඩම් ඇපයට තබාගෙන ණය දෙන්නෙකු සහ කුලී රථ මෙහෙයවන ධනවතෙකුගේ දියණියකි. සිය කුලයේ උසස් බව නිසාම කෞෂල්‍යාට හැදී වැඩෙන්නට සිදුවූයේ දැඩි නීති මධ්‍යයේය. මේ නිසාම ඇයට ඇය කැමැතිම වෘත්තිය වූ ගුවන් සේවිකාවක බවට පත් වන්නට පවා අවසර නොතිබිණි. එයට හේතු වුයේ ‘කොට ගවුම් ඇඳ ගත් වේටර් කෙනෙකු’ වීම සිය කුලයට නිගාවක් ලෙස ඇගේ පියා සැලකූ බැවිනි. කෞෂල්‍යාට ෂන්කර් හමු වන්නේ ඇය ජපන් භාෂාව ඉගෙන ගන්නට පන්ති යන අතරතුරදීය. ෂන්කර් යනු කුඩා මඩුවක් වැනි තනි කාමරයක නිවසක් හිමි, පහත් යැයි සම්මත කුලයක දුප්පත් කිරි ගොවියෙකුගේ පුතෙකි.                                                 මොවුන් දෙදෙනාගේ ආදරය කෞෂල්‍යාගේ මවුපියන්ට දැන ගන්නට ලැබෙන පළමු දිනයේම ඇයට නිවසින් පිටතට යෑම සම්පූර්ණ තහනම් විය. ඇගේ මව අවස්ථා කීපයකදීම පවසා තිබුණේ ‘ඔහු හා විවාහ වනවාට වඩා තාත්තා අතින් මැරුම් කෑම’ හොඳ බවය.
කෙසේ හෝ ෂන්කර් සමග සැඟවී පලාගොස් විවාහ වන කෞෂල්‍යා එදිනම පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දමන්නේ අඩු කුලයක කෙනෙකු සමග විවාහ වීම පවුලේ අයගෙන් මරණය ලැබිය හැකි තරමේ වරදක් බව දැන සිටි නිසාය. ෂන්කර් සහ කෞෂල්‍යා එසේ පැමිණිල්ලක් දමනු ලබන්නේ ඔවුන්ගේ ආරක්ෂාව පතාය.                                                                  සාමාන්‍යයෙන් ඉන්දියාවේ අඩු කුල විවාහයන් නිසා වසරකට සිදුවන මිනී මැරුම් ගණන 1700ක් පමණ වේ. නමුත් එවැනි        මිනීමැරුම් පිළිබඳව සොයා බැලීමක් හෝ චූදිතයන්ට දඬුවම් දීමක් පොලීසිය මගින් සිදුවන බවක් නොපෙනේ. කෞෂල්‍යා එය සමාන කරන්නේ සමහර මුස්ලිම් රටවල කාන්තාවන් මරා දැමීමට පිරිමින්ට ඇති අයිතියටය.
වරක් කෞෂල්‍යාගේ පියා ෂන්කර් හමු වී සිය දියණියගෙන් දික්කසාද වුවහොත් රුපියල් මිලියනයක මුදලක් දෙන බව පැවැසුවද ඉන් පළක් වී තිබුණේ නැත. විවාහ වී මාස අටකට පමණ පසු දිනක් ඔවුන් දෙදෙනා නගරයට ගොස් තිබුණේ උත්සවයක් සඳහා සහභාගි වීමට ෂන්කර් වෙනුවෙන් කමිසයක් මිලදී ගැනීමටය. එය මිලදී ගෙන ආපසු එමින් සිටියදී ඔවුන් ඉදිරියට පැමිණෙන රුදුරු පෙනුමකින් යුතු පුද්ගලයන් පස් දෙනෙකු ෂන්කර් සහ කෞෂල්‍යාට පිහිවලින් පහර දෙන්නට පටන් ගෙන තිබිණි. තත්පර 30ක පමණ කාලයක් මෙසේ පහර එල්ල කළ ඔවුන් පලා ගිය පසු මාර්ගය දෙපස රැුස්ව සිටි පුද්ගලයින් මොවුන් දෙදෙනාව රෝහල් ගත කරන්නට කටයුතු කර තිබිණි. රෝහල්ගත කරන විටද පිහි පහර 34ක් ලබා සිටි ෂන්කර් මිය ගොස් සිටි අතර කෞෂල්‍යා සිටියේ ඉතා අසීරු තත්ත්වයකය. මාස දෙකක් රෝහල්ගතව සිටි ඇය ඉන් පිට වී ෂන්කර්ගේ නිවසේම ජීවත් වූයේ රුපියල් 5000ක මාසික පඩියට රැුකියාවක් කරමිනි.
මෙම සිදුවීම්වලින් පසුව ඇය තෙවාර් කුලයට විරුද්ධව හැසිරෙන්නට තීරණය කළාය. එනම් සිය දිගු කෙස් වැටිය කොටට කපා දැමූ ඇය 
කරාටේ ක‍්‍රීඩාව ප‍්‍රගුණ කරන්නට පටන් ගත්තාය. සිය කුලයට අයත් කාන්තාවන් පිරිමින් මෙන් හැසිරීම තෙවාර් වැසියන් සැ‘කුවේ සිය කුලයට කරන නිග‍්‍රහයක් ලෙසිනි. ඒ අතරතුර ඇය සිය දෙමාපියන්ට විරුද්ධ පැමිණිල්ලක් දමා නඩුවක් ගොනු කරනු ලැබුවාය. ඒ තමන් අඩු කුලයක තරුණයෙකු සමග විවාහ වීම නිසා කෝපයට පත් දෙමාපියන් සිය සැමියා සහ තමන් මරා දැමීමට කුලී මිනීමරුවන් එවීම පිළිබඳවය. මෙම සිදුවීම් දාමයත් සමග කෞෂල්‍යා ඉන්දියාව තුළ ප‍්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය. 
ඝාතකයන්ගෙන් තමන්ගේ ජීවිතය බේරනු ලැබුවේ දෙවියන් බවත් ඒ සිය මව්පියන්ට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීම සඳහා බවත් ඇය මාධ්‍යයට පවසා තිබිණි.
මේ ආකාරයට වසර කීපයක් පුරා විභාග වූ නඩුව අවසන් වූයේ කෞෂල්‍යාගේ පියා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුට මරණ ද`ඩුවම හිමි කර දෙමිනි. චෝදනාව වූයේ ෂන්කර් සහ කෞෂල්‍යා ඝාතනය කිරීමට සැලසුම් කිරීමත් ඔවුන්ට පිහි පහර දීම සහ ඉන් ෂන්කර් මරා දැමීමත් යන කාරණාය. සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පියාට මරණ ද`ඩුවම ලබා දීම ජයග‍්‍රහණයක් නොවේදැයි වරක් මාධ්‍යවේදියෙකු 
කෞෂල්‍යාගෙන් ඇසූ විට ඇය පැවැසුවේ ‘‘කෙනෙකුට මරණ දඩුවම ලැබීම ජයග‍්‍රහණයක් වෙන්නෙ නැහැ. මට  ඕනෙ වුණේ පලි ගන්න නෙවෙයි. මගේ සැමියාට සාධාරණය ඉටු කරන්න සහ කුල භේදය කෙනෙකුගේ ජීවිතයක් තරම් වටින්නේ නැති බව කියන්න. මම ජයග‍්‍රහණය කළා වෙන්නෙ ෂන්කර්ගේ ලොකුම හීනය හැබෑ කරපු දවසට. එයාට හීනයක් තිබුණා කාමර හතරක් තියෙන ගෙදරක් හදන්න. මම එයා වෙනුවෙන් ඒක කරනවා’’ යනුවෙනි. මෙය ඇසූ ඉන්දියානු රජය ෂන්කර්ගේ පවුලේ අය වෙනුවෙන් නිවසක් ඉදි කර දීමේ කර්තව්‍යය භාරගෙන තිබිණි.
මේ වනවිට කෞෂල්‍යා සිය ගම් ප‍්‍රදේශයේ දුප්පත් දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටින අතර සති අන්ත දිනවල ඇය දිගු දුරක් ගෙවාගෙන තමිල්නාඩුවට පැමිණෙන්නීය. ඒ කුල භේදයට එරෙහිව මිනිසුන් දැනුවත් කරමින් ඔවුන් දිරිමත් කිරීම සඳහාය. 
එපමණක්ද නොව ඇය මෙසේ ද පවසන්නීය. ‘‘ආදරය කියන්නේ හරියට වතුර අවශ්‍ය වෙනවා වගේ් ස්වාභාවික හැගීමක්. කාටවත් බැහැ එය යටපත් කරන්න. ආදරය නිසා එක්කෙනෙකුගේ හරි මරණයක් වළක්වන්න පුළුවන් නම් ඒ තරම් පිනක් තවත් නැහැ’’ යනුවෙනි.
 
දුලාංජලී මුතුවාඩිය

මෑත කාලයේ සිනමා පටයක් සම්බන්ධයෙන් ඇති වූ ලොකුම ආන්දෝලනය ඇති කිරීමට සුප්‍රකට ඉන්දියානු සිනමාකරු සංජේ ලීලා බන්සාලිගේ  අලුත්ම චිත්‍රපටය වන 'පද්මාවත්' සමත්ව සිටියි. ඉන්දියානු රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් වැය කර නිෂ්පාදනය කළ මෙම දැවැන්ත නිර්මාණයට එරෙහිව මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත රැසක බිහිසුණු විරෝධතා එල්ල වෙමින් ඇති අතර එය ප්‍රදර්ශනය කරන සිනමාශාලා ගිනි තබන බවට එල්ල වන තර්ජන ඒ අතර කැපී පෙනේ. 
එයට අමතරව පසුගිය දිනවල වාහන සහ කඩසාප්පුවලට පවා පහර දෙමින්, ගිනිබත් කරමින් මහත් කලබගෑනියක් ඇති කිරීමට විරෝධතාකරුවන් කටයුතු කරමින් සිටින අන්දම දැකගත හැකි විය. මේ හේතුවෙන් පාසල් බස් රියකට පවා පහර දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. 
මේ සියල්ලට අමතරව චිත්‍රපටයේ අධ්‍යක්ෂ බන්සාලිට මෙන්ම එහි ප්‍රධාන චරිත රඟපාන ජනප්‍රිය නළු නිළි  යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං දෙදෙනාට එරෙහිව මරණ තර්ජනද එල්ල වී තිබේ. මේ නිසා ඔවුන්ට සහ ඔවුන්ගේ නිවාසවලට පවා ‍පොලිස් ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අංශවලට සිදු වී ඇත. 'පද්මාවත්' සිනමාපටය පසුගිය 25 වෙනි දින ප්‍රදර්ශනය ආරම්භ කළ අතර මේ වනවිට එය තිරගත වන සිනමාශාලාවලටද ආරක්ෂාව සැපයීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ මෙම සිනමා ශාලාවලට මෙන්ම සිනමා ප්‍රේක්ෂකයන්ටද පහර දෙන බවට තර්ජන එල්ල වීම නිසාය.
'පද්මාවත්' චිත්‍රපටයට එරෙහිව මෙම විරෝධය මතුවන්නට පටන් ගත්තේ එහි රූපගත කිරීම් ආරම්භ වූ දිනවල පටන්මය. එහි දර්ශනතලවලට පවා පහර දෙන ලද අතර වරක් රූපගත කිරීම් කරමින් සිටියදී අධ්‍යක්ෂ බන්සාලි පහරකෑමකට ද ලක් විය. ඔහු සහ ප්‍රධාන නිළි පාදුකෝන් මරා දමන අයෙකුට කෝටි ගණනින් තෑගි පිරිනමන බවට නිකුත් වූ ප්‍රකාශ බොහෝ දෙනා තැතිගන්වන්නට සමත් වූයේය. දීපිකා පාදුකෝන් පණ පිටින් පුලුස්සා දැමිය යුතු යැයි ඇතැමුන් පවසා තිබූ අතර රන්වීර් සිංගේ කකුල් කඩන බවටද තර්ජනය කර තිබෙනු දක්නට ලැබිණි.
චිත්‍රපටයට පසුබිම් වන්නේ මධ්‍යකාලීන ඉන්දියාවේ පැවැති චිතෝර් රාජධානියේ රජ කළ, රාජ්පුත් නැමැති කුලයට අයත් රතෝන් සිං නමැති රජ කෙනෙකු සහ ඔහුගේ පද්මාවතී නමැති රූමත් බිසවත්, රාජධානිය ආක්‍රමණය කිරීමට එන මුස්ලිම් සුල්තාන්වරයෙකු වන අලවුදීන් කිල්ජි නමැති ආක්‍රමණිකයාත් පිළිබඳ කතා පුවතකි.  සිනමාපටය නිර්මාණය කර ඇත්තේ ඉහත කී චරිත කේන්ද්‍ර කරගෙන 16 වෙනි සියවසේ දී මලික් මහමුද් ජයසි නමැති කවියෙකු විසින් රචනා කරන ලද කාව්‍ය සංග්‍රහයක් පදනම් කරගනිමිනි. මෙය සැලකෙන්නේ ඉතිහාස තොරතුරුද ඇසුරු කරගනිමින් රචනා කරන ලද ප්‍රබන්ධයක් වශයෙනි. මෙහි එන කතා පුවතට අනුව පද්මාවතී බිසව එකල ඉන්දියාවේ විසූ රූමත්ම කාන්තාවයි. ඇය ලංකා දේශයේ සිට කැන්දාගෙන යන ලද තැනැත්තියක බවද සඳහන් වෙයි. අලවුදීන් කිල්ජි ඇය පිළිබඳ තෘෂ්ණාවෙන් බැඳී රතන් සිං මරා, ඇයද පැහැරගෙන යාමට සැරසෙන නමුත් එය ඉටු නොවන්නේ ඇය සිය පතිභක්තිය ප්‍රදර්ශනය කරමින් සිරුරට ගිනි තබාගෙන මිය යන නිසාය.
'පද්මාවත්'ට එරෙහිව ප්‍රධාන වශයෙන්ම විරෝධතා මතුවන්නේ ඒ තුළින් රාජපුත් කුලයේ ගෞරවනීය බිසවක ලෙස පිළිගැනෙන පද්මාවතීගේ චරිතයට, ඇගේ ගෞරවයට හානියක් සිදුව ඇති බව පවසමිනි. රාජධානිය ආක්‍රමණය කිරීමට එන අලවුදීන් කිල්ජි සහ පද්මාවතී බිසව ආලයෙන් මත්ව සිටින අයුරු පෙන්වන සිහින ජවනිකාවක් මෙම ආන්දෝලනයට පසුබිම් වූ ප්‍රධානම කාරණය බවට පත්ව තිබේ. (චිත්‍රපටයේ නිර්මාණකරුවන් පවසන්නේ මෙවැනි ජවනිකාවක් එහි අඩංගු නොවූ බවයි. කෙසේ නමුත් චිත්‍රපටයේ ඇතැම් ජවනිකා පසුව සංස්කරණය කරන ලද බවටද තොරතුරු පළවී තිබිණි.) පද්මාවතී බිසව සහභාග වන නැටුම් ජවනිකාවක් සම්බන්ධයෙන්ද විරෝධය පළ වී තිබෙනු දැකිය හැකි වෙයි. ඇය වැනි ගෞරවනීය බිසවක එවැනි නැටුමක යෙදීම සම්බන්ධයෙන් මෙන්ම එහි දී ඇය හැඳ සිටින ඇඳුම් සම්බන්ධයෙන්ද විරෝධය පළ වී තිබේ. සමස්තයක් ලෙස 'පද්මාවත්' චිත්‍රපටය ඉතිහාසය විකෘති කළ සිනමාපටයක් ලෙසිනි විරෝධතාකරුවන් හංවඩු ගසා ඇත්තේ.
මෙම විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණේම සිටින්නේ කාර්නි සේනා නමින් හැඳින්වෙන කණ්ඩායමකි. ඔවුන් රාජ්පුත්වරුන්ගේ ඉතිහාසය, සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ලෙස සැලකෙයි. ඒ අතර අගමැති නරේන්ද්‍ර මෝදිද අයත් වන, හින්දුවාදී පක්ෂයක් ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් උදවිය පවා මෙම විරෝධතාවලට සහය දෙන බව සඳහන් වේ.
මෙම කතා පුවතෙහි එන පද්මාවතී බිසව සැබැවින් ජීවත් වූ චරිතයක්ද යන්න ගැන විවිධ මතභේද පවතී. ඇතැම් විද්වතුන් පවසන්නේ ඇය හුදෙක් මනඃකල්පිත චරිතයක් බවයි. එවැනි චරිතයක් කේන්ද්‍ර කරගෙන මෙතරම් විශාල ආන්දෝලනයක් ඇති වීම පිළිබඳව බොහෝ දෙනා කිසියම් කම්පනයකට පත්ව  සිටින බව පෙනේ.
මෙහිදී වඩාත්ම තීරණාත්මක සාධකය වන්නේ කුලීන, හින්දු බිසවක වන පද්මාවතී මුස්ලිම් ආක්‍රමණිකයෙකු සමග ආලයෙන් මත්ව සිටින සැටි පෙන්වීම බව සැලකිය හැකිය. එමෙන්ම ඇතැම් දේශපාලන කණ්ඩායම් තමුන් හින්දු සංස්කෘතියේ ආරක්ෂකයන් ලෙස ජනතාව අතර තහවුරු වීමට සහ ඒ තුළින් දේශපාලන බලය තහවුරු කරගැනීමට දරන වෑයමද මෙහිදී බැහැර කළ හැකි කාරණයක් නොවේ.
මේ අතර ඉහත කී විරෝධතාකරුවන්ට අමතරව ඇතැම් විද්වතුන්ද බන්සාලිගේ චිත්‍රපටය සම්බන්ධයෙන් වැදගත් කාරණා කිහිපයක් මතු කර තිබෙනු දැකිය හැකි වෙයි.
මෙම චිත්‍රපටය විසින් ඉන්දියානු කාන්තාවන්  පතිභක්තිය සනාථ කරනු පිණිස, සැමියාගේ මරණයත් සමගම, සිරුරට ගිනි තබාගනිමින් මරණයට කැප වන සති පූජා පිළිවෙත උත්කර්ෂයට නංවන බවට මතු කර ඇති අදහස එවැන්නකි. මෙය සංස්කෘතික වශයෙන් ඉතා පසුගාමී චාරිත්‍රයකට වටිනාකමක් දීමට තැත් කිරීමක් බව මෙහිදී පෙන්වා දෙනු ලැබේ. මේ අතර තවත් සමහර ඉතිහාසඥයන් මතු කර ඇති කාරණයක් වන්නේ මෙහි අවධානයට හසුවිය යුතු ප්‍රශ්නය පද්මාවතී පිළිබඳ ගැටලුව නොව මුස්ලිම් ආක්‍රමණිකයා වන අලවුදීන් කිල්ජිගේ චරිතය චිත්‍රණය කර ඇති ආකාරය බවයි. කිල්ජි අතිශය ම්‍ලේච්ඡ, වනචාරී ගති ලක්ෂණවලින් හෙබි චරිතයක් ලෙස පෙන්වීම ඉතිහාස තොරතුරු හා නොගැළපන බව මෙම ඉතිහාසඥයන්ගේ අදහස වී තිබේ. කිල්ජි ජීවත් වූ යුගයේ සහ එම කලාපයේ සංස්කෘතික හැඩගැස්ම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඔහු මෙයට වඩා විනයක්, හික්මීමක් සහිත චරිතයක් විය යුතුව තිබූ බව මෙහිදී පෙන්වා දෙනු ලැබේ.
කෙසේ හෝ වේවා 'පද්මාවත්' සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය කලා ක්‍ෂේත්‍රය තුළ දේශපාලනික, සංස්කෘතික බල අරගල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමට මහඟු කවුළුවක් විවර කර ඇති අතර ලොව පුරා සිනමාකරුවන්, කලාකරුවන්, විචාරකයන්, සමාජ විද්‍යාඥයන්, ඉතිහාසඥයන් ආදී බොහෝ පාර්ශ්ව මේ පිළිබඳ විශාල අවධානයක් යොමු කර සිටින අයුරු දැකගත හැකි වෙයි.
 
නිහාල් පීරිස්

ඇමෙරිකානු ප‍්‍රාන්තවලට මේ කාලේ ගොඩක් සීතලයි. ඒ නිසා සීත කබාවලට තියෙන ඉල්ලූමත් වැඩියි. පහුගිය දවසක ඩොනල්ඞ් සහ මෙලනියා ට‍්‍රම්ප් යුවළ රාජකාරි කටයුත්තකට සහභාගි වෙලා හිටපු වෙලාවේ මෙලනියාගේ සීත කබාය හිමවලින් පෙ`ගිලා. ඇය සීතලෙන් ගැහි ගැහී හිටපු ආකාරය වෙත මාධ්‍යයේ ඇස යොමු වෙලා තිබුණා.
ඇය ඇඳගෙන හිටපු සීත කබාය මිලෙන් අධික එකක්. හරියටම කියනවා නම් මේ වගේ කබායක් ලෝකප‍්‍රකට එරීසා සමාගමෙන් මිලදී ගන්නවා නම් ඒ වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 1500ක්, රුපියල් ලක්ෂ දෙකහමාරක් විතර ගෙවන්න  ඕනේ. එච්චර ලොකු ගාණකට මිලදී ගත්තු සීත කබායක් ඇඳලත් අන්තිමට සීතලේ ගැහෙන්න වීම ගැන තමයි මාධ්‍ය වැඩිපුර කතා කරලා තිබුණේ.

දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි වීරයෙකු වන රජිනිකාන්ත් පසුගියදා සිනමා තිරයෙන් දේශපාලන කරළියටද පා තැබූ අතර එය ඔහුගේ ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් මහත් අමන්දානන්දයට පත් කළ සිදුවීමක් බවට පත්ව තිබිණි. දිගු කාලයක සිටම ඔහුට දේශපාලනයට පිවිසෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබිණි. නමුත් වරින් වර එය කල් දමමින් සිටි රජිනිකාන්ත් තමාගේ දේශපාලන ආගමනය ගැන ස්ථිර වශයෙන් නිවේදනය කළේ පසුගිය දෙසැම්බර් 31 වෙනි දින තමිල්නාඩුවේ චෙන්නායි හි පැවැති රසික හමුවක් අතරතුරය. අති විශාල පිරිසක් මෙම හමුව සඳහා රැස්ව සිටි අතර ඔවුන් සියලු දෙනා මෙම පුවතින් දැඩි උදේ‍යාගයට පත් වූ බැව් සඳහන් විය.
රජිනිකාන්ත් මේ ආකාරයෙන් දේශපාලනයට පිවිසෙන්නේ තමිල්නාඩු දේශපාලන ක්‍ෂේත්‍රයේ කිසියම් රික්තයක් ඇති වෙමින් තිබෙන අවස්ථාවක බව පෙනේ. 2016 වසරේ දෙසැම්බරයේ, එවකට තමිල්නාඩු මහ ඇමැතිනිය වූ ජෙයලලිතා ජයරාම්ගේ හදිසි අභාවයෙන් පසු එම ප්‍රාන්තයේ යම් අරාජික තත්ත්වයක් හටගෙන ඇති අයුරු පැහැදිලිව දැකිය හැකි වෙයි. ජයලලිතා නායකත්වය දුන් ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂය තුළ නායකත්වය වෙනුවෙන් අභ්‍යන්තර බල අරගලයක් හටගත් අතර එය පක්ෂය තුළ විශාල අර්බුදයක් ඇති කිරීමට සමත් විය. එම පක්ෂය හැරුණු කොට තමිල්නාඩුවේ අනෙක් ප්‍රබලම පක්ෂය වන්නේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK)  පක්ෂයයි. එහි නායකයා වන මුතුවෙල් කරුණානිධිට මේ වනවිට වයස අවුරුදු 93කි. වියපත්ව, රෝගීව සිටින ඔහුට දැන් පක්ෂයට ප්‍රබල නායකත්වයක් දීමට හැකියාවක් නැත. ඔහුගෙන් පසු නායකත්වය භාර ගැනීමට සිටින ඔහුගේ පුත් එම්.කේ. ස්ටාලින් තම පියා තරම්  ආකර්ෂණීය චරිතයක් නොවන බව පෙනේ. මෙම තත්ත්වය තුළ තමිල්නාඩුව පසුවන්නේ ශක්තිමත් නව නායකයෙකුගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් වන අතර මෙය රජිනිකාන්ත්ට වාසිදායක පසුබිමක් නිර්මාණය කර ඇති බව පැවැසිය හැකිය. 
කෙසේ නමුත් ඔහු දේශපාලනයට පිවිසෙන්නේ දැනට පවතින පක්ෂයකින් නොවේ. තමා අලුත්ම පක්ෂයක් පිහිටුවන බව ඔහු මේ වනවිට ප්‍රකාශ කර තිබේ. එමෙන්ම මෙම නව පක්ෂය හරහා තමුන් මීළඟ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තරග කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත. ප්‍රාන්තයේ ආසන 234 සඳහාම තමුන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවද රජිනිකාන්ත් සඳහන් කර තිබිණි. ඉදිරියේදී ඔහු තමිල්නාඩු දේශපාලනය තුළ කවර ආකාරයේ පෙරළියක් ඇති කරනු ඇත්ද යන්න දැන් බොහෝ දෙනා දෑස් දල්වා බලා සිටින කාරණාවක් බවට පත්ව තිබේ. 
මුල් කාලයේ බැංගලෝරයේ බස් කොන්දොස්තරවරයෙකු ලෙස රැකියාව කරමින් සිටියදී සිනමාවට පිවිසෙන්නට වරම් ලැබූ රජිනිකාන්ත් පවසා සිටින්නේ තමිල්නාඩු දේශපාලනය තුළ ඔඩුදුවමින් ඇති වංචාව, දූෂණය අතුගා දමමින්, ප්‍රජාතන්ත්‍රවාදය නගා සිටුවමින් එහි විශාල දේශපාලන විප්ලවයක් කිරීම තම අභිප්‍රාය බවයි. තමුන් දේශපාලනයට පිවිසෙන්නේ මුදල් හම්බ කිරීමට හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් හෝ නොවන බව පවසා ඇති ඔහු මේවා දැනටමත් වුවමනාවටත් වඩා තමුන් සතුව ඇති බව පෙන්වා දෙයි. තමිල්නාඩු දේශපාලනය පිරිසිදු කිරීම සඳහා තමා සමග එක්වන මෙන් ඔහු දැන් කාලයක සිටම සිය රසික රසිකාවියන්ගෙන් ඉල්ලමින් සිටින අතර ඔහුගේ මෙම සටන්පාඨ මොන තරම් බලපෑමක් කරනු ඇත්ද යන්න ඉදිරියේදී බලා ගැනීමට හැකිවනු ඇත. 
කෙසේ හෝ වේවා, ඇතැම් නිරීක්ෂකයින්ගේ මතය වී  ඇත්තේ සිනමා තිරයේ මොනතරම් වීරයෙකු වුවද දේශපාලනය තුළ  සිතන තරම් ආකර්ෂණයක් ඇති කරගැනීමට රජිනිකාන්ත් සමත් නොවනු ඇති බවයි. මෙයට බලපාන එක් ප්‍රධාන කාරණාවක් බවට පත්ව තිබෙන්නේ ඔහු ඉන්දියාවේ බලය හොබවන භාරතීය ජනතා පක්ෂයේ ඉත්තෙකු බවට යම් හැඟීමක්, පිළිිගැනීමක් 
පැතිරෙමින් තිබිමයි. ඔහුගේ පක්ෂය තීරණාත්මක අවස්ථාවල අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉහත කී පක්ෂයට සහය දෙනු ඇති බවට සැක පළවෙමින් තිබෙන අයුරුද දැකිය හැකි වෙයි. මෙය රජිනිකාන්ත්ට අවාසි සහගත ලෙස බලපානු ඇති බව සමහර විචාරකයින්ගේ මතයයි. ඉන්දියාවේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ වන භාරතීය ජනතා පක්ෂයට හෝ ඉන්දීය කොංග්‍රස් පක්ෂයට කවදත් තමිල්නාඩුව තුළ තහවුරු වීමට හැකියාව ලැබුණේ නැත. මෙය එක්තරා දුරකට උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව අතර කලක් තිස්සේ පවතින ගැටුම නිරූපනය කරන කාරණයක් ලෙසිනි සැලකෙන්නේ. මේ නිසා උතුරු ඉන්දියානු  පක්ෂයක් ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ ඉත්තෙකු ලෙස රජිනිකාන්ත් හංවඩු ගැසුණහොත් එය ඔහුට ගැටලුවක් වනු ඇතැයි බොහෝ දුරට බලා‍පොරොත්තු විය හැකිය.
1950 වසරේ උපන් රජිනිකාන්ත්ට මේ වනවිට වයස අවුරුදු 67 කි. රජිනිකාන්ත් යන නමින් ඔහු සිනමාව තුළ ප්‍රසිද්ධියට පත්වුවද ඔහුගේ සැබෑ නම වූයේ ෂිවාජි රාඕ ගයික්වාඩ්ය. පසුගිය දිනෙක ඔහු දැනට තමිල්නාඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයෙකු වන මුතුවෙල් කරුණානිධි හමුවීමට ගොස් සිය දේශපාලන ගමන සඳහා ඔහුගේ ආශීර්වාදය ලබා ගත් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. කරුණානිධි ද කලක් කතා සහ  තිරනාටක රචකයෙකු ලෙස ඉන්දියානු සිනමාව තුළ ප්‍රසිද්ධියක් දිනා සිටි කෙනෙකි.
 
කිත්සිරි මල්වත්ත

Page 1 of 9

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 691

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1265

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1099

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 847

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5533

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3650

Please publish modules in offcanvas position.